මගේ කටේ පස්‌

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    මගේ කටේ පස්‌
    කෝටි ගණනක්‌ උඩ වසර 10 ක්‌ 'නිදාගත්'
    ලුණුගම්වෙහෙර මැණික්‌ ඉඩමේ පදිංචිකරු


    Manik.jpg


    "මැණික්‌ ගලේ පය හැපුණත් කණා යයි නොදැක මැණික කියලා.. නොදැක මැණික කියලා.. අප අතර සිටි ප්‍රවීණ ගායන ශිල්පියකු වූ මොහිදින් බෙග් මහතා වරක්‌ සිය ප්‍රේම යුග ගීතයකදී එක්‌තරා අවසානාවන්තයකු පිළිබඳ ඉඟි කර තිබුණේ එලෙසිනි.

    මේ සියලු කතා සහ ඉඟි බිඟි කෙසේ වුවද ගමක්‌ වාසනාවන්ත වෙද්දී අවසානාවන්තයකු වූ මිනිසකු ඉකුත් දිනෙක මට මුණ ගැසුණේ අහම්බයක්‌ ලෙසිනි.

    දිනය ඉකුත් සඳුදා විය. "සමන් ලුණුගම්වෙහෙරෙ මැණික්‌ ඉඩමේ අයිතිකාරයා කොම්පඤ්ඤවීදියේ තැනකට ඇවිත් ඉන්නවා.. ආවොත් හොඳ කතාවක්‌ තියෙයි..

    එදින රාත්‍රි 7.00 ට පමණ මා සේවය නිමවී නිවසට යැමට සූදානම් වෙද්දී එක්‌වරම පිටකොටුව ස්‌වයං රැකියා සම්මේලනයේ සභාපති මහින්ද කහඳගම මහතා දුරකථන ඇමැතුමක්‌ දෙමින් මට කියන්නට විය.

    "කොම්පඤ්ඤවීදියේ කොතනද ඉන්නේ.. මා පෙරලා මහින්ද කහඳගම මහතාගෙන් විමසීය. "වළේ.. (මේ වළ කකුමක්‌දැයා පසුව දිනෙක හෙළි කරන්නෙමි) කොම්පඤ්ඤවීදියේ වළේ දැන් ඉන්නවා.. පුළුවන්නම් ඉක්‌මනට එන්න.. හේ පිළිතුරු දෙන්නට විය.

    දෙවරක්‌ සිතන්නට දෙයක්‌ නැත. සැබැවින්ම ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ ඉකුත් සතියේ සිදුවූ සිදුවීම් දෙස බැලීමේදී සුපිරි කතාවක්‌ ඔහු තුළ නිධන්ගතව තිබිය හැකි බව මටද නොරහසකි.

    එනිසාම දෙවරක්‌ නොසිතූ මමත් ඡායාරූප ශිල්පී වැලිපිටියත් කොම්පඤ්ඤවීදිය බලා පිටත්වූයෙමු. කොළඹ හිටියද වැඩි දෙනකු හරිහැටි නොදන්නා කොම්පඤ්ඤවීදියේ වළ වෙත අපි වැඩි කාලයක්‌ නොගෙවාම ළඟා වූයෙමු.

    අප යන විට මේ කතාවේ කතා නායකයා එහි නොවීය. එහෙත් මා දන්නා හඳුනන සගයෝ කිහිප දෙනක්‌ එහි වූහ. එහෙත් මාගේ පැමිණීම ඔවුන්ට ප්‍රහේලිකාවක්‌ වූ බව ඒ මහුණු තුළ වූ ප්‍රශ්නාර්ථය කියාපෑවේය. "මල්ලි කෝ අර ඇවිත් හිටපු කෙනා.. මම ඔවුන්ගෙන් විමසුවෙමි.

    "කවුද? එකෙක්‌ මා විමසයි.. "අර ලුණුගම්වෙහෙරෙ මැණික්‌ ඉඩමේ හිටපු කෙනා.. සගයන්ගේ සිහියට මා පැමිණි කාරණය වැටහෙන්නට වූයේ එවිටය.

    "ආ.. දැන් මෙතන හිටියා.. පොඩ්ඩක්‌ පාරට ගියා.. අයියා ඔහොම ඉන්න.. මම ගිහින් එක්‌කගෙන එන්නම්.. එකෙනෙහි එක්‌ සගයකු පාර දෙසට යන්නට වූයේ අනිකුන් මටත් වැලිපිටියටත් අසුන් දෙකක්‌ පනවන අතරේමය.

    ගත වූයේ සුළු කාලයකි. පාර දෙසට ගිය සගයා තවමත් තරුණ වියේ සිටින කොල්ලෙකු සමග මතු වෙමින් මා ඉදිරියට ආවේය.

    සියල්ලට පෙර මම ඔහු දෙස බැලුවෙමි. මොහු කෝටි ගණනක මැණික්‌ මතුවූ බිමක හිමිකරු වන්නේ කෙසේද? සිතට ඇති වූයේ ගැටලුවකි.

    එහෙත් ඒ මුහුණේ දුක, අපේක්‍ෂා භංගත්වය වැනි සටහන් රැසක්‌ ඇඳී තිබෙණුද ඔහු දෙස විමසීමෙන් බැලීමේදී පෙනෙන්නට විය. මම ඔහුට හිඳගන්නට යෑයි කීවෙමි. නමින් රුවන් චන්දන නම් වූ හේ අසළ වූ පුටුවක්‌ ඇද මා ඉදිරියේ හිඳ ගත්තේය.

    "මොකක්‌ද මල්ලි වුණේ.. ඔයාටත් මැණික්‌ හම්බ වුණාද? ඔයාගෙනේ ඉඩම දැන් ඉතින් ජීවිතේ සරු ඇති නේද? මම ඔහු විමසීමි.

    මොන සරුවක්‌ද මහත්තයෝ.. මගේ ඉඩමෙන් මුළු ගමම ගොඩ ගියා.. ඒත් මම මහ පාරට වැටුණා එච්චරයි වුණේ.. ඔහුගේ ඒ කතාවෙන් මම මොහොතකට වික්‍ෂිප්ත වූයෙමි. බොහෝ දනන් මේ මැණික්‌ කතාවේදී පාරවල් දිගේ පොදි කමින් මැණික්‌ ඇහිලූ අයුරු රටේ සියල්ලෝ ඒ සිදුවීමත් සමග මාධ්‍ය මගින් දුටුවෝය.

    එහෙත් දැන් මා ඉදිරියේ සිටින ඒ ඉඩමේ හිමිකරු වූ මේ තරුණයා කියනුයේ කුමක්‌ද? මේ හතරබීරි කතාවක්‌ම නොවන්නේද? සිතට සිතුවිලි ගොන්නක්‌ නැගෙමින් තිබේ. "ඒකියන්නේ මල්ලි.." නැගුණු සිතුවිලි සියල්ල රඳවා ගිනිමින් මම යළිත් ඔහු විමසීමි.

    "මෙහෙමයි මහත්තයෝ.. මම අවුරුදු දහයක්‌ ඔය ඉඩමේ හිටියා.. ඒක අක්‌කර පහක්‌ විතර ඇති.. මම ගොවිතැන් කළා.. හේනකුත් කළා.. ඒ ඉඩම මම අල්ල ගත්ත එකක්‌.. හැබැයි බලපත්‍රය ගන්න ඉල්ලුම් කරලා ගොඩක්‌ කල්.. ඒකට අවශ්‍ය හැම දෙයක්‌ම කරලා තිබුණේ..

    මේ අතරේ තමයි මම කසාද බැන්දේ.. මේ මැණික්‌ හම්බ වුණු ඉඩමට ඉඩම් දෙක තුනකට එහායින් තිබුණු තවත් ඉඩමක අපේ ගේ හදලා තිබුණේ.. මායි බිරිඳයි එතනයි පදිංචි වෙලා හිටියේ..

    ඔහොම ඉන්න අතරේ අපිට දරුවෙකුත් හම්බ වුණා.. ඒ දරුවා දැන් මොන්ටිසෝරි යනවා.. දරුවා හම්බ වුණාට පස්‌සේ කවුදොa පවරපු නඩුවකට අපි හිටිය ගේ කඩලා පිස්‌කල් එකෙන් අපිව එලෙව්වා.

    පස්‌සේ අපි මගේ අම්මලගේ ගෙදරට ඇවිත් පදිංචි වුණා.. ඒ වෙනකොටත් මේ ඉඩමේ මම වගා කරනවා.. ඒ විතරක්‌ නෙමේ මගේ අයියත් ගෙයක්‌ හදාගෙන ඒක පිටිපස්‌සට වෙන්න පදිංචි වෙලා හිටියා..

    මේ අතරේ මගේ බිරිඳට තවත් දරුවෙක්‌ ලැබෙන්න හිටියා.. දෙවෙනි දරුවා ලැබෙන්න හිටියට පස්‌සේ තමයි මම මේ ඉඩමේ ගෙයක්‌ හදන්න හිතුවේ.. ඒත් ඒකට ලොකු බාධාවක්‌ වෙලා ඉඩම මැද්දේ ලොකු පස්‌ කන්දක්‌ තිබුණා.. මම පුහුගිය දවස්‌වල දහඅතේ කල්පනා කර කර හිටියේ ඒක කපාලා අයින් කරන්නේ කොහොමද කියලා..

    එහෙම ඉන්නකොට තමයි මහත්තයෝ ලුණුගම්වෙහෙර පාර හදන වැඩ පටන් ගත්තේ.. දවසක්‌ මම දැක්‌කා පාර හදන මිනිස්‌සු තම්මැන්නා වැව ළඟ තැනකින් පස්‌ කපනවා.. මම ගියා එයාලා ළඟට.. ගිහින් ඇහුවා පස්‌ මොකටද කියලා..

    එතකොට එයාලා කිව්වා පාර ගොඩකරන්න පස්‌ ගන්නේ කියලා.. එවෙලේ මගේ හිතට ආවා මෙයාලට මගේ ඉඩමේ තියෙන පස්‌ කන්ද කපා ගන්න කිව්වා නම් ගේ හදන්න කන්ද නිසා තියෙන බාධාවත් නැති වෙලා මට ගේත් හදා ගන්න පුළුවන්නේ කියලා..

    එහෙම හිතලා මම කිව්වා ඒ මිනිස්‌සුන්ට මගේ ඉඩමේ තියෙන පස්‌ කන්ද කපලා පාරේ වැඩේට ගන්න.. එක ලොරියකට මට රුපියල් සියයක්‌ දෙන්න කියලා.. එතකොට එයාලා කිව්වා රුපියල් සියයක්‌ දෙන්න බැහැ කැමැති නම් රුපියල් පනහා ගණනේ ගන්නම් කියලා..

    දෙපාරක්‌ හිතුවේ නැහැ.. ඉඩම ලෙවල් කර ගන්න ඕන නිසා මම ඒකට කැමැති වුණා.. පස්‌සේ ඒ මිනිස්‌සු කියුබ් තුනක එක පස්‌ ලොරියකට මට රුපියල් පනහ ගණනේ දීලා පස්‌ කපාගෙන යන්න පටන් ගත්තා..

    ඒ විදිහට කන්ද ඉවර වෙනකල්ම එයාලා පස්‌ ලොරි දාහක්‌ විතර කපාගෙන ගියා.. ඒත් පාරට අවශ්‍ය පස්‌ මදි වුණා.. ඊට පස්‌සේ පාර හදන අය මගෙන් ඇහුවා ඉඩමෙන් තවත් පස්‌ ටිකක්‌ කපා ගන්නද කියලා.. මම කිව්වා කපා ගන්න හැබැයි ඒක ගොඩ කරලා දෙන්න කියලා.. එයාලා කැමැති වෙලා ඉඩම හාරලා තවත් පස්‌ ටිකක්‌ කපාගෙන ගිහින් පාරට දැම්මා..

    මේ අතරේ තමයි පාරට දාපු පස්‌ තුනී කරන්න පටන් ගත්තේ.. පස්‌ තුනී කරනකොට ඒ වාහන පස්‌සේ ගමේ ළමයි ගිහින් තියෙනවා.. එහෙම වාහන පස්‌සේ ගිය ගමේ ළමයි මොනවද ලස්‌සන ගල්වගයක්‌ දැකලා ඇහිඳගෙන සාක්‌කුවල දාගෙන එදා ගෙවල්වලට අරගෙන ගිහින්..

    මහත්තයෝ.. එදා ළමයි ඒ විදිහට ගෙවල්වලට අරගෙන ගිහින් තියෙන්නේ මැණික්‌.. ළමයි ඒවා අරගෙන ගිහින් සෙල්ලම් කරනකොට ගමයි ගෙවල්වල වැඩිහිටියෝ මේවා මැණික්‌ කියලා දැන ගත්තේ.. එයාලා ළමයින්ගෙන් අහලා මේවා කොහෙන්ද කියලා.. පස්‌සේ ළමයි කියලා පාරෙන් ඇහිඳ ගත්තේ කියලා..

