මගේ සිත් අහස...

Aura_S

Member
May 10, 2017
72
11
0
අතින් අත පටලවා හිනැහෙන
සිතේ ලතැවුල් නිවා සුව දෙන
මහිස රඳවන විසල් උරහිස
ඒ ඔබම විනි නම්
අද මේ සුසුම් මට නෑ

රිදුම් දී හද සුසුම් ලන විට
එබී මුවගට සිනා මට දෙන
කඳුළු පිසලන මෘදු දෙඅත් යුග
ඒ ඔබම විනි නම්
අද මේ රිදුම් මට නෑ

පතා එන ලෙස සසර හුරුවට
සැබෑ කරමින් මැවූ සිහිනය
එකට එක්කර බැඳුන දෑඟිලි
ඒ ඔබම විනි නම්
අද මේ කඳුළු මට නෑ
 
Last edited: