මං පංසල් යන්නෙ නැත්තෙ ඇයි

LastDragon

Banned
Apr 27, 2013
133
2
0
Somewhere Safe
මං පංසල් යන්නෙ නැත්තෙ ඇයි

මේ ළඟදි අලුත් අවුරුද්දට අපි නෑයො බලන්න ගමේ යනවා. ඔන්න ඉතිං ගමේ පංසල පහු කරලා වාාහනේ යනවා....තව අපේ නෑයො වෙන නැන්දලා අක්කල ටිකකුත් යනවා වාහනේ. අපේ පියානෝත් වටපිට බලලා පංසල කිට්ටු වුනාම ඒක පෙන්වලා..
" ඔය තියෙන්නෙ අපි ඉස්සර හැම පෝයටම ගිහිපු පංසල" කියලා කිව්වා..

මටත් නංගිටත් අයියටත් පුදුම හිතුනා ඒ කතාවට..ඒක කියලා තාත්ත වාහනේ වීදුරුවෙන් එලිය බලාගෙන බාගෙට හිනා වෙවී ඉන්නවා... සාමාන්‍යයෙන් අපේ පියානෝ ඒ වගේ දේවලල් ආතල් එකට වගේ කිව්වට පංසලකට කවදාවත් යන කෙනෙක් නෙමෙයි.

ඉස්සර අපේ තාත්ත කොල්ල කාලෙ දානෙ අරගෙන ගිහින් තියෙනවා පංසලට.තාත්තයි තව අපේ පුංචි තාත්ත කෙනෙකුයි තමයි ගිහින් තියෙන්නෙ දානෙ අරගෙන.පස්සෙ තාත්තලා ඇවිත් ගිහිපු හැටි ගැන ලොකු හාමුදුරුවො අපේ සීයට කියලල තියෙන්නෙ.. "අරුං දෙන්නා ඇවිල්ලා හොරු දෙන්නා වගේ දානෙ දානසාලාවෙන් තියලා දුවල මං කතා කරද්දිත් දුවලා ගියානේ... අපරාදෙ කියන්න බැහැ සෝක් පුතාල දෙන්නා.." කියලා..

කොහොම හරි ඉස්සර ඉඳන්ම පංසල ලඟින්වත් යන්න කැමති මනුෂ්‍යයෙක් නෙමෙයි අපේ පියානෝ. අපේ ගෙවල් දැන් තියෙන දිහා ඡන්දෙ තියෙන්නෙ පංසලේ..ඉතිං ඡන්දෙ දාන්න හරි නැත්තං වෙන සමිති සමාගමකට ගියොත් ඇර පංසල පැත්තෙ යෑමක් අපේ පියානෝගෙ නැහැ. දැනට අවුරුදු පහ හයකට කලිං අපේ ගෙදර දානයක් තිබුනා.

හීල් දානෙට දන් සැට් ගේන්න තාත්ත පංසලට යවලා තිබුනෙ එදා අයියා මොකක් හරි වැඩකට ගිහින් තිබුන නිසා. ඉතිං පංසලට ගියාම හාමුදුරුවො දන් සැට් එක දෙනගමන් ටිකක් බයේ වගේ බලං හිටියලු..තාත්තගේ විශේෂඥ අදහස වුනේ දන් සැට්ටික හොරකං කරන් යන්න පොරක් ඇවිත් ඇති කියලලා හාමුදුරුවො බය වුනාලු..

ඒ කියන්නෙ තාත්ත ඒ ගමේ අවුරුදු ගානක් හිටියත් පංසලේ හාමුදුරුවො අඳුනන්නෙ නැහැ..

මම තාත්ත ගැන මුලින්ම කිව්වෙ ලොකු කමක් කියන්න නෙමෙයි..මට පංසල් යන්න නොහිතෙන ජානමය හේතු කියන්න..

ඉතිං අපේ දානෙ තියෙන නිසා මාත් මේ මාස දෙකකට විතර ඉස්සල්ල අයියා එක්ක පංසලට ගියා. මෙන්න හාමුදුරුවො අපේ අයියගෙන් අහනවා.. මේ පුංචි මහත්තයා කවුද කියාල .. අහලා ඉවර වෙලා මං රස්සාවක් කරනවා කිව්වම හාමුදුරුවො කියනවා මේ දවස්වල ආවාස ගෙයි වැඩකටයුතු වලට දායක වෙන්න පුලුවන් කියලා.එතනින් නවත්වනවා නම් මැදැයි..දැන් ඉතිං ඒකෙ ආනිසංස සහ මට දෙන්න පුලුවන් ගාන අනම් මනම් කියෝනවා.. මට මේ මාසෙ අන්තිමට ගන්න තුට්ටු දෙක රන් කරන්න පුලුවන් දවස් කිහිපයක් විතරයි. එහෙව් එකේ හාමුදුරුවන්ගේ ආවාස ගෙටත් සල්ලි දීහල්ලකෝ....

මං එදායින් පස්සෙ පංසල් ගියත් ඉක්මන්ට වැදලා කියලා හාමුදුරුවන්ට පේන් නැතිවෙන්න එනවා..

මට ඒ වෙලාවට මතක් වෙන්නෙ මෙත්තවිහාරි හාමුදුරුවෝ.මං මෙත්තවිහාරි හාමුදුරුවො හම්බෙන්න ගිහින් ගොඩක් දේවල් අරගෙන තියනවා. නමුත් එක පිරිකරක දෙයක්හාමුදුරුවන්ට දීල නැහැ. එහෙම දෙයක් දෙන්න ඕනි කියලා හාමුදුරුවන්ගේ තුන් හිතකවත් නැහැ.

මට එක කාලයක් ඕනි වුනා උබුන්ටු ගැන දැනගන්න. ඉතිං ඒ කාලෙ උබුන්ට් සී ඩි තිබුනාට කවුරුත් ඒවා මැසින් වල දාගෙන ඉන්ස්ටෝල් කරගෙන තිබුනෙ නැහැ. මට ඕනි වුනා ඒක කරගන්න. ඒ වෙනකොට ඩොංගල් ආදිය වුනත් එච්චරම ජනප්‍රිය නැහැ. ඉතිං අන්තර්ජාලය නැතුව කොහොමද අප්ඩේට් කරගන්නෙ ආදිය හෙන ගැටලු මට. ලොකුම ගැටලුව තමයි උබුන්ටු දැම්මාම වීඩියෝ ප්ලේ වෙන්නෙ නැති එක.

ඉතිං මට ආරංචි වුනා මෙත්තවිහාරි හාමුදුරුවො ඒ ගැන දන්නවාය උන්වහන්සේ කොළඹ 7 පංසලක ඉන්නවාය කියලා. එතකොට මෙත්ත විහාරි හාමුදුරුවො හිටියෙ බී ඇම් අයි සී ඇච් එකේ එහා පැත්තෙ නාරද සෙන්ටර් එකේ. ඉතිං මං ගිහින් හාමුදුරුවන්ට මගේ ගැටලුව කිව්වාම.

අලුත්ම ජාතියෙ උබන්ටු සී ඩී එකකුයි. ඉන් පස්සෙ තව ඩී වී ඩි දෙකකුයි හාමුදුරුවො නිකම්ම මට දුන්නා. සීඩි එකෙන් උබන්ටු දාලා..අර කියන ඩීවීඩි දෙකේ තියෙන සොට්ටයා ටික මැසිමට දාගන්න ඕනි..පස්සෙ අපිට ඕනි සොට්ටයා තෝරලා ඉන්ස්ටොල් කරගන්න පුලුවනි.. මේකට ඕනි කෝඩ් කෑලි කීපයක් මෙත්තවිහාරි හාමුදුරුවෝ වෙනම වර්ඩ් ෆයිල් එකක ගහලා දුන්නා...

