මගේ කොණ්ඩ කිරිල්ලී

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
මගේ කොණ්ඩ කිරිල්ලී




5610023912_821316e0e5_z.jpg




music.png
කොණ්ඩ කිරිල්ලියේ...
music.png

music.png
කවුද නුඹේ ප්‍රේමවන්තයා...
music.png


කරුණාරත්න දිවුල්ගනේ මහතා කියන මේ සිංදුව අහපු නැති කෙනෙක් නෑ නේ...
බොහෝ අවස්ථාවල යුවලක් වශයෙන් දක්නට ලැබීම මෙහෙම ලියන්න හේතු උනාද දන්නේත් නෑ...
:love: :love: :love: :love: :love:



කොණ්ඩ කුරුල්ලා දන්නේ නැති කෙනෙකුත් හොයාගන්න නෑ...
නිතරම දකින්න ලැබෙන කුරුල්ලෙකි...
හිස මත වූ කළු පාට කොණ්ඩය හා රතු පැහැති පසු ප‍්‍රදේශය අමතක නොවන පාරිසරික සලකුණු දෙකකි...
මේවා “ක්‍ෂේත‍්‍ර සලකුණු” ලෙස හඳුන්වයි...
මෙම සතුන්ට පිහිටා තිබෙන එම කොණ්ඩය වැනි පිහාටු මොවුන්ගේ ව්‍යවාහාරික නම ලැබීමටද හේතු වී තිබේ...
කොණ්ඩ කුරුල්ලන් ගලුගුඩුවන් යනුවෙන් ද හඳුන්වයි. "Bulbul" යනුවෙන් ඉංගී‍්‍රසි භාෂාවේ ව්‍යවහාර කරයි...



මෙම සතුන්ගේ විශේෂ 06ක් දැනට වාර්ථා වී ඇත...
එම විශේෂ පහත පරිදි වේ...


1. කළු කොණ්ඩයා / Black Bulbul (විද්‍යාත්මක නාමය : Hypsipetes leucocephalus)

Black%20Bulbul,%202.JPG


අළු පැහැති කළු ගතකි...
හිස මත කළු පැහැ කෙටි සිළුවකි...
හොට සහ කකුල් රතු පාටය...
වනාන්තරවල ඉහළ වියනේ සැරිසරයි...
බිත්තර දැමීම සඳහා ඇරුණු කූඩුවක් සාදයි...
උස ගස් මත පුංචි කෝප්පයක් සේ කැදැල්ල සාදා ගනී.
මෙම කුරුල්ලා පහත රට තෙත් කලාපයේ සහ කඳුකරයේ දැකීමට ලැබේ...


2. බැමකහ කොණ්ඩයා / Yellow Browed Bulbul (විද්‍යාත්මක නාමය : Iole indica)

IMG_6324_crop_pp.jpg


තද කහ පාට සහ ලා කොළ පැහැති හුරු උඩුකයකි...
හොටය සහ කකුල් කළු පාට ය.
යුවලක් ලෙස නිතර දැකීමට ලැබේ...
වනන්තරවල තෙත් අඳුරු තැන්වල නිතර ගැවසේ...
බිත්තර දැමීම සඳහා ඇරුණු කූඩුවක් සාදය...
කෙඳි සහ මුල් යනාදියෙන් කැදැල්ල සාදයි...
ගසක අත්තක හෝ කරුවක කෝප්පයක් සේ කැදැල්ලක් සාදා ගනී...


3. කොණ්ඩයා / Red Vented Bulbul (විද්‍යාත්මක නාමය : Pycnonotus cafer)

Red-vented-Bulbul1.jpg


දුඹුරුවන් පිල් කළඹක් ඇති පක්‍ෂියෙකි...
හිස මත වූ කළු පාට උල් කොණ්ඩය නිසා පහසුවෙන් හඳුනාගත හැකි ය...
ගෙවල් සමීපයේ ගැවසෙන කුරුල්ලෙකි...
කැදලි සෑදීමට පවා ගෙවල්වලට පැමිණෙති...
බිත්තර දැමීම සඳහා වසර ගණනාවක් එකම ස්ථානයකට පැමිණෙන බව වාර්තා වේ...
ඇරුන කූඩුවක් සාදයි...
ලංකාවේ සෑම කලාපයකම දැකිය හැක...


4. බැමසුදු කොණ්ඩයා / White – Browed Bulbul (විද්‍යාත්මක නාමය : Pycnonotus luteolus)

white_browed_bulbul005.JPG

අළු පැහැති උඩුකයක් සහ ළා පැහැති යටිකයක් ඇති කුරුල්ලෙකි...
ඉතා පැහැදිලිව දැකීමට ලැබෙන සුදු ඇහි බැමකි...
යුවලක් ලෙසින් නිතර හැසිරීම සිරිතකි...
පලතුරු හා ඉඳුණු කුඩා ගෙඩි කෑමට පි‍්‍රය කරයි...
නිවෙස් අසළ ද දැකීමට ලැයෙබ්...
ඇරුන කූඩුවක් සාදයි...
කෙඳි සහ මුල් ගෙන ගසක අත්තක හෝ කරුවක කූඩුවක් සාදයි...
කූඩුව කෝප්පයක හැඩ ගනී...


5. කළු හිසැති කොණ්ඩයා / Black – Crested Bulbul (විද්‍යාත්මක නාමය : Pycnonotus melanicterus)

008079.JPG


ශරීර කහවන් දුඹුරු - කොළ පාටය...
හිස කළු පැහැති ය...
හොට සහ කකුල් කළු පැහැති ය...
දිවයින පුරාම වනාන්තර ආශි‍්‍රතව ජීවත් වන කුරුල්ලෙකි...
යුවලක් ලෙසින් නිතර දැකීමට ලැබේ...
බිත්තර දැමීම සඳහා කෝප්පයක් වැනි කැදැල්ලක් සාදා ගනී...
වනාන්තර, ගෙවතු හා තෙත්බිම් යනාදියේ ද දැකීමට ලැබේ...


6. ශී‍්‍ර ලංකා කහකත් කොණ්ඩයා / Yellow Eared Bulbul (විද්‍යාත්මක නාමය : Pycnonotus penicillatus) -ආවේණික-

Yellow-eared_Bulbul.jpg


ලොවෙන්ම අප රටට පමණක් සීමා වූ කුරුල්ලෙකි...
කඳුරට ප‍්‍රදේශයෙ දැකීමට ලැබෙයි...
පැහැදිලි කහපාට කන් පිල්ගොනුවක් පවතී...
කුඩා රැළ ලෙසින් හැසිරීම සිරිතකි...
යුවලක් ලෙසින්ද නිතර වාර්තා වේ...
බිත්තර දැමීම සඳහා ඇරුණු කූඩුවක් සාදයි...
පාසි වලින් සහ මුල් වලින් කැදැල්ල සාදා ගනී...



මෙම වාර්ථා වන විශේෂ අතරින් කහකත් කොණ්ඩයා පමණක් අපේ රටට ආවේණික වේ...
එසේම කළු හිසැති කොණ්ඩයා ද ආවේණිකයයි සැක කලද තවම නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නොමැත...
මේ ගොල්ලන්ගේ නම කොණ්ඩ කුරුල්ලා උනත් ලංකාවේ වාර්ථාවෙන වර්ග 06න් කොණ්ඩය පිහිටා ඇත්තේ වර්ග දෙකකට පමණයි...



ස්වභාවධර්මයා අලංකාර කරන මෙවන් සතුන් රැකගැනීම අපගේ යුතුකමක් වන්නේ ය...


picture.php




:):):):):) :):):):):) :):):):):) :):):):):) :):):):):) :):):):):) :):):):):) :):):):):)


 
Last edited:

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|

උපතින් මං මේ කිසිවක් නොදන්නා අතර පෞද්ගලික අත්දැකීම් හා පොත-පත කියවා ලබාගත් දැනුමෙන් මෙම ලිපිය සැකසුවෙමි.
මෙය මීට කලින් එළකිරියේ පළවී තිබේනේදයි දන්නේද නැත.
මෙය මා උපුටාගත්තක් නොවේ.
මෙහි සඳහන් තොරතුරු වෙනත් තැන්වල සඳහන් වී ඇත්දැයි දන්නේද නැත.
නැවතත් කියන පරිදි මෙය උපුටාගත්තක් නම් නොවේ.
ඡායාරූප පමණක් Google වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.
ඔබ සමඟ මෙම තොරතුරු බෙදා ගැනීම සඳහා පමණක් මෙය පළ කෙරුවෙමි.
උපුටාගන්නවා නම් මා ගැන සඳහන් නොකලත් උපුටාගත් ස්ථානය ලෙස එළකිරිය දැක්වීමට කාරුණික වන්න.

මෙම Thread එක ඔබට වැදගත් වේවී යයි සිතමි.
ස්තූතියි...!!!

:D :D :D :D :D

picture.php

 
  • Like
Reactions: rab and p990i

crazyhorse

Active member
  • Dec 13, 2010
    954
    110
    43
    Colombo - Sri Lanka
    මචන් Fire Eye මේක මමනම් මීට පෙර Elakiri එකේ මේ විදිහට දෑකල නෑ මචන්, එල මචන් නියම වෑඩක්,ගොඩක් කරුනු අන්තර්ගත වෙලා තියෙනව,
    තවත් මෙ වගේ Threads දාපන් මචන්, අනිව අපි බලනව,
    දෙන්නේ නෑති රෙප් කන්නද මචන්...............:love::love::love:
    මෙන්න රෙප් දුන්නා ++
     
    • Like
    Reactions: Fire Eye

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ගොඩක් දේවල් දැන ගත්තා,හොද වැදගත් ත්රෙඩ් එකක් :cool:
    රෙප් දුන්න ත්රෙඩ් එක ඉදිරියට :)
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    මචන් Fire Eye මේක මමනම් මීට පෙර Elakiri එකේ මේ විදිහට දෑකල නෑ මචන්, එල මචන් නියම වෑඩක්,ගොඩක් කරුනු අන්තර්ගත වෙලා තියෙනව,
    තවත් මෙ වගේ Threads දාපන් මචන්, අනිව අපි බලනව,
    දෙන්නේ නෑති රෙප් කන්නද මචන්...............:love::love::love:
    මෙන්න රෙප් දුන්නා ++

    lassanata post eka hadala thiyenawa macho REP 5+

    ගොඩාක් ස්තූතියි මචංලා...
    RolandChayer-ThankYouSmiley.gif
    RolandChayer-ThankYouSmiley.gif
    RolandChayer-ThankYouSmiley.gif
    RolandChayer-ThankYouSmiley.gif


    picture.php

     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo

    උපතින් මං මේ කිසිවක් නොදන්නා අතර පෞද්ගලික අත්දැකීම් හා පොත-පත කියවා ලබාගත් දැනුමෙන් මෙම ලිපිය සැකසුවෙමි.
    මෙය මීට කලින් එළකිරියේ පළවී තිබේනේදයි දන්නේද නැත.
    මෙය මා උපුටාගත්තක් නොවේ.
    මෙහි සඳහන් තොරතුරු වෙනත් තැන්වල සඳහන් වී ඇත්දැයි දන්නේද නැත.
    නැවතත් කියන පරිදි මෙය උපුටාගත්තක් නම් නොවේ.
    ඡායාරූප පමණක් Google වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.
    ඔබ සමඟ මෙම තොරතුරු බෙදා ගැනීම සඳහා පමණක් මෙය පළ කෙරුවෙමි.
    උපුටාගන්නවා නම් මා ගැන සඳහන් නොකලත් උපුටාගත් ස්ථානය ලෙස එළකිරිය දැක්වීමට කාරුණික වන්න.

    මෙම Thread එක ඔබට වැදගත් වේවී යයි සිතමි.
    ස්තූතියි...!!!

    :D :D :D :D :D

    picture.php


    ඕකට ඔච්චර අඬන්න් ඕනද බන්..............
    මට දුක උඹට රෙප් දෙන්න බැරි එකට.....................
     
    • Like
    Reactions: Fire Eye

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    ඕකට ඔච්චර අඬන්න් ඕනද බන්..............

    ඇඬුවා නෙමේ බං...
    මං නිර්මාණය කරලා දාපු ලිපියක් උස්සලා පලකල එකක් ගැන කතා කරහම ඒ පුද්ගලයෝ මං ඒක ඉස්සුව එකක් කියලා Blog එකක් හදලා ලොකු සිද්ධියක් ගියා...
    මං එදා ඉදන්ම උපුටාගත්ත එකක් නම් ගත්ත තැන Link එකත් එක්කම උපුටාගැනීමකි කියලා පලකලා...
    කලින් කිව්ව සිද්ධියෙන් පස්සේ මගේ නිර්මාණවලට ඔය Post එක දානවා මචං...
    :) :) :) :) :)


    මට දුක උඹට රෙප් දෙන්න බැරි එකට.....................

    අගය කිරීමට ගොඩාක් ස්තූතියි සහෝ...
    :D :D :D :D :D


    picture.php

     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ඇඬුවා නෙමේ බං...
    මං නිර්මාණය කරලා දාපු ලිපියක් උස්සලා පලකල එකක් ගැන කතා කරහම ඒ පුද්ගලයෝ මං ඒක ඉස්සුව එකක් කියලා Blog එකක් හදලා ලොකු සිද්ධියක් ගියා...
    මං එදා ඉදන්ම උපුටාගත්ත එකක් නම් ගත්ත තැන Link එකත් එක්කම උපුටාගැනීමකි කියලා පලකලා...
    කලින් කිව්ව සිද්ධියෙන් පස්සේ මගේ නිර්මාණවලට ඔය Post එක දානවා මචං...
    :) :) :) :) :)



    ඒකනං ඇත්ත බන්................
    පුදුම හොරු ඉන්නේ මේකේනං...................
    ලඟ පාත හිටියනං අන්ඩටේකර්ස්ලාවත් හොරා ගනියි.............