thorana gahana thana loriyaka genalla pora wikunanne...........

හෙට අනිද්දට වාහන ලයිසන් කරගන්න ඔය පැත්තට යන්න තියේ.... අනිවා ගිහින් අරන් එන්න ඕනා..... 
යෝ යෝ තිබුනේ කාටද? ඕකක් තියෙනවා කියන්නේ ඒ කාලේ හෙන වැඩ්ඩෙක්...

මගේ ලගත් තිබ්බා...... දැන් තම්බි පේන්න බෑ උනාට ඒ කාලේ මගේ බොක්කක් හිටියා ඉස්කෝලේ යන වෑන් එකේ ඉක් රා ඉන්ටර්නැෂනල්ද මොකක්ද එකකට ගිය මුස්ලිම් ඩෑල් එකක්..... ඌට කියලා ගෙන්වගත්තේ.... 
මට තිබ්බ. ඕක එක පාරක් සයන්ස් එකේ අක්ක කෙනෙක්ග ගවුමෙ පැටලිලා හෙන කෙලියක් උනා...![]()

වල් මාමි.....!! 


අපේ තාත්ත මම පුංචි කාලෙදිම විදේශ ගත උන නිසා මාමල දෙන්න තමයි හැම දේකදිම පිටිපස්සෙන් හිටියේ..
ඒ පුරුද්ද තාම තියෙනවා..



70 දශකයේ මුල් භාගයේ සිට....
අප්පච්චී වැඩ ඇරී ගෙදර ඒම
අත්තම්මා බත් වේලා අග්ගලා සෑදීම..
පොල් කඩන කෙනෛක් පැමිණීම..
අම්මා බත් ටික අනා ගුලි සාදා දීම...
නෑයෙක් බත් බැදගෙන ගෙදරට පැමිණීම..
බොම්බයි මොටයි කාරයා පාරේ යෑම..
ටවුමට යනවිට විස්කිරිඤ්ඤා අරගෙන දීම..
ගේ ලග කුඹුරේ අත්තම් වැඩ කිරීම...
ගේ ළග කුඹුරට මුත්තෙට්ටුව ගෙන ඒම..
සත දෙකක් හෝ සත පහක් පාරේ වැටී තිබී අහුලා ගැනීම..
ගෙදර ගහක වැල ගෙඩියක් ඉදීම...
කුමන හෝ සගක කෑමට හැකි ගෙඩියක් හැදීම..
අප්පච්චී ටවුමට හෝ කොළඹ ගොස් යළි පැමිණීම..
ඇළකින් ඇල්ලූ ගප්පියෙක්ගෙ යාන්තමට හෝ පාට ටිකක් තිබීම..
මල්වඩමක් කොඩියක් වැනි යමක් ඔසවාගෙන පෙරහැරක යෑමට ලැබීම..
ඇන්ටිපා පණුබෙහෙත් දෙන දවස...
බලුපැටියෙක් ගෙදරට ගෙන ඒම..
රේඩියෝ එකේ මුවන්පැළැස්ස, හන්දියෙ ගෙදර, මොණරතැන්න ඇසීම..
"මල්කියන්නේ කාට කාට ළමයින්ටයි පාට පාට..." තේමා ගීතයෙන් ළමා වැඩසටහන ඇරඹීම..
රේඩියෝවේ හෝ ටෝච් එකේ පරණ බැටරි ගලවා දීම..
බස් ගාස්තු සත 20 ට අමතරව සත 10ක් වැඩිපුර ලැබීම..
මිහිර පත්තරේ ගෙන ඒම...
ලියා යැවූ පුංචි කවි චිත්ර පත්තරේ පලවීම...
ටවුමට එක්කරගෙන යෑම..පැණි දැමු යෝගට් හෝ අයිස්පලම් එකක් අරන්දීම....
80 දශකයේ මුල්භාගයේ...
ගගේ වතුර වැඩිවීම...
ගගට නාන්න යෑම..
රූපවාහිනී පරීක්ෂණ විකාශණය නැරඹීමට ගමේ තිබුණ එකම ටීවී එක ඇති ගෙදරට යෑම..
"ටෙලි මැච්" වැඩ සටහන බැලීම..
බස් ගාස්තු සත 50 ට අමතරව සත 25ක් වැඩිපුර ලැබීම..
කඩේ ගොස් ගෙදර බඩු මිළදී ගැනීමට යාම...(සත 25ක් යටිමඩි ගසාගැනීම)..
ඉස්කෝල කැන්ටිමෙන් උදේට බුල්ටෝ කෑම..
හැමට පෙර පළමුව බස් එකට නැග නැනීමට හැකිවීම....
ඒ කාලේ තිබුණ දෙයකුත් නෑ, ලැබුණ දෙයකුත් නෑ ,කිව්වොත් ඉවරයකුත් නෑ..
.. නමුත් ලැබූ සතුට වින්දනය අසීමිතයි!!!
වයස 48ක් වෙලා අදටත් ඒ අතීතය මිහිරියි!!
ඇයි බං එඩ්නා ස්ටිකර් වල අංක එකතුකර බැට් ගැනීම - 307,105,101 අංක හොයනවා කියන්නේ ඉතිං වැඩ්ඩෙක් තමා,

305 නේද අමාරුම එක අර කලුවිතාරණ ඉන්න එක....

ඔතන තියන හැමදේම වෙලා තියනවා. ඒත් ගොඩක් සතුටු වෙන්නේ උබ මේ ත්රෙඩ් එක දාපු මගේ උපන්දිනේ දවසේ අපේ තාත්තා පොඩි කාලේ ඉදන්ම උපන්දිනේට දෙන ලොකුම ලොකු චොක්ලට් පෙට්ටියක් එදත් තෑගි කරපු එක තමා..


අඩෝ මම 101-125 වෙනකන් එකතු කරලා bat එකක් ගත්තා..305 නේද අමාරුම එක අර කලුවිතාරණ ඉන්න එක....
![]()
ada godak adambarai upula inna thana gana.
wade kiyanne kohoma hari bat ekak gaththa. waththe bola gahala podi ayyai yaluwoi ekka api bat karala field nokara diuwa. podi ayyata mala panala kaduwa kiyahanko bat eka. ayyo eda adapu tharam. 


)ගලාගෙන එනවා බොල මතකෙට
-රේසර් වලින් කරත්ත හැදීම
- දුණු හදාගෙන කැලේ රිංගීම (ආදිවාසී චරිත)
- යාලුවො සෙට්1කත් එක්ක ගෙදර වත්තේ කුරුම්බා විකිණීම;
- 3.50ට පාං කෑම
- ඉස්කෝලෙන් දුන්න මුද්දර කාඩ් 1ත් අරගෙන සමූපකාරෙට යෑම
- රු 2ට මුරුක්කු කෑම (මුරුක්කු 20ක් විතර දෙනවා බං 96-97 විතර)
- පංතියේ කෙල්ලංගේ ලවු ටීචර්ට මාට්ටු තර දීම.
- පංතියේ කෙල්ලෝ යාලු වෙලා හිටපු ලොකු පංති වල අයියලාගේ දත ගැලවීම.
- අප්පච්චිගේ ටෝච් 1කේ බැට්රි ගලවලා මම ගාවා තියෙන බැහැපු බැට්රි ඒකට දැමීම.
- සුරුට්ටු පෙට්ටි වලින් කරත්ත සාදා ඒකට LED වලින් වැඩ දැමීම.
- X - Ray කාඩ් වලින් ටින් පියන්, පරන පිගන් වලින් එකෝස්ටික් ඩ්රම්සට් සෑදීම.
- පංසලේ සල්පිලට ගිහින් තරගෙට ලංසු තියා හීන් සීරුවේ මාරු වීම.
- ඉස්කෝලේ ගිහින් එද්දී ඇලේ නෑම, ගුඩු ගැසීම
- බත්කූරන් ඇල්ලීම සහ නූල් ගැට ගසා උඩ යැවීම
- මැස්සන් හීලෑ කිරීම
- කූඩැල්ලන් අනික්පැත්ත හැරවීම
- උණ බට තුවක්කු - උණ වෙඩි සෑදීම
- අවුරුද්දට නෑදෑ ගෙවල්වල ගියාම දෙන සල්ලි වලින් සර්කිට් කෑලි අරගෙන ගෙදරින් බැනුම් ඇසීම.
- විජේ කුමාර තුංගගේ ෆිල්ම් බලලා ඒ ෂොට් වලින් අක්කලාට ගසා අම්මගෙන් ගුටි කෑම.
- ඉස්කොලේ පිට්ටනිය කෙරවලේ තියන කානුවෙන් සාරි ගප්පියන් අල්ලා වතුර බෝතලේ දාගන ගෙදර ගෙන ඒම.
- ඉස්කෝලෙන් බණිස්, කිරි දීම
- කුඩේ බෑග් 1කේ තියාගෙන තෙමි තෙමී ඉස්කොල් ඉදන් ගෙදර ඒම.
- අප්පච්චිගේ බයිසිකලේ සේදීම හා හොර යතුරක් හදාගෙන ඒක පැදීම.