කොහොම හරි මම වැඩේ ගොඩදාගත්තා. අනික් වුන් උබන්ටු වල වීඩියො ප්ලේ වෙන්න නැහැ කියනකොට මම නොයෙක් වැඩ තියෙන සොට්ටයා දාල වැඩ කරන මට්ටමට ආවා. අදටත් මම උබුන්ටු වලට ආසයි. මේ ළඟදි මං දාපු ලිනක්ස් පෝස්ට් එකකටඑක් ඇනෝ මහතෙක් කියනවා උබුන්ටු හරියන්නෙ සර්වර් වලටය. ඒක ඩෙක්ස්ටප් වලට හරියන්නෙ නැතිය කියලා..

අනේ ඒ මහත්තයා ඩෙක්ස්ටප් එකකින් මොනවා කරනවාද මන්දා..ඒත් මටනම් 2007 ඉදලා මේ දක්වා උබුන්ටු හොදයි.. උබුන්ටු වලින් කරගන්න බැරි වැඩක් තියෙනවා කියලා මටනම් පේන්නෙ නැහැ සාමාන්‍ය භාවිත කරන්නෙකුට..

එදායින් පස්සෙ මං දාගෙන ඉන්න උබන්ටු වල අවුලක් ගියාම හරි මට අලුත් දෙයක් කරගන් ඕනි වුනාම මං මෙත්තවිහාරි හාමුදුරුවෙො හම්බෙන්න යනවා..ඒ කිසිම දවසක මුකුත් අරන් යන්නෙත් නැහැ. එහෙම දෙයක් තියෙන්න ඕනි කියලා ඇඟවීමක් වත් හාමුදුරුවන්ගේ නැහැ.

දැන් ඉතිං ගූගල් දෙයියොයි ඩොංගලුයි තියෙන නිසා ආයෙ හාමුදුරුවො හම්බෙන්නයන්න ලොකු උවමනාවක් නැහැ. ඒත් මීට අවුරුද්දකට පෙර හාමුදුරුවො හම්බෙන්න ගියාම මට හාමුදුරුවො ගැන පුදුම හිතුන. කොම්පියුටර හයක් හතක් ඕපන් කරගෙන සී ඩි වගයක් බර්න් කරනවා..බණ සීඪි වෙන්න ඇති. එක තැනක තමයි සොට්ටයා එක තියෙන්නෙ..

කොහොම හරිහාමුදුරුවො කරන්නෙ එක එක සී ඩී රොම් එකට සීඩි දාන එකයි ඒවා ගන්න එකයි විතරයි. අනික් වැඩ ටික ඔටෝ වෙනවා..ඇත්තටම අද කාලෙට හාමුදුරු කෙනෙක් කියන චරිතය මොන විදියට වෙනස් වෙන්න ඕනිද කියලා ජීවමාන උදාහරණයක් තමයි මෙත්තවිහාරි හාමුදුරුවො.

සමහර දවසට මෙත්තවිහාරි හාමුදුරුවො පින්ඩපාතෙ ගියාම ලැබෙන සමපෝෂ, පලතුරු වගේ දේවල් අපිට දෙනවා.ඒ වගේ වෙලාවක අවේලාවෙ හාමුදුරුවො ආහාර වළඳන්නෙ නැහැ. ඒ නිසා අපි හාමුදුරුවන්ට ගිලන්පස එකක් හදලා දෙනවා. හාමුදුරුවොත් හොඳයි කියලා ඒක බොනවා.

මං කිසිම විදියකින් මෙත්තවිහාරි හාමුදුරුවො කලිං අඳුනන්නෙ නැහැ. ඒත් මං මුලින් ගිහිපු දවසෙ පවා මා එක්ක කතා කලේ නිකං කාලයක් දන්න කෙනෙක් එක්ක කතා කරන්වා වගේ. හාමුදුරුවො ඉන්න හරියෙ පොත් පත් සීඩි හෙම තියෙනවා. ඉතිං පෙරේතකමට මං හිටපු ගමන් ඒවා ඉල්ලනවා....

ඒ වුනාට හාමුදුරුවො දන්නවාද මන්දා මං ඒවා ගත්තට කියවන්නෙ නැහැ කියලා. වදෙන් බේරෙන්න එකක් දුන්නට වැඩිය ධර්ම සීඩි හෙම මට දෙන්නෙ නැහැ. මොකද හාමුදුරුවො කියන්නෙ ඒකට උනන්දුව ඇත්තටම නැත්තං නිකංඒවා අරං යන්න දෙන එක තේරුමක් නැහැ කියලා.

පංසල් යෑම ගැන කියනකොට මහමෙව්නාව ගැනත් නොකියාම බැහැ. ඉස්සර අපිට සිල් ගන්න හිතුනත් තිබුන ජාතික පස්න තමයි ඇඳුම සහ ගිහින් ඉන්න ඕනි පිලිවෙල. නමුත් කිරිබත්ගොඩ ඤානානන්ද හාමුදුරුවන්ගේ මහමෙව්නාවෙ සිල් ගන්න අර පරණ ෆෝමැට් එක ඕනිම නැහැ. තමුංට තියෙන ලා පාට ෂර්ට් එකක් ඇඳගෙන කලු කලිසමක් වුනත් ගහගෙන යත හැකි. ඇත්තටම ඒක ලොකු දෙයක් වුනා..මං අසපුවට ගිහින් බණ ඇහුවට වැඩිය කලේ වට පිට බල බල හිටපු එක. නමුත් එහෙව් දේකට හරි අසපුවට යන්න හිතුනෙ අසපුවෙ තියෙන යූසර් ෆෙන්ඩ්ලි ගතිය නිසා..

අද පංසල් වලට තරුණ පරපුර යන්නෙ නැහැ කියලා ලොකු චෝදනා වන් තියෙනවා. ඒත් පංසලට ගියාම අපේ පොකට් එකට තට්ටු වෙනවා නම්..අපිට අලුත් දෙයක් ලැබෙන්නෙ නැත්නම්... අපි මොකටද පංසල් යන්නෙ. පංසල් වුනත් කාලෙට හරියන්න තමුන්ගේ කස්ටමර් බේස් එක වැඩිකරගන්න නිර්මාණාත්මක අත්හදාබැලීම් කරන්න ඕනි.. නැත්තං හැමදාම ලෝකෙ අනිත්‍යයි කියන එක කියලාම මිනිස්සුන්ගේ සල්ලි ගන්න අමාරුයි අද කාලෙ..
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    එක එකාගෙ ලිපි තමන්ගෙ වගෙ දාලා තව බොරුවට රගනවත් එක්ක
    ඔය අසපු වලට යන ගොයියො නිසා තමයි මෙවා මෙහෙම වෙන්නෙ
    අනික ඔක ලිවුවෙ මොකාද අරමුණ මොකක්ද කියලා නොදැන ගෙඩි පිටින් දානවා
    මොක්ද අද කාලෙ වැඩිම පන්සල් ගැන කැක්කුමක් තියෙන්නෙ
    තම්බින්ටයි කිස්තියන් සමහරුන්ටයි ඉතින් සිංහලත් දන්න එකෙ
    අපෙ උන්ව අන්දන්න ගානට බොරු ලියනවා
     
