මගේ ආදරේ මට නැති උනා...

Apr 27, 2012
29
14
0
මගේ ආදරේ මට නැති උනා...

මේක වෙලා දැන් 1 year විතර වෙනවා...එළකිරි එකේ ගොඩක් අය මේ වගේ තමන්ට උන දේවල් දාලා තිබුන නිසා මටත් හිතුනා මේක දාන්න ....



අපි දෙන්නගේ ආදරේ පටන් ගත්තේ ඉස්කෝලේ යන කාලේ .... ඒ කියන්නේ 10 වසරේදී ...එතකොට එයා A / L කරනවා ....අපි දෙන්නම ගියේ එකම ඉස්කෝලෙට...එයා නම් 1 වසරේ ඉදන්ම ගියේ ඒකට ... මම 5 වසරේ ශිෂත්වේ පාස් වෙලා ඒ ඉස්කෝලෙට ආවේ .... අපි දෙන්නගේ ආදරේට මුලින්ම කිසිම බාදාවක් තිබුනේ නැහැ ...ඒ කාලේ මතක් වෙනකොටත් සුන්දරයි... ලේසියට එයා අරවින්ද කියන්නම් ...මට සාපේක්ෂව අරවින්දලට සල්ලි තිබුනා ...එයාලගේ අප්පච්චි කලේ බිස්නස් ... එයා A / L පාස් උනත් එයාට කැම්පස් යන්න marks මදි උනා ... ඒක නිසා එයා private කැම්පස් එකකට ඇතුල් උනා IT ඉගෙන ගන්න ... ඒ වෙනකොටත් අපි දෙන්නගේ ගෙවල් වලින් අපේ affair එක ගැන දැන ගෙන හිටියේ නැහැ ... ඒ වෙනකොටත් අපේ affair එකට 2 years විතර උනා...තව දෙයක් කියන්න බැරි උනානේ...මම 10 වසරේ ඉන්නකොට අරවින්දගෙන් විතරක් නෙමෙයි ආදර යෝජනා ආවේ..කීප දෙනෙක්ම මගෙන් ඇහුවා ..ඒ අතරින් කෙනෙක් තමයි කවිඳු ...අනිත් හැම දෙනාවම මග ඇරියත් වෙලාවකට කවිඳු මහා වදයක් උනා..එකට හේතුව උනේ කවිඳු හිටියේ අපේ පන්තියෙමයි ..මම kochara අකමැති උනත් එයා දිගින් දිගටම මගේ පස්සෙන් ආවා...කවිඳු ට අකමැති වෙන්න හේතුව උනේ එයාට පුංචි දේකටත් ඉක්මනටම තරහ යනවා...නැත්නම් එයා හරිම හොද ළමයෙක් ...ඒත් අන්තිමට මම කැමති උනේ අරවින්දට...එයා හරිම ලස්සනට අඳින පිළිවෙලකට ඉන්න කෙනෙක්...ටික දවසක් ගියාට පස්සේ කවිඳු ගෙන් කරදරයක් තිබුනේ නැහැ...එයා මගෙත් එක්ක කතා කළේවත් නැහැ...නිතරම මාව මග ඇරිය ..මට තාම මතකයි එයා කියපුවා... එයා දිගින් දිගටම kiuwe අරවින්දට කැමැති වෙන්න එපා කියලා . ..අරවින්දට සල්ලි තියෙනවා ..සල්ලි කාරයෝ විශ්වාස කරන එපා කිවුවා ...එයාලගේ ගෙදරිනුත් ඔයාට කවදාවත් කැමති වෙන එකක් නැහැ කිවුවා ..ඒවා මම විශ්වාස කලේ නැහැ ....මම හිතුවේ කවිඳු එහෙම කියන්නේ අරවින්ද ව මට එපා කරවල එයාට කැමැත්ත ගන්න කියලා ...A / L කරනකොටත් කවින්දුයි මමයි එකම පන්තියේ හිටියේ ...අපි දෙන්නම කලේ ගණිත අංශයෙන් ..එතකොට නම් කවිඳු මගෙත් එක්ක කතා කලා...අපි යාලුවෝ වගේ හිටියේ...කවිඳු ටත් හොදට වැඩ පුළුවන් ..කවිඳු හැබැයි එයාගේ studies වැඩ කලා මිසක් girl කෙනෙක් හිටියේ නැහැ ..
 
Apr 27, 2012
29
14
0
කවිඳු ඒ දවස් වලත් ඇහුවා දැන් දෙන්නගෙම affair එක ගෙදරින් දන්නවද කියලා...මම කිවුවා තාම නම් දන්නේ නැහැ කියලා .. කවිඳු කිවුවා මම ගැන වැරදියට නම් හිතන්න එපා ,ඒත් දැන් affair එකට 2 year වෙන නිසා ගෙවල් වලට කිවුවා නම් හොදයි නේද කියලා ... ඇත්තටම මටත් කියන්න ආසාවක් තිබුනා ...හැබැයි කියන්න බයයි ...හැබැයි ටික කාලයක් යනකොට ගෙදරට ආරංචි වෙලා තිබුනා ...ඒ මමයි අරවින්දවයි එකට කතා කර කර ඉන්නවා දැකල තිබුනා අපේ නැන්ද කෙනෙක් ... ගෙදරින් මට මුලින්ම හොදටම බැන්න...මුලින්ම හොදට ඉගෙන ගන්න කිවුවා ..පස්සේ ඕව ගැන හිතන්න කිවුවා ...ඒත් මට දැනුන දෙයක් තමයි අපේ ගෙදරින් මට බැන්නට එයාලත් අරවින්දට අකමැත්තක් තිබුනේ නැහැ ...අම්ම දවසක් ඇහුවා දැන් ඕව ගැන එයාලගේ ගෙදරින් දන්නවද කියලා ...මම කිවුවා තාම නම් දන්නේ නැහැ කියලා ...මමත් නිතරම අරවින්දට ඔය ගැන කිවුවා ..අපි දෙන්නගේ affair එක ගැන ගෙදරට කියන්න කියලා ..ඒ හැම වෙලාවකම එයා මොකක් හරි හේතුවක් කිය කියා මග හැරියා ...එක පාරක් අරවින්ද මට පොරොන්දු උනා අහවල් දවසට කලින් මේ ගැන ගෙදරට කියනවා කියලා ...ඒත් එයා ඒ පොරොන්දුවත් කැඩුවා ...එයින් පස්සේ නම් මමත් ඒ ගැන එයාගෙන් ඇහුවේ නැහැ...ඔය අතරේ මම A / L exam එක කලා ..මට marks මදි උනා කැම්පස් යන්න ........එතකොට අරවින්ද campas 1a 1 st year ... ඒ වෙනකොට අපේ affair එකට 4 years වෙනවා...මම ගොඩක් කාලෙකට පස්සේ අයෙත් අරවින්දට කිවුවා මේක ගැන ඔයාට ගෙදරට කියන්න උවමනාවක් නැතිද කියලා ...එයා ඒ ගමන කිවුවා මේ පාර නම් මම කියන්නම් කියලා..ඔය ප්‍රශ්නෙදි අරවින්ද නිතරම අහන දෙයක් තමයි මාව විශ්වාස නැද්ද කියලා ...ටික දවසකින් එයා මට කිවුවා අපේ affair එක ගැන ගෙදරට කිවුවා කියලා ..මම ගොඩක් බයෙන් හිටියේ එයාලගේ ගෙදරින් මට අකමැති වෙයි කියලා ...මම ඉතින් ඇහුවා ...අම්මල මොකද කියන්නේ ..අප්පච්චි ඔයාට බැන්නද කියලා ...එයා කිවුවා ,නැහැ එහෙම බැන්නේ නැහැ මම ගැන විස්තර ඇහුවා කිවුවා ...මම එදා ගොඩක් සතුටු උනා ...හැබැයි ඒ සතුට වැඩි දවසක් තිබුනේ නැහැ ...එයා රට යන්න හැදුවා එයාගේ final year 1 කරන්න ...එයා කිවුවේ රට ගියොත් එයාගේ degree එක 3 years වලින් complete කරන්න පුළුවන් නැත්නම් ලංකාවේ හිටියොත් 4 years යනවා කියලා ..මම එදා ගොඩක් ඇඩුවා ...පුදුම දුකක් දැනුනේ ..අරවින්ද නම් කිවුවේ 1 year නේ ..ඉක්මනටම ගෙවිල යාවි කියලා ...කොහොම හරි හිත හදාගෙන මම 2 පාරටත් exam කලා ..result ආපු දවසේ මට පුදුම සතුටක් තිබුනේ ..අපේ ගෙදර අයටත් එහෙමයි ...මම හොදට exam පාස් වෙලා තිබුනා ..අරවින්දත් ගොඩක් සතුටු උනා ..මට ඊටත් වඩා සතුටු වෙන්න හේතුවක් තිබුනා ...ඒ තමයි අරවින්ද 3 rd year කරන්න රට යනවා කිවුවට රට ගියේ නැහැ ...එයා ලංකාවේ ඉදන්ම degree එක complete කරනවා කිවුවා ...හේතුව විදියට එයා කිවුවේ රට ගිහින් වියදම් කරන්න සල්ලි නැහැ ..අප්පච්චි loan එකක් අරන් හිර වෙලා තියෙන්නේ කියලා ...
 
