මම නම් හන්දියෙන් ගියා , බිදුණු පෙමක නැවුම් රසය නෑ





සෑහෙන්න රසවිංදා... පින්!WOW... අක්කේ ඔයාට ලියන්න පුළුවන් කෙනෙකුගේ හිතට කා වදින්න... මම ඇස් දෙක වහගෙන මේ නිර්මාණය ගැන හිතුවා..... ගොඩක් පද පේළි මගේ හිත රැඳුනා.
හීනයේ තුං මං හන්දියේ
හැරී නුඹ නොපෙනී ගියේ
මග ලකුණු පැටලුනා නංගියේ
මං තාම නුඹ හැරුනු හංදියේ...
එදා අපි යොවුන් සංදියේ
නුඹ මට බහ දුන්න වංගියේ
ඇස් මානෙ මං නැතුව නංගියේ
ගිලිහුණු කඳුල කොහෙදෝ ගියේ...
හීන වල දුටුව සුදු සේළයේ
රිදීපෙති පැටලිලා මා ළයේ
රිදුම් දෙන හිතිවිලි පේලියේ
නුඹ නැති තැනක් නෑ නංගියේ...
කවුද අතවනාගෙන ගියේ
නුඹ ගියේ ඒ තරම් හදිසියේ
තරු ලකුණු වැරදුනොත් නංගියේ
මං තාම එතැනමයි හංදියේ...
රතු පාටින් highlight කරපු පද පේලි මගේ හදවත පසාරු කරන් ගියා............සෑහෙන්න රසවිංදා... පින්!
තරු ලකුණු වැරදුනොත් නංගියේ
මං තාම එතැනමයි හංදියේ...
හිස් බලාපොරොත්තුවක්.....
ඒත් ඔහොම බලාගෙන ඉන්න ඉන්න අය මේ සමාජයේ ඕන තරම් ඉන්නවා......
කොහොම වුනත් ලස්සන නිර්මාණයක්.......
(/QUOTE]
බලාපොරොත්තුව නම් හරිම හිස් තමයි. දාල ගිය කෙනා ආයිමත් එන්නේ නැහැ. ආවත් නවතින්නෙත් නැහැ. ගොඩක් ස්තුතියි අදහසට මල්ලි.
well said dear![]()
![]()
මග ලකුණු පැටලුනා නංගියේ
මං තාම නුඹ හැරුනු හංදියේ...
තමන්ට නොලැබෙන බව හොඳටම තේරුනත්
අවංක ආදරේට අයිති වීමක් වෙන්නම ඕනේ නැහැ
ගොඩක් ලස්සන නිර්මනයක් අක්කේ