    • Like
    Reactions: maxboysl and 577

    LastDragon

    Banned
    Apr 27, 2013
    133
    2
    0
    Somewhere Safe
    එක එකාගෙ ලිපි තමන්ගෙ වගෙ දාලා තව බොරුවට රගනවත් එක්ක
    ඔය අසපු වලට යන ගොයියො නිසා තමයි මෙවා මෙහෙම වෙන්නෙ
    අනික ඔක ලිවුවෙ මොකාද අරමුණ මොකක්ද කියලා නොදැන ගෙඩි පිටින් දානවා
    මොක්ද අද කාලෙ වැඩිම පන්සල් ගැන කැක්කුමක් තියෙන්නෙ
    තම්බින්ටයි කිස්තියන් සමහරුන්ටයි ඉතින් සිංහලත් දන්න එකෙ
    අපෙ උන්ව අන්දන්න ගානට බොරු ලියනවා
    අනේ අම්බෝ උබ දැකලම නැහැ වෙන උන් ලිපි දානවා! ඔන්න ඕකට තම කියන්නෙ කවුරු උනත් බලය අඩු තැනට තමා සේරම ගෙරවිලි දාන්නේ කියල. දැන් උඹ රෙප් පවර් වැඩි එකෙක් මොනව හරි කොපි කලොත් කට අරිනවද? මම නම් කියවලා අදහසට එකඟ නිසා දැම්මේ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අනේ අම්බෝ උබ දැකලම නැහැ වෙන උන් ලිපි දානවා! ඔන්න ඕකට තම කියන්නෙ කවුරු උනත් බලය අඩු තැනට තමා සේරම ගෙරවිලි දාන්නේ කියල. දැන් උඹ රෙප් පවර් වැඩි එකෙක් මොනව හරි කොපි කලොත් කට අරිනවද? මම නම් කියවලා අදහසට එකඟ නිසා දැම්මේ
    :yes::no: මොකා උනත් එකයි මචන් මට උස්සපු එක නෙමෙ වැඩිපුරම ප්‍රශ්නෙ ඔය ලිපියෙ අරමුණ
    උබට මොකො ඔක දාන්න හිතුනෙ උබත් ඔය හන්දා පන්සල් යන්නෙ නැති එකෙක්ද?
    අපෙ පන්සල් වලනම් ඔහොම ප්‍රශ්න නැහැ අනිඅක් අපි සුදු ඇදන් යනකොට අපිට හරිම
    පහන් සිතුවිල්ලක් ඇති වෙන්නෙ පනසලෙදි :yes::D
     
    LastDragon

    Banned
    Apr 27, 2013
    133
    2
    0
    Somewhere Safe
    :yes::no: මොකා උනත් එකයි මචන් මට උස්සපු එක නෙමෙ වැඩිපුරම ප්‍රශ්නෙ ඔය ලිපියෙ අරමුණ
    උබට මොකො ඔක දාන්න හිතුනෙ උබත් ඔය හන්දා පන්සල් යන්නෙ නැති එකෙක්ද?
    අපෙ පන්සල් වලනම් ඔහොම ප්‍රශ්න නැහැ අනිඅක් අපි සුදු ඇදන් යනකොට අපිට හරිම
    පහන් සිතුවිල්ලක් ඇති වෙන්නෙ පනසලෙදි :yes::D
    මම පන්සල් යනවා මචන් ඒත් කවදාවත් සුදු ඇඳන් නම් යන්නෙ නැහැ. පොඩි හාමුදුරුවන්ට පිටි එකක් බිස්කට් එකක් අරන් වැඩ ඇරිලා එන ගමන් යනවා. පොඩි හාමුදුරුවෝ ඒවා හිනා වෙලා ගත්තට ලොකු හාමුදුරුවෝ ගිය වෙලාවේ ඉඳන් පන්සල් ටයිල් කරන්නයි වාහන ගන්නයි කතාව. ඈත පන්සල් වල හාමුදුරුවරු දානේ නැතුව කැලෑ අළ වලදද්දි අපේ ගමේ ලොකු හාමුදුරුවෝ එක කාර් එකක් තියෙද්දි තව කාර් එකකට සල්ලි එකතු කරනවා
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    එක එකාගෙ ලිපි තමන්ගෙ වගෙ දාලා තව බොරුවට රගනවත් එක්ක
    ඔය අසපු වලට යන ගොයියො නිසා තමයි මෙවා මෙහෙම වෙන්නෙ
    අනික ඔක ලිවුවෙ මොකාද අරමුණ මොකක්ද කියලා නොදැන ගෙඩි පිටින් දානවා
    මොක්ද අද කාලෙ වැඩිම පන්සල් ගැන කැක්කුමක් තියෙන්නෙ
    තම්බින්ටයි කිස්තියන් සමහරුන්ටයි ඉතින් සිංහලත් දන්න එකෙ
    අපෙ උන්ව අන්දන්න ගානට බොරු ලියනවා

