මං පොඩි කාලේ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    2jed509.jpg

    හ්ම්... දැක්කහමයි මතක් වුණේ. ඉස්සර අපිට වැඩිය සෙල්ලම් බඩු අරං දුන්නෙ නෑ
    මම හරි දුකෙන් අනිත් අයගෙ සෙල්ලම් බඩු දිහා බලන් හිටිය :(
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ඉස්කෝලෙ යද්දි ස්කූල් බස් එකේ බැට්‍රි පෙට්ටියෙ වාඩිවෙන්න ලැබීම.:yes:
    අඹ කන විට අඹ ඇටේ ලැබීම:eek:
    ඩබල් කෙසෙල් ගෙඩියක් ලැබීම:love:
    ඇන්කර් පෙට්ටිය අස්සෙ ස්ටිකර් තිබීම:yes:
    තෑගි ටොපියකින් දිනුමක් ලැබීම:D
    හාල්මැස්සො වල සාලයෙක් තිබීම:rofl:
    පොල් බිස්සක්/පැල පී ලැබීම:love:
    අවුරුද්දට නෑයන්ගෙන් තෑගි ලැබීම:P

    :love::love::love::love::love::love:
     
    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,118
    1,683
    113
    :):):) අැත්තටම ඔව්‍ බං ඒ අාතල් දැන් වුන්ට කොහෙද
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    උණබට තුවක්කුවක් හදලා වටපිට ඉන්න එවුන්ට තැබිම
    අමිිමා වී තමිිබද්දි කොස්ඇට තමිිබන්න දාලා කන්න ලැබීම
    වැස්ස දවසට කෙහෙල් කොට ඔරු පැදීම
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඉස්සර අපි සෙල්ලම් කඩයක් කලා.. පරන බඩු, කේක් පෙට්ටි, මදටිය ඇට, රබර් ඇට, වගේ දේවල් ගත්තේ. ලස්සනට කැශියර් එක වගේ හදාගෙන පරන තරාදියක් තිබ්බා.,.. අක්කලා දෙන්නයි මල්ලියි අපි 4 දෙනා කඩේ බඩු ගන්නයි කැශියර්.. මතක් වෙද්දිත් සතුටුයි...

    පොඩි කාලෙ මිදුලේ සෙල්ලම් ගෙයක් අටෝගෙන ඉන්න ආසයි.. වැලි තියෙන හරියේ..

    සරුංගල් යවන කාලෙට මිදුලේ බුදියගෙන උඩ බලන් ඉන්නවා සරුංගල් දිහා.. පැදුරක් දාගෙන...

    ඉස්සර කෝච්චියෙන් මාතර යන්නේ... රුහුණු කුමාරියේ.. මුළු මාතරම පයින් ඇවිදින්නේ... ගමේ ගිහින් ගඟේ නාන්න යනවා... මාර ගති.

    උදේ 7ට ඉස්කෝලේ ගිහින් 10 ට ගෙදර එනවා ඉස්කෝලේ මොනවා හරි උත්සව තියෙන දවසකට.. 10 ට ගෙදර එද්දි මහා කියා ගන්න බැරි ෆීලින්ග් එකක් එන්නේ... වසරේ මුල් කාලේ ස්පෝර්ට් මීට් නේහ් තනිකරම.. ඉතින් කිසි වැඩක් නෑ... හොරා පයින එකමයි වෙන්නෙ.. යාළුවෝ සෙට් උනාම යාළුවොන්ගෙ ගෙවල් වල යනවා... නාන්න යනවා.. (එක පාරක් බන්ට් එකක් උඩින් ගියා.. වාන උඩින්.. වැටුනොත් කෑලිත් නෑ.. මතක් වෙද්දි එහෙම ගියාද කියලත් හිතෙනවා:baffled:)

    මූඩි 3ක් සෙට් කරන් කොකාකෝලා බයිසිකල් ලොක් එක අරින්න ගියා.. කඩවල් වල බාස්කට් ඇදන් මූඩි හෙව්වේ..

    ඉස්සර 10 වසරෙදි වගේ වැල පත්තර බලනවා.. එකක් ආවම මුළු පංතිය වටේම යනවා.

    ඉස්කෝලේ ඇරිලා ආවම සිරසෙ 1.30 ට ගිය Hit_Tv බලනවා... ගිය හින්දි ෆිල්ම්ස් ඔක්කොම බැලුවා.. යාන්තම් හින්දි පුළුවන් ටිකක් දැන් ඒ කාලෙ බලලා..

    වෙසක් කාලෙට බට කපන්න යනවා වෙසක් කූඩු හදන්න.. වෙසක් කියන්නෙ මහ අමුතුම හැඟීමක් එන කාලයක්..අදටත් ඒක එහෙමයි.අදටත් වෙසක් උපරිම විදියට සරසනවා...

