[FONT="]පිං තකා කරන සේවාවකි. හරිගිය පසු කීයක්හරි නුදුන්නත් කමක් නැත...!![/FONT]
[FONT="]ඇත්තම කියනවනං ඔය උඩ දාල තියෙන පොටෝ එක දැකල මගෙ හඳුන්පොත කීං ගාල ගියා. මේ අපේ නියම සිංහල බෞද්ධ දරුවො නේද අද අසරණ වෙලා ඉන්නෙ? ඒක නිසාමයි මේ හදිස්සියේ මෙහෙම මංගල සේවාවක් පටන් ගන්න හිතුනේ. [/FONT]
[FONT="]ඔබත් විවාහ අපේක්ෂාවෙන් සිටින නියම සිංහල බෞද්ධ තරුණයෙක්ද? ඔබ සොයන්නේ අව්‍යාජ, චාම් සැබෑ සිංහල බෞද්ධ යුවතියක්ද? තවත් පසුතැවෙන්න එපා. එන්න මා වෙතට......! ඔබේ පින්වත් සිහින කුමරිය ඓතිහාසික වයඹ පළාත තුලින් වගකීමක් සහිතව මා සොයාදෙමි.[/FONT]
[FONT="]ඉහත කතාව අපට කියන තරුණ දරුවා මෙන් ඔබ අසරණ නොවන බවට සහතික වෙමි. [/FONT]
[FONT="]අපි මුලින්ම මනාලිය බලන්න යන අවස්ථාවේදී ඉහත තරුණයා මුහුණ දුන් අත්දැකීමට ඔබට මුහුණදීමට කිසිසේත්ම සිදු නොවේ. මුලින්ම ඔබ ඇතුළු පිරිස ඉතා සාදරයෙන් පිළිගෙන නිවස තුල ඇති 100% ශ්‍රීලාංකික ‘දම්රෝ’ ප්ලාස්ටික් පුටුවල (මෙම පුටු මෙතෙක් හලාල් සහතිකය ලබා නැත) සුවපහසුව අසුන් ගන්වනවා ඇත. (මෙම පුටු වර්ණ කිහිපයකින් තිබීම ගැන කලබල නොවන්න. නිවසේ ඇති පුටු දෙකට අමතරව අවශ්‍ය පුටු දෙක තුන බැගින් අසල්වැසි නිවෙස්වලින් ගෙන ඒමේදී මෙය සිදුවේ. බලන්න සිංහල සහජීවනය?) ඉන් අනතුරුව ඉහත තරුණයාට මෙන් ඔබ පිරිසට කේක් සමග බීම අල්ලන්නේ නැත. (පරදේසක්කාර හැතිකරය විසින් අපට පුරුදු කල හලාල් කෝඩියල් තියා, ඒවා සකස් කිරීමට අවශ්‍ය සුද්දාගේ ශීතකරණයවත් මේ මිනිසුන් නිවෙස්වලට මෙතෙක් වද්දාගෙන නැත.) ඒ වෙනුවට ඔබට ඉතා රසවත් දේශීය අළුවා කැබැල්ලක් හෝ මෑතකදී හලාල් සහතිකය තූ කියා ඉරා විසිකල වීරෝධාර මැලිබන් ලෙමන් පෆ් විස්කෝතුවක රස බැලීමට ලැබෙනු ඇත. රණවරා නම් ලැබේදැයි ෂුවර් නැති මුත් මදක් සීනි වැඩි වටවල කහට තේ කෝප්පයක් නම් ලැබෙනු ඇත.[/FONT]
[FONT="]දිවා ආහාරය ගැන නම් කලින් කිව නොහැකිය. මන්ද සිදාදියේ සිට ඔබ එනබව කල්තියා දැනුම් දී ඇති හෙයින් ඔබ කැමති යයි ඔවුන් සිතන කෑම බීම විශේෂයෙන් සකස් කරන්නට ඉඩ ඇති බැවිනි. නමුත් ඔවුනගේ සාමාන්‍ය කෑමවේල ඉතා චාම් සහ 100% දේශීය බව සහතික කරමි. හලාල් කුකුල්මස් හෝ හරක්මස් කිසිදා ඔවුන්ගේ නිවසට වැද්ද ගන්නේ නැත. ඒ වෙනුවට සාලයා කරවල හෝ සමෘද්ධි මුද්දරේට දෙන හාල්මැස්සන් වැනි හලාල් රහිත මාංශ පමණක් අනුභව කරති. ඒවාද මසකට දින හත අටක් පමණි. පොලොස් ඇඹුල, අඟුණකොල මැල්ලුම, කොස් දෙල්, බතල, මයියොක්කා වැනි ඔබ අගය කරන ආහාර ඔවුන් දිනපතා ගනිති. ඇතැම් විට දින කිහිපයක් වේල පිරිමසා ගන්නේද ඔවැනි අගනා ආහාරවලිනි. 100% ක් දේශීය ව්‍යාංජනයක් වන සම්බෝල සමග බත් වලින් පමණක් වේල් බරගානක්ම පිරිමසා ගනිති. මා ඔබේ මනාලිය සොයා දෙන්නට යන්නේ එවැනි අගනා පින්බර පවුලකිනි.[/FONT]
[FONT="]මෙම තරුණියන් ගැන කියන්නේ නම් ඔවුන් කිසිසේත්ම ඊනියා බටහිර සංස්කෘතියෙන් සංකර වූවන් නොවේ. සාමාන්‍ය ගෙදර දොරදී ටීෂර්ට්/ත්‍රීක්වාටර් වැනි අසංවර ඇඳුම් වෙනුවට ඔවුන් අඳින්නේ චීත්ත ගවුම් වැනි ශරීරයේ අඟපසඟ හොඳට වැසෙන ඇඳුම්ය. ගමනක් බිමනක් යන විටදීත් තරමක් දිග සායක් සහ ඇඟ වැසෙන බ්ලවුසයක් අඳී. ජින්ස් වැනි සංකර ඇඳුම් හෝ සාරියක් වැනි පර ඉන්දියානුවන්ගේ ඇඳුමක් මෙම ඇතැම් තරුණියන් ජීවිතේටම ඇඳ නැත. එමෙන්ම තොල් රතු කිරීම, නිය පාට කිරීම, සමේ රෝම ඉවත්කිරීම, ඇහි බැම සැකසීම වැනි බටහිර විච්චූරණ කිසිදිනෙක කර නැත. ඒ තියා ආර්තව දිනවලදී අරුංගේ විස පොවපු සනීපාරක්ෂක තුවාවත් බොහෝවිට පාවිච්චි නොකරයි.[/FONT]
[FONT="]මෙම පින්වත් තරුණියෝ නිවෙස්වල නිකරුණේ කාලය ගත නොකරති. බොහෝ තරුණියෝ තම ශ්‍රමයෙන් ගාමන්ට් එකක හෝ වැඩකොට අප පෙම්බර මව්බිමට විදේශ විණිමය අද්දවා දෙති. රැකියාවක් නොකරන යුවතියෝද දවස පුරා නියැලෙන්නේ ගව සම්පත දිගේලි කිරීම, අරාබි ගෑස් වෙනුවට දේශීය දර එක්රැස් කිරීම, හේන් උදළුගෑම, මැටි වලන් සේදීම, එළුවන් රැකබලාගැනීම වැනි දහසකුත් එකක් දේශීය කටයුතු වලය.[/FONT]
[FONT="]මා විසින් ඔබට හඳුන්වා දෙන්නට යන තරුණියන්ගේ අගනා චරිතය ගැනද මා ඔබට සහතික වෙමි. නොදන්නා පිටස්තරයෙක් නිවසට පැමිණි විට හායි හූයි ඇයි මොකෝ කියාගෙන කට බලියාගෙන ඉස්සරහට නොඑන ඔවුන් බහුතරයක් අමුත්තෙක් දුටු වහාම නිවස පිටුපසට දුව ගොස් වැඩිහිටියෙක් ඉදිරියට එවති. බලන්න අපේ නියම බෞද්ධ හැදියාව? [/FONT]
[FONT="]එමෙන්ම ඔවුන් කතාබහ කරන්නේ 100%ක් පිරිසිදු සිංහලෙනි. කතාබහ අතරතුර හඩු ඉංගිරිසි වදන් කවදාවත් භාවිතා නොකරයි. හිත දූෂ්‍ය කරන ඉංගිරිසි චිත්‍රපටි කවදාවත් බලා නැති අතර ඉංග්‍රීසි ගීත වාදනය වන තැනකවත් ඉන්නේ නැත. ෆේස්බුක් තබා කිසිදු දිනෙක කොම්පියුටරයකට අතක්වත් තබා නැති බවද සහතික වෙමි.[/FONT]
[FONT="]මෙහෙම ලියාගෙන යනවානම් මාගලක් පිරෙන්නට තරම් වුවත් මෙම පින්බර යුවතියන්ගේ රුව ගුණ ගැන ලියන්නට මට පුළුවන. ඒත් මේ ඊට අවස්ථාව නොවේ. ඔබම පැමිණ දැක බලාගෙන කරකාර බැඳගෙන තේරුම්ගන්න.[/FONT]
[FONT="]මා සාමාන්‍ය මගුල් කපුවෙකු නොවේ. එබැවින් මගේ මතු ආරක්ෂාව පිණිස මෙම යුවතියන්ගේ පවතින ඉතා සුළු අඩුපාඩු දෙකතුනක්ද සඳහන් කරමි.[/FONT]
[FONT="]මුහුණ සුළු වශයෙන් අව්වට පිළිස්සී තිබීමට පුළුවන.[/FONT]
[FONT="]දෑත් ගොරහැඩිවීමට සහ පුංචි කරගැටයක් දෙකක්ද තිබිය හැකිය.[/FONT]
[FONT="]අත්ලේ පහලට වෙන්න සහ නියපොතුවල වලං දැලි රැඳී තිබිය හැකි බව සලකන්න. [/FONT]
[FONT="]දෙපා වල ඇඟිලි මදක් ඉහිරී තිබිය හැකි අතර දෑත් දෙපා වල සුළු වශයෙන් නහර මතුව තිබේ.[/FONT]
[FONT="]සම අවපැහැ වී තිබිය හැකිය.[/FONT]
[FONT="]මුහුණේ සහ දෑත්/පාද වල රෝම තිබිය හැකි බව සලකන්න.[/FONT]
[FONT="]සමීප වන විට මද දහඩිය ගඳක් හැමීමට හැකියාව පවතී. [/FONT]
[FONT="]හිසකෙස් අග පිපිරී ඇතිවා මෙන්ම උකුණෙක් දෙන්නෙක්ද සිටීමට හැකිය.[/FONT]
[FONT="]නමුත් මේවා ඔබ වැනි දේශප්‍රේමියෙක් කිසිසේත්ම ගණන් නොගන්නා බව දනිමි. ඔබ නැවත යාමට අපේක්ෂා කරන පැරකුම් දුටුගැමුණු යුගයේ සබන්, සන්ස්ක්‍රීන් ක්‍රීම්, සනීපාරක්ෂක තුවා, ඩියෝඩරන්ට් වැනි පරදේසක්කාරයින්ගේ විච්චූරණ නොතිබූ බැවින් මෙවන් කාන්තාවක් සරණ පාවා ගැනීමෙන් ඔබට එදා හෙළ යුගය වෙත පහසුවෙන් නැවත ගමන් කල හැකිවනු ඇත.[/FONT]
[FONT="]එසේනම් එන්න වීර පුතුනි, මේ සේවාව ඔබ වෙනුවෙන්මයි.[/FONT]
[FONT="](ආහ්... දරුවො? බයවෙන්ඩ එපා. පාන නිව්වාට පසු මීක් කියන්නෙ නැත. අවශ්‍ය තරම් හදාගන්න. මයෙ මොකෝ)[/FONT]
[FONT="]-------------------------------------------------[/FONT]
[FONT="]ප/ලි - මේ මගුල ලියලා උදේ හවා මුලිච්චිවෙන, ආශ්‍රය කරන, දුක සැප බෙදාගන්න මගේ උන්ට අපහාස කලා නොවේ. ඔය අව්‍යාජ ගැමි යුවතියන් හොයන එක බල්ලෙක්වත් මෙහෙම කෙල්ලක් ගන්නේ නැත. උන් මිනි ස්කර්ට් අඳින උන්ගෙන් ඉල්ලන්නේ සාරි ඇඳන් කැවුම් කොකිස් කකා මල්වට්ටි අරන් වරෙල්ලා කියාය. මෙය මානසික අවුලකි.[/FONT]