සීනි ටිකක් දියකරල කූබින්ට බොන්න දීම.
ලාඩප්පා කොලයක් අතමිට මොලවා උඩින්තබා පුපුරුවා හැරීම.
අන්දර පඳුරු අස්සේ වැවෙන බිම් පොල් කෑම.
ඡෑම් බෝතලේ fighter fish ඇතිකිරීම.
මාලු ටැංකියේ මාලු පීනන හැටි බලං හිදීම.
ගප්පින්ට පැටව් හම්බවෙනහැටි බලන් ඉදීම.
රත්මල්වල පැනිබීම සහ ඇට කෑම.
කොලපතේ වාඩි වෙලා යෑම.
පුලුවන්තරං හයියෙන් දිවීම.
ගෙදෙට්ට හොරෙන් ජම්බු වරකා කෑම.
ඉස්කෝලෙයද්දි බීම පැකට් බීම.
ඉස්කෝලෙදී free period එකක් සෙට් වුනොත් කොහොමහරි ground එකට යෑම.
ඉස්කෝලෙ ඇරෙද්දී හැමෝටම කලින් පන්තියෙන් එලියට දිවීම.
ඉංග්රීසි පන්තියේ අමාරුම ඩික්ටේශන් පාඩම් කරන්න දුන්නම, වචනෙ තියෙන අකුරු ගානට මොනවාහරි දෙයක් කන්න ඉල්ලීම: උදා: elephant (ගෙදර එවෙලෙට තියෙන දේවල්: වරකාමඳුලු ජම්බු)
වැස්සට තෙමීම.
වහින වෙලාවට ඉස්කෝලෙයන්න අදි මදි කිරීම.
ඉස්කෝලෙ නිවාඩු දෙන දවස.
ඉස්කෝලෙදි පෑන් ගැසීම, රොකට් යැවීම. ලන්ච් ෂීට් වලින් පැරෂූට් යැවීම
ඉන්ටවල් එකේදී අනික් එකාගෙ කෑම එකට කෙලගිලීම.
පිස්සු පූසා කාටූන් එක බැලීම.
බත්කූරන් ඇල්ලීම.
අඹ ගහේ ඉදම්ම අඹ කෑම.
අහස් ගුන්ඩු උඩයනහැටි බලන් ඉදීම.
වෙරලු අච්චාරු හදා කෑම.
තොරනෙ මෝටරේට හයිකරලා තියෙන රැස්වලල්ල කැරකෙන හැටිබලන් ඉදීම
පැන්සලෙන් ලියන කාලේ පෑනෙන් ලිවීම.
මකන කෑල්ලෙ සුවඳ බැලීම.
පැන්සලේ මකනෙ හැපීම.
දත් දෙක අස්සෙන් කිරිබීම.