    පොඩි කාලෙ ඉඳන් බයිසිකල් පිස්සුවක් තිබ්බා.. ඒත් ඒක හීනයක්ම උනා.. බොරැල්ලේ කෙන්ස්ටාර් / ලුමාලා / මහරගම නිසාන් එකේ නොබලපු තැනක් නෑ.. තාත්තා පැදපු ලුමාලා එක හදාගෙන පැද්දත් හිත තිබ්බේ අලුත් ස්පෝර්ට් එහෙකට... තාත්තගෙ ලුමාලා බයිසිකලෙත් පැද්දා මිදුලේ ඇති වෙනකම්.. පුරුදු වෙන කාලේ මිදුල වටේ රවුමට පදිනවා.. ආයේ අනික් පැත්තට..

    බැඩ්මින්ටන් පිස්සුවකුත් හැදිලා ඒවත් ගැහුවා කාලයක්...

    අර පස්ස බකට් එක තියෙන පොඩි උන් පදින රෝද 3 බයිසිකලයක් තිබ්බා ගෙදර.. ඕක පදිනවා ගෙදර පේමන්ට් එක වටේම.. මල්ලිවත් පස්සෙ දාගෙන පාගනවා. ලොල්

    බ්ලොක් ගල් ගහන්න ගෙනාපු වැලිවලින් වැලි මාලිගා හැදුවා මනිස් එකයි මේසන් හැන්දෙනුයි.. ලස්සනට නීට් එකට මට්ටම් කරලා...

    බුදුරැස්මාලා හදනවා.. බල්බ් දෙකක් සෙට් කරලා නිවෙනවා පත්තු වෙන නයිට් රයිඩර් ටයිප් එකේ සර්කිට් හදනවා.

    මල්ලිත් එක්ක ක්‍රිකට් ගැහුවා මිදුලේ ඇති වෙනකන්.. හේ හෙ.. අපිට බැට් එකක් තිබුනේ නෑ ඕවයින් ඈත් වෙනකන්ම... ලෑලි කෑල්ලක් සෙට් කරන් ගැහුවේ.

    ඉස්කෝලේ සාමන්‍ය පෙළ පන්ති වල ඉන්න කාලෙ අඩි 20 ක වගේ පොඩි කොටසක රුපියල් 5 ප්ලාස්ටික් බෝලෙන් බෝල ගැහුවා.. අඩි 20 සීමාව 4,6 සීමාව.. ලොල්. තව වන් බම්ප් ඒවත් ගැහුවා. සම්බෝල කැඩුවා.

    පෑන් විලි ගහනවා... රබර් පටි බුලට් විද ගන්නවා පිල් දෙහෙකට බෙදිලා. ගෙදර පිටි පැකට් ඉරලා බුලට් හදන් ගියේ... අද නම් හිතෙනවා ඇහැකට වැදුනා නම් ඉවරයි නේද කි‍යලා...

    පොඩි කාලෙ ගොයම් කැපුවම පිදුරු ගොඩේ දඟලනවා.. වී ටික ට්‍රැක්ටර් එකේ ගේන කොට ඒකේ නැගලා ඉන්නෙ මාර සතුටෙන්.. වී මලු ගොඩ ගහන්නෙ සාලේ.. ඒවයෙ උඩ නැගලා බිමට පයිනවා.. මතක් වෙද්දිත් හිනා.. මුළු මිදුලෙම වී වේලන කොටත් මාරම ගති...

    ගස් වල අතු කැපුවම ඒවා ගොඩේ ටාසන් වගේ සෙල්ලම් දානවා.. හේ හෙ හේ.. අර එක්කෙනෙක් කියලා තිබ්බා වගේ ජම්බූ ගහේ ඉඳන් ජම්බු කනවා.. මාර පට්ට ආතල් ඒක.. ඇඹරෙල්ල අච්චාරු හදලා කනවා.. ඉස්සර තිබ්බා මහ සද්දන්ත ඇඹරෙල්ල ගහක්.. රඹුටන්.. අද එක ගහක් නෑ... හ්ම්ම්:(

    අප්‍රේල් සිංහල අලුත් අවුරුදු කාලෙටත් මාරම ගැම්මක් එනවා පොඩි කාලේ... :)
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    ale bahala waligowwanta pan kawwa
    Unge badawal bola wage eddi maara sathutui

    School gihin eddi kama eken bagayak aran awith ballekta kanna dila uwa haduwaa
    Man uta kiwwe mage daruwa kiyala
    U marena welawe pawa man dakala nagitala awa
    Mage as issaraha maruna:(
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    ඉස්සර අපි සෙල්ලම් කඩයක් කලා.. පරන බඩු, කේක් පෙට්ටි, මදටිය ඇට, රබර් ඇට, වගේ දේවල් ගත්තේ. ලස්සනට කැශියර් එක වගේ හදාගෙන පරන තරාදියක් තිබ්බා.,.. අක්කලා දෙන්නයි මල්ලියි අපි 4 දෙනා කඩේ බඩු ගන්නයි කැශියර්.. මතක් වෙද්දිත් සතුටුයි...

