මගේ තුන්වෙනි Short Film එක 'No Signal'

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    මගේ තුන්වෙනි Short Film එක 'No Signal'

    කෙටි චිත්‍රපට සම්බන්ධයෙන් සෑහෙන්න ආසාවෙන් කාලයක් තිස්සේ ඒ විදිහේ නිර්මාණයක් කිරීමේ වුවමනාවෙන් හිටපු මම මීට මාස තුනකට කලින් Leaving නමින් නිර්මාණය කරපු මගේ දෙවනි කෙටි චිත්‍රපටය එළකිරි එකේ බෙදාගත්තා. ඒකට පුදුමාකාර අදහස් ලැබුණා, ඒ අදහස් වලින් තව නිර්මාණයක් කරගන්න අවශ්‍ය ශක්තිය මට ලැබුණා.

    ඒ නිසා මගේ තුන්වැනි කෙටි චිත්‍රපටය No Signal ඔබට ඉදිරිපත් කරන්න කැමතියි. කලින් අවස්ථාවේ වගේම මේ පුංචි නිර්මාණය රසවිඳලා ඒ සම්බන්ධයෙන් අදහස් උදහස් ඉදිරිපත් කරලා මට ශක්තියක් වෙන්න කියලා නිහතමානී ඉල්ලීමක් කරනවා.

    මේ චිත්‍රපටය වෙනුවෙන් භාවිතා කලේ Canon 1200 කැමරාවක්. ඒ හැරුණුවිට බොයෝ කැමරා මයික් එකක් සහ ට්‍රයිපොඩ් එකක් භාවිතා කලා. සංස්කරණය කලේ filmora 9 භාවිතයෙන්.

    wijaindu

    Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    kathawe nam sambandayak na wagene,... Signal ??? Baala aparada? ahasata polawa wage... kisima galpimak nane :(
    ස්තූතියි මිත්‍රයා අදහසට..මට මේ අදහසේ ගලායාම කියලා පැහැදිලි කිරීම කරන්න පුළුවන්..ඒත් නිර්මාණයක කියවීම කියන්නේ රසිකයා ඒක බාරගන්න විදිහ එක්ක නිසා මම ඔබේ අදහස ඒ විදිහට බාරගන්නම් :D
     
    phonetikka

    Active member
  • Sep 28, 2010
    801
    28
    28
    Patta Machan. Wadina ekata lesatama hithata wadinawa seen eka. signal na kiwata e gamwala thiyena kalakanni kama gana kiyanne. hadanna ba. godak gamwala oka thamai thatwe. eliyata enne kiyen kiyada cases. ube thawa films thiyenam dapan.
     
    wijaindu

    Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    Patta Machan. Wadina ekata lesatama hithata wadinawa seen eka. signal na kiwata e gamwala thiyena kalakanni kama gana kiyanne. hadanna ba. godak gamwala oka thamai thatwe. eliyata enne kiyen kiyada cases. ube thawa films thiyenam dapan.

    ස්තූතියි මිත්‍රයා..කතාව හරිම තැනින් අල්ලගෙන තිබීම සහ ඒ කතාව ඇතුලේ ඉන්න අපි අපිටම දකින්න ලැබෙන අත්දැකීම වින්දට.. හැකි ඉක්මණින් තවත් නිර්මාණයක් කරනවා.. :love:
     
    wijaindu

    Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    Patta Machan. Wadina ekata lesatama hithata wadinawa seen eka. signal na kiwata e gamwala thiyena kalakanni kama gana kiyanne. hadanna ba. godak gamwala oka thamai thatwe. eliyata enne kiyen kiyada cases. ube thawa films thiyenam dapan.

    කලින් කරපු තව දෙකක් තියනවා..එතනින් Leaving කියන එක තමයි මීට කලින් කලේ..
     
    • Like
    Reactions: kasun090354t

    kingdewi

    Well-known member
  • මගේ හිතට වැදුන විධිය අවංකව කියන්නම් ,

    1.සුපිරිම කැමරා කෝණ ටිකක්,ලස්සනයි
    2.බැක්ග්‍රවුන්ඩ් මියුසික් වල ගැලපීම ගැන තව පොඩ්ඩක් හිතමු
    3.සවුන්ඩ් /වෝකල්ස් කොලිටි එක මදි බවක් දැනුන
    4.කතාව ශාප් මදි වගේ දැනුන
    5.ඉතා වටින අදහසක් , දත්ත සමූහයක් අවසානයේ ලැබෙනවා ! සුපිරි !!
    6.ලකුණු දුන්නොත් 7/10 දෙනවා මන් !!

    ජයවේවා මචන් !!
     
    wijaindu

    Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    මගේ හිතට වැදුන විධිය අවංකව කියන්නම් ,

    1.සුපිරිම කැමරා කෝණ ටිකක්,ලස්සනයි
    2.බැක්ග්‍රවුන්