    ඔය විදිහට තමයි ගමේ මිනිස්‌සු මැණික්‌ හොයන්න පාරටයි මගේ ඉඩමටයි කඩා පැන්නේ.. ඒ වෙනම්ම මම කිසි දෙයක්‌ දන්නේ නැහැ..

    හොඳම වැඩේ වෙලා තියෙන්නේ මිනිස්‌සු ඉඩමට කඩා පැන්න දවසේ.. එදා උදේම පස්‌ කපපු බැකෝ එකේ රියෑදුරා පස්‌ කප කප හිටිය වළට බැකෝ එකේ කුල්ල ගහලා උඩට උස්‌සනකොට ඒ පස්‌ ටිකත් එක්‌ක මැණික්‌ ගොඩක්‌ උඩට ඇවිල්ලා..

    ඒ එක්‌කම මිනිහා බැකෝ එක නවත්තලා වළට පැනලා ඒ තිබ්බ මැණික්‌ ටික ඔක්‌කොම අහුලගෙන හිමිහිට බැකෝ එකත් එතනම දාලා හිමිහිට මාරු වෙලා ගිහින් තියෙනවා..

    අන්තිමට ගමම පැනලා මගේ ඉඩමේ පොරකකා මැණික්‌ හෙව්වා.. මම මේ බවත් දැනගත්තේ අන්තිමට.. එතකොට ඔක්‌කොම අහවරයි.. මමත් ඒ මිනිස්‌සු ගොඩේ පොරකාලා ලක්‍ෂ දෙකක මැණිකක්‌ ඇහිඳ ගත්තා..

    පස්‌සේ හමුදාවයි පොලිසියයි ඇවිත් හැමෝම එලවලා ඉඩමට ආරක්‍ෂාව දැම්මා.. ඉඩම ස්‌වර්ණාභරණ අධිකාරියට පවරා ගත්තා.. මාවත් එලෙව්වා.. යාන්තම් ගමේ ග්‍රාම සේවක එක්‌ක තවත් කිට්‌ටිය එකතු වෙලා කරුණු පෙන්නුව හින්දා අයියට ගේ තිබුණු සීමාව විතරක්‌ දීලා මුළු ඉඩමම රජයට ගත්තා..

    මගේ ඉඩමේ තිබුණු මැණික්‌වලින් ගමම ගොඩ ගියා මහත්තයෝ.. ඒත් අන්තිමට මට වුණේ අවුරුදු දහයක්‌ මැණික්‌ උඩ හේන් වගා කරලා ලක්‍ෂ දෙකක මැණික්‌ කෑල්ලක්‌ ඇහිඳගෙන පාරට බහින්න..

    ගමේ එක ළමයෙක්‌ ඇහිඳපු මැණිකක්‌ කෝටි දෙකකට වික්‌කා කියලත් ආරංචියි.. ඒත් ඉතින් එකේන් දැන් මට ඇති වැඩේ මොකක්‌ද? මේක මගේ නොලැබීම මහත්තයෝ..

    හේ දැඩි කණස්‌සල්ලෙන් යුතුව මේ ටික කියාගෙන ගියේය. අවසානයේ දිගු සුසුමක්‌ හෙලා මා දෙසින් නෙත් ඉවතට ගත්තේය. සැබැවින්ම මේ අවාසනාවන්තයකු නොවේද?

    Manik1.jpg
    අනේ මහත්තයෝ.. දැන් මට දරුවෝ දෙන්නෙක්‌ ඉන්නවා.. පුළුවන් නම් ආණ්‌ඩුවට කියන්න මට ගෙයක්‌ හදා ගන්න ඉඩම් කෑල්ලක්‌වත් දෙන්න කියලා.. එහෙමවත් වෙනවා නම් ඒක ලොකු දෙයක්‌..

    පිස්‌කල් එකෙන් පවරගත්ත ඉඩමවත් මට හම්බ වෙනවා නම්.. හේ අවසානයට අසරණ ලෙස ඒ ටිකද කීය.

    මහත්වරුනි. මේ මැණික්‌ ලැබුණායෑයි කී ඉඩම දැන් මහා ධන්ස්‌කන්ධයකට වෙන්දේසි වී තිබිය හැකිය. එසේ නම් මේ මිනිසාගේ ඉල්ලීම වෙනුවෙන් අපි කුමක්‌ කරමුද?

    සමන් ගමගේ


     
    • Like
    Reactions: nvhcc89 and snoop