හැමෝටම වගේ මටත් ලස්සන ආදර කතා 2ක් තියනවා. පළවෙනි කෙනාගෙ නම මාධවී. එයා ගොඩාක් ලස්සනයි. ස්වර්ණවාහිනියෙ නිල් නෙතු එකේ ඇක්ට් කරපු කෙනා වගේ. මම මුලු හිතින්ම එයාට ආදරේ කළා. කනකොට බොනකොටත් එයාව මතක් කළා. මගෙ හැම හීනෙකම හිටියේ එයා විතරමයි. විහිළුවකටවත් වෙන ගර්ල් කෙනෙක් දිහා බලන්න මට හිත දුන්නෙ නෑ. එයා ගොඩාක් අහිංසකයි. කාගේවත් මූණ දිහා බලල කතා කරන්නෙවත් නැහැ. එයා මට ආදරේ කරනවා කියල දැනුණු වෙලාවේ මට දැණුනු හැඟීම වචන වලින් මෙහෙමයි කියල විස්තර කරන්න බැහැ. එයාව මට මීට් වුණේ ඒලෙවල් ක්ලාස් එකකදි. එයා ඉගෙනගන්න සෑහෙන්න දක්ෂයි. සර්ලත් එයාගෙ ගැන ගොඩක් එක්ස්පෙක්ටේශන්ස් තියාගෙන හිටියා. එයා මට ආදරේ කරනවා කියල සර්ට දැනිලා. හැමදාම වගේ පන්තියෙදි එයාට සර් බනින්න ගත්තා. ඉස්සර වගේ නෙවේ දැන් නරක් වෙලා කියලා. එයා මම නිසා කාගෙන්වත් වචනයක් අහනවට මම කැමති උනේ නැහැ. මට මගේ ආදරේට වඩා වැදගත් උනේ එයාගේ ජීවිතේ. එයා තමන්ගෙ නම්බුව නැති කරගන්නවට මම කැමති උනේ නැහැ. ඉතින් මම එයාගෙ හිතින් මාව මකල දැම්මා. ඒත් කවදාවත් මම එයාව අමතක කළෙත් නැහැ. කරන්නෙත් නැහැ.
මේ ලඟදි මට නංගි කෙනෙක් හම්බ වුණා. එයා හැම විදියකින්ම මාධවී වගේමයි. තාම එයාව මීට් වෙලා සති දෙකයි. ඒත් එයා ඊයේ මට කිව්ව එයාට කෙනෙක් ඉන්නව කියලා. ඒ එක්කම එයා කිව්ව එයා මාස හයක් එයාගෙන් ඇවිත් ආදරේ ඉල්ලුවාලු. දැන් එයාලා අවුරුද්දක් ආදරේ කරනවලු. ඒත් එයා මාස 6ක් ඉල්ලපු ආදරේට වඩ වැඩි හැඟීමක් මාත් එක්ක හිටපු සති 2ට එයාට දැනුනලු. එයා මට ආදරේ කරනව කිව්වා. මාත් එයාට පණ වගේ ආදරෙයි. ඒත් අපි දෙන්නම කැමති නැහැ තවත් කෙනෙක්ට දුකක් දීලා සතුටින් ආදරේ කරන්න. ඒක නිසා අපි දෙන්න වෙන් වෙන්න තීරණය කළා. එයා ඊයේ ගොඩාක් ඇඬුවා. මගේ ඇස් වලටත් කඳුලක් ආවේ නෑ කිව්වොත් ඒක බොරුවක්. අපි දෙන්නම ඊයෙ තමයි දන්නෙ අපි දෙන්නට දෙන්න ගොඩක් ආදරේ කරලා අපි දෙන්නම ගොඩක් ළං වෙලා ඉන්නේ කියලා. ඉතින් තවමත් අපි දෙන්න අපි දෙන්න ගැන හිත හිත වෙන් වෙලා ඉන්නවා. එයා මට ලැබුණෙ නැතත් මට සතුටුයි අපි දෙන්නා ටික දවසකට හරි ඇත්තටම ආදරේ කළා කියලා. අපි දෙන්නගෙ හිත් වල අපි දෙන්න සදහටම ඉඳීවී.
ඔයාගේ ආදර කතාවත් කැමති නම් මේ ත්රෙඩ් එකට දාන්න....

Last edited:

karanawa 
කෙනෙක්ගෙ හිත රිදවල සතුටු වෙන එක නම් හරි නෑ තමයි.