මම එළකිරි ඒකෙ අලුත් මෙම්බර් කෙනෙක්. මුලින්ම දාන ත්රෙඩ් එකත් මේක තමයි.
මට අවුරුදු 26 යි. බිස්නස් කරන්නේ. ගෙදර ඉන්නේ මම සහ තාත්තා තමයි. අම්මාත් ලගදි ගියා වෙනත් රටක පදිංචි වෙන්නම. මට ඉන්නේ එක් සහෝදරියක්. එයත් විදේශ රටක සේවය කරන්නේ. හැබැයි මාස දෙකකට සැරයක් විතර ලංකාවට ඇවිත්,ගෙදරත් ඇවිත් දවසක් විතර ඉදලා යනවා.
ඉතිං තාත්තා සහ මම විතරක් ගෙදර ඉන්න නිසා (බලු පැටියෙකුත් ඉන්නවා) කෑම බීම එහෙමත් හෙනට අවුල්. උදේට නං තාත්තා උයනවා දවල්ටත් එක්ක. රෑට මොනාහරි කඩෙන් ගෙන්නලා කනවා. මම බිස්නස් වැඩකට නොයා ගෙදර හිටියොත් මම උදේට උයනවා.
අද නං දවල් ඉදලා ගෙදර හිටියේ. ඉතිං ගෙදර අතුගාල,පුටු අනං මනං ටික පිහදලා, කිචන් එක අස්කරලා, මොප් කරා. ඊට පස්සේ ගාර්ඩ්න් එකත් අතුගාල අස්කරලා, දැන් තමයි මේ නාලා ඉවර වෙලා බියර් එකකුත් අරන් මැෂිම ඉස්සරහා වාඩි උනේ. රෑට කෑම නං උදේ උයපුවගේ ඉතිරි වෙලා තියෙනවා. මම එක එළවළුවක් ඉව්වා. තාත්තා කාලා,බල්ලොන්ටත් කෑම දාලා නිදි.
එපා වෙනවා බං මේ ජිවිත වෙලාවකට.
මම කල්පනා කරේ ගෙදර වැඩට කවුරු හරි ගෙන්නගත්තොත් හොදද කියලා. ඒත් ඉතිං තනි ගෑනු කෙනෙක් නං එන්නේ නෑනේ පිරිමි දෙන්නෙක් විතරක් ඉන්න ගෙදරකට. ඉතිං මම බැලුවේ ජෝඩුවක්වත් ගෙන්න ගත්තොත් හොදද කියලා. පිරිමියාට කියනවා මිදුල පිරිසිදුවට තියාගන්න,බල්ලා බලාගන්න,වාහනේ හෝදන්න, මම එනකොට ගේට්ටුව අරින්න වගේ එළියේ පහලියේ වැඩ. ගෑනිට කියනවා ගේ ඇතුල පිරිසිදුවට තියාගන්න, උයන පිහන වැඩ කරන්න කියල.
එහෙම කරොත් ඒ ජෝඩුවට රුපියල් 25,000 ක් වත් දෙන්න වෙයි නේද? සල්ලි නෙමෙයි අවුල. විශ්වාශ කරන්න පුළුවන් කෙනෙක් නැති එකයි.
උබලා කොහොමද බං ගෙවල් දොරවල් අස්කරලා, ඒවා නඩත්තු කරගෙන ඉන්නේ?

oya prashna tikak aduwela wena prashna tikak ei 