මගෙ_කෙල්ලට

hiranlahiru2015

Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha

    මගෙ කෙල්ලට ඔය කියන රොග ලක්ශන තියෙනව බං.. මොනවද කරන්නෙ කියල හිතාගන්න බෑ..
    පහල තියෙන ආටිකල් එක කියවල. කරන්න ඔනී මොනවද බං. එයාගෙ ගෙදරින් kandy වල doctor කෙනෙක් ට පෙන්නල.. එයා කියල බයවෙන්න දෙයක් නෑ කියල.. එත් මගෙ හිතට මාරම අව්ල් බං.. ඇගේ රතුපාට ලප තියෙනව. ටික කාලයක් තිබ්ල නිකන්ම අඩුවෙනවලු.. ප්ලේට්ලට් අඩුවෙනව එක පාරටම.. ගොඩක් වෙලාවට ඔලුව රිදෙනවලු... ඇස් දෙකත් රිදෙනවලු පෙලක් වෙලාවට.. තද නිදිමතක් තියෙනවලු බං..


    Net eke thibba article eka me >>>>>>>

    ඩෙංගු රෝගය නැවත වතාවක් හිස ඔසවමින් ප්‍රදේශ රැසක සීඝ්‍රයෙන් පැතිර යමින් තිබේ. රෝගීන් සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ ඩෙංගු රෝග මරණ ද වාර්තා වීමට පටන් ගෙන ඇත. මේ නිසාම ඩෙංගු පිළිබඳව සමාජ කතාබහ යළිත් කරළියට පැමිණ තිබේ. මෙම රෝගයේ එක් අවදානම් තත්ත්වයක් වන්නේ රුධිර පට්ටිකා ප්‍රමාණය ඉතා සීඝ්‍ර ලෙස පහත බැසීමෙන් ඇතිවිය හැකි අධි රුධිරවහන තත්ත්වයයි. ඩෙංගු රෝගයට අමතරව රුධිර පට්ටිකා අඩුවිය හැකි තවත් රෝග තත්ත්වයන් කිහිපයක් පවතින නිසා ඩෙංගු සම්බන්ධව මෙන්ම රුධිර පට්ටිකා හා සම්බන්ධ සෙසු රෝග පිළිබඳව ද අප වැඩි සැලකිල්ලක් සමඟ දැනුවත්ව සිටීම කාලෝචිත අවශ්‍යතාවයකි.

    ලූපස් (Lupus), ලියුකීමියා (Leukemia), සෙප්ටිසීමියා (Septicemia) මෙන්ම එච්.අයි.වී (HIV) රෝග තත්ත්ව වලදී රුධිර පට්ටිකා ප්‍රමාණය අඩුවීමක් පෙන්නුම් කරයි. මෙම රෝග සැලකූ විට දැකිය හැකි පොදු ලක්ෂණයක් වන්නේ රුධිර පට්ටිකා අඩුවීමට අමතරව උණ තත්ත්වයක් දක්නට ලැබීමයි. මෙමඟින් ශරීරයේ අනෙකුත් අවයවයන්ට ඇති වන බලපෑම් හේතුවෙන් නොයෙකුත් රෝග ලක්ෂණ මතුවීම තවත් විශේෂ කරුණකි. ඉහත රෝගවලට අමතරව රුධිර පට්ටිකා ප්‍රමාණය අඩු වන, ජනතා අවධානයට එතරම් පාත්‍ර නොවූ තවත් රෝගයක් ද තිබේ. අයි.ටී.පී. ITP යන කෙටි යෙදුමින් පෙන්නුම් කෙරෙන අනෙකුත් රෝගවලින් වෙනස් වන අතර මෙම රෝගීන් තුළ අධි රුධිර වහනයකදී මතුවවන රෝග ලක්ෂණ හැරෙන්නට වෙනත් රෝග ලක්ෂණ දක්නට නොලැබෙයි.

    අයි.ටි.පී රෝගය යනු කුමක්ද?

    අයි.ටි.පී යනු ඉමියුන් ත්‍රොම්බොසයිටොපිනික් පර්පියුරා (Immune thrombocytopenic purpura) නමැති රෝගයට ඇති කෙටි නාමයයි. අතීතයේදී මෙම රෝගය හඳුන්වනු ලැබුවේ ඉඩියෝපතික් ත්‍රොම්බ්‍රොසයිටොපිනික් පර්පියුරා Idiopathic thrombocytopenic purpura) නමිනි.

    මෙම රෝගය සුලබව දැකිය හැකිද?

    සෑම වසරකම වැඩිහිටියන් ලක්ෂයකින් තිදෙනෙකු පමණ මෙම රෝගයට ගොදුරුවන බව හඳුනාගෙන ඇත. පිරිමින්ට වඩා කාන්තාවන් අයි.ටී.පී. රෝගයට ගොදුරු වීමේ වැඩි ප්‍රවණතාවක් පවතින අතර කුඩා ළමුන්ට ද මෙය වැළඳීමේ හැකියාවක් ඇතත් වැඩිහිටියන්ට මෙන් දීර්ඝකාලීනව ඔවුන්ට ගැටලු ඇති නොකරයි.

    අයි.ටි.පි රෝගය සෑදෙන්නේ කෙසේද?

    රුධිර පට්ටිකාවලට විරුද්ධව ඇතිවන ප්‍රතිදේහ හේතුවෙන් රුධිර පට්ටිකා විනාශ විම මෙම රෝගයට හේතුවයි. ප්ලිහාව තුළ මෙම පට්ටිකා සීඝ්‍ර ලෙස විනාශ වීම සිදුවෙයි. මෙලෙස පට්ටිකාවලට විරුද්ධ ප්‍රතිදේහ නිපදවනුයේ ශරීරයේ ප්‍රතිදේහ ශක්ති ක්‍රියාවලියේ ඇතිවන වෙනස්කම් හේතුවෙනි.

    මෙහි රෝග ලක්ෂණ කවරේද?

    රුධිර පට්ටිකා විනාශ වීම හේතුවෙන් අධික ලෙස රුධිරය වහනය වීමක් සිදුවෙයි. මෙම අධි රුධිර වහනය ශරීරයේ නොයෙකුත් අවයව ආශි‍්‍රතව සිදුවීමට පුළුවන. අධි රුධිර වහනය සමඟින් නිදන්ගත රෝග ලක්ෂණ හා විටමින් ඌනතා රෝග ලක්ෂණ දැකිය හැකි නම් එම රෝගියාට ඇත්තේ අයි.ටි.පි රෝගය නොවීමට බොහෝ සෙයින් ඉඩ ඇත. උදාහරණයක් ලෙස පිළිකා රෝගියකු අධි රුධිර වහනයට ලක්වීම පෙන්වා දිය හැකිය. එම රෝගියාගේ ශරීරය කෘෂවීමේ ලක්ෂණ දකින්නට ලැබුණත් එය අයි.ටි.පි රෝගය ලෙස වරදවා වටහා නොගත යුතුය.

    අයි.ටි.පි රෝගයේ දැකිය හැකි සුලබ රෝග ලක්ෂණ වන්නේ මොනවාද?

    සම මතුපිට දැකිය හැකි රතු පැහැති ලප සහ පැල්ලම්

    ශිරාවකින් රුධිරය ලබාගත් ස්ථානයක ඇතිවිය හැකි රුධිර වහනය

    විදුරුමස්වලින් ලේ ගැලීම

    රුධිර පීඩන මානයකින් රුධිර පීඩනය මැන බැලූ ස්ථානයකට පහළින් රතු පැහැති ලප ඇතිවීම.

    ඇතැම්විටක රුධිර පට්ටිකා ඉතා පහළ තත්ත්වයක පැවතීමෙන් මොළය තුළට රුධිරය වහනය වීමක් සිදුවිය හැකිය. මේ හේතුවෙන් හිසරදය, අධික නිදිමත බව සහ සිහි කල්පනාව වෙනස් වීමට ඉඩ ඇත.

    අයි.ටි.පි රෝගය හඳුනාගත හැක්කේ කෙසේද?

