දැන් බාසා කවුරුත් කියන දෙයක් අහන්නෙ නැතුව තනියමම වහලේ හිල වහන්න හදනවා.
මේකා පණ්ඩිත කමට වැරදි කුඤඟයක් ගලවලා එකපාරටම වහල කඩා පාත් වෙනවා.
ගෙදර පදිංචි කාරයෝ ඉක්මනට පැනලා, කොහොම හරි වහලේ බිමට නොවැටි තියෙන්න මුක්කු ගහලා අල්ල ගන්නවා.
ගෙදර පොඩිම එකා කෑ ගහලා කිව්වා.
බාසා ඊළඟට, උගේ පරණ යාළුවෙකුටත් එන්න කිව්වා "අත්දැකීම් වලින් ප්‍රයෝජන අරගෙන" වැඩේ ගොඩ දාන්න.
අත් උදව්වට ආපු එකා, කිසි වැඩක් කරන්නෙ නෑ.
ඌ ගෙදර දිහා බලාගෙන සැරින් සැරේට ප්‍රකාශ නිකුත් කරනවා විතරයි.
"මට පේන හැටියට මුදුන් ලීය දිරලා"
"දැනට තියෙන උළු කැට වහල සම්පූර්ණයෙන් වහන්න ප්‍රමාණවත් නැහැ"
"ඉස්සරහට එන වැහි කාලෙදි ගෙදර හැමෝටම තෙමෙන්න ලෑස්ති වෙන්න වේවි"
"අල්ලපු ගෙදරින් කුඩ කිහිපයක් ඉල්ලගෙන ඉන්න වේවි"
"හැකි සෑම කෙනෙක්ම තමන්ගේ ඔළුවට උඩින් ඉටි රෙද්දක් දාගන්න"
මේ අළුත් බාසා, මෙලෝ වැඩක් කරන්නෙ නැතුව, දිගටම ඔය වගේ දෙවල් කියවනවා.
මේක බලාගෙන ඉන්න බැරුව, ගෙදර පොඩි එවුන් තව හයියෙන් කෑ ගහලා කියනවා "යකුනේ, තව මේක වන කරන්නෙ නැතුව දෙන්නම paල. අපි මේක බලා ගන්නම්" කියලා.
මේක අහපු ලොකු බාස් කියනවා... "ෆේල් වෙච්ච බාස් කෙනෙක් හැටියට මම මෙතනින් යන්නෙ නෑ" කියලා.
හෙට අනිද්දා මෝසම සක්‍රිය වෙනවා.
මේ ගෙදර වහලේ, ඒකේ ජීවත් වෙන උන්ගේ ඔළු උඩට කඩා වැටෙනකන් මේ බාස්ලා දෙන්නා අඳුරේ අතපත ගානවා.
ගෙදරකට ගිය කලක්... අනිච්චේ........
අන්තිමටම කියන්න තියෙන්නෙ මෙච්චරයි. කවදාවත් රනිල්, රාජපක්ෂ හවුලකින් විසදුම් බලාපොරොත්තු වෙන්න එපා.

