මගේ කොණ්ඩ කිරිල්ලී
කොණ්ඩ කිරිල්ලියේ...
කවුද නුඹේ ප්‍රේමවන්තයා...
කරුණාරත්න දිවුල්ගනේ මහතා කියන මේ සිංදුව අහපු නැති කෙනෙක් නෑ නේ...
බොහෝ අවස්ථාවල යුවලක් වශයෙන් දක්නට ලැබීම මෙහෙම ලියන්න හේතු උනාද දන්නේත් නෑ...

කොණ්ඩ කුරුල්ලා දන්නේ නැති කෙනෙකුත් හොයාගන්න නෑ...
නිතරම දකින්න ලැබෙන කුරුල්ලෙකි...
හිස මත වූ කළු පාට කොණ්ඩය හා රතු පැහැති පසු ප්‍රදේශය අමතක නොවන පාරිසරික සලකුණු දෙකකි...
මේවා “ක්ෂේත්‍ර සලකුණු” ලෙස හඳුන්වයි...
මෙම සතුන්ට පිහිටා තිබෙන එම කොණ්ඩය වැනි පිහාටු මොවුන්ගේ ව්‍යවාහාරික නම ලැබීමටද හේතු වී තිබේ...
කොණ්ඩ කුරුල්ලන් ගලුගුඩුවන් යනුවෙන් ද හඳුන්වයි. "Bulbul" යනුවෙන් ඉංගී්රසි භාෂාවේ ව්‍යවහාර කරයි...
මෙම සතුන්ගේ විශේෂ 06ක් දැනට වාර්ථා වී ඇත...
එම විශේෂ පහත පරිදි වේ...
අළු පැහැති කළු ගතකි...
හිස මත කළු පැහැ කෙටි සිළුවකි...
හොට සහ කකුල් රතු පාටය...
වනාන්තරවල ඉහළ වියනේ සැරිසරයි...
බිත්තර දැමීම සඳහා ඇරුණු කූඩුවක් සාදයි...
උස ගස් මත පුංචි කෝප්පයක් සේ කැදැල්ල සාදා ගනී.
මෙම කුරුල්ලා පහත රට තෙත් කලාපයේ සහ කඳුකරයේ දැකීමට ලැබේ...
තද කහ පාට සහ ලා කොළ පැහැති හුරු උඩුකයකි...
හොටය සහ කකුල් කළු පාට ය.
යුවලක් ලෙස නිතර දැකීමට ලැබේ...
වනන්තරවල තෙත් අඳුරු තැන්වල නිතර ගැවසේ...
බිත්තර දැමීම සඳහා ඇරුණු කූඩුවක් සාදය...
කෙඳි සහ මුල් යනාදියෙන් කැදැල්ල සාදයි...
ගසක අත්තක හෝ කරුවක කෝප්පයක් සේ කැදැල්ලක් සාදා ගනී...
දුඹුරුවන් පිල් කළඹක් ඇති පක්ෂියෙකි...
හිස මත වූ කළු පාට උල් කොණ්ඩය නිසා පහසුවෙන් හඳුනාගත හැකි ය...
ගෙවල් සමීපයේ ගැවසෙන කුරුල්ලෙකි...
කැදලි සෑදීමට පවා ගෙවල්වලට පැමිණෙති...
බිත්තර දැමීම සඳහා වසර ගණනාවක් එකම ස්ථානයකට පැමිණෙන බව වාර්තා වේ...
ඇරුන කූඩුවක් සාදයි...
ලංකාවේ සෑම කලාපයකම දැකිය හැක...
අළු පැහැති උඩුකයක් සහ ළා පැහැති යටිකයක් ඇති කුරුල්ලෙකි...
ඉතා පැහැදිලිව දැකීමට ලැබෙන සුදු ඇහි බැමකි...
යුවලක් ලෙසින් නිතර හැසිරීම සිරිතකි...
පලතුරු හා ඉඳුණු කුඩා ගෙඩි කෑමට පි‍්‍රය කරයි...
නිවෙස් අසළ ද දැකීමට ලැයෙබ්...
ඇරුන කූඩුවක් සාදයි...
කෙඳි සහ මුල් ගෙන ගසක අත්තක හෝ කරුවක කූඩුවක් සාදයි...
කූඩුව කෝප්පයක හැඩ ගනී...
ශරීර කහවන් දුඹුරු - කොළ පාටය...
හිස කළු පැහැති ය...
හොට සහ කකුල් කළු පැහැති ය...
දිවයින පුරාම වනාන්තර ආශි‍්‍රතව ජීවත් වන කුරුල්ලෙකි...
යුවලක් ලෙසින් නිතර දැකීමට ලැබේ...
බිත්තර දැමීම සඳහා කෝප්පයක් වැනි කැදැල්ලක් සාදා ගනී...
වනාන්තර, ගෙවතු හා තෙත්බිම් යනාදියේ ද දැකීමට ලැබේ...
ලොවෙන්ම අප රටට පමණක් සීමා වූ කුරුල්ලෙකි...
කඳුරට ප්‍රදේශයෙ දැකීමට ලැබෙයි...
පැහැදිලි කහපාට කන් පිල්ගොනුවක් පවතී...
කුඩා රැළ ලෙසින් හැසිරීම සිරිතකි...
යුවලක් ලෙසින්ද නිතර වාර්තා වේ...
බිත්තර දැමීම සඳහා ඇරුණු කූඩුවක් සාදයි...
පාසි වලින් සහ මුල් වලින් කැදැල්ල සාදා ගනී...
මෙම වාර්ථා වන විශේෂ අතරින් කහකත් කොණ්ඩයා පමණක් අපේ රටට ආවේණික වේ...
එසේම කළු හිසැති කොණ්ඩයා ද ආවේණිකයයි සැක කලද තවම නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නොමැත...
මේ ගොල්ලන්ගේ නම කොණ්ඩ කුරුල්ලා උනත් ලංකාවේ වාර්ථාවෙන වර්ග 06න් කොණ්ඩය පිහිටා ඇත්තේ වර්ග දෙකකට පමණයි...
ස්වභාවධර්මයා අලංකාර කරන මෙවන් සතුන් රැකගැනීම අපගේ යුතුකමක් වන්නේ ය...

1. කළු කොණ්ඩයා / Black Bulbul (විද්‍යාත්මක නාමය : Hypsipetes leucocephalus)
අළු පැහැති කළු ගතකි...
හිස මත කළු පැහැ කෙටි සිළුවකි...
හොට සහ කකුල් රතු පාටය...
වනාන්තරවල ඉහළ වියනේ සැරිසරයි...
බිත්තර දැමීම සඳහා ඇරුණු කූඩුවක් සාදයි...
උස ගස් මත පුංචි කෝප්පයක් සේ කැදැල්ල සාදා ගනී.
මෙම කුරුල්ලා පහත රට තෙත් කලාපයේ සහ කඳුකරයේ දැකීමට ලැබේ...
2. බැමකහ කොණ්ඩයා / Yellow Browed Bulbul (විද්‍යාත්මක නාමය : Iole indica)
තද කහ පාට සහ ලා කොළ පැහැති හුරු උඩුකයකි...
හොටය සහ කකුල් කළු පාට ය.
යුවලක් ලෙස නිතර දැකීමට ලැබේ...
වනන්තරවල තෙත් අඳුරු තැන්වල නිතර ගැවසේ...
බිත්තර දැමීම සඳහා ඇරුණු කූඩුවක් සාදය...
කෙඳි සහ මුල් යනාදියෙන් කැදැල්ල සාදයි...
ගසක අත්තක හෝ කරුවක කෝප්පයක් සේ කැදැල්ලක් සාදා ගනී...
3. කොණ්ඩයා / Red Vented Bulbul (විද්‍යාත්මක නාමය : Pycnonotus cafer)
දුඹුරුවන් පිල් කළඹක් ඇති පක්ෂියෙකි...
හිස මත වූ කළු පාට උල් කොණ්ඩය නිසා පහසුවෙන් හඳුනාගත හැකි ය...
ගෙවල් සමීපයේ ගැවසෙන කුරුල්ලෙකි...
කැදලි සෑදීමට පවා ගෙවල්වලට පැමිණෙති...
බිත්තර දැමීම සඳහා වසර ගණනාවක් එකම ස්ථානයකට පැමිණෙන බව වාර්තා වේ...
ඇරුන කූඩුවක් සාදයි...
ලංකාවේ සෑම කලාපයකම දැකිය හැක...
4. බැමසුදු කොණ්ඩයා / White – Browed Bulbul (විද්‍යාත්මක නාමය : Pycnonotus luteolus)
අළු පැහැති උඩුකයක් සහ ළා පැහැති යටිකයක් ඇති කුරුල්ලෙකි...
ඉතා පැහැදිලිව දැකීමට ලැබෙන සුදු ඇහි බැමකි...
යුවලක් ලෙසින් නිතර හැසිරීම සිරිතකි...
පලතුරු හා ඉඳුණු කුඩා ගෙඩි කෑමට පි‍්‍රය කරයි...
නිවෙස් අසළ ද දැකීමට ලැයෙබ්...
ඇරුන කූඩුවක් සාදයි...
කෙඳි සහ මුල් ගෙන ගසක අත්තක හෝ කරුවක කූඩුවක් සාදයි...
කූඩුව කෝප්පයක හැඩ ගනී...
5. කළු හිසැති කොණ්ඩයා / Black – Crested Bulbul (විද්‍යාත්මක නාමය : Pycnonotus melanicterus)
ශරීර කහවන් දුඹුරු - කොළ පාටය...
හිස කළු පැහැති ය...
හොට සහ කකුල් කළු පැහැති ය...
දිවයින පුරාම වනාන්තර ආශි‍්‍රතව ජීවත් වන කුරුල්ලෙකි...
යුවලක් ලෙසින් නිතර දැකීමට ලැබේ...
බිත්තර දැමීම සඳහා කෝප්පයක් වැනි කැදැල්ලක් සාදා ගනී...
වනාන්තර, ගෙවතු හා තෙත්බිම් යනාදියේ ද දැකීමට ලැබේ...
6. ශී‍්‍ර ලංකා කහකත් කොණ්ඩයා / Yellow Eared Bulbul (විද්‍යාත්මක නාමය : Pycnonotus penicillatus) -ආවේණික-

Last edited: