මං පොඩි කාලේ

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    යෝ යෝ තිබුනේ කාටද? ඕකක් තියෙනවා කියන්නේ ඒ කාලේ හෙන වැඩ්ඩෙක්...:lol::lol::lol:

    :yes::yes: මගේ ලගත් තිබ්බා...... දැන් තම්බි පේන්න බෑ උනාට ඒ කාලේ මගේ බොක්කක් හිටියා ඉස්කෝලේ යන වෑන් එකේ ඉක්‍ රා ඉන්ටර්නැෂනල්ද මොකක්ද එකකට ගිය මුස්ලිම් ඩෑල් එකක්..... ඌට කියලා ගෙන්වගත්තේ.... :D
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ශ්‍රීබෝයි බොම්බයි මුටයි කිව්වාමයි මතක් උනේ..

    ඉස්සර බොම්බයි මුටයි කාරය හොල්ල හොල්ල යන සීණුව අතට ගන්න හෙන ආසයි.. (රත්තරං පාට පොඩි යකඩ සීණුව බොලව්) අනික අර කලු පාට රබර් බෝලෙ තියෙන අයිස්ක්‍රීම් හෝන් එක..
    බොම්බයි මුටයි මාමට කියලා සීණුව නම් ඉල්ලල දුන්න අපේ මාම දවසක්.. හෙන හැපි ඉතින්..:P
    අයිස්ක්‍රීම් හෝන් එකනම් ඔබල බලන්න හම්බ වෙලා නෑ..:rofl:

    මගේ ළමා කාලෙ ගොඩක් ලස්සන උනේ අම්මගෙ සහෝදරයෝ (මාමලා) දෙන්න නිසා.. සරුංගල් අරින්න,
    , වෙලේ දුවන්න..බයිසිකල් පදින්න හැමදේකටම පිටි පස්සෙන් හිටියේ ඒ දෙන්නා.. පිදුරු ගොඩේ නටන්න, මඩේ ලගින්න එක්කන් ගියේ ඒ දෙන්නා.. :yes: අපේ තාත්ත මම පුංචි කාලෙදිම විදේශ ගත උන නිසා මාමල දෙන්න තමයි හැම දේකදිම පිටිපස්සෙන් හිටියේ..

    වෙසක් එකට මොකක් හරි දෙයක් කරන්න පුදුම උවමනාවක් තිබුණේ..
    එක මාම කෙනෙක් බුදුරැස් මාලාවේ මෝටරේ අරං දෙනකොට අනිත් මාම ලයිට් ටික ගෙනත් දෙනවා.. ඉතින් හැම වෙසක් එකටම මොකක් හරි ලස්සන නිර්මාණයක් හැදෙනව
    ගෙදරයි, ආච්චිලාගෙ ගෙදරයි අතරේ.. මාමල ඉන්නෙ ආච්චිලාගෙ ගෙදරනේ.. ඉතින් මට ඕනෙ හදන දෙයක් අපේ ගේ ලඟ හදන්න.. ඉතින් ගෙවල් දෙකටම සම වෙන්නයි හදන්නේ..:rofl: ඒ පුරුද්ද තාම තියෙනවා..:yes:

    වෙසක් එකට අපේ පටු මගේ හැම කෙනෙක්ම උනන්දු කරන්නේ මාමල දෙන්නා.. පහනක් පත්තු කරන්න කෙනෙක් නැති ගෙවල් වලට ගිහින් පහන් වැටි හදල එනවා.. හරියට ඒ ගෙදර මිනිස්සු පහන් පත්තු කළා වගේ..:cool:
    ලයිට් වැලක් නැති ගෙදරක් තිබුණොත් ගිහිල්ලම කියනවා වැඩිපුර ලයිට් වැලක් තියෙනවා දාල දෙන්නද කියලා..

    අපි අපේ ගෙවල් දාල ආවට පස්සේත් ගොඩ දෙනෙක් ඒ දේවල් මතක් කරල තිබුණා..:sorry:
    මගේ ළමා කාලේ මට වගේම මම හිටිය පැත්තෙ මිනිස්සුන්ටත් ලස්සන මතකයක් වෙලා කියල දැන ගත්තෙ අපි පදිංචිය වෙනස් කලාට පස්සෙයි....:(
     
    • Like
    Reactions: netsurfer

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    කැප් රෝල් දාන තුව්ක්කු, තව පොඩි රොකට් එකක් තිබ්බේ කැප් රොල් එක කෑල්ලක් තියල බිම ගැහුවම සද්දේ ඇහෙන.

    තව කැප් රොල් බිම තිය්ල ගලකින් ගැසීම.

    ඉස්සර කෝපි කඩේ බලන්න ආච්චිලයි ගෙදර යනවා එහේ තමයි ටීවි එකක් තිබ්බේ..කලුසුදු ටීවි එකක්. තව ගොඩක් අයත් එනව් පට්ට ආතල්
     

    Arachchige29

    Member
    Mar 29, 2015
    373
    25
    0
    අද නම් ගෙදර
    70 දශකයේ මුල් භාගයේ සිට....

    අප්පච්චී වැඩ ඇරී ගෙදර ඒම
    අත්තම්මා බත් වේලා අග්ගලා සෑදීම..
    පොල් කඩන කෙනෛක් පැමිණීම..
    අම්මා බත් ටික අනා ගුලි සාදා දීම...
    නෑයෙක් බත් බැදගෙන ගෙදරට පැමිණීම..
    බොම්බයි මොටයි කාරයා පාරේ යෑම..
    ටවුමට යනවිට විස්කිරිඤ්ඤා අරගෙන දීම..
    ගේ ලග කුඹුරේ අත්තම් වැඩ කිරීම...
    ගේ ළග කුඹුරට මුත්තෙට්ටුව ගෙන ඒම..
    සත දෙකක් හෝ සත පහක් පාරේ වැටී තිබී අහුලා ගැනීම..
    ගෙදර ගහක වැල ගෙඩියක් ඉදීම...
    කුමන හෝ සගක කෑමට හැකි ගෙඩියක් හැදීම..
    අප්පච්චී ටවුමට හෝ කොළඹ ගොස් යළි පැමිණීම..
    ඇළකින් ඇල්ලූ ගප්පියෙක්ගෙ යාන්තමට හෝ පාට ටිකක් තිබීම..
    මල්වඩමක් කොඩියක් වැනි යමක් ඔසවාගෙන පෙරහැරක යෑමට ලැබීම..
    ඇන්ටිපා පණුබෙහෙත් දෙන දවස...
    බලුපැටියෙක් ගෙදරට ගෙන ඒම..
    රේඩියෝ එකේ මුවන්පැළැස්ස, හන්දියෙ ගෙදර, මොණරතැන්න ඇසීම..
    "මල්කියන්නේ කාට කාට ළමයින්ටයි පාට පාට..." තේමා ගීතයෙන් ළමා වැඩසටහන ඇරඹීම..
    රේඩියෝවේ හෝ ටෝච් එකේ පරණ බැටරි ගලවා දීම..
    බස් ගාස්තු සත 20 ට අමතරව සත 10ක් වැඩිපුර ලැබීම..
    මිහිර පත්තරේ ගෙන ඒම...
    ලියා යැවූ පුංචි කවි චිත්‍ර පත්තරේ පලවීම...
    ටවුමට එක්කරගෙන යෑම..පැණි දැමු යෝගට් හෝ අයිස්පලම් එකක් අරන්දීම....

    80 දශකයේ මුල්භාගයේ...

    ගගේ වතුර වැඩිවීම...
    ගගට නාන්න යෑම..
    රූපවාහිනී පරීක්ෂණ විකාශණය නැරඹීමට ගමේ තිබුණ එකම ටීවී එක ඇති ගෙදරට යෑම..
    "ටෙලි මැච්" වැඩ සටහන බැලීම..
    බස් ගාස්තු සත 50 ට අමතරව සත 25ක් වැඩිපුර ලැබීම..
    කඩේ ගොස් ගෙදර බඩු මිළදී ගැනීමට යාම...(සත 25ක් යටිමඩි ගසාගැනීම)..
    ඉස්කෝල කැන්ටිමෙන් උදේට බුල්ටෝ කෑම..
    හැමට පෙර පළමුව බස් එකට නැග නැනීමට හැකිවීම....

    ඒ කාලේ තිබුණ දෙයකුත් නෑ, ලැබුණ දෙයකුත් නෑ ,කිව්වොත් ඉවරයකුත් නෑ..
    .. නමුත් ලැබූ සතුට වින්දනය අසීමිතයි!!!
    වයස 48ක් වෙලා අදටත් ඒ අතීතය මිහිරියි!!
    :):)


    sweet memories
    BUMP
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,629
    3,499
    113


    ඇයි බං එඩ්නා ස්ටිකර් වල අංක එකතුකර බැට් ගැනීම - 307,105,101 අංක හොයනවා කියන්නේ ඉතිං වැඩ්ඩෙක් තමා,
    ස්ටිකර් විකිණීම (ක්‍රිකටර්ස්ලාගේ)
    යෝ-යෝ සෙල්ලම් කිරීම,
    කුඹුරු හාද්දි පෝරුව් යාම,
    මඩේ එල්ලේ ගැසීම,
    කෙසෙල්කොට ඔරු පැදීම
    පෑන් ගැසීම
    ටයර් දැක්කීම
    නිවාඩු කාලෙට සෙල්ලම් කඩ දැමීම (දැං ව්‍යවසායකයෙක් වෙන්න අඩිතාලම ඔව්වා තමා)
    රබර් ඇට අහුලලා විකිණීම
     

    Diimuthu

    Member
    Oct 7, 2009
    368
    16
    0
    Mattegoda
    කූරිය ගහන්නෙ නැති සරුංගලයක් හදා ගන්න එක තමයි මට තිබුන ලොකුම අවුල.:lol::lol:
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,629
    3,499
    113
    අනිවා...... කොහොම හරි නිවාඩු කාලේ වෙද්දි ලොකු සරුංගලයක් අටවාගන්න හක තමා තියනවැටේ....... නූල් පන්දු 3ක් විතර ගැට ගහලා ඕක තිත වෙන්න යවනවා...... අනික් එවුන්ගේ සරුංගල් කපනවා...... කඩාගෙන එන සරුංගල් අල්ලන්න යනවා..... නිවාඩුවේ අන්තිම දවසේ බ්ලේඩ් 1ක් නූලේ ගැටගහලා තමා සරුංගලේ යවන්නේ.... කඩාගෙන යන්න... ඊලග නිවාඩුවට අලුත් 1ක්
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ඔතන තියන හැමදේම වෙලා තියනවා. ඒත් ගොඩක් සතුටු වෙන්නේ උබ මේ ත්‍රෙඩ් එක දාපු මගේ උපන්දිනේ දවසේ අපේ තාත්තා පොඩි කාලේ ඉදන්ම උපන්දිනේට දෙන ලොකුම ලොකු චොක්ලට් පෙට්ටියක් එදත් තෑගි කරපු එක තමා..
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ


    ඇයි බං එඩ්නා ස්ටිකර් වල අංක එකතුකර බැට් ගැනීම - 307,105,101 අංක හොයනවා කියන්නේ ඉතිං වැඩ්ඩෙක් තමා,

    අඩෝ මම 101-125 වෙනකන් එකතු කරලා bat එකක් ගත්තා..:yes::yes: 305 නේද අමාරුම එක අර කලුවිතාරණ ඉන්න එක....:eek::eek:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔතන තියන හැමදේම වෙලා තියනවා. ඒත් ගොඩක් සතුටු වෙන්නේ උබ මේ ත්‍රෙඩ් එක දාපු මගේ උපන්දිනේ දවසේ අපේ තාත්තා පොඩි කාලේ ඉදන්ම උපන්දිනේට දෙන ලොකුම ලොකු චොක්ලට් පෙට්ටියක් එදත් තෑගි කරපු එක තමා..



    :cool::cool:
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,629
    3,499
    113
    ගලාගෙන එනවා බොල මතකෙට
    -රේසර් වලින් කරත්ත හැදීම
    - දුණු හදාගෙන කැලේ රිංගීම (ආදිවාසී චරිත)
    - යාලුවො සෙට්1කත් එක්ක ගෙදර වත්තේ කුරුම්බා විකිණීම;
    - 3.50ට පාං කෑම
    - ඉස්කෝලෙන් දුන්න මුද්දර කාඩ් 1ත් අරගෙන සමූපකාරෙට යෑම
    - රු 2ට මුරුක්කු කෑම (මුරුක්කු 20ක් විතර දෙනවා බං 96-97 විතර)
    - පංතියේ කෙල්ලංගේ ලවු ටීචර්ට මාට්ටු තර දීම.
    - පංතියේ කෙල්ලෝ යාලු වෙලා හිටපු ලොකු පංති වල අයියලාගේ දත ගැලවීම.
    - අප්පච්චිගේ ටෝච් 1කේ බැට්‍රි ගලවලා මම ගාවා තියෙන බැහැපු බැට්‍රි ඒකට දැමීම.
    - සුරුට්ටු පෙට්ටි වලින් කරත්ත සාදා ඒකට LED වලින් වැඩ දැමීම.
    - X - Ray කාඩ් වලින් ටින් පියන්, පරන පිගන් වලින් එකෝස්ටික් ඩ්‍රම්සට් සෑදීම.
    - පංසලේ සල්පිලට ගිහින් තරගෙට ලංසු තියා හීන් සීරුවේ මාරු වීම.
    - ඉස්කෝලේ ගිහින් එද්දී ඇලේ නෑම, ගුඩු ගැසීම
    - බත්කූරන් ඇල්ලීම සහ නූල් ගැට ගසා උඩ යැවීම
    - මැස්සන් හීලෑ කිරීම
    - කූඩැල්ලන් අනික්පැත්ත හැරවීම
    - උණ බට තුවක්කු - උණ වෙඩි සෑදීම
    - අවුරුද්දට නෑදෑ ගෙවල්වල ගියාම දෙන සල්ලි වලින් සර්කිට් කෑලි අරගෙන ගෙදරින් බැනුම් ඇසීම.
    - විජේ කුමාර තුංගගේ ෆිල්ම් බලලා ඒ ෂොට් වලින් අක්කලාට ගසා අම්මගෙන් ගුටි කෑම.
    - ඉස්කොලේ පිට්ටනිය කෙරවලේ තියන කානුවෙන් සාරි ගප්පියන් අල්ලා වතුර බෝතලේ දාගන ගෙදර ගෙන ඒම.
    - ඉස්කෝලෙන් බණිස්, කිරි දීම
    - කුඩේ බෑග් 1කේ තියාගෙන තෙමි තෙමී ඉස්කොල් ඉදන් ගෙදර ඒම.
    - අප්පච්චිගේ බයිසිකලේ සේදීම හා හොර යතුරක් හදාගෙන ඒක පැදීම.
     

    Diimuthu

    Member
    Oct 7, 2009
    368
    16
    0
    Mattegoda
    අඩෝ මම 101-125 වෙනකන් එකතු කරලා bat එකක් ගත්තා..:yes::yes: 305 නේද අමාරුම එක අර කලුවිතාරණ ඉන්න එක....:eek::eek:

    mata godak kal heuwa 101 number eka bat ekak ganna. ubala kiuwata viswasa karana ekak na mata 101 number eka dunne Upul Tharanga. api dennna class mate la. eka langa putu deka. gahaganneth oka ekka thama wadipura. :growl: ada godak adambarai upula inna thana gana.:):) wade kiyanne kohoma hari bat ekak gaththa. waththe bola gahala podi ayyai yaluwoi ekka api bat karala field nokara diuwa. podi ayyata mala panala kaduwa kiyahanko bat eka. ayyo eda adapu tharam. :lol::lol::lol:
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    කොලපත් පැද්දා.
    කුරියා ගහන්නේ නැති සරුංගලයක් සරුංගලයක් තනියම හදා ගන්න එක.
    චූටිම කලේ නම් ලස්සන කොම් පිට්ටු හදන එක.
    අවුව තියන දවසට හෙවනැල්ල තව එකෙක්ට කියලා ඇද ගන්න එක.
    පරණ සිවිලිම් කැල්ලක් හොයාගෙන කොල්ලෝ එක්ක ඩප්ප පනින එක (බට්ටෝ පනිනවා කියලා කියන්නේ).
    අරිකි මිරිකී
    ටින් කඩන එක (පිට්ටු කඩන එකේ අපේ version එක. සමන් ටින් ගත්තේ :D)
    තාරදී ගැසීම. (හැංගි මුත්තම් වගේ එකක්.)
    සෙට් එකේ කෙල්ලෝ හිටියේ නැති උනාට ගිනිසීරියා ලී කපාගෙන සෙල්ලම් ගෙවල් හැදුවා.
    පුඩලු ඇට හොය හොයා පුපුරවනවා.
    පුඩලු පැල ගෙනල්ල වත්ත අයිනේ ගල් වලින් වට කරලා පලකරලා පොඩි මල් පාත්ති හදාගෙන මල් පිපෙනකම් බලනවා.
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    ගලාගෙන එනවා බොල මතකෙට
    -රේසර් වලින් කරත්ත හැදීම
    - දුණු හදාගෙන කැලේ රිංගීම (ආදිවාසී චරිත)
    - යාලුවො සෙට්1කත් එක්ක ගෙදර වත්තේ කුරුම්බා විකිණීම;
    - 3.50ට පාං කෑම
    - ඉස්කෝලෙන් දුන්න මුද්දර කාඩ් 1ත් අරගෙන සමූපකාරෙට යෑම
    - රු 2ට මුරුක්කු කෑම (මුරුක්කු 20ක් විතර දෙනවා බං 96-97 විතර)
    - පංතියේ කෙල්ලංගේ ලවු ටීචර්ට මාට්ටු තර දීම.
    - පංතියේ කෙල්ලෝ යාලු වෙලා හිටපු ලොකු පංති වල අයියලාගේ දත ගැලවීම.
    - අප්පච්චිගේ ටෝච් 1කේ බැට්‍රි ගලවලා මම ගාවා තියෙන බැහැපු බැට්‍රි ඒකට දැමීම.
    - සුරුට්ටු පෙට්ටි වලින් කරත්ත සාදා ඒකට LED වලින් වැඩ දැමීම.
    - X - Ray කාඩ් වලින් ටින් පියන්, පරන පිගන් වලින් එකෝස්ටික් ඩ්‍රම්සට් සෑදීම.
    - පංසලේ සල්පිලට ගිහින් තරගෙට ලංසු තියා හීන් සීරුවේ මාරු වීම.
    - ඉස්කෝලේ ගිහින් එද්දී ඇලේ නෑම, ගුඩු ගැසීම
    - බත්කූරන් ඇල්ලීම සහ නූල් ගැට ගසා උඩ යැවීම
    - මැස්සන් හීලෑ කිරීම
    - කූඩැල්ලන් අනික්පැත්ත හැරවීම
    - උණ බට තුවක්කු - උණ වෙඩි සෑදීම
    - අවුරුද්දට නෑදෑ ගෙවල්වල ගියාම දෙන සල්ලි වලින් සර්කිට් කෑලි අරගෙන ගෙදරින් බැනුම් ඇසීම.
    - විජේ කුමාර තුංගගේ ෆිල්ම් බලලා ඒ ෂොට් වලින් අක්කලාට ගසා අම්මගෙන් ගුටි කෑම.
    - ඉස්කොලේ පිට්ටනිය කෙරවලේ තියන කානුවෙන් සාරි ගප්පියන් අල්ලා වතුර බෝතලේ දාගන ගෙදර ගෙන ඒම.
    - ඉස්කෝලෙන් බණිස්, කිරි දීම
    - කුඩේ බෑග් 1කේ තියාගෙන තෙමි තෙමී ඉස්කොල් ඉදන් ගෙදර ඒම.
    - අප්පච්චිගේ බයිසිකලේ සේදීම හා හොර යතුරක් හදාගෙන ඒක පැදීම.


    :yes::yes: