මං එනව ඉවසපන් රන්කඳ...
අරාබියේ සිට ලියමි...
අඬන "රාහුල" සනසවාගෙන
තොල් විකා ඉන්නවද හිමිසඳ
වරිගයේ උන් ඇස් ලිහාගෙන
ඉන්නෙ මං පානකල් පෙළහර...
ළඟ පාත උඹ නැතුව රන්කඳ
තදින් දැනෙනව විටක රස්නය
අපේ ගඟ නේරංජනා වගෙ නෑ
නිතර හීතල කඳුළු විතරය...
"සුරා බී ප්රීතියෙනි හිමිසඳ"
තිගැස්සෙමි දැක සඳැස් පණිවුඩ
"ඉක්මනින් එනවාද අම්මේ"
යදියි උරුමය සොයන "රාහුල"...
සය වසක් දුක දරා මෙහෙවර
කලත් "බුදු බව" ලැබෙන ඉඟි නැත
මරඟනන් පරදවාලන්නට
පාරමී මදි වගෙයි හිමිසඳ...
මාළිඟාවේ අත්තිවාරම
වල් වැදෙන්නට අරිමු...කම් නැත...
නොකෑවත් අපි එකට ඉන්නට
මං එනව ඉවසපන් රන්කඳ...
මීට උඹේ ආදර යශෝධරා...
---W.W---
අඬන "රාහුල" සනසවාගෙන
තොල් විකා ඉන්නවද හිමිසඳ
වරිගයේ උන් ඇස් ලිහාගෙන
ඉන්නෙ මං පානකල් පෙළහර...
ළඟ පාත උඹ නැතුව රන්කඳ
තදින් දැනෙනව විටක රස්නය
අපේ ගඟ නේරංජනා වගෙ නෑ
නිතර හීතල කඳුළු විතරය...
"සුරා බී ප්රීතියෙනි හිමිසඳ"
තිගැස්සෙමි දැක සඳැස් පණිවුඩ
"ඉක්මනින් එනවාද අම්මේ"
යදියි උරුමය සොයන "රාහුල"...
සය වසක් දුක දරා මෙහෙවර
කලත් "බුදු බව" ලැබෙන ඉඟි නැත
මරඟනන් පරදවාලන්නට
පාරමී මදි වගෙයි හිමිසඳ...
මාළිඟාවේ අත්තිවාරම
වල් වැදෙන්නට අරිමු...කම් නැත...
නොකෑවත් අපි එකට ඉන්නට
මං එනව ඉවසපන් රන්කඳ...
මීට උඹේ ආදර යශෝධරා...
---W.W---







