මම ඉතින් හැමදාම මගේ එලකිරි යාලුවොන්ට මගේ ජීවිතය ගැන කියනවනෙ.....
මම හිතුව මෙගා ත්රෙඩ් එකක් පටන් ගන්න කියල... මොකද්ද දන්නවද? එල කිරි එකේ ඉන්න හැම එලකිරි යාලුවෙක්ම තමන්ගේ ජීවිතයට එන රසවත්,ආදර,දුක, කරනා අපේ එලකීරි කොල්ලො කෙල්ලො සමග බෙදාගන්න පුලුවන්නේ.... ඔයාලට කියන්න පුලුවන් හැම සිද්දියක්ම මේ ත්රෙඩ් එකට දාන්න.... පුලුවන් උදවුවක් කරන්න හැමොටම.
ඔන්න මම පටන් ගන්නව.....
මට මේ දවස් වල හරිම සතුටුයි,දුකයි. මොකද දන්නවද??? අපෙ අය්ය තව දවස් 2කින් විවාහ වෙනව.... එක මට සතුටුයි.





මොකද්ද එතකොට දුක?? එයා මැරි කරල ලබන මාසෙ රට යනව....
දෙන්නම.... ආයෙ එන එකක් නෑ අවුරුදු 10කටවත්....
මොකද එයා යන්නෙ නවතින්නමයි.... 


අපි හැමොම මේ ඉන්න දවස් ටිකේ එයත් එක්ක ඉන්න බලනව..... මාරම දුකයි..... 


කරන්න දෙයක් නෑ.. මොකද එයගෙ අනාගතේ හදාගන්නනෙ එයා යන්නෙ... අපිට මෙච්චර කාලයක් උදවු කලානෙ... තවත් එයාව අමාරුවෙ දාන්න ඕනෙ නෑ... අපි හැමොම අමාරුවෙ වැටිච්ච වෙලාවෙ අපිව ගොඩ ගත්තෙ එයා....

අපෙ අම්ම තාත්ත වගේ හිටියෙ.... දැන් අපි තැනක ඉන්නව එයා නිසා. එක නිසා අපි එයාට ගොඩක් නය ගැතියි.... දැන් එයාට අවුරුදු 31 ක් වෙනවා... එයා ඉන්ජීනේරු වරයෙක්...... එයාගෙ හැම සතේම අපි වෙනුවෙනුයි වැය කලේ... දැන් එයා අපිව දල යනව. ඒ උනාට තාම එයා අපි ගැන විතරයි හිතන්නෙ.... එයා ගැන හිතන්නෙ නෑ... අපි ඔක්කොම එයාගෙ විවාහ උත්සවේ උපරිමයෙන් කරන්න උත්සාහ කරනව.....මම ඒකෙ පින්තුර පස්සෙ දාන්නම්. මම නවතිනව....