    සම්පූර්ණ රුධිර පරික්ෂාව

    රුධිරයේ රතු රුධිරාණු සහ සුදු රුධිරාණුවල වෙනසක් නොමැතිව පට්ටිකා ප්‍රමාණය පමණක් අඩු අගයක තිබීම මෙම රෝගයේ දැකිය හැකි ප්‍රධාන ලක්ෂණයකි. ඇතැම් විටෙක රුධිර පට්ටිකා ඇති වීමට බලපෑ හැකි ඇතැම් රෝග තත්ත්වයන් ද ඇට මිදුළු පරික්ෂාවෙන් හඳුනාගෙන හැක.

    රුධිර පට්ටිකාවලට විරුද්ධව ඇතිවෙන ප්‍රතිදේහ මෙම පරික්ෂණය ඉතාම මිල අධික පරික්ෂණයකි. අයි.ටි.පි රෝගීන් ගෙන් 90%ක පමණ ම මෙම ප්‍රතිදේහ දැකිය හැක.

    අයි.ටි.පි රෝගයට ප්‍රතිකාර කරන්නේ කෙසේද

    මෙම රෝගයට නිශ්චිත ප්‍රතිකාර ක්‍රමයක් නැත. වාසානාවකට මෙන් මෙම රෝගය සෑදෙන ළමුන් සුළු කාලයක් තුළදී යථා තත්ත්වයට පත්වෙයි.

    එසේ වුවත් වැඩිහිටි අවධියේදී මෙම රෝගය සෑදුනු විට පහතින් දැක්වෙන ප්‍රතිකාර ලබාදිය හැක. ප්‍රෙඩ්නිඩිලෝන් වැනි ඖෂධ වර්ග මෙම රෝගය පාලනය කිරීමට සුලබව භාවිතා කෙරෙන අතර ඇතැම් අවස්ථාවල රුධිර පට්ටිකා ප්‍රමාණය සුළු කාලයක් ඇතුළත ඉහළ දැමීමට ඉමියුනෝග්ලොබියුලීන් වැනි ඉතා මිල අධික ඖෂධ ද භාවිතා කෙරෙයි.

    රුධිර පට්ටිකා අඩු වූ විට පිටතින් ලබා දීම නිෂ්ඵල ක්‍රියාවක් බවට විශ්වාසයක් පවතිනවා නේද?

    ඉහතින් සඳහන් කළ ඖෂධවලින් නිසි ප්‍රතිඵලයක් නැති වූ විට ප්ලීහාව ශල්‍යකර්මයක් මඟින් ඉවත් කිරීමෙන් රුධිර පට්ටිකා විනාශ වීම අවම කරගත හැකියි.
     

    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    තව දෙයක්.. නංගිගෙ අම්මට Leukemia තිබිල හොද වෙලා.. කෙල්ලත් හොදටම බයවෙලා ඉන්නෙ බං.. උබල දන්න හොද doctor කෙනෙක් ඉනන්වද මෙ සම්බන්දව...
    උන්ගෙ ගෙදර උන්ටත් ගානක් නෑවගෙ bn
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    40,898
    54,420
    113
    Colombo
    affair eka gewal walin danne ne bn.. kella inne kandy bn, eya ammalata kiyala bn, doctor kiwwalu bayawenna deyak ne, hodata kema kanna kiyala. eth mata marama awla bn..

    umbawath welawaka ekka gena gihin specialist kenekta wath pennapan.

    dath kiumbula ayyagen ahapan poddak balanna
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    තව දෙයක්.. නංගිගෙ අම්මට Leukemia තිබිල හොද වෙලා.. කෙල්ලත් හොදටම බයවෙලා ඉන්නෙ බං.. උබල දන්න හොද doctor කෙනෙක් ඉනන්වද මෙ සම්බන්දව...
    උන්ගෙ ගෙදර උන්ටත් ගානක් නෑවගෙ bn

    doctor prashnayak naa kiwwanam boho wita prashnayak nathiwa athi . specialist kenekuta pennanna :)
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    doctor kenekta pennanda affair eka gedarin danagena inda one nane.
    hoda specialist kenekwa channel karala pennapan.

    loku aulak nathuwa athi samaharawita.

    ikmanata karana ekak karapan