මකබාස් ආර්කිටෙක්ට්ස්

lankanatha

Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    ජනෙල් තෙමෙන්නෙ නැති වෙන්න ගෙදර අනිත් තැන් වලට දාපු විදිහෙම කර්ට්න් පෝල් එකක් දාල ටයිල් වලට ගැලපෙන ෂවර් කර්ට්න් එකක් දැම්ම. නාන වෙලාවට කර්ට්න් එක වහල නානවා.
    පොඩ්ඩක්වත් තෙමෙන්නෙ නෑ.

    බාත්රූම් එකට බට දාල වහන්න කලින් වෝටර් සප්ලයි දීල ලීක්ස් වලට එහෙම චෙක් කරලා ඉවර වෙලා ඕන වහන්න. බාස්ලා ඕව කරන්නෙ නෑ. ටෙස්ට් කරන්නෙ නැතුව ඔක්කොම ඉවර වෙලා සප්ලයි දීල අවුලක් තිබුනොත් ටයිල් කඩමු කියනවා.

    මොනවද විශේෂයෙන් දැනගන්න ඕන?

    Umbage replies godak watinawa bro.
    Mama ahuwe anith janel gena (not brm). Box type ekedi janel tika themenawane eliyen. Eakata mokada kale.

    Dining table eka awata wash basin ekak demmada.
    Courtyard wala roof ekata mokada kale.
    Floor to slab clearance keeyak thibbada. 13feet wage thibboth kethaida.
    Tv lobby eka hadaddi specially consider kale monawada (wiring and lightning)

    Ur comments are really valuable and will save millions of new housebuilders.
    Thanks a lot
     
    Last edited:

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧

    ගෙදර ඉස්සරහ සහ පැත්තක පහල තට්ටුවෙ ජනෙල් වූඩ්න් ඩෙකින් එකෙන් කවර් උනා.
    උඩ තට්ටුවෙදි ඩෙකින් එකට පර්ගොලාස් දාන්න කියල ආකි කිවුවට මම ඒකට බැස්මක් නැති ෆ්ලැට් ශීට් වලින් වහලයක් ගැහුවා (කියුබ් එකේ හැඩේ තියාගන්න). ලොකු එච් අයන් උඩට ෆ්ලැට් වහලෙ ආපු නිසා ලස්සනට ආවා. ඒ උනාට මම එහෙම කරන්න රෙකමන් කරන්නෙ නෑ. වියදම වැඩි. ඒකයි කියුබිකල් ගෙවල් වලට මගේ වැඩි කැමැත්තක් නැත්තෙ. ප්‍රැක්ටිකල් ප්‍රශ්න විසඳගන්න බෑ.
    කියුබිකල් ගෙවල් වෙන රටවල හදන්නෙ සීත කාලෙට රස්නේ ගේ ඇතුලෙ තියාගන්න පුළුවන් වෙන්න. උන්ට බැල්කනි දාල එළියේ ඉන්න පුළුවන් දේශගුණයක් ඒ රටවල් වල නෑ, එක්කො රස්නේ වැඩි නැත්නම් සීතල වැඩියි.

    මගේ ප්ලෑන් එකේ විදිහට ඉස්සෙල්ලම ලිවින් ඊට පස්සෙ ඩයිනින් (දෙකම එකට) ඊට පස්සෙ බිත්තියක්. ඒ බිත්තියේ තියන දොරෙන් කිචන් එකට. ඩයිනින් එක ළඟ කිචන් එක වෙන් කරන බිත්තියට පොඩි පැන්ට්‍රි එකක් ගහල ඒකෙ ටොප් එක කපල ඒකෙ ඇතුලට වොෂ් බේසින් එකක් දැම්ම. යට තියන කබඩ් වලයි උඩ තියන කබඩ් වලයි පිගන්, කෝප්ප, වීදුරු දැම්ම. ඩයිනින් එකට ස්ර්ව් කරන්න ලේසි වෙන්න.

    මේ තියෙන්නෙ ඒ විදිහේ පොඩි පැන්ට්‍රි එකක්.

    CpviDsj.jpg

    මම කෝට් යාඩ් එකක් දැම්මෙ නෑ ස්වභාවිකව මදුරුවෝ පාලනය කරන්න බැරි වෙන නිසා. ඒ වෙනුවට 12 X 12 ජනෙල් ප්‍රතිමුක බිත්ති වලට දැම්ම. එතකොට කෝට් යාඩ් එකක් අවශ්‍ය උනේ නෑ.

