මගී ගුවන් යානය නූලෙන් බේරිලා

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    මගී ගුවන් යානය නූලෙන් බේරිලා

    නූලෙන් බේරිලා


    image_b06a8c3105.jpg

    තුර්කි ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් ගොඩබෑමට යද්දී, ලිස්සා ගොස් අසල පිහිටි ප්‍රපාතයකින් මූදට වැටීමට ගොස් නූලෙන් බේරුණු පුවතක් වාර්තා වේ.
    මෙම සිද්ධිය වාර්තා වන්නේ තුර්කියේ ට්‍රබ්සෝන් නමැති ගුවන්තොටුපොළෙනි. මෙම ගුවන්තොටුපොළ පිහිටා ඇත්තේ කළු මුහුදට ආසන්නයේය.
    image_ce551503e9.jpg

    යානය ගොඩබෑමට යද්දී ධාවන පථයේ තිබුණු අයිස් තට්ටු හේතුවෙන් එය ලිස්සා යන්න විය. නියමුවන් දෙදෙනාට එය පාලනය කර ගැනීමට අසීරු විය. යානය අසල ප්‍රපාතයෙන් මූදට වැටෙන්න ඔන්න මෙන්න තිබියදී නතර විය.
    මෙම අකරතැබ්බට මුහුණ දෙද්දී, බෝයිං 737-800 වර්ගයේ මගී යානයේ සිටි පිරිස 169 කි. සිද්ධියෙන් යානයේ සිටි සැවොම මහත් බියටත් කම්පානයටත් පත් වුණැයි තුර්කි පුවත් සේවා වාර්තා කරයි.
    (ඬේලිමේල්)
     
    • Like
    Reactions: ^Buddhika^

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වැටුනත් අවුලක් නෑ බං ඒ හරියෙ මුහුද ඒ හැටි ගැඹුරු නෑ අනික එයා පෝට් එකත් ලඟ හින්ද ඔහොම දෙයක් වුනොත් කරන්න දේවල් සේරම ලෑස්ති කරං ඇත්තෙ :yes: අපරාදෙ උන්ට පෙරහුරුවක් ලැබෙන්නත් එක්ක පොඩ්ඩක් මුහුදට වැටෙන්න තිබ්බෙ :yes: