මං පොඩි කාලේ

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    කඩදාසි වලින් රොකට් යැව්වා.
    වැස්ස දවසට කඩදාසි බෝට්‍ටු යැව්වා
    ටකර ගැහුවා
    කුට්ටි කරා
    නම් ගම් ඵල එළ කරා
    nespray කිරි පිටි පෙට්ටි ජාතියකින් ප්ලේන් වගයක් හම්බුනා නේද? අන්න ඒවා එකතු කරා
    පෑන් ගැහුවා
    කොපු ගැහුවා (පෑනෙ තියෙන කොපුව හොදේ)
    අර පොඩි මල් පොකුරු තියෙන්නෙ ඒ පොඩි මල් කඩලා ඒකෙ පැණි බිව්වා (නම නම් දන්නෙ නෑ)
    කවක‍ටු පෙට්ටිය යුද්ධ ටැංකියක් කරා
    ඉස්කෝලෙ නිදන් ඉන්න උන්ගෙ නැත්නම් පොත්වල වැඩ කරන උන්ගෙ ලේස් ගැට ගැහුවා
    කැඩිච්ච සෙල්ලන් බඩු වල මෝටරේ ගලවන් හෙන මෙකෑනික් වගේ වයර් අමුණලා බැටරියක් ගහලා on කරනවා
    පොකට් කැලැන්ඩර් එකතු කරා

    ජාති ජාති නම් තව කිව්වැහැකි ගොඩක් තියෙනවා

    :)
     

    asiridol

    Active member
  • Dec 29, 2006
    756
    234
    43
    Still on earth
    සිරා ගේම් එක නේ? කාඩ් බෝඩ් කෑල්ලක ඇද ගත්තා, ගල්කැට ටික්ක ගත්තා. එල ක්‍රීඩාව. :):):)

    ඒක ආවේ ඉඳිආප්ප කතාවෙන්.. අපරාදේ බුවා මලානේ.. හ'බට් රන්ජිත් පීරිස්.. උගේ දෙවෙනි එකත් මරු ..
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඒක ආවේ ඉඳිආප්ප කතාවෙන්.. අපරාදේ බුවා මලානේ.. හ'බට් රන්ජිත් පීරිස්.. උගේ දෙවෙනි එකත් මරු ..

    ඔය කතාව රූගත් කලේ අපේ ගෙවල් පැත්තෙ. ඒ කලෙ මම පොඩියි. රාජා සුමනපාල අපේ තාත්තගෙ හොද යාලුව. මට මතකයි අපේ ගෙදර ඇවිත් බීල යනව.:)
     

    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    සීනි ටිකක් දියකරල කූබින්ට බොන්න දීම.
    ලාඩප්පා කොලයක් අතමිට මොලවා උඩින්තබා පුපුරුවා හැරීම.
    අන්දර පඳුරු අස්සේ වැවෙන බිම් පොල් කෑම.
    ඡෑම් බෝතලේ fighter fish ඇතිකිරීම.
    මාලු ටැංකියේ මාලු පීනන හැටි බලං හිදීම.
    ගප්පින්ට පැටව් හම්බවෙනහැටි බලන් ඉදීම.
    රත්මල්වල පැනිබීම සහ ඇට කෑම.
    කොලපතේ වාඩි වෙලා යෑම.
    පුලුවන්තරං හයියෙන් දිවීම.
    ගෙදෙට්ට හොරෙන් ජම්බු වරකා කෑම.
    ඉස්කෝලෙයද්දි බීම පැකට් බීම.
    ඉස්කෝලෙදී free period එකක් සෙට් වුනොත් කොහොමහරි ground එකට යෑම.
    ඉස්කෝලෙ ඇරෙද්දී හැමෝටම කලින් පන්තියෙන් එලියට දිවීම.
    ඉංග්‍රීසි පන්තියේ අමාරුම ඩික්ටේශන් පාඩම් කරන්න දුන්නම, වචනෙ තියෙන අකුරු ගානට මොනවාහරි දෙයක් කන්න ඉල්ලීම: උදා: elephant (ගෙදර එවෙලෙට තියෙන දේවල්: වරකාමඳුලු ජම්බු)
    වැස්සට තෙමීම.
    වහින වෙලාවට ඉස්කෝලෙයන්න අදි මදි කිරීම.
    ඉස්කෝලෙ නිවාඩු දෙන දවස.
    ඉස්කෝලෙදි පෑන් ගැසීම, රොකට් යැවීම. ලන්ච් ෂීට් වලින් පැරෂූට් යැවීම
    ඉන්ටවල් එකේදී අනික් එකාගෙ කෑම එකට කෙලගිලීම.
    පිස්සු පූසා කාටූන් එක බැලීම.
    බත්කූරන් ඇල්ලීම.
    අඹ ගහේ ඉදම්ම අඹ කෑම.
    අහස් ගුන්ඩු උඩයනහැටි බලන් ඉදීම.
    වෙරලු අච්චාරු හදා කෑම.
    තොරනෙ මෝටරේට හයිකරලා තියෙන රැස්වලල්ල කැරකෙන හැටිබලන් ඉදීම
    පැන්සලෙන් ලියන කාලේ පෑනෙන් ලිවීම.
    මකන කෑල්ලෙ සුවඳ බැලීම.
    පැන්සලේ මකනෙ හැපීම.
    දත් දෙක අස්සෙන් කිරිබීම.
     

    asiridol

    Active member
  • Dec 29, 2006
    756
    234
    43
    Still on earth
    ඔය කතාව රූගත් කලේ අපේ ගෙවල් පැත්තෙ. ඒ කලෙ මම පොඩියි. රාජා සුමනපාල අපේ තාත්තගෙ හොද යාලුව. මට මතකයි අපේ ගෙදර ඇවිත් බීල යනව.:)

    රාජා සුමනපාල තාත්තට නේද හිටියේ? නම මතකයි එත් මුන එන්නේ නෑ බන්.. සිරා කතාව හැබැයි...
     

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    Iskole yana kaale loku panthi wala akkalage odokkuwe idagena ideema (mama tikak sudui enisa akkala hari adarei)
    Bunty kadeta gihin theegi toffee keema
    Bulto keema
    rupiyale ice packet keema
    iskole soup dena kaale anith eunge ewath beema (mokada godak unta e soup appiriya weema nisa)
    loku ayyalage liyum akkalata adeema (broker weda)
    Ape neenath ekka sellam bath eweema (den mage wife)
    Loku mama beela awahama dathak gelaweema
    Primary yana kaale iskole arila eddi eraminiyai karabai kedeema
    wel wala ihigedi allala bothal wala demeema
    thawa henata thiyanawa ban owa mathak weddi maara dukai
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    රාජා සුමනපාල තාත්තට නේද හිටියේ? නම මතකයි එත් මුන එන්නේ නෑ බන්.. සිරා කතාව හැබැයි...

    'හිරුට මුවාවෙන්'. මම හිතන්නෙ චම්පා ශ්‍රියානිගෙ පලවෙනි ඩ්‍රාමා එක. ඒකෙ නිල්මිණි තෙන්නකෝන් මරු කෙල්ල. අපි ඒ කාලෙ මනෝ ලෝකෙ ලව් කරපු කෙල්ලෙක් තමයි!
     
    Last edited:

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    'හිරුට මුවාවෙන්'. මම හිතන්නෙ චම්පා ශ්‍රියානිගෙ පලවෙනි ඩ්‍රාමා එක. ඒකෙ නිල්මිණි තෙන්නකෝන් මරු කෙල්ල. අපි ඒ කාලෙ මනෝ ලෝකෙ ලව් කරපු කෙල්ලෙක් තමයි!

    ඔව් ඔව්. මට මතකයි. චම්පා ශ්‍රියාණිත් ඒ කලෙ ලස්ස්නයි. ඒකි කතා කරන විදිහේ පොඩි ගතියක් තිබුනා මතකයි.:)
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    Iskole yana kaale loku panthi wala akkalage odokkuwe idagena ideema (mama tikak sudui enisa akkala hari adarei)
    Bunty kadeta gihin theegi toffee keema
    Bulto keema
    rupiyale ice packet keema
    iskole soup dena kaale anith eunge ewath beema (mokada godak unta e soup appiriya weema nisa)
    loku ayyalage liyum akkalata adeema (broker weda)
    Ape neenath ekka sellam bath eweema (den mage wife)
    Loku mama beela awahama dathak gelaweema
    Primary yana kaale iskole arila eddi eraminiyai karabai kedeema
    wel wala ihigedi allala bothal wala demeema
    thawa henata thiyanawa ban owa mathak weddi maara dukai

    :)
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    70 දශකයේ මුල් භාගයේ සිට....

