You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
Sri Lank, India ferry opens new route for people, vehicles
ඉන්දියාව හා ලංකාව අතර ආරම්භ කළ මගී නැව් සේවාවෙන් තමන්ගේ වාහනයද ඉන්දියාවට හෝ ලංකාවට රැගෙන යමින් එම රටවල තමාගේම වාහනයකින් සංචාරය කිරීමට අවස්ථාව සලසා තිබෙන බව අදාළ නැව් සේවාවේ ප්‍රධානියෙකු කියයි.
ඉන්දියාව හා ලංකාව අතර Scotia Prince නැව මගින් මගී නැව් සේවාවක් පවත්වාගෙන යන Flemingo Liners සමාගමේ ප්‍රධාන විධායක, P K Thimmayya මේ බව කොළඹදී අප සමග පැවසීය.
මෙහීදී, තමන්ගේ මෝටර් රථය, යතුරු පැදිය ඇතුළු පුද්ගලික වාහන මෙම නැවෙන් ප්‍රවාහනය කිරීම මේ වනවිටත් ආරම්භ කර තිබෙන බවත් ඉදිරියේදී එය තවත් පුළුල් කිරීමට බලාපොරොත්තු වන බවත් හෙතෙම සඳහන් කළේය.
මෙසේ රැගෙන යන වාහන වලින් ගමන් කිරීමට අදාළ රටෙන් අවසර ලබාගත යුතු බවත් මේ පිළිබඳව ඉන්දියාව හා ලංකාව යන දෙරටේ බළධාරීන් දැනුවත් කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
පසුගිය ජුනි මාසයේදී ආරම්භ වූ මෙම මගී නැව් සේවය කොළඹ හා දකුණු ඉන්දියාවේ ටුටිකොරින් දක්වා සතියකට දෙවතාවක් ක්‍රියාත්මක වේ.
flemingo
thnx
datz ma next destination
u work therE?