මගෙ අම්ම අප්පට බනින්නේ ඇයි.. වරද ක‍්‍රීඩකයන්ගේ..- ශම්මි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    60,437
    56,024
    113
    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලෝක කුසලාන තරගාවලියේදී අත් වූ ඉරණමෙන් පසු තමන්ටත් තම දෙමව්පියන්ටත් සමාජ ජාලාවල බැන වදින බව ‍ශ‍්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා සඳහන් කරයි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට ක්‍රිකට් ආයතනය විසින් ලොව ඉහළම මට්ටමේ ක්‍රීඩකයන්ට සිදු කරන ආකාරයේ වියදමක් දරා ඇති බවද ඔහු පැවසීය.


    නමුත් තරග වදිද්දී ඇතැම් තීරණ සම්බන්ධයෙන් තමන් පවා පුදුමයට පත් වූ බවද ඔහු කියා සිටී.


    කෙසේ වෙතත් ක්‍රිකට් ආයතනය කොතරම් වියදම් කළද ක්‍රීඩා කරන්නේ ක්‍රීඩකයන් විසින් බවත් එම වගකීම ඔවුන් සතු බවත් හෙතෙම කියයි.


    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධනය කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කර ඇති බවත් ඉදිරියේදී පැවැත්වෙන තරගාවලි සඳහා ජයග්‍රහණය කිරීමට සූදානම් කරවන බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.


    කොළඹදී පැවති උත්සවයක් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කරන ලදී.
     

    Bigspin

    Well-known member
  • May 27, 2007
    3,936
    3,257
    113
    LONDON
    අම්මට විතරක් තොගේ බැනල මදි….තාත්තට හෙන ගහන්න ඕනේ කොපුවක් නොදැමිමට….

    copied above comment from lankacnews comments section. Sums up my thoughts.
     
    • Like
    Reactions: ChoronaSottiya