    අප්පච්චී වැඩ ඇරී ගෙදර ඒම
    අත්තම්මා බත් වේලා අග්ගලා සෑදීම..
    පොල් කඩන කෙනෛක් පැමිණීම..
    අම්මා බත් ටික අනා ගුලි සාදා දීම...
    නෑයෙක් බත් බැදගෙන ගෙදරට පැමිණීම..
    බොම්බයි මොටයි කාරයා පාරේ යෑම..
    ටවුමට යනවිට විස්කිරිඤ්ඤා අරගෙන දීම..
    ගේ ලග කුඹුරේ අත්තම් වැඩ කිරීම...
    ගේ ළග කුඹුරට මුත්තෙට්ටුව ගෙන ඒම..
    සත දෙකක් හෝ සත පහක් පාරේ වැටී තිබී අහුලා ගැනීම..
    ගෙදර ගහක වැල ගෙඩියක් ඉදීම...
    කුමන හෝ සගක කෑමට හැකි ගෙඩියක් හැදීම..
    අප්පච්චී ටවුමට හෝ කොළඹ ගොස් යළි පැමිණීම..
    ඇළකින් ඇල්ලූ ගප්පියෙක්ගෙ යාන්තමට හෝ පාට ටිකක් තිබීම..
    මල්වඩමක් කොඩියක් වැනි යමක් ඔසවාගෙන පෙරහැරක යෑමට ලැබීම..
    ඇන්ටිපා පණුබෙහෙත් දෙන දවස...
    බලුපැටියෙක් ගෙදරට ගෙන ඒම..
    රේඩියෝ එකේ මුවන්පැළැස්ස, හන්දියෙ ගෙදර, මොණරතැන්න ඇසීම..
    "මල්කියන්නේ කාට කාට ළමයින්ටයි පාට පාට..." තේමා ගීතයෙන් ළමා වැඩසටහන ඇරඹීම..
    රේඩියෝවේ හෝ ටෝච් එකේ පරණ බැටරි ගලවා දීම..
    බස් ගාස්තු සත 20 ට අමතරව සත 10ක් වැඩිපුර ලැබීම..
    මිහිර පත්තරේ ගෙන ඒම...
    ලියා යැවූ පුංචි කවි චිත්‍ර පත්තරේ පලවීම...
    ටවුමට එක්කරගෙන යෑම..පැණි දැමු යෝගට් හෝ අයිස්පලම් එකක් අරන්දීම....

    80 දශකයේ මුල්භාගයේ...

    ගගේ වතුර වැඩිවීම...
    ගගට නාන්න යෑම..
    රූපවාහිනී පරීක්ෂණ විකාශණය නැරඹීමට ගමේ තිබුණ එකම ටීවී එක ඇති ගෙදරට යෑම..
    "ටෙලි මැච්" වැඩ සටහන බැලීම..
    බස් ගාස්තු සත 50 ට අමතරව සත 25ක් වැඩිපුර ලැබීම..
    කඩේ ගොස් ගෙදර බඩු මිළදී ගැනීමට යාම...(සත 25ක් යටිමඩි ගසාගැනීම)..
    ඉස්කෝල කැන්ටිමෙන් උදේට බුල්ටෝ කෑම..
    හැමට පෙර පළමුව බස් එකට නැග නැනීමට හැකිවීම....

    ඒ කාලේ තිබුණ දෙයකුත් නෑ, ලැබුණ දෙයකුත් නෑ ,කිව්වොත් ඉවරයකුත් නෑ..
    .. නමුත් ලැබූ සතුට වින්දනය අසීමිතයි!!!
    වයස 48ක් වෙලා අදටත් ඒ අතීතය මිහිරියි!!
    :):)
     
    Last edited:

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.


    ඒ කාලේ තිබුණ දෙයකුත් නෑ, ලැබුණ දෙයකුත් නෑ ,කිව්වොත් ඉවරයකුත් නෑ..
    .. නමුත් ලැබූ සතුට වින්දනය අසීමිතයි!!!
    වයස 48ක් වෙලා අදටත් ඒ අතීතය මිහිරියි!!
    :):)

    ටැංකූ සිරිබෝයි අය්ය අපඉත් එක්ක බෙදාගත්තට. මම නම් අසූවෙ දසකෙ පොඩි එකෙක්.
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    උඹල කවුරුත් පොල්කොට කරත්ත හැදුවෙ නැතෙයි.....:confused:

    එතකොට පොල් ගහක් කපපුවාම පොල් බොඩ කන්න පොරකෑම:love::love::love::love:

    haduwa haduwa !!!
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    ටැංකූ සිරිබෝයි අය්ය අපඉත් එක්ක බෙදාගත්තට. මම නම් අසූවෙ දසකෙ පොඩි එකෙක්.
    අපිට ඉතින් අසුව දසකේ මතක නෑ..අනුව දසකේ තමා මතක...:yes::yes:
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    සතර ශිෂ්‍යත්ව පත්තරේද?

    ඇයි බන්ටි ටොෆි කොලේ කැඩෙන්නේ නැති වෙන්න අදින්න හම්බ වෙන එක

    cocacola යෝයෝ හම්බ වෙන එක
    :D



    Yo yo ..... danui mathak wune
     

    Fire123

    Active member
  • Jul 7, 2012
    191
    36
    28
    :yes::yes::yes::yes::yes:




    "බලු දං" කියන ගෙඩි දාන්නේ.අපේ පැත්තේ තිබුනා. හැබැයි අපිත් දැම්මේ පත්තර කොළ පොගලා.

    Balu Dan Neme Yako Kirilla gedi danne