Apr 27, 2012
29
14
0
කොහොම හරි මම කැම්පස් select උනා ..කවින්දුත් කැම්පස් select වෙලා තිබුනා ...හැබැයි අපි දෙන්න field දෙකක ...ඒත් වැඩි දවසක් ගියේ නැහැ කවිඳු බෝට්ටුවකින් අපේ කැම්පස් එකේම අපේ field එකට ආවා ..අපි 2 ම එකම batch එකේ...ඒ වෙනකොට අපිට රැග් එකත් පටන් අරගෙන තිබුනේ ...මගෙයි අරවින්දගෙයි affair එකට 6 years උනා .. එතකොට අරවින්දත් එයාගේ final year එක ...ඒ අතරේම එයා ඒ කැම්පස් එකේම instructer කෙනෙක් විදියට වැඩ කලා ...ටික දවසක් යනකොට කවිඳුට batch 1ma girl කෙනෙක් සෙට් උනා ... ටික දවසක් යනකොට මට තේරුණා අරවින්ද මාව මග අරිනවා කියලා ...එයා නිතරම මාව බලන්න ආවේ නැහැ ...සමහර වෙලාවට 4n එකත් off කරලා තිබුනේ ...මම එයාගෙන් කෙලින්ම මේ ගැන ඇහුවා ...ඇයි මාව මග අරින්නේ කියලා ..


එයා කිවුවා අපි මේක නතර කරමු කියලා ...මට හිතා ගන්න බැරි උනා ..මම ඇහුවා ඔයාට එහෙම කරන්න පුලුවන්ද ...මට නම එහෙම බැහැ කියලා ...මම ඇහුවා මොකක්ද හේතුව කියලා ..? එයා කිවුවේ අප්පච්චි loan අරන් හිර වෙලා ඉන්නේ ..එයාල ඉන්න ගෙදරයි ඉඩමයි සින්න වෙන්න යනවලු ...මේ වෙලාවේ ලොකු ගානක් හොයා ගන්න විදියක් නැහැ කිවුවා ...මම ඇහුවා ඉතින් මාව අමතක කරන හදන්නේ ඇයි කියලා ...එයා කිවුවේ අප්පචිගේ යාලුවෙක් එයාට proposal එකක් ගෙනත් තියෙනවා ...එයා ලොකු සල්ලි කාරයෙක්ලු ...දැවැද්ද විදියට ඉඩම් අක්කර ගානක් , හෝටලයක් හම්බ වෙනවලු ...ගෙදරින් බල කරනවලු ඒකට කැමති වෙන්න කියලා ...එයත් ගොඩක් දුකින් කතා කලේ....අපි දෙන්නම එදා ගොඩක් වෙලා ඇඩුවා ...කොහොම හරි අන්තිමට උනේ එයා කැම්පස් එකෙන් out උන ගමන් ඒ කියන girl wa marry කරලා රට ගියා ...එට පස්සේ මට msg 1wath ආවේ නැහැ ..මම දන්නේ නැහැ එයා කිවුවේ බොරුවක්ද කියලා ....ඒත් මට අන්තිමට ඉතුරු උනේ දුක විතරයි ..
 

1992buwa

Member
Apr 20, 2012
544
34
0
Gedara
Hi mage panthiyeth hitaya ohoma kelle mama kavindu wage eya 10,11 mage cls eke hitiye ita passe a/l walatath maths kare dennama eya 12,13 yr 2th hitiye mage cls eke mama nam me kathawe kavindu wage eya wena kenek ekka yalu unata passe anan manan kiwwe naha eth miniha wagema 10 wasare idan a/l iwara wenakanma wena girl kenek ekka yalu nowi eya ganama hopes thiyagena hitaya mama 2011 a/l mama mage panthiye hitapu mama hithin love karapu girl anithimata dakke a/l general test eka dawase mata thawamath eyawa mage oluwen ain karanna baha
 

MaxRaw

Junior member
  • Jul 23, 2011
    201
    9
    18
    Colombo
    හිදිවී කොතැනක හෝ.....! හිමිකාරයා උපන් උඹේ නමින්......! වඩීවී කෙදිනක හෝ....! ඒ එන තුරා.....! හිත හදාගෙන හිදින්.... ඩිල්ෂා ......!