මම ගොඩක් වෙලාවට Duty Free වලින් ගන්න ඒවා. මේ තල් අරක්කු එක හැරෙන්න. මම මාස තුන හතරකට වරක් හෝ දෙකක් කලාතුරකින් හවසට එක ෂොට් glass එකක් දානවා.
මේ විස්කි බෝතල් ඔක්කොම ( තල් අරක්කු එක හැරෙන්න ) අවුරුදු හතරකට වඩා වැඩියි. ඉස්සර නම් මෙහෙම එක බෝතලයක්වත් දවසක්වත් තියෙන්නේ නැහැ. යාලුවෝ සෙට් වෙලා ගහනවා. දැන් යාලුවොත් නැති නිසා එහෙම ගහන්නේ නැහැ. ලගම යාලුවෙක් හරි නෑයෙක් හරි ආවොත් ෂොට් එකක් දානවා. දැන් අවුරුදු 10 වගේ ඉඳල බොන්නෙම නැති තරම්. ඒකට ඉස්සර. මටම පුදුමයි වෙලාවකට මෙහෙම කාලයක් බෝතල් තියාගෙන ඉන්න පුළුවන් එක ගැන. ඉස්සර හිටියේ කොහොමද දැන් ඉන්නේ කොහොමද කියලා.
මට ළමයි නම් නැහැ. ඒ වගේම මම බැඳලත් නැහැ. නිදහස්. ඒත් උබ කියන දේ හැම විටම ගැලපෙන්නේ නැහැ. දැන් ළමයි ඔය බෝතල් දැක්කට මොකුත් වෙන්නේ නැහැ. උන් ලොකු උනාම බෝයිද නැද්ද කියලා උන් තීරණය කරයි. මොකද මගේ සියා , තාත්ත බියර් එකක්වත් බොන අය නොවෙයි. අදටත් තාත්ත වයින් එකක්වත් බොන්නේ නැහැ. අපේ ගෙවල් සම්පුර්ණයෙන්ම අමධ්‍යප ගෙවල් පොඩි කාලේ ඉඳලම . එහෙම උනා කියලා මමයි මල්ලියි නොබී හිටියේ නැහැ නේ. අපේ දෙමවුපියෝ අමධ්‍යප උනාට අපි කරටි කැඩෙන්න, නාග සලන් වෙන්න ගහපු අය . ඉතින් ලිකර් බෝතලයක් ළමයෙක් දැක්ක කියලා ඕකෙන් වෙන හානියක් නැහැ.
අනෙක ළමයි සමාජය තුලින් ලිකර් කියන එක ඕන තරම් දකිනවා. ළමයින්ව ආරක්ෂා කරගන්න ඔයිට වඩා දේවල් ගැන වර්ථමානයේ හිතන්න වෙලා තියනවා. අද සමාජයේ අයිස් , කුඩු වගේ දරුණු මත්ද්‍රවය වලින් වෙලාගෙන. පොඩි දරුවන් ඒවාට ඇබ්බැහි වෙලා. ඒවගේම ළමයි පොඩි වයසේදීම ගණිකාවෝ ඇසුරු කරනවා. මේ ලඟදි සමීක්ෂණයක් කරලා තියනවා පාසල් යන ළමුන් අතරේ HIV සහ අනෙකුත් සමාජ රෝග වැඩි වෙලා කියා. ඔන්න ඔය වගේ දේවල් වලින් සහ ළමා අපචාර වලින් අපේ ළමයින් බේරගන්න බලන්න ඕනේ. නැතුව මේ විස්කි බෝතලයෙන් නොවෙයි.
අනෙක ඕවා මහා විනාශකාරී රසායනයක් වගේ හංග හංග තියාගෙන ඉන්න මොකටද .උබ බොන්නෙම නැති කෙනෙක් නම් ඒක වෙනම දෙයක්. ජීවිතය විඳින්න මධ්‍යසාර අවශ්‍යම නැහැ. නමුත් බං ඕකද ජිවිතේ කියන්නේ. ඇයි හංගලා බොන්නේ. බොන්නෙම නැත්නම් නොබී හිටපන්. ගසනවානම් එළිපිට ගහපං.
මගේ යාලුවෙක් ඉන්නවා . ඌ අපිත් එක්ක බොන්න සෙට් වෙන්න කලින් කඩෙන් toothpaste එකයි tooth brush එකයි ගන්නවා. අපිත් එක්ක කාල බිලා ඌ ගෙදර යනකොට ගෙදර ගෑනිට අහුවෙයි කියලා දත් මැදගෙන යන්නේ.
මොනවද බන් මේ ජිවිත. ඒ අතින් අවිවාහක අපි ජිවිතේ රසය නියම ආකාරයෙන් විඳිනවා.