මං පොඩි කාලේ

janakaparakkuwa

Active member
  • :cool::cool: තැන කියපියෝ බස් එකක එකෙක්ට හරි කියලා ගෙන්න ගන්න ඕනා... ඔය මංචී / මැලිබන් උන් ඕවා ගහන්නේ නෑ නේ....?? :(

    මම ගමනක් යන ගමන් අහුන්ගල්ලෙ හන්දියෙ තියෙන පොඩි බයිට් කඩෙක තියෙනව දැකල ගත්ත. මග්ගොන මොනිස් එකෙත් තියෙනව
     
    Last edited:

    asiridol

    Active member
  • Dec 29, 2006
    756
    234
    43
    Still on earth
    අඩෝ අර ගොන්ට හිටපු වැඩසටහන මොකක්ද? අම්මෝ එකයි beyond 2000 එකයි art attack එකයි පිස්සු හැදිලා වගේ බැලුවෙ
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    මට තිබුන සෙල්ලම් බව්සරයක්. "ඩොකේ" කියල තමා කියන්නෙ එකේ රොද කැරකෙනකොට සද්දයක් එන්න කෑල්ලක් තිබුන. පොඩි කාලෙ කොහේ ගියත් ඕක ඇදගෙන තමා. පස්සෙ ත්‍රයිසිකලයක් හම්බ උනා. ඒත් අරකෙ ආසාව නම් ගියෙ නෑ.

    සිරාවට ඕකක් මටත් තිබුණා...මිදුලේ වලවල් හාරලා පොඩි පොඩි ගැටී දාල වතුර වලවල් හදලා ඕක ඒවා උඩින් ඇදන් යන එක තමා මගේ වැඩේ වුනේ...:rofl::rofl:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අඩෝ අර ගොන්ට හිටපු වැඩසටහන මොකක්ද? අම්මෝ එකයි beyond 2000 එකයි art attack එකයි පිස්සු හැදිලා වගේ බැලුවෙ

    අඩෝ... අපි ඔක්කොම වගේ එකම මානසික මට්ටමේ ඩයල් ද මන්ද..:P
    මටත් ඊයේ රෑ ඕකම මතක් උනා.. කමෙන්ට් එකක් දැම්මෙ නෑ නිදි මත නිසාම..:dull:

    උඹලට මතකද අර රතු පාට ටී ෂර්ට් එකක් ඇඳල ලා නිල් පාට වගේ ඩෙනිම ගහල හිටිය ඩයල් එක.. ජාතික රූපවාහිනියෙ විනාඩි 15ක් විතර පෙන්නුව "කලා හරඹ" කියන වැඩසටහනේ හිටිය ඩයල් එක..:P
    උඹ Art Attack කිව්වෙත් ඒකටමද මන්ද..? ඉස්සර ඕක බලන්නත් හෙනම ආසයි..:)


     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    අඩෝ අර ගොන්ට හිටපු වැඩසටහන මොකක්ද? අම්මෝ එකයි beyond 2000 එකයි art attack එකයි පිස්සු හැදිලා වගේ බැලුවෙ


    අපේ ආච්චි ඕකට කිව්වේ ඉරුත්තනා කියල :lol::lol::lol::lol::lol:
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    :cool::cool: තැන කියපියෝ බස් එකක එකෙක්ට හරි කියලා ගෙන්න ගන්න ඕනා... ඔය මංචී / මැලිබන් උන් ඕවා ගහන්නේ නෑ නේ....?? :(

    thorana gahana thana loriyaka genalla pora wikunanne...........
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    සිරාවට ඕකක් මටත් තිබුණා...මිදුලේ වලවල් හාරලා පොඩි පොඩි ගැටී දාල වතුර වලවල් හදලා ඕක ඒවා උඩින් ඇදන් යන එක තමා මගේ වැඩේ වුනේ...:rofl::rofl:

    අඩෝ මටත් තිබ්බ ඉස්සර හෙන සෙල්ලම් වාහන collection එකක් මන් කොරන වැඩේ මිදුලේ පාරවල් හදාගෙන ඕව තල්ලු කර කර පදිනවා

    තව අර ප්ලාස්ටික් කෑන් එකක් කපල ත්‍රීවීල් එකක් හදන් පැද්ද එක එල බන් ඇතුලේ පොඩි walkman එකක් සෙට් කරලා light හයි කරලා අපේ සෙට් එකක්ම හිටිය ඉස්සර පිස්සුවෙන් වගේ ත්‍රීවීල් හදාගෙන ඒවාට වැඩ දානවා
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,352
    8,487
    113
    රූකඩ රාජ්ජේ
    අනික ඒ කාලේ තිබ්බ කාටූන්...... දොස්තර හොද හිත..... ටින් ටින් ..... හා හා හරි හාවා...... !!

    රොබින් හුඩ්..... නයිට් රයිඩර්...... ආයේ අර මොකක්ද බං අර හ්ම්ම්ම්.... Spellbinder..... ආයේ...... අම්මෝ කොච්චර ලස්සන කතා තිබ්බද ටීවී එකේ බලන්න... අඹ යාළුවෝ..... ඇයි ඒ කාලේ ගියපු ලොකු අයට බලන්න තිබ්බ නාට්‍ය උනත් කොච්චර ලස්සනද.... දූ දරුවෝ...... යශෝරාවය...... ආයේ අර සූරසේන හිටපු නාට්‍ය .... ඉදිආප්ප සීන් එක.... !! :love:

    ඇයි බොල "වලස් මාමා" කාටුන් එක.

    :angry::angry::angry::angry::angry:


    :oo::oo: වෙන්න බෑ.... අපි දන්න කාලෙක බක්කි කරත්ත දැක්කයෑ.....?? :P

    ටවුන් වල කොහෙද බන් ඒවා...ඒවාට ඉතින් ගමක ජීවත් වෙන්න ඕනේ..
     
    Last edited:

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    මං පොඩි කාලේ.......

    ඒකාලේ හරිම සුන්දරයි බං ...මේ මං පුංචිමකාලේ ගත්ත පින්තුරයක් ....

    sperm_1.jpg
     
    • අවුරුද්දට Rs: 5 ගනුදෙනු හැටියට ලැබීම
    • ඉඳලා හිටලා ගෙදර කීල්ස් sausages හැදීම
    • ඉරිදා දවස් වල හවස 3ට TV එකේ Robin Hood බැලීම
    • අම්මා වැඩ ඇරිලා එනකොට ගේන රටකජු ගොට්ට
    • කොට්ටන් ඇටයකින් "ෆෙන්ස් " ගැසීම
    • ඇඹ්රෙල්ල ගෙඩි පොලු ගහල කඩලා , ඊට පස්සේ පොලවේ ගහලා කඩලා කෑම
    • ගහට නැගලා , ගහ උඩ ඉඳගෙනම ජම්බු/වරකා කෑම
    • වෙල ගාව ලිඳේ නාලා , ආච්චි අම්මා හදන බත් කෑම
    • ටිං පියනකට කොහු මිටක් ගහලා කරත්තයක් වගේ එකක් හැදීම
    • මාසෙකට සැරයක් විතර නුගේගොඩ Top Form එකේ බුරියානි කන්න ලැබීම
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    මම නම් ගමේ ගොඩේ නෙමෙයි හැදුනේ...:) උපන්දා ඉදන්ම නාගරික පරිසරේක හැදුනේ...90 දශකයේ කරපුව තමා ඉතින් තියෙන්නේ...වෙලාවට අයියල තුන් දෙනෙක් ම හිටියා පොඩි කාලේ මේ වගේ වැඩ කරන්න...:):) ගොඩක් වෙලාවට මම කරේ එයාල කරන ඒවාට හවුල් වෙන එක තමා...තනියෙන් කරන්න තරම් කාලයක් මට ලැබුනේ හරි අඩුවෙන් මගේ වයසත් එක්කලා...කියන්න නම් දාහක් දේවල් තියෙනවා...:D:D

    • ගස්ලබු බට නලා සැදීම...:baffled:
    • ටින් කැඩීම :lol:
    • ගස් මාරු පෙති තෝරු අපිට ගසක් නැතිදෝ කිරීම..:rofl:
    • ගැහැණු පිරිමි මල් පලතුරු සත්තු ගම් කිරීම...:baffled:
    • ගම වටේම යාලුවෝ එක්ක අල්ලන සෙල්ලම් කරන්න දිවීම, තාප්ප වලින් වතු වලට පැනීම..:D
    • ගහක් කැපුව ගමන් දෙබලක් තියෙන අත්තක් අරන් ටයර් එකක් කපල කැටපොල්ලක් සැදීම..:(
    • පෙරහැර බලන්න යෑම...සුකුරුත්තන් මිලදී ගැනීම...:dull:
    • එඩ්නා චොකලට් එක්කලා එන ක්‍රිකට් ක්‍රීඩකයන් ගේ ස්ටිකර් පිලිවෙලවට එකතු කිරීම..මේකේ ලොකු සෙට් එකක් තිබ්බ...:(
    • ටින් ටින් බැලීම..:lol:
    • කඩියෝ අල්ලාගෙන වද දෙන එක...:rofl::rofl:
    • කූඹි ගුලවල් ආක්‍රමණය කරන එක...:baffled:
    • එස්ලෝන් බටයක් අරන් ටීක් බෝල දාල, එක ඇතුලට රතිඥ්ඥා දාල ඈත විදින තුවක්කු බට හදන එක..:D
    • පල්ලෙහා කලපුවේ බිලිපිත්තෙන් මාළු අල්ලන එක..:P
    • වැහි ලිහිනියෝන්ට ගල් ගහන එක...මුන් කාලෙකට ගග පුරාම ඉන්නවා ලොකු රංචු පිටින් පියාඹා පියාඹා..හරි හෙමින් යන්නේ..ගලක් ගැහුවම ලඟින් යනවා..එත් වදින්න ගහන්නේ නැහැ...වැදිලත් නැහැ...:P
    • පරවියෝ ඇතිකිරීම, උන්ව උඩ ගැසීම...:yes:
    • ලව් බර්ඩ්ස් ඇති කිරීම..:D
    • සිමෙන්ති වලින් මාළු ටැංකි මිදුලේ හැදීම, මේවා හදල පොල් ලෙලි දාල සති ගණන් පල කරනවා..:)
    • ඒ ටැංකි වල ඔස්කා, ප්ලේටි, කාෆ්, ෆයිට් කරන උන්, ටැංකි සුද්දෝ ඇති කරපු එක...ඔස්කා මාළුන්ට කඩියෝ දාල උන්ව පන පිටින් ගිලින එක බලන එක...:rofl:
    • පල්ලෙහා ගඟෙන් අල්ලන සාලයෝ වගේ ලොකු මාළු බැරල් එකක දාල ඇති කරන එක...:baffled:
    • කඩදාසි ඔරු හදන එක...වැස්ස දවසට ගලාගෙන යන වතුර පාරේ බෝට්ටු හදල රේස් තියෙන එක...:dull:
    • සිප්පි කටු එකතු කරලා වැලි ගොඩේ පීල්ලක් හදල බෝට්ටු යවන එක...:D මේක කරන්නේ මුලින්ම මුහුදට ගිහින් සිප්පි කටු එකතු කරගන්න එක...සිප්පි කටුවලත් තියෙනවා බෝට්ටු හැඩේට හැදිච්ච සිප්පි...ඒවායේ පිටිපස්සේ වයිරන් වයිරන් වගේ විවිද හැඩ තියෙනවා....:) මේවා හොයාගන්න එක අමාරු වැඩක්...එහෙම අමාරුවෙන් ලස්සන එකක හොයාගත්තොත් එක තමන්ගේ වටිනා වස්තුවක් සහ ලොකු කම ප්‍රදර්ශනය කරන භාණ්ඩයක් වෙනවා...:rofl: එකේ පිටිපස්සේ පොලිෂ් කරලා, අර වැලි පීල්ලේ උඩ තියල පහල ලිස්සල යන්න අතාරින්න ඕනේ...වැඩිම දුර යවන කෙනා දිනනවා..:P
    • මුහුදේ ගිහින් පැනෑටි අල්ලන එක...:shocked:
    • වත්ත පිටිපස්සේ නෙල්ලි ගහට නැගල වමනේ යනකන් නෙල්ලි අච්චාරු හදන කන එක...:lol:
    • පොල්කටු කුරුස හදල මාල දාගන්න එක... :baffled:
    • අයියලයි, එයාලගේ යාළුවොයි සේරම එකතු වෙලා ගෙදර තඩි වෙසක් කූඩු, සරුංගල් හදන එක...:)
    • ප්ලාස්ටික් අයිස්ක්‍රීම් කප් එකකින් තීරුවක් කපල, එකේ පාට පාට නූල් ඔතල අපේ නම එන විදිහට ගොතල අතේ දාගන්න එක...:shocked:
    • යාළුවො එක්ක එකතු වෙලා ටින් බෙලෙක්ක සංගීත කණ්ඩායම් හදාගෙන සින්දු කිව්ව එක...:rofl:
    • ගස් අතු කපාගෙන දුනු හදල රාමායනය කරන එක..:baffled:

    මේව කියන්න ගියොත් ඉවරයක් කරනන් වෙන්නේ නැහැ...පුදුම ආතල් එකක අරන් තියෙනවා ඒ කාලේ...කියල වැඩක් නැහැ..:sorry::sorry:
     
    • Like
    Reactions: Minimuthu Mora

    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    අගෝස්තු නිවාඩුවට උදේ පාන්දරම Spell Binder බැලීම,
    Harry Potter බැලීම <3