මගමරුවා - තෙල් කරවලයා 😍🐍 (Thel Karawalaya)

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    මගමරුවා - තෙල් කරවලයා 😍🐍 (Thel Karawalaya) - Your Choice Way

    දේහය
    පිරිමැද්දාක් මෙන් දිලිසෙන සිලින්ඩරාකාර මධ්‍යම ප්‍රමාණයේ දේහය. පැහැදිලිව වෙන් වූ ගෙලක් රහිතය. වටකුරු හා කෙටි හොම්බක් සහිත හිස. කුඩා ප්‍රමාණයේ ඇස් පිහිටා ඇත. නාස් විවරය තරමක් විශාලය. උදරය වටකුරුය. ක්‍රමයෙන් උල්වන කෙටි වලිගයකි.

    කොරල
    මධ්‍ය දේහයේ හරස් කොරල පේලි 15, ශරීර කොරල සුමුදුය, ඉතා දිලිසෙනසුලුය. කශේ කොරල පැහැදිලි ලෙස පර්ශුක කොරල වලට වඩා විශාලය, ෂඩාශ්‍රාකාරය. උදරීය කොරල 194-234. නොබෙදුනු ගුද කොරලය. පෞච්ඡ උදරීය කොරල 30-56 (නොබෙදුනු. ලලාට කොරලය පළල මෙන් දෙගුණයක් පමණ දිගුය· අන්තර් නාස් කොරල යුගලයකි. පූර්ව අක්‍ෂි ඵලක කොරල 1 (ඉතා සුළු වශයෙන් හිස මුදුන දක්වා විහිදේ. අපර අක්‍ෂි ඵලක කොරල 2. ලොරියල් කොරල නොමැත· ශංඛක කොරල 1–2. අධ්‍යධර කොරල 7 (පළමු කොරල තුන ප්‍රමාණයෙන් එක සමානය, 3 හා 4 වන කොරල ඇස හා ස්පර්ශ වේ. යටි අධරීය කොරල 4.

    වර්ණය
    පෘෂ්ඨීයව දිප්තිමත් කළු පැහැති වන අතර සුදු පැහැති, සිහින් හරස් පටි යුගල 20-25ක් පමණ වලිගය කෙළවර තෙක් පිහිටය. ඇතැම් සතුන්ගේ කශේ කොරල පෙල දිගේ සුදු පැහැති පුල්ලි පෙලකි. වයස්ගත වැඩුනු සතුන්ගේ සුදු පටි දක්නට නොලැබේ. ඇස කළු පැහැතිය. පැටවුන්ගේ ඇසට ඉදිරිපසින් හා පිටුපසින් සුදු ඉරි දෙකකි. උදරීයව සුදු පැහැති වන අතර වෙනත් සලකුණු නොමැත.

    දිග
    උපතේදී මි.මී. 200-250 (අඟල් 7-9), වැඩුණු සතුන් මි.මී. 800 - 1700 (අඟල් 31-66).

    හැසිරීම
    නිශාචරය. දිවා කාලයේදී ඉතා අලසව කොලරොඩු, ගල්ගොඩවල් ආදිය යට සැඟවී සිටින මොවුන් රාත‍්‍රි කාලයේදී ඉතා ක්‍රියාශීලීය. ජලය ආශ‍්‍රිත ස්ථානවලට වැඩි කැමැත්තක් දක්වයි. නොකිපෙනසුලූ මෙම සර්පයින් කලබල වූ විට ශරීරය පැතලි කොට, දඟර ගැසී, හිස එම දඟරය තුළ සඟවා ගැනීමට තැත් කරයි. නමුත් පැටවුන් ඇතැම්විට තම වලිග කෙළවර ඉහළට ඔසවා සොලවනු දැකිය හැක. පිරිමි සතුන් වසම් (Territorial) රකින අතර ප්‍රජනන සමයේදී පිරිමි සතුන් එකිනෙකා හා වෙලී සටන් රංගනවල යෙදෙනු දැකිය හැක. වරකට බිත්තර 6-12ක් පමණ දමන අතර ගැහැණු සතා ඒවා ආරක්‍ෂා කරයි.

    ආහාර
    ප්‍රධාන වශයෙන් වෙනත් කුඩා සර්පයින්. ඊට අමතරව මීයන්, හූනන්, ගෙම්බන් සහ සිකනලූන්. තමාට වඩා දිගින් වැඩි සතුන් වුවද ගිලදැමිය හැක. ස්වජාතිභක්ෂණයද පෙන්වයි.

    විෂ
    මෙරට වෙසෙන උග්‍රතම විෂැති භෞමීය සර්පයෙකි. ප්‍රොටෙරොග්ලයිපස් (Proteroglyphous) වර්ගයේ විෂ දළ පිහිටයි. දෂ්ඨ කිරීමේදී, සැලකිය යුතු වේලාවක් ගොදුර සපාගෙන සිටී. බොහෝමයක් දෂ්ඨන රාත‍්‍රී කාලයේදී බිම නිදාසිටි පුද්ගලයින්ගෙන් වාර්තා වේ. විෂ ප්‍රධාන වශයෙන් ස්නායු පද්ධතිය අඩපණ කිරීමට බලපායි. ස්ථානීය රෝග ලක්ෂණ සාමාන්‍ය වේදනාව, දෂ්ඨ ස්ථානය අවට ඉදිමීම, ශාරීරික රෝග ලක්ෂණ උදරයේ වේදනාව (Abdominal pain), ඇසේ කළු ඉංගිරියාව වැසී තිබීම, ඇසි පිය කඩා හැලීම (Ptosis), හුස්ම ගැනීමේ අපහසුව හා හුස්ම හිරවීම, මුඛය විවර කිරීමේ, කතා කිරීමේ සහ දිව පිටතට දැමීමේ අපහසුව, සිහිනැතිවීම සහ කම්පනය, නිසි ප්‍රතිකාර ලබානොදුනහොත් රෝගියා මරණයට පත්විය හැක.

    ව්‍යාප්තිය
    පහතරට වියළි කලාපයේ ප්‍රදේශ රැසකින්ද, අතරමැදි කලාපයේ ප්‍රදේශ කිහිපයකින්ද හමුවී ඇත. පානම, පොතුවිල්, යාල, බුන්දල, අනුරාධපුර, මැදවච්චිය, ගල්නෑව, මහඉලූප්පලලම, පොළොන්නරුව, හබරණ, මීගමුව, සේරුකැලේ, පුත්තලම, කුරුණෑගල, වේයන්ගොඩ, හලාවත, වාලච්චේන, කෝකිලායි, කතරගම, ඌව පතන, මින්නේරිය, නාච්චාදුව , තබ්බෝව, නකල්ස් වියළි කලාපය

    මෙවැනි ලිපි දිනපතා කියවන්න අපගේ wishmitha lokaya app එක google play එකෙන් install කර ගන්න.

    Original Post Click Here
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    කරවලා හඳුනගන්න පහසුම විදිය මේකෙ කියල නෑනේ.කොන්ද දිගට ෂඩස්‍රාකාර කොරල පේලියක් තියෙනවා.ඒකෙන් තමා අඳුනගන්නෙ.පෙනුමෙන් කරවලුන්ට සමාන නිර්විෂ රදනකයින්ගෙ මේ කොරල පේලිය නෑ.මේ ලිපි ලියවෙන්න ඕන සර්පයො ගැන නොදන්න අයට දැනගන්න.අඳුනගන්න ලේසි වෙන්න.උඩ විස්තරේ තියෙන්නෙ සතා ගැන හොඳටම දන්න අයට අමතර විස්තර ටිකක්.ඔය කියල තියෙන කොරල ජාති මේක කියවන උන්ගෙන් 1%ක් වත් දන් නෑ.ඒ නිසා ටිකක් සරලව ලියන්න මීට පස්සේ
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මුං ගහල තමා ලංකාවෙ ගොඩක් අය මැරෙන්නෙ..
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    කරවලා හඳුනගන්න පහසුම විදිය මේකෙ කියල නෑනේ.කොන්ද දිගට ෂඩස්‍රාකාර කොරල පේලියක් තියෙනවා.ඒකෙන් තමා අඳුනගන්නෙ.පෙනුමෙන් කරවලුන්ට සමාන නිර්විෂ රදනකයින්ගෙ මේ කොරල පේලිය නෑ.මේ ලිපි ලියවෙන්න ඕන සර්පයො ගැන නොදන්න අයට දැනගන්න.අඳුනගන්න ලේසි වෙන්න.උඩ විස්තරේ තියෙන්නෙ සතා ගැන හොඳටම දන්න අයට අමතර විස්තර ටිකක්.ඔය කියල තියෙන කොරල ජාති මේක කියවන උන්ගෙන් 1%ක් වත් දන් නෑ.ඒ නිසා ටිකක් සරලව ලියන්න මීට පස්සේ
    මේක තමා වැදගත්ම දේ.
     
    • Like
    Reactions: netudara and S_M_S

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    නිර්විශ රදනකයින්ගේ පෙනුමත් කරවලුන්ට ටිකක් සමානයි.
    https://elakiri.com/threads/මේකෙක්-ගෙදරට-ආවහම-උඹලා-මොනවද-කරන්නෙ.1951059/

    @Sathira529 කියපු පිට මැද, පිට දිගේ තියෙන පැහැදිලි ෂඩස්‍රාකාර කොරල පේලිය මෙයාලාගෙ නෑ.


    (දාර රදනකයා)


    lycodonaulicus1.jpg

    (අලු රදනකයා)
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    කරවලා හඳුනගන්න පහසුම විදිය මේකෙ කියල නෑනේ.කොන්ද දිගට ෂඩස්‍රාකාර කොරල පේලියක් තියෙනවා.ඒකෙන් තමා අඳුනගන්නෙ.පෙනුමෙන් කරවලුන්ට සමාන නිර්විෂ රදනකයින්ගෙ මේ කොරල පේලිය නෑ.මේ ලිපි ලියවෙන්න ඕන සර්පයො ගැන නොදන්න අයට දැනගන්න.අඳුනගන්න ලේසි වෙන්න.උඩ විස්තරේ තියෙන්නෙ සතා ගැන හොඳටම දන්න අයට අමතර විස්තර ටිකක්.ඔය කියල තියෙන කොරල ජාති මේක කියවන උන්ගෙන් 1%ක් වත් දන් නෑ.ඒ නිසා ටිකක් සරලව ලියන්න මීට පස්සේ
    ඔව් තෙල් කරවලාගෙන් රදනකයාව වෙන් කරගන්න එක ඉතා වැදගත් නිරපරදෙ රදනකයින්ව මරනව කරවල්ලු කියලා. තෙල් කරවලාව උනත මරන එක අනුමත කරන්නෙ නෑ
     
    • Like
    Reactions: netudara

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    විෂ ගොර සර්පයා දැක නෑර මොඩයා
    දෙරණ මත තුඹසයා
    තුඹස තුල නාගයා
    විශඝෝර සර්පයා
    දැක නාරු මෝඩයා

    ඕක දහම් ගැටයක්. ශරීරයේ (තුඹසේ) ඉන්න තෘශ්ණාව (සර්පයා) නසා දමන්න කියලා කියන්නෙ. සර්පයො මරන්න නෙමේ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ
    දෙරණ මත තුඹසයා
    තුඹස තුල නාගයා
    විශඝෝර සර්පයා
    දැක නාරු මෝඩයා

    ඕක දහම් ගැටයක්. ශරීරයේ (තුඹසේ) ඉන්න තෘශ්ණාව (සර්පයා) නසා දමන්න කියලා කියන්නෙ. සර්පයො මරන්න නෙමේ.
    ඔව් මම නම් ඉස්සර ගැර ඩී ඇරෙන්න අනිත් එවුන් ට ෂෝට් එක දුන්නා . ඒත් දැන්නම් එහෙම කරන්නේ නැහැ .
    ඔය පොලොන්ගු වගේ සර්පයෝ නම් අත අරින්න හොඳ නැහැ . පැන පැන හපනවා
     
    • Like
    Reactions: netudara