    ෆ්ලෝ to සීලින් උස මගේ වැඩිම තැන අඩි 12.5 අඩුම තැන 11. ගෙදර හදපු වත්තේ තිබුන බෑවුමේ විදිහට ලෙවල්ස් තුනකට ගත්ත. අඩි 13 දානවනම් ලිවින්ග් ඒරියා එක එහෙම ගොඩක් ලොකු වෙන්න ඕන. නැත්නම් උස වැඩි කියල හිතෙනවා.

    TV එක හයි කරන තැන මම කලින්ම තීරණය කරා. අපි ඉඳගන TV එකක් බලනකොට ඇස් මට්ටම අඩුම ගානේ TV එකේ මැද මට්ටමට එන්න තියෙන්නෙ ඕන. එහෙම උනහම අඟල් 42 ට වැඩි TV එකක් වෝල් මවුන්ට් කරන්න බෑ පහත වැඩි. හැබැයි මට වෝල් මවුන්ට් කරන්න සිද්ද උනා. වෝල් මවුන්ට් කරන්න කලින් මම බිත්තිය ඇතුලට අඟල් 1.5 බටයක් දාල USB කේබල් එකකුයි, HDMI කේබල් දෙකකුයි, network කේබල් එකකුයි දාල බටේ ඇතුලෙ කම්බියක් තියල තිබ්බ ඉදිරි කාලේදී වෙන මොනවා හරෝ කේබල් එකක් ඇද ගන්න ඕන උනොත් කියල හිතල. අකුණු ගැන හිතලනම් මොනවත් කරේ නෑ. අනිත් අය මෙහෙම කරන්න අවශ්‍ය නෑ. TV එක ගොඩක් පහතට එන හින්ද ලස්සන දිග TV ස්ටෑන්ඩ් එකක් තියල කේබල් ටික පිළිවෙලකට තියාගන්න. හැබැයි මගෙනම් TV එක වෝල් එකේ තියනවා. අඟල් 6ක් විතර පහලින් TV ස්ටෑන්ඩ් එක තියනවා (TV එක ඒකඋඩ නෙමේ තියෙන්නෙ) කේබල් එකක්වත් පේන්න නෑ.

    ප. ලි. ගේ වයරින් කරනකොට ටෙලිෆෝන් කේබල් එකක් සහ ඇන්ටනා වයර් කේබල් එකක් අවශ්‍ය තැනට බිත්තිය ඇතුලෙන් ඇද ගත්ත හින්ද ගේ ඇතුලෙ කිසිම තැනක වයර් ඇදල නෑ.
     
    Last edited:
    • Like
    Reactions: dilshan87

    BlueMoonBoy

    Member
    Aug 18, 2012
    83
    3
    0
    On Chair
    වතුර ටෑන්කිය, ගෙට අල්ලන්නෙ නෑතුව, වෙනම, පිට&#3

    මචන්, වෑදගත් ත්‍රෙඩ් එකක්.
    තට්ටු දෙකට ගෙයක් හදනකොට,
    වතුර ටෑන්කිය, ගෙට අල්ලන්නෙ නෑතුව, වෙනම, පිටතින් කොන්ක්‍රීට් කනු දෙකක් උඩ ස්ලෑබ් එකක් දාල තිබ්බොත්, අවදානම්ද?

    කනු හතරක් උඩ ස්ලබ් එක දාන එකද වඩා හොද?

    සමහරු තනි කනුව උඩත් ස්ලබ් එක දාල ටෑන්කිය තියනව නේද?
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මචන්, වෑදගත් ත්‍රෙඩ් එකක්.
    තට්ටු දෙකට ගෙයක් හදනකොට,
    වතුර ටෑන්කිය, ගෙට අල්ලන්නෙ නෑතුව, වෙනම, පිටතින් කොන්ක්‍රීට් කනු දෙකක් උඩ ස්ලෑබ් එකක් දාල තිබ්බොත්, අවදානම්ද?

    කනු හතරක් උඩ ස්ලබ් එක දාන එකද වඩා හොද?

    සමහරු තනි කනුව උඩත් ස්ලබ් එක දාල ටෑන්කිය තියනව නේද?

