මගෙ Phone අත්දැකීම් ටික

wall-e

Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    මගෙ Phone අත්දැකීම් ටික

    මම දැක්කා thread එකක් තියෙනව තමගෙ පලවෙනි Phone එක ගැන....

    ඒක දැකපු නිසා මට මගෙ Phone අත්දැකීම් ටික පොඩ්ඩක් ඔය කට්ටිය එක්ක බෙදා ගන්න හිතුනා ....

    මම මුලින්ම Phone එකක් පාවිච්චි කලෙ A/L දෙවනි අවුරුද්දෙ...18 දි....
    Phone එක අරන් දුන්නෙ තත්තා......හෙතුව මම නුගේගොඩ Class ගිහින් ජා ඇල එන හින් දා අතර මග තාත්තා හිටියොත් ,තාත්ත ට කතා කරලා එයත් එක්ක මට Bike එකෙ එන්න....
    ඒක ත් රු.1000 කට හරි ඊටත් අඩු හරි Sony Ericsson එකක්...පොඩි අලු පාට phone එකක්..

    මම අවුරුදු 18ක් වෙනකන් ගෙදරින් Phone:no: එකක් ඉල්ලුවෙ නැ.... මොක ද මම දැන ගෙන හිටිය ඔය වයසෙදි
    Phone එකකින් අපිට ලොකු සෙතක් නැ කියල​.....ඉස්කොලෙ නම් යාලුවො හැමොට ම වගෙ Phone තිබ්බා..
    උන් ගොඩක් උන් කලෙ මල් කඩපු එක​...(class කට් කරලා fees අර ගෙන ලව් කරාට අද නම් එකෙක්ගෙ වත් ඕව දැන් නෑ)

    මෙ කියන දේවල් සිද්ද වෙන්නෙ 2008 අවුරුද්දෙ වගෙ....ඔය කාලෙ Nokia හොඳ Phones ටිකක් තිබ්බා...

    හැබැයි ඉතින් මගෙ Phone එක හෙන චා..... සමහරක් වෙලාවට බස් එකෙ එහෙම කෝල් එකක් ගද්දි මටම හිනා මගෙ Phone එකයි ..අනිත් උන් ගෙ ඒවයි දැක්ක ම​....

    ඊට පස්සෙ ජොබ් එකක් කරන කාලෙ..... මම 2009 ඉඳන් 2011 වෙනකන් ජොබ් 10ක් විතර කරල තියෙනව​..
    හැබැයි එක මගුලක් වත් හරියට කර ගත්තෙ නැ......වැඩි කාලයක් කලෙ ගෙදර ඉන්න එක:(​...
    ඉතින් phone එකක් ගන්නව තියා කොන්ඩෙ කපන්න සල්ලි ත් ගෙදරින් ඉල්ල ගන්නෙ :oo:​....

    හබැයි ඔය කාලෙ මට අයියා පරන phone:D කට්ටක් හොයල දුන්නා,, මෙන්න මේක​...
    nokia_1112_thumb.jpg
    :D
    ඔය කාලෙත් පාරෙ තොටෙ යනකොට මම හොඳ phone දකිනව​..අපෙ යලුවො ගාව​...සමහරක් නෑදෑ පොඩි එවුන් ගාව එහෙම අලුතින් ම එන phone තිබ්බා....:nerd:

    අපෙ කට්ටිය සෙට් වුනාම ..ඔන්න ඉතින් අලුත් phone ගැන කතා කරන්න ගන්නව​....මම ඉතින් ඔලුව වන වන ඔහෙ අහ ගෙන ඉන්නවා...:oo::nerd:

    2011 දි වගෙ මට තාත්තා එයගෙ phone එක දෙනවා...:D
    Sony Ericsson K510
    k510.jpg


    ඔන්න ඉතින් කොල්ලා කැමරාවක් තියෙන phone එකක් පාවිච්චි කරන්න ගන්නවා...:D:(

    2011 දිම මම පලවෙනි වතාවට මගේ ම කියල phone එකක් ගන්නවා:D ....

    Micro max එකක්...රු .3000 හරි 3500ක් වගෙ....
    x2261._micromax-x226-mobile-phone.jpg


    ඊටත් පස්සෙ කොල්ල ගන්නවා ටච් ස්කිරීන් phone එකක්...samsung GTS 5230...සෙකන්ඩ් හෑන්ඩ් එකක්....
    රු.11000 කට වගෙ....
    Samsung-GT-S5230-STAR-White.jpg
    :love::love:

    තාමත් මා ගාව තියෙන්නෙ මේක​.....phone එක 5,6 පාරක් බිම වැටිල තියෙන්නෙ....එක පාරක් ටච් එක හැදුව​....ඒත් මුන් ඒක හරියට හදල නැ....

    මේක පාවිච්චි කරන්න පුලුවන් මට විතරයි...ටච් එක හෙන තදයි...ඔබන්න ඕන බටන් එක ට පල්ලැහින් තමයි ඔබන්න ඕන..හෙන ගේමක්.....:nerd:

    phone එකෙ මෙමරි කාඩ් එකත් හදන්න දුන්න වෙලාවෙ මුන් නැති කරලා......:frown:.

    දැන් phone එකට ම තියෙන්නෙ....සිංදු 3යි....ලංකාවෙදි ගත්ත photo 15ක් වගෙ විතරයි....:(

    වැඩ ඉවර වෙලා කාබරයට ගියාම කරන්න දෙයක් නැ....ඔය photos ටික බලනවා.....පරන massages ආයේ ආයෙ කියවනවා......වැඩි වෙලා මුකුත් කරන්න බැ...ඉක්මනට බැට්‍රි බහිනව​.....:nerd:

    මෙහෙ හැමොම ගාව තියෙන්නෙ S3, S4.. apple.....පිස්සු කොර​:P.....

    phone එක අපි හැමෝට ම වැදගත් තමයි.......ඒ වගේම ඔය phone හින් දා කොච්චර ප්‍රශ්න වෙනවද​.....

    කොල්ලො කෙල්ලො.....පොඩ්ඩක් උස මහත් වෙලා එන කොට ...අම්මල තාත්ත ල කන්න යනව හොඳ phone:angry: එකක් අරන් දෙන්න කියල​....

    ඊට පස්සෙ ඔකෙන් ලොකෙ නැති ලෙඩ දාගන්නවා:rolleyes:.........

    නිසි වයට ඇවිත් phone එකක් පාවිච්චියට ගන්නව නම් අවුලක් නැ.........

    නිකමට වගෙ මේ ටික කෙටුවෙ.....ඕක තමයි දැනට මගෙ අත්දැකිම් ටික​..:D
     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    ඔය ෆෝන් සීන් පරිස්සමෙන් දාපන්... මෙතනත් වලි යන්න බැරි නෑ .. කොහෙද බන් 2008 දී රුපියල් 1000 ට ෆෝන් කියලා අහලා .... :lol::lol::lol::lol:
     

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    එල මචන් මගෙත් ෆස්ට් ෆොනේ එක නොකිය 1110 එක එක අරන් දුන්නේ මගේ නංගි, මොකද එයාට මට කලින් ජොබක් සෙට් උනා.. ඒක ගොඩ කාලයක් පාවිච්චි කලා ඊට පස්සේ මගේම කියල සල්ලි වලින් තව නොකියාවක් ගතත යාළුවෙක්ගෙන් 9000ට දැන් තියෙන්නේ සැම්සුන් කොබියක් අප්පා දැන් අවරුදු දෙකකටට් වැඩි මන් හිතන්නේ බට්ටිනම් සුපිරි දවස් තුනකට හතරකට සැරයක් චාර්ජ් කරනවා, හැබැයි ටිකක් පොකට් එකට ලොකු වගේ, මට තේරුම් ගන්න බැරි ඒස3 එක ඒ තරම් තඩි ෆොනේ එකක් අතේ උස්සන් යන්නේ කොමද කියන එක කමක් න ඉතින් එක එක්කෙනාගේ මානසික මට්ටමනේ. දැන් අයෙත් පොඩි ෆෝන් එකක් ගන්න ඕනේ, මන් කිව්වේ කෝල් විතරක් ගන්න පුළුවන් හික්ස්
     

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    එල මචන් මගෙත් ෆස්ට් ෆොනේ එක නොකිය 1110 එක එක අරන් දුන්නේ මගේ නංගි, මොකද එයාට මට කලින් ජොබක් සෙට් උනා.. ඒක ගොඩ කාලයක් පාවිච්චි කලා ඊට පස්සේ මගේම කියල සල්ලි වලින් තව නොකියාවක් ගතත යාළුවෙක්ගෙන් 9000ට දැන් තියෙන්නේ සැම්සුන් කොබියක් අප්පා දැන් අවරුදු දෙකකටට් වැඩි මන් හිතන්නේ බට්ටිනම් සුපිරි දවස් තුනකට හතරකට සැරයක් චාර්ජ් කරනවා, හැබැයි ටිකක් පොකට් එකට ලොකු වගේ, මට තේරුම් ගන්න බැරි ඒස3 එක ඒ තරම් තඩි ෆොනේ එකක් අතේ උස්සන් යන්නේ කොමද කියන එක කමක් න ඉතින් එක එක්කෙනාගේ මානසික මට්ටමනේ. දැන් අයෙත් පොඩි ෆෝන් එකක් ගන්න ඕනේ, මන් කිව්වේ කෝල් විතරක් ගන්න පුළුවන් හික්ස්

    :D එදැන් එහෙම phoneහොය ගන්න හෙන ගෙමක් දෙන්න ඔන​:P...ලොල්ස්