මං එනව ඉවසපන් රන්කඳ...

Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    මං එනව ඉවසපන් රන්කඳ...

    අරාබියේ සිට ලියමි...


    අඬන "රාහුල" සනසවාගෙන
    තොල් විකා ඉන්නවද හිමිසඳ
    වරිගයේ උන් ඇස් ලිහාගෙන
    ඉන්නෙ මං පානකල් පෙළහර...

    ළඟ පාත උඹ නැතුව රන්කඳ
    තදින් දැනෙනව විටක රස්නය
    අපේ ගඟ නේරංජනා වගෙ නෑ
    නිතර හීතල කඳුළු විතරය...

    "සුරා බී ප්‍රීතියෙනි හිමිසඳ"
    තිගැස්සෙමි දැක සඳැස් පණිවුඩ
    "ඉක්මනින් එනවාද අම්මේ"
    යදියි උරුමය සොයන "රාහුල"...

    සය වසක් දුක දරා මෙහෙවර
    කලත් "බුදු බව" ලැබෙන ඉඟි නැත
    මරඟනන් පරදවාලන්නට
    පාරමී මදි වගෙයි හිමිසඳ...

    මාළිඟාවේ අත්තිවාරම
    වල් වැදෙන්නට අරිමු...කම් නැත...
    නොකෑවත් අපි එකට ඉන්නට
    මං එනව ඉවසපන් රන්කඳ...

    මීට උඹේ ආදර යශෝධරා...

    ---W.W---
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒකට නං නොදැනීම කදුළු ආව ඇස් වලට....:(

    ඉදල ඉදල එකක් ලිව්වොත් ඉතිං කදුළක් ඇහැ අගට ෂුවර්.....
     
    • Like
    Reactions: Dewrangi

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    hmm hamoma katha karanna akamathi topic eka ne... pattayi kiyala ahaka danna baha ahata kadulak ena aththa kathaava. ape rate bahuthrayak rata giya ammalaa akkalage.. rep ++
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ඒකට නං නොදැනීම කදුළු ආව ඇස් වලට....:(

    ඉදල ඉදල එකක් ලිව්වොත් ඉතිං කදුළක් ඇහැ අගට ෂුවර්.....

    බොහොම ස්තුතියි අය්යේ...මේ ජීවිතේ වැඩිපුර දකින්න ලැබෙන නිමිති වල වැඩියෙන්ම ඇත්තේ දුක තමයි...