මම කසුන්ට කිව්වා අපේ ගෙදර තිබුන තත්වය කොයි වගේද කියලා. ඒ වගේම මහේෂ් ගැනත් කිව්වා ...මම නිවාඩු දවස් වලට ගෙදර ගියාම මහේෂ් එනවා කොහෙන් හරි, මට නම් හිතුන විදියට අපේ අම්මලම තමයි මහේෂ් ට පණිවිඩේ දෙන්නේ ...ඒ හැම වෙලාවකම මම එයාව මග ඇරියා ..බැරිම වෙලාවක එයත් එක්ක කතා කලා.පස්සේ පස්සේ එයා මම බෝඩිමේ ඉන්න කොටත් call කරන්න ගත්තා .. මේක මහම වදයක් උනා ...මම කසුන්ටත් කිව්වා මේ ගැන ...කොහොම හරි මම කතා කරන්න අකැමති නිසා වෙන්න ඇති මේ බව මහේෂ් ට තේරුණා ..මහේෂ් මගෙන් කෙලින්ම ඇහුවා මේ විදියට මග අරින්නේ ඇයි කියල ..මම ඒකට කෙලින් උත්තරයක් දුන්නේ නැහැ..පස්සේ එයාම ඇහුවා කැම්පස් එකේ කෙනෙක්ට ඔය ආදරේ කරනවද කියලා ... නංගි එහෙම boy කෙනෙක් ඉන්නවා නම් කියන්න කියලා...ඇත්තටම එයා හරිම හොද ඒ වගේම අවන්කයි .එයා කිව්වා මේ වගක් ගෙදරට කියන්නේ නෑ කියලා... පස්සේ මම මහේෂ් ට ඇත්තම කිව්වා .මේ උන දේත් මම කසුන්ට කිව්වා ..මටත් හරිම පුදුමයි .. ඊට පස්සේ වැඩිය මහේෂ් මට කතා කලේ නෑ..ඉදල හිටලා කතා කරලා සැප දුක් ඇහුවා ..දවසක් කතා කරලා කිව්වා එයා රට යනවා කියලා අයෙත් එන්නේ මස 6 ඉන් කියලා කිව්වා ... මම ඇහුව ඇයි රට යන්නේ ,බිස්නස් වැඩකටද කියලා.එත් මහේෂ් අයිය ඒකට හරි උත්තරයක් දුන්නේ නැහැ.