    true Story
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මම පන්සල් යනවා මචන් ඒත් කවදාවත් සුදු ඇඳන් නම් යන්නෙ නැහැ. පොඩි හාමුදුරුවන්ට පිටි එකක් බිස්කට් එකක් අරන් වැඩ ඇරිලා එන ගමන් යනවා. පොඩි හාමුදුරුවෝ ඒවා හිනා වෙලා ගත්තට ලොකු හාමුදුරුවෝ ගිය වෙලාවේ ඉඳන් පන්සල් ටයිල් කරන්නයි වාහන ගන්නයි කතාව. ඈත පන්සල් වල හාමුදුරුවරු දානේ නැතුව කැලෑ අළ වලදද්දි අපේ ගමේ ලොකු හාමුදුරුවෝ එක කාර් එකක් තියෙද්දි තව කාර් එකකට සල්ලි එකතු කරනවා
    ඔව් එහෙම දෙවල් වෙන්න පුලුවන් එ වගෙම මචන් අපෙ සමහරක් ලොකු හාමුදුරුවරු
    තමනට හම්බ වෙන පිරිකර විකුනලා දුප්පත් ලමයින්ට පොත් පැන්සල් අරං දෙනවා:yes:
    කාර් තියා බයිසකල් කට්ටක්වත් නැති පන්සල් තියෙනවා එහෙම පන්සල වල ඉන්න ස්වාමින්වහන්සෙලා ජනතාවට දරමයෙන් ශමයෙන් පන්සල් වත්තෙ තියෙඅන් දෙවල් වලින් පිහිට වෙනවා මම අනන්තවත් දැකලා තියෙනවා බන්
    1.gif
     
    LastDragon

    Banned
    Apr 27, 2013
    133
    2
    0
    Somewhere Safe
    ඔව් එහෙම දෙවල් වෙන්න පුලුවන් එ වගෙම මචන් අපෙ සමහරක් ලොකු හාමුදුරුවරු
    තමනට හම්බ වෙන පිරිකර විකුනලා දුප්පත් ලමයින්ට පොත් පැන්සල් අරං දෙනවා:yes:
    කාර් තියා බයිසකල් කට්ටක්වත් නැති පන්සල් තියෙනවා එහෙම පන්සල වල ඉන්න ස්වාමින්වහන්සෙලා ජනතාවට දරමයෙන් ශමයෙන් පන්සල් වත්තෙ තියෙඅන් දෙවල් වලින් පිහිට වෙනවා මම අනන්තවත් දැකලා තියෙනවා බන්
    1.gif
    දැන් තේරුනා නෙ ලිපිය උපුටා ගත්ත හේතුව?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    දැන් තේරුනා නෙ ලිපිය උපුටා ගත්ත හේතුව?

    ඇයි මෙ අපෙ මිනිස්සු සමහරක් පන්සල් විතරක්ම දකින්නෙ? ඇයි හොද තියෙන හොද දෙවල් කරන පන්සල් විතරක් මග හැරෙන්නෙ?:confused: කබරගොයා තල ගොයා කරන්න ඔන නිසාද?

    ඔය වගෙම වැර්දි කිස්තියන් පල්ලි වලයි මුස්ලිම් පල්ලි වලයි කොවිලෙයි වෙන්නෙ නැද්ද?
    වෙනවා එත් එක මිනිහෙක්වත් එවා ගැන කතා කරනවාද ඇයි අපි කොවිල් පල්ලි යන්නෙ නැත්තෙ කියලා කියනවාද්? එහෙම කියන අන‍‍‍යගමක එකෙක් දැකලා තියෙනවාද එහෙම ලිපි ලියලා තියෙනවාද ? නැහැ නෙ ඔතන වෙන්නෙ මචන් අපෙ පන්සල් තව දුරත් අපෙන් ඇත් කරන්න ඔන සමහරක්ට හෙතුව එතකොට එ අයට එ ගොල්ලන්ගෙ ගොඩ වැඩි කර ගන්න පුලුවන්
    අනික අපෙ මිනිස්සුන්ගෙ සදාචාරය හැදියාව සංස්කෘතිය විනාශ කරන්න පුලුවන් පන්සල් වලින් මිනිස්සුන්ව අයින් කරාම උබලට නොතෙරෙන එකම් දෙත් ඔකයි
    2.gif
     
    :rolleyes:
     
    අපේ ගමේ පන්සල් තියෙන්නෙ එකයි ඉතින් අනිත් පන්සල් වලට සාපේෂව ගමේ එක වැරදි කියලා කිව්වේ. ඉරිදට පල්ලි නොයන ක්‍රිස්තියන් අය හෝ සිකුරාදට පල්ලි නොයන මුස්ලිම් අය හෝ ඉන්නවද? ෆාදර් මිනිස්සුන්ගේන් සල්ලි කඩා ගන්නවද? මුස්ලිම් පල්ලි වලින් ටිකට් ගහලා සල්ලි එකතු කරනවද?
     
    මුස්ලිම් වියාපාර වලින් පල්ලියට 10% දෙනවා පල්ලියෙ සල්ලි වලින් වියාපාර කරනවා මිනිස්සු
    එකට අපි පිං කැටෙට දාන්නෙත් රු 5යි එකත් නිවන් දකින්න බලාගෙන ඔතන තියෙන්නෙ පන්සල වල වරදක නෙමෙ අපෙ වරදක් අපි කැමති නැහැ අපෙ උන්ම හැදෙනවාට අනික සිකුරාදට හා ඉරිදාට පල්ලි නොයන අය අනනතවත් ඉන්නවා:yes: ෆාදර් ට (සමහරක්) සල්ලි එනවා පිට රටවල්වල ඉන්න නිකායවල් වලින් ෆාදර් සල්ලි ගන්නවා නෙමෙ සල්ලි බෙදනවා ආගමට එන්න කියලා:P
     
    LastDragon

    Banned
    Apr 27, 2013
    133
    2
    0
    Somewhere Safe
    මුස්ලිම් වියාපාර වලින් පල්ලියට 10% දෙනවා පල්ලියෙ සල්ලි වලින් වියාපාර කරනවා මිනිස්සු
    එකට අපි පිං කැටෙට දාන්නෙත් රු 5යි එකත් නිවන් දකින්න බලාගෙන ඔතන තියෙන්නෙ පන්සල වල වරදක නෙමෙ අපෙ වරදක් අපි කැමති නැහැ අපෙ උන්ම හැදෙනවාට අනික සිකුරාදට හා ඉරිදාට පල්ලි නොයන අය අනනතවත් ඉන්නවා:yes: ෆාදර් ට (සමහරක්) සල්ලි එනවා පිට රටවල්වල ඉන්න නිකායවල් වලින් ෆාදර් සල්ලි ගන්නවා නෙමෙ සල්ලි බෙදනවා ආගමට එන්න කියලා:P
    මෙහෙම සීන් එකක් තියෙනවා මචන්! අපි අපේ ආගමේ වැරදි හදමුද නැත්තම් අනිත් ආගම් වල වැරදි හොයමුද?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මෙහෙම සීන් එකක් තියෙනවා මචන්! අපි අපේ ආගමේ වැරදි හදමුද නැත්තම් අනිත් ආගම් වල වැරදි හොයමුද?

    අපෙ ආගමෙ වැරදි නැහැ අපි ආගම හදන්න යන්න ඔන නැහැ සමහරක් මි හරක්ව විතරක් හදමු:P