ඔහ්! මo දැක්කේ පළවෙනි නිර්මාණය විතරයිනේ. මේක නිර්මාණ පෙළක් නේ. මට හිතෙන්නේ මේක ඔයාගේ අත්දැකීමක් තුළින් කරපු නිර්මාණ පෙළක්. ඇත්තටම මේ වගේ නිර්මාණ වලින් හිතේ යම් දුකක් තියෙනවා නම් ඒක තුනී කරගන්න පුළුවන්. අපේ හිතට දැනෙන කිසිම හැඟීමක් සදාකාලික නෑ. අපට හිතුන වෙලාවට ම නැතත් ක්‍රම ක්‍රමයෙන් අපට අවශ්‍ය තැනට අපේ හිත ගෙනියන්න අපට පුළුවන්. මේ වගේ කවි නිර්මාණත් ඒ වගේ දේකට ප්‍රයෝජනයට ගන්න පුළුවන්. ඒත් කතාවක් තියෙනවා නේ "ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නෑ" කියලා. මේ කවි නිර්මාණ වල අදහස ට ටිකක් වෙනස් තේමාවන් වල නිර්මාණ කරන්න.
මo මේ ටික කිව්වේ මාත් ඔය කාලෙ පහු කළ නිසා. අපි ජීවත් වෙලා ඉන්න ටික කාලය තුල එකම දේකට බැඳිලා ඉන්න එක අපේ මිනිසත් බවට කරන අපරාධයක්. ඔයා මේ කළේ නිර්මාණයක් විතරයිනම් (මේ නිර්මාණ ඔයාගේ ජීවිතේට සම්බන්ධයක් නැත්නම් මට සමා වෙන්න )