    පොඩි කාලෙ මිදුලේ සෙල්ලම් ගෙයක් අටෝගෙන ඉන්න ආසයි.. වැලි තියෙන හරියේ..

    සරුංගල් යවන කාලෙට මිදුලේ බුදියගෙන උඩ බලන් ඉන්නවා සරුංගල් දිහා.. පැදුරක් දාගෙන...

    ඉස්සර කෝච්චියෙන් මාතර යන්නේ... රුහුණු කුමාරියේ.. මුළු මාතරම පයින් ඇවිදින්නේ... ගමේ ගිහින් ගඟේ නාන්න යනවා... මාර ගති.

    උදේ 7ට ඉස්කෝලේ ගිහින් 10 ට ගෙදර එනවා ඉස්කෝලේ මොනවා හරි උත්සව තියෙන දවසකට.. 10 ට ගෙදර එද්දි මහා කියා ගන්න බැරි ෆීලින්ග් එකක් එන්නේ... වසරේ මුල් කාලේ ස්පෝර්ට් මීට් නේහ් තනිකරම.. ඉතින් කිසි වැඩක් නෑ... හොරා පයින එකමයි වෙන්නෙ.. යාළුවෝ සෙට් උනාම යාළුවොන්ගෙ ගෙවල් වල යනවා... නාන්න යනවා.. (එක පාරක් බන්ට් එකක් උඩින් ගියා.. වාන උඩින්.. වැටුනොත් කෑලිත් නෑ.. මතක් වෙද්දි එහෙම ගියාද කියලත් හිතෙනවා:baffled:)

    මූඩි 3ක් සෙට් කරන් කොකාකෝලා බයිසිකල් ලොක් එක අරින්න ගියා.. කඩවල් වල බාස්කට් ඇදන් මූඩි හෙව්වේ..

    ඉස්සර 10 වසරෙදි වගේ වැල පත්තර බලනවා.. එකක් ආවම මුළු පංතිය වටේම යනවා.

    ඉස්කෝලේ ඇරිලා ආවම සිරසෙ 1.30 ට ගිය Hit_Tv බලනවා... ගිය හින්දි ෆිල්ම්ස් ඔක්කොම බැලුවා.. යාන්තම් හින්දි පුළුවන් ටිකක් දැන් ඒ කාලෙ බලලා..

    වෙසක් කාලෙට බට කපන්න යනවා වෙසක් කූඩු හදන්න.. වෙසක් කියන්නෙ මහ අමුතුම හැඟීමක් එන කාලයක්..අදටත් ඒක එහෙමයි.අදටත් වෙසක් උපරිම විදියට සරසනවා...

    පොඩි කාලෙ ඉඳන් බයිසිකල් පිස්සුවක් තිබ්බා.. ඒත් ඒක හීනයක්ම උනා.. බොරැල්ලේ කෙන්ස්ටාර් / ලුමාලා / මහරගම නිසාන් එකේ නොබලපු තැනක් නෑ.. තාත්තා පැදපු ලුමාලා එක හදාගෙන පැද්දත් හිත තිබ්බේ අලුත් ස්පෝර්ට් එහෙකට... තාත්තගෙ ලුමාලා බයිසිකලෙත් පැද්දා මිදුලේ ඇති වෙනකම්.. පුරුදු වෙන කාලේ මිදුල වටේ රවුමට පදිනවා.. ආයේ අනික් පැත්තට..

    බැඩ්මින්ටන් පිස්සුවකුත් හැදිලා ඒවත් ගැහුවා කාලයක්...

    අර පස්ස බකට් එක තියෙන පොඩි උන් පදින රෝද 3 බයිසිකලයක් තිබ්බා ගෙදර.. ඕක පදිනවා ගෙදර පේමන්ට් එක වටේම.. මල්ලිවත් පස්සෙ දාගෙන පාගනවා. ලොල්

    බ්ලොක් ගල් ගහන්න ගෙනාපු වැලිවලින් වැලි මාලිගා හැදුවා මනිස් එකයි මේසන් හැන්දෙනුයි.. ලස්සනට නීට් එකට මට්ටම් කරලා...

    බුදුරැස්මාලා හදනවා.. බල්බ් දෙකක් සෙට් කරලා නිවෙනවා පත්තු වෙන නයිට් රයිඩර් ටයිප් එකේ සර්කිට් හදනවා.

    මල්ලිත් එක්ක ක්‍රිකට් ගැහුවා මිදුලේ ඇති වෙනකන්.. හේ හෙ.. අපිට බැට් එකක් තිබුනේ නෑ ඕවයින් ඈත් වෙනකන්ම... ලෑලි කෑල්ලක් සෙට් කරන් ගැහුවේ.

    ඉස්කෝලේ සාමන්‍ය පෙළ පන්ති වල ඉන්න කාලෙ අඩි 20 ක වගේ පොඩි කොටසක රුපියල් 5 ප්ලාස්ටික් බෝලෙන් බෝල ගැහුවා.. අඩි 20 සීමාව 4,6 සීමාව.. ලොල්. තව වන් බම්ප් ඒවත් ගැහුවා. සම්බෝල කැඩුවා.

    පෑන් විලි ගහනවා... රබර් පටි බුලට් විද ගන්නවා පිල් දෙහෙකට බෙදිලා. ගෙදර පිටි පැකට් ඉරලා බුලට් හදන් ගියේ... අද නම් හිතෙනවා ඇහැකට වැදුනා නම් ඉවරයි නේද කි‍යලා...

    පොඩි කාලෙ ගොයම් කැපුවම පිදුරු ගොඩේ දඟලනවා.. වී ටික ට්‍රැක්ටර් එකේ ගේන කොට ඒකේ නැගලා ඉන්නෙ මාර සතුටෙන්.. වී මලු ගොඩ ගහන්නෙ සාලේ.. ඒවයෙ උඩ නැගලා බිමට පයිනවා.. මතක් වෙද්දිත් හිනා.. මුළු මිදුලෙම වී වේලන කොටත් මාරම ගති...

    ගස් වල අතු කැපුවම ඒවා ගොඩේ ටාසන් වගේ සෙල්ලම් දානවා.. හේ හෙ හේ.. අර එක්කෙනෙක් කියලා තිබ්බා වගේ ජම්බූ ගහේ ඉඳන් ජම්බු කනවා.. මාර පට්ට ආතල් ඒක.. ඇඹරෙල්ල අච්චාරු හදලා කනවා.. ඉස්සර තිබ්බා මහ සද්දන්ත ඇඹරෙල්ල ගහක්.. රඹුටන්.. අද එක ගහක් නෑ... හ්ම්ම්:(

    අප්‍රේල් සිංහල අලුත් අවුරුදු කාලෙටත් මාරම ගැම්මක් එනවා පොඩි කාලේ... :)
    :love::love::love: :yes: podi kale mathak una :(
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,213
    113
    Gotland
    ඉස්කෝලෙ යද්දි ස්කූල් බස් එකේ බැට්‍රි පෙට්ටියෙ වාඩිවෙන්න ලැබීම.:yes:
    ඇසිඩ් ගෑස් එක වැදුනොත් කලිසමේ පුක දිරනවා

    අඹ කන විට අඹ ඇටේ ලැබීම:eek:
    අඹ කාල තුවාල හිටං එනව උෂ්නෙට

    ඩබල් කෙසෙල් ගෙඩියක් ලැබීම:love:
    සමහරක් දෙමාපියන් ඕව කන්නහ් දෙන්නේ නෑ දෙබිඩි ළමයි හම්බවෙනෝ කියල

    ඇන්කර් පෙට්ටිය අස්සෙ ස්ටිකර් තිබීම:yes:
    චොකලට් වල ඒම ස්ටිකර් තිබ්බ මතකද කිරිකට් ක්‍රීඩකයන්. අද වගේ නෙවි ඉන්ටර්නැෂනල් ටීම් වල උන්ගේ නම් ලැයිස්තුවම දන්නව ෂේන් වෝන්, ලාරා බ්ලා බ්ලා

    තෑගි ටොපියකින් දිනුමක් ලැබීම:D
    දන්න කියන සර් කෙනෙක් පොර ඉස්කෝලේ නැවතිලා හිටිය පව්ල එක්ක. කැන්ටිම කලේ පව්ල. හවසට පොරගේ පුතයි මායි ටොපි ලිහල බලල තෑගී ගන්නව. අපහු ඔතල තියනවා :baffled::rofl:

    හාල්මැස්සො වල සාලයෙක් තිබීම:rofl:
    එක පාරක් මාළු අල්ලන පිස්සුවක් ඇවිල්ල බිලි කොකු අරං බැලූ බෑවා. සීයාගේ මාළු ආම්පන්න හොරෙන් උස්සං ආව

    පොල් බිස්සක්/පැල පී ලැබීම:love:
    පොල් බිස්ස කියන්නේ මක්කය ? පැල්පි කියන්නේ පල පොල් නේ පොඩි ඒවා පට්ට රසයි අදටත් කනව