තනිවයි උපන්නේ
තනිවයි නටන්නේ
ඉන්දියාවට ගිය මංගල සමරවීර විදේශ ඇමැතිතුමා අගමැති නරේන්ද්‍ර මෝදි හමු වූ බව අපි දනිමු. දෙදෙනා අතර කවරාකාර සංවාදයක් ඇති වී දැයි අපි නොදනිමු. කෙසේ වුවද තම සංචාරයේ කොටසක් වශයෙන් පුවත්පත් සාකච්ඡාවක් පැවැත්වූ මංගල පහත සඳහන් කාරණා පැවැසී යෑයි නවදිල්ලියේ සිටින අපගේ වාර්තාකරු එස්. වෙන්කට්නාරායන් දන්වා එවා තිබේ. ඒ මෙසේය. (21.01.15 The Island පුවත්පත බලන්න.)
* උතුරු පළාත යුද හමුදාවෙන් විනිර්මුක්ත කරනු ලැබේ. (මෙයින් අදහස් වන්නේ යුද හමුදාව විසින් උතුරු පළාත අත්පත් කරගෙන සිටින නිසා හමුදාව පලවා හැර නිදහස් කර ගන්නා බව නොව දැනට එහි තිබෙන හමුදා කඳවුරු ඉවත් කර ගන්නා බව ය.)
* හතරවන ඊළාම් යුද්ධයේ අවසන් කොටසේදී සිදු වී යයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් දේශීය මට්ටමේ පරීක්ෂණයක් කිරීම.
* ශ්‍රී ලංකාවෙන් පිටත සිටින දශලක්ෂය ඉක්මවූ දෙමළ ඩයස්පෝරාව සමඟ සාකච්ඡා පටන් ගැනීම.
උතුර යනු ශ්‍රී ලංකාවේ පැවැති බෙදුම්වාදී යුද්ධයේ මූලස්ථානයයි. ප්රභාකරන් සියලු මෙහෙයුම් කරන ලද්දේ උතුරේ පිහිටි කිලිනොච්චියේ සිට ය. යුද්ධය නැතත් යුද්ධයේ 'විකිරණය' අදත් උතුරේ පවතී. ඒ නිසා එහි හමුදා කඳවුරු පවත්වා ගෙන යැම අත්‍යවශ්‍ය ය. දෙමළ බෙදුම්වාදය තවමත් උතුරේ තිබේ. දෙමළ ඩයස්පෝරාව සමඟ සාකච්ඡා වටයක් පවත්වන අතර උතුරේ හමුදා කඳවුරු ඉවත් කළොත්, එයින් හට ගන්නා උත්තේජනය විසින් මේ රටේ අනාගත බෙදුම්වාදී ව්‍යාපාරය උත්තේජනය කරනු ලබන්නේ ය. උතුරේ හමුදා කඳවුරු ඉවත් නො කළ යුතු බව ජෙනරාල් සරත් ෆොන්සේකා පවා පිළිගන්නා කතාවකි. එක්තරා සාම කාලයක දී උතුරේ හමුදා කඳවුරු සීමා කිරීමට එවකට පැවැති ආණ්ඩුව ගත් තීරණයට එවකට උතුර භාරව සිටි හමුදා නිලධාරියා වූ සරත් ෆොන්සේකා විරුද්ධ වූ අතර ඔහු වහාම කොළඹට මාරු කරන ලද්දේ ය. බෙදුම්වාදී යුද්ධයක් පැවැති භූමියක හමුදා කඳවුරු අඩු කළත් සම්පූර්ණයෙන් ම ඉවත් කරනු නො ලැබේ. බෙදුම්වාදී චෙච්නියාව තුළ අදටත් රුසියන් යුද කඳවුරු තිබේ. එය කිසියම් ආකාරයක පෙර සූදානමකි. කොතරම් සනීප කළත් උණ යනු නැවත නැවත හැදෙන රෝගයකි. බෙදුම්වාදී උණ ද නැවත නැවතත් හට ගැනීමට ඉඩ ඇත. ඒ නිසා ලෙඩට ප්‍රතිකාර කළ හැකි බෙහෙත් ශාලා නිතරම විවෘතව තැබිය යුතු ය. පාසලක් වසන විට හිර ගෙයක් අලුතෙන් ඇරෙන බවට කියමනක් තිබේ. බෙදුම්වාදී යුද්ධයක් පැවැති යුද බිමක තිබෙන හමුදා කඳවුරක් වසා දමන හැම විටෙකම අලුතින් හිරගෙයක් ඇරීමට අවශ්‍ය කළමනා සම්පාදනය කර ගත යුතු ය.
උතුර යුද හමුදාවෙන් විනිර්මුක්ත කර දෙමළ ඩයස්පෝරාව සමඟ සාකච්ඡා පටන් ගන්නා බව ශ්‍රී ලංකාවේ විදේශ ඇමැති ඉන්දියාවේදී ප්‍රකාශ කරන විට තමිල්නාඩුවේ සිටින කොටි හිතවාදීන් තුළ මෙන්ම කොළඹ සිටින රාජ්‍ය නොවන සංවිධාන කාරයන් තුළ ද මහත් චූන් එකක් හට ගන්නවා ඇත. ඒ චූන් එකට නැටීමට කැමැති කට්ටිය ආණ්ඩුව තුළ හෝ විපක්ෂය තුළ නැති බව අපි නො බියව කියමු. එසේ නම් මෙය මංගලට තනිව නටන්නට සිදු වන නැටුමකි.