    මචන් ඒ වගේ දෙයක් ගැන profesional openion එකක් දෙන්න නම් මම දාන්නෙ නෑ.
    ඒ උනාට තට්ටු දෙකේ ගෙදරක උඩ තට්ටුවට effective විදිහට වතුර ෆ්ලෝ එකක් තියෙන්න ගන්න නම් අඩු ගානේ බිම පොලෝ මටමේ ඉඳන් අඩි 30 - 40 ක් වත් උඩට ටැංකිය ගන්න ඕන නේ. එතකොට 1000L තියන ටැංකියක් කියල හිතුවොත් ටැංකිය පිරුන වෙලාවට ටොන් එකක බර වැටෙනවා උඹ කියන කණු දෙකට. මටනම් හිතෙන්නෙ stable නෑ කියල. හොඳම වැඩේ තමයි බාත්රූම් එකක හතර කොනට වගේ පොඩි කොටුවකට එන කණු හතරක් ගෙදර වහලින් උඩට යනකන් extend කරලා උඩට පොඩි ස්ලැබ් එකක් දාල (maintenance වලට access තියන්න ඕන) ටැංකිය තියන එක. ටැංකියට ගෙදරට ගැලපෙන විදිහට පොඩි වහලෙකුත් ඕන. structural engineer කෙනෙක්ගෙන් ඇහුවනම් හරියටම කියයි.
    There's an another option, yuo can raise the tank for about 25 feet from the ground and then use a pressure pump to increase the water pressure.
     
    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    ගෙදර ඉස්සරහ සහ පැත්තක පහල තට්ටුවෙ ජනෙල් වූඩ්න් ඩෙකින් එකෙන් කවර් උනා.
    උඩ තට්ටුවෙදි ඩෙකින් එකට පර්ගොලාස් දාන්න කියල ආකි කිවුවට මම ඒකට බැස්මක් නැති ෆ්ලැට් ශීට් වලින් වහලයක් ගැහුවා (කියුබ් එකේ හැඩේ තියාගන්න). ලොකු එච් අයන් උඩට ෆ්ලැට් වහලෙ ආපු නිසා ලස්සනට ආවා. ඒ උනාට මම එහෙම කරන්න රෙකමන් කරන්නෙ නෑ. වියදම වැඩි. ඒකයි කියුබිකල් ගෙවල් වලට මගේ වැඩි කැමැත්තක් නැත්තෙ. ප්‍රැක්ටිකල් ප්‍රශ්න විසඳගන්න බෑ.
    කියුබිකල් ගෙවල් වෙන රටවල හදන්නෙ සීත කාලෙට රස්නේ ගේ ඇතුලෙ තියාගන්න පුළුවන් වෙන්න. උන්ට බැල්කනි දාල එළියේ ඉන්න පුළුවන් දේශගුණයක් ඒ රටවල් වල නෑ, එක්කො රස්නේ වැඩි නැත්නම් සීතල වැඩියි.

    මගේ ප්ලෑන් එකේ විදිහට ඉස්සෙල්ලම ලිවින් ඊට පස්සෙ ඩයිනින් (දෙකම එකට) ඊට පස්සෙ බිත්තියක්. ඒ බිත්තියේ තියන දොරෙන් කිචන් එකට. ඩයිනින් එක ළඟ කිචන් එක වෙන් කරන බිත්තියට පොඩි පැන්ට්‍රි එකක් ගහල ඒකෙ ටොප් එක කපල ඒකෙ ඇතුලට වොෂ් බේසින් එකක් දැම්ම. යට තියන කබඩ් වලයි උඩ තියන කබඩ් වලයි පිගන්, කෝප්ප, වීදුරු දැම්ම. ඩයිනින් එකට ස්ර්ව් කරන්න ලේසි වෙන්න.

    මේ තියෙන්නෙ ඒ විදිහේ පොඩි පැන්ට්‍රි එකක්.

    CpviDsj.jpg

    මම කෝට් යාඩ් එකක් දැම්මෙ නෑ ස්වභාවිකව මදුරුවෝ පාලනය කරන්න බැරි වෙන නිසා. ඒ වෙනුවට 12 X 12 ජනෙල් ප්‍රතිමුක බිත්ති වලට දැම්ම. එතකොට කෝට් යාඩ් එකක් අවශ්‍ය උනේ නෑ.

    ෆ්ලෝ to සීලින් උස මගේ වැඩිම තැන අඩි 12.5 අඩුම තැන 11. ගෙදර හදපු වත්තේ තිබුන බෑවුමේ විදිහට ලෙවල්ස් තුනකට ගත්ත. අඩි 13 දානවනම් ලිවින්ග් ඒරියා එක එහෙම ගොඩක් ලොකු වෙන්න ඕන. නැත්නම් උස වැඩි කියල හිතෙනවා.

    TV එක හයි කරන තැන මම කලින්ම තීරණය කරා. අපි ඉඳගන TV එකක් බලනකොට ඇස් මට්ටම අඩුම ගානේ TV එකේ මැද මට්ටමට එන්න තියෙන්නෙ ඕන. එහෙම උනහම අඟල් 42 ට වැඩි TV එකක් වෝල් මවුන්ට් කරන්න බෑ පහත වැඩි. හැබැයි මට වෝල් මවුන්ට් කරන්න සිද්ද උනා. වෝල් මවුන්ට් කරන්න කලින් මම බිත්තිය ඇතුලට අඟල් 1.5 බටයක් දාල USB කේබල් එකකුයි, HDMI කේබල් දෙකකුයි, network කේබල් එකකුයි දාල බටේ ඇතුලෙ කම්බියක් තියල තිබ්බ ඉදිරි කාලේදී වෙන මොනවා හරෝ කේබල් එකක් ඇද ගන්න ඕන උනොත් කියල හිතල. අකුණු ගැන හිතලනම් මොනවත් කරේ නෑ. අනිත් අය මෙහෙම කරන්න අවශ්‍ය නෑ. TV එක ගොඩක් පහතට එන හින්ද ලස්සන දිග TV ස්ටෑන්ඩ් එකක් තියල කේබල් ටික පිළිවෙලකට තියාගන්න. හැබැයි මගෙනම් TV එක වෝල් එකේ තියනවා. අඟල් 6ක් විතර පහලින් TV ස්ටෑන්ඩ් එක තියනවා (TV එක ඒකඋඩ නෙමේ තියෙන්නෙ) කේබල් එකක්වත් පේන්න නෑ.

    ප. ලි. ගේ වයරින් කරනකොට ටෙලිෆෝන් කේබල් එකක් සහ ඇන්ටනා වයර් කේබල් එකක් අවශ්‍ය තැනට බිත්තිය ඇතුලෙන් ඇද ගත්ත හින්ද ගේ ඇතුලෙ කිසිම තැනක වයර් ඇදල නෑ.

    මගේ බිත්ති 9'7'' කියල මාර්ක් කරලා තියෙන්නේ. උස මදිද ? :rolleyes::confused:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ලිපියේ නම් වැරදි තැන් ගොඩක් තියෙනවා.ඒ ගැන කථාකරන එක තේරුමක් නෑ.

    ගෙයක් හදන්න යනවනම් හොඳ පළපුරුදු ආකිටෙක් කෙනෙක් ලඟට යන්න.ප්‍රස්නයක් නැතුව වැඩේ කරගන්න පුලුව්න්.

    :yes::yes::yes:
     
    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    වටින කරුණු කාරණා ටිකක්, හොදට හිතන්න අවශ්‍ය පැත්තක් පෙන්නලා තියෙන්නේ ගෙයක් හදනකොට.

    Rep +
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මගේ බිත්ති 9'7'' කියල මාර්ක් කරලා තියෙන්නේ. උස මදිද ? :rolleyes::confused:

    9'7" කියල කියන්නෙ අඩි 10 ට අඟල් 5ක් අඩුයි. සාමාන්යෙන් අඩි 10 ට සීලින් එක තියන ගෙවල් මම දැකල තියනවා (අම්මලගෙ ගෙදර). 10 නම් හොඳටම ඇති. අඟල් 5ක අඩුව පොඩි space එකක් තියන කාමර නිසා වෙන්න ඇති. ඒ ගැන ආකි එක්ක පොඩ්ඩක් කතා කරලා බලපන්. මටනම් හිතෙන්නෙ අවුලක් නැති වෙයි. ප්ලෑන් එකේ එහෙම තිබුන කියල අවුලක් නෑ, සමහර වෙලාවට ආකිම කියනවා ඒකෙ එහෙම තිබුනට මෙහෙම කරමු කියල.
     
    kotu wa

    Member
    Feb 7, 2017
    70
    7
    0
    TV එක හයි කරන තැන මම කලින්ම තීරණය කරා. අපි ඉඳගන TV එකක් බලනකොට ඇස් මට්ටම අඩුම ගානේ TV එකේ මැද මට්ටමට එන්න තියෙන්නෙ ඕන. එහෙම උනහම අඟල් 42 ට වැඩි TV එකක් වෝල් මවුන්ට් කරන්න බෑ පහත වැඩි. හැබැයි මට වෝල් මවුන්ට් කරන්න සිද්ද උනා. වෝල් මවුන්ට් කරන්න කලින් මම බිත්තිය ඇතුලට අඟල් 1.5 බටයක් දාල USB කේබල් එකකුයි, HDMI කේබල් දෙකකුයි, network කේබල් එකකුයි දාල බටේ ඇතුලෙ කම්බියක් තියල තිබ්බ ඉදිරි කාලේදී වෙන මොනවා හරෝ කේබල් එකක් ඇද ගන්න ඕන උනොත් කියල හිතල. අකුණු ගැන හිතලනම් මොනවත් කරේ නෑ. අනිත් අය මෙහෙම කරන්න අවශ්‍ය නෑ. TV එක ගොඩක් පහතට එන හින්ද ලස්සන දිග TV ස්ටෑන්ඩ් එකක් තියල කේබල් ටික පිළිවෙලකට තියාගන්න. හැබැයි මගෙනම් TV එක වෝල් එකේ තියනවා. අඟල් 6ක් විතර පහලින් TV ස්ටෑන්ඩ් එක තියනවා (TV එක ඒකඋඩ නෙමේ තියෙන්නෙ) කේබල් එකක්වත් පේන්න නෑ.

    ප. ලි. ගේ වයරින් කරනකොට ටෙලිෆෝන් කේබල් එකක් සහ ඇන්ටනා වයර් කේබල් එකක් අවශ්‍ය තැනට බිත්තිය ඇතුලෙන් ඇද ගත්ත හින්ද ගේ ඇතුලෙ කිසිම තැනක වයර් ඇදල නෑ.[/COLOR]

    maru ban mamath mehema kala etakota cctv araka meka hama reddama kawada hari kara gattaki. room AC karana eka ganath mekamai. wiring karala tiyaganna one.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මචන්, වෑදගත් ත්‍රෙඩ් එකක්.
    තට්ටු දෙකට ගෙයක් හදනකොට,
    වතුර ටෑන්කිය, ගෙට අල්ලන්නෙ නෑතුව, වෙනම, පිටතින් කොන්ක්‍රීට් කනු දෙකක් උඩ ස්ලෑබ් එකක් දාල තිබ්බොත්, අවදානම්ද?

    කනු හතරක් උඩ ස්ලබ් එක දාන එකද වඩා හොද?

    සමහරු තනි කනුව උඩත් ස්ලබ් එක දාල ටෑන්කිය තියනව නේද?

    ගෙටම අල්ලලා දාගන්න තියෙනවම් හොඳයි.ලස්සනයි.හැබැයි එහෙම කරන්න උබේ දාලා තියෙන කනුවල තත්වය කොහොමද කියලා බලන්න ඕනි.ගේ හදන්න ඉන්ජෙක්ව ගත්තනම් උගෙන් අහන්න බාතෲම් එක උඩින් ස්ලැබ් එකක් දාලා ටැංකිය තියන්න පුලුවන්ද කියලා.එහෙම බැරිනම් ඉතින් වෙනමම කණුදාලා තමයි ටැංකිය තියන්න වෙන්නේ.දාන කණුගාන ඉතින් ටැංකියේ ප්‍රමාණය අනුව වෙනස් වෙනවා.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    කාමරයක් AC කරන්න හිතන් ඉන්නවනං ඒ කාමරේට වයරින් එක කලින්ම ගහල තිය ගන්න එක හොඳි නේද? තව ප්‍රස්නයක්, මොන වගේ ජනෙල්ද දාන්න ඕනේ? ෆ්‍රෙන්ච් වින්ඩොව් එකක් දාල තිබ්බොත් අවුලක් වෙන එකක් නැද්ද?
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මචෝ උඹ බිත්ති බඳිනකොටම වෝල් ලැම්ප්ස් ගැන හිතපන්.
    මම මේ ක්‍රමේ සාමාන්‍ය ගෙවල් වල අය කරනවා දැකල නෑ.
    වෝල් ලැම්ප්ස් අවශ්‍ය තැන් වලට බිත්තිය ඇතුලට මෙට්ල් වලින් හදපු කැවිටි එකක් සෙට් කරලා තියපන් පස්සෙ වයරින් කරන්න පුළුවන් වෙන්න. මේ විදිහට කරාම හරිම ලස්සන පෙනුමක් එනවා. වෙනම වෝල් ලැම්ප්ස් හයි කරන්න ඕන නෑ. බිත්තිය ඇතුලෙන් තමයි ලයිට් එක එන්නෙ. සමහරවිට උඹ මේක හෝටෙල්ස් වල එහෙම දැකල ඇති. මට බිත්තියේ උඩට දාල තියන ෆොටෝ එකක් හොයාගන්න බැරි උනා. පහල ෆොටෝ එකේ තියන විදිහට බිත්තියේ ඕනෑම තැනකට දාගන්න පුළුවන්. ඒකෙ ඉස්සරහට වීදුරුවක්වත් මොකුත් දාන්නෙ නෑ. ඇතුලට හෝල්ඩර් එකක් විතරයි සෙට් කරන්නෙ.

    ප: ලි: මතක් කරලා උඹගේ ආකියට කියල ඉලෙක්ට්‍රිකල් ඩිසයින් එකක් ඇඳ ගනින්.

    d362mXV.jpg

    උබ කිව්ව මේ විදියට සහ සියලුම වයරින් කලින්ම බට වලින් බිත්ති බදිද්දිම ඇදලා දාන්නයි මගෙත් කල්පනාව. හැම කමරේකටම RJ 45, RJ 11 ජැකක් එක්ක 15 Amp වයරින් එකක් සහ 5 Amp වයරින් එකක් වෙනම යන්න. මුලින්ම මෙහෙම කරන්න කියන්නේ ටිකක් වියදම වැඩි උනත් ජිවිත කාලෙටම ඕනෑම ඉලෙක්ට්‍රිකල් බඩුවක් ඕනෑම කාමරයකට හරියන්න පාවිච්චි කරන්න පහසු වෙන්න. මතක ඇතුව RJ 45 එහෙමත් නැත්නම් නෙට්වර්ක් කේබල් එක අදිද්දී CAT 6 හරි CAT 7 හරි STP වරිගයේ cable පාවිච්චි කරන්න. මේකෙන් electrical cable වලින් එක effect එක ආවරණය වෙනවා සහ කල් පැවැත්ම වැඩි වෙනවා. (max network throughput speeds)

    ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙම අයිඩියාස් කියලා සුපිරියට කරන්න Architect කෙනෙක් ගාවට යන්න වෙන එකද කොහෙද (මගේ දැනුමට අනුව) ඒ උට්ටලා මේ මොකක්වත් දන්නේ නැති එක තමයි අනික් ලොකුම ප්‍රශ්නේ. එතකොට තමයි උන්ගෙන් "මගේ අත්දැකීමෙන් කියන්නේ" කියලා ටෝල්ක්ස් අහන්න වෙන්නේ... :angry: අපි මුලින්ම උන් ගාවට යන්නේ දැනට තියෙන අදහසට ඔක්කොම කරගන්න නේ.. මගෙ නම් යාලුවෙක් ඉන්නවා UK වල Electrical engineering කරන. උට කියලා ගෙදර Electrical plan එක ඇද ගන්නවා. අපේ එවුන්ට වඩා මට ඌ එහෙ ඉගෙන ගත්ත එක sure. :rolleyes:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    ඇති මචන්.ඔය ගාන දීලා තියෙන්නේ ස්ලැබ් එකේ යට මට්ටමට නේද?

    ඔව් මචන්. කාමර 2 සෛස් මේ වගේ 12' 6'' x 11' සහ 12' x 11'. ඒ ප්‍රමානෙ කාමරේකට ඔය උස ඇති නේද?
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    කාමරයක් AC කරන්න හිතන් ඉන්නවනං ඒ කාමරේට වයරින් එක කලින්ම ගහල තිය ගන්න එක හොඳි නේද? තව ප්‍රස්නයක්, මොන වගේ ජනෙල්ද දාන්න ඕනේ? ෆ්‍රෙන්ච් වින්ඩොව් එකක් දාල තිබ්බොත් අවුලක් වෙන එකක් නැද්ද?

    ඔව් කලින්ම 15 Amp වයරින් එක උඩ බිත්තිය හරියෙන් යවලා තියාගන්න මචන්. ඒ ලගම හෝ ඒකට වෙනම Trip switch එකක් තියාගන්නත් අමතක කරන්න එපා.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113

    උබ කිව්ව මේ විදියට සහ සියලුම වයරින් කලින්ම බට වලින් බිත්ති බදිද්දිම ඇදලා දාන්නයි මගෙත් කල්පනාව. හැම කමරේකටම RJ 45, RJ 11 ජැකක් එක්ක 15 Amp වයරින් එකක් සහ 5 Amp වයරින් එකක් වෙනම යන්න. මුලින්ම මෙහෙම කරන්න කියන්නේ ටිකක් වියදම වැඩි උනත් ජිවිත කාලෙටම ඕනෑම ඉලෙක්ට්‍රිකල් බඩුවක් ඕනෑම කාමරයකට හරියන්න පාවිච්චි කරන්න පහසු වෙන්න. මතක ඇතුව RJ 45 එහෙමත් නැත්නම් නෙට්වර්ක් කේබල් එක අදිද්දී CAT 6 හරි CAT 7 හරි STP වරිගයේ cable පාවිච්චි කරන්න. මේකෙන් electrical cable වලින් එක effect එක ආවරණය වෙනවා සහ කල් පැවැත්ම වැඩි වෙනවා. (max network throughput speeds)

    ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙම අයිඩියාස් කියලා සුපිරියට කරන්න Architect කෙනෙක් ගාවට යන්න වෙන එකද කොහෙද (මගේ දැනුමට අනුව) ඒ උට්ටලා මේ මොකක්වත් දන්නේ නැති එක තමයි අනික් ලොකුම ප්‍රශ්නේ. එතකොට තමයි උන්ගෙන් "මගේ අත්දැකීමෙන් කියන්නේ" කියලා ටෝල්ක්ස් අහන්න වෙන්නේ... :angry: අපි මුලින්ම උන් ගාවට යන්නේ දැනට තියෙන අදහසට ඔක්කොම කරගන්න නේ.. මගෙ නම් යාලුවෙක් ඉන්නවා UK වල Electrical engineering කරන. උට කියලා ගෙදර Electrical plan එක ඇද ගන්නවා. අපේ එවුන්ට වඩා මට ඌ එහෙ ඉගෙන ගත්ත එක sure. :rolleyes:

    මචන් ඓ හැම කමරෙටම network cable දාන්නේ ? wifi router එකක් දාගත්ටනන් හරිනේ.දන්නේ නැති හින්ද අහන්නේ :confused:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ගෙදර ටයිල් කරනකොට ටයිල් දෙකක් ඍජුකෝනීයව මුණගැහෙන තැන් වලට සමහර ගෙවල් වල ප්ලාස්ටික් බීඩින් එකක් දාල තියනවා මම දැකල තියනවා. ඒක විතර කැත දෙයක් මට හිතාගන්නවත් බෑ. ඒ වගේ තැන් වලට වෙනම edging ටයිල් තියනවා (පඩි පෙලක්නම් ඒකට පඩියේ සයිස් එකට දාන්න පුළුවන් ස්පෙෂල් තනි ටයිල් ගන්න තියනවා). ලංකාවේ edging ටයිල් හොයාගන්න නැත්නම් ටයිල් බාස් ට කියන්න ටයිල් දෙක angle වෙන්න ග්රයින්ඩ් කරලා මූට්ටු කරන්න කියල. edge එකට වැඩිපුර කොලොප්පු දාල edge එක එන තැන වැඩිපුර ශක්තිමත්ව තියා ගන්න.
    මමනම් කැමති බිම ටයිල් කරලා ස්ක්ර්ටින් එක ලී වලින් කරන්න. ඒ උනාට ලී පෙනුම තියන ටයිල් එකක් උනත් අවුලක් නෑ. හැබැයි ටයිල් වලින් ස්ක්ර්ටින් එක කරනවානම් බිත්තියයි ස්කර්ටින් ටයිල් එකයි අතර කොලොප්පු දාන පරතරේ අවම වෙන්න ඕන. නැත්නම් හරිම කැතයි. අනික තමයි ස්ටෙප් එකක් එන තැන් වල ස්ක්ර්ටින් ටයිල් එක හරි විදිහට රේඛා මූට්ටු වෙන්න ඍජුකෝනීයව අල්ලන්න ඕන.