නොවේ නුඹ කිසිදිනක මනමෙ කුමරියක මට
කිසිදාක නොවෙමි මම සාජහන් මුම්ටස්ට
කඩුව ගෙන යුධ කලෙමි මම නුඹට නොකිව්වට
සටන ජය ගෙන පැමින පැරද ඇත මා නුඹට.........
තනිව කල යුධය අග එනවිටදි නුඹ වෙතට
නො එන බව සිතා ඔබ ලන්ව ඇත වැදි රජුට.......
රැකගන්න සටන් කර , පමාවිය පැමිනෙන්ට
ජීවිතය පුරාවට දුක විඳිමි නොදැනෙන්ට
හාදු දුන්නේ හදවතින් රැකගනිමි එය ආදරෙන්
අග මෙහෙසි නොවුන මුත් මගේමයි තුන් හිතින්
කැන්ද ගියෙ නැහැ නුඹව, මට අයිති නැති බැවින්
නික්ම ගියෙ හිස් අතින් නුඹෙ මතක ඇති බැවින්
දුරින් නුඹ දෙස බලා නුඹෙ සතුට ගැන සිතා
නුඹ කෙදින හෝ යලිත් දුක් නොවිය යුතු නිසා
ලෝකයට පෙනෙන්නට මම ඈට පෙම් කලා
ඇගෙ ලොවත් එලි කලා වරද ඇගෙ නොවු නිසා
ගැහැනියකි ඇය තවත් අතින් ගත් හීනයක්
ස්වාමියෙක්, පියතුමෙක්, ඉරිතැලුන හදවතක්
ඉකිබිඳුම කෙඳිරියත් නොපෙනේවි ආයෙමත්
බැඳුම් නම් කොතෙක් වෙත්, නොහසුවුනු රන් හුයක්.......

Last edited:







