එක පාරටම වෙඩින් හෝල් එකේ කරන්ට් ගියා. ඉතිරි වුනේ අඩ අඳුර. විනාඩි දහයකින් විතර කරන්ට් එනකොට මනමාලි නටනවා. කොහෙද ඉඳන් දුවගෙන ආපු තරුණ මනමාල මහත්තයත් බොහොම අමාරුවෙන් මනමාලි ලඟින් ඉඳගෙන නටනවා. දෙපැත්තෙන්ම ආපු වැඩිහිටියෝ අනේ අපොයි... කියාගෙන ඒ කාලෙ නොතිබිච්ච මේ කාලෙ විච්චූරන දිහා බලාගෙන ඉන්නවා.
ගෙට ආ කල ටිකිරි ලියා
නුබ වේවිලු කඹරගොයා
ලිදට ගියත් අවසරයක් ගන්නට වේවී
දත ගලවා අතේ තියා
නුබ නටවයි ඒ ලමයා
පනවාලා දරුණු දණ්ඩ බන්දන නීතී
මංගල තෑග්ග ෆිල්ම් එකේ තිබ්බ ඔබ සින්දුව මට මතක් වුනේ අමාරුවෙන් නටන මනමාලයාගේ නැටිල්ල දැකලා. ඔය ගිය සතියේ මම ගියපු කළුතර වෙඩින් එකක වෙච්ච සිද්ධියක්.
මේ සතියේ ලියන්නේ වෙඩින් ගැන. මගේ කාර්යමණ්ඩලයේ හිටපු රංග ද සිල්වාගේ ලගම ඥාතියෙක්ගේ වෙඩින් එකක් තිබුණා කළුතර පයාගල. මේක මීට අවුරුදු තුනකට විතර කලින් සිද්ධවෙච්ච සිද්ධියක්. මගුල් ගෙදර ඉහලම මට්ටමේ. වෙස් බැදපු නැට්ටුවෝ තව එක පැත්තක නටනවා. අනිත් පැත්තේ සංගීත කණ්ඩායම පෙර සූදානම් වෙනවා. හතර වටේම ෆොටෝ ගහලා ඉවර උනාට පස්සේ ජෝඩුව ආවා හෝල් එකට. දැන් ටික ටික අත්සන් කරන්න තිබුණ නැකැත් වෙලාවත් පහු වෙනවා. මමත් පැන සාක්කුවේ දමාගෙන වාඩිවෙලා බලන් ඉන්නවා සාක්ෂියට අත්සන් කරන්න. බැරිම තැන මම ඇහුවා රංග දැන් අත්සන් කරන නැකැත් වෙලාව පහු වෙලා. මොකද වෙලා තියෙන්නේ කියලා.
“මාර වැඩේනේ ඇමතිතුමා, හැමදේම හරි කවුරුවත් රෙජිස්ටාර්ට එන්න කියලා නෑනේ....”
ඔන්න අද කාලේ වෙඩින්. ප්‍රීෂූටින් එකේ ඉදන් හනිමුන් යන කාර් එකේ ඩෙකරේෂන් දක්වා හැම දේම හරි. හැබැයි කසාද බදින්න ඕනම විවාහ රෙජිස්ටාර් ගෙදර.
මම ආපහු මුලට යනවා. ගැහැණු පාර්ශවයේ නැටිලි ගැන පෞද්ගලික මට ඇති ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඕනෑම මගුල් ගෙදරක ප්‍රධානම චරිතය තමයි මනමාලි. ඔය මනමාලි නටන්න ගියාම මුළු මගුල්ගෙදරම තියෙන සාම්ප්‍රදායික ගතිය වතුරේ යනවා. යුවතිපති දෙපලට ආශිර්වාද කරන්න හිතන් ආපු වැඩිහිටියොම හිතන්න ගන්නවා යකෝ මේකි දැන් මෙහෙම නටනවානම් ඉස්සරහට කොහොම නටයිද කියලා.
ඔය නැටිල්ල නිසා හැම මගුල්ගෙදරකම සතුට තුල සැගවිලා තියෙන දුක යන්න යනවා. ඒ කියන්නේ හනිමූන් යන කොට අඩන්න හිටපු මනමාලි මහත්මියට මූඩ් චේන්ජ් කරන්න අමතක වෙනවා. නටල නටල හෙම්බත් වුණු මනමාලියට අමතක වෙනවා අනේ තව ටිකකින් මම මගේ අම්මා තාත්තා තනිකරලා අලුත් ජීවිතයකට යන්න යනවා නේද කියලා. අන්න එහෙම අමතක උනහම අඩන්නත් ඒ දරුවාට අමතක වෙනවා. අවසානයේ කව්ද දන්නවාද අඩන්න හැමෝටම මතක් කරලා දෙන්නේ? සංගීත කණ්ඩායම. කොහොමද දන්නවාද? මෙන්න මෙහෙම.
පුංචි දවස් වල නින්දට යද්දී
පීතු පාදන් නමා මහන් කියලා..
වැන්ද දෙපා යලි අදත් වදින්නම්
මංගල ගමනට යන්න අවසරයි පියානෙනි..
නටපු නැටිල්ලේ දහඩිය වේලෙන්නත් කලින් අඩන්න මතක්කර දුන්නට වර්තමාන පරපුර ස්තූති කරන්න ඕන අජන්තා රණසිංහ මහත්තයාට. ඊට පස්සේ සුජාතා අත්තනායක මහත්මියට. ඊටත් පස්සේ සංගීත කණ්ඩායමට.
අද කාලේ කුමාරතුංග මුනිදාස මහත්තයා හිටියා නම් මගුල් කෑම ලියන්නේ ඔයිට වඩා හුගක් වෙනස් විදියට. කුකුලාගමුවේ මගුල පාලනය කරන්න මැදිහත් වෙන්නේ නරි. අද කාලේ මගුල තමන්ගේ අතට ගන්නේ ඡායාරූප ශිල්පී මහත්වරු. දෙමව්පියන්ට වදින ඉරියව්ව පවා තීරණය කරන්නේ අන්න ඒ මහත්වරු.
රටටම පේන්න හෝල් එකේ මගුල් කෑවත් අවසානයේ ගෙදර කපල් එක තනිවෙන්නේ ණයත් එක්ක. වෙඩින් කාඩ් එකේ ඉදන් මිනිස්සු උත්සාහ කරන්නේ තමන්ගේ තත්වය පෙන්වන්න. වෙඩින් ඇල්බම් හදන්න ලක්ෂ ගණන් වියදම් කරත් අන්තිමේ ඕක බලන්න ඉන්නේ බැදපු මනමාලියි, නැන්දම්මයි විතරයි. ඕක තමයි අත්ත. හොදටම බීලා අතට දෙන Thank you card එකෙන් දත් හාරන පිරිමි ඉන්න රටක් මේක.
සාදය මාරයි සල්ලි හමාරයි කියලා හැමෝටම තේරුම් යන්නේ බැන්දට පස්සේ. හැබැයි ඒ ලබන ඇත්දැකීමෙන් ඇති ප්‍රයෝජනයක් නෑ. මොකද මිනිස්සු ගෙයක් හදන්නෙත් කසාද බදින්නෙත් එකම එක වතාවක් විතරක් හින්දා. මම කසාදේ ගැන ලියපු තීරු ලිපිය අවසන් කරනවා යමුනා මාලිනී මහත්මියගෙන්. ඒ ණයට ගත් සාජ්ජය කියන පොතේ තියෙන කවියකින්.
මධු පුරති සැමියෝ
පුර සාරමෙනි බිරියෝ
වැලි කෙළිති දරුවෝ
උගුල ඇද හිනැහෙති - ගෙහිමියෝ
ලොකු කම් පෙන්නුවත්
අසල් වැසි සිත් තැවුවත්
ගත් ණයෙනි නිදහස්
වෙනුයෙ කෙළෙසද - හඬයි උන් සිත්
උපුටා ගැනීමකි
https://www.facebook.com/nirmala.profile/posts/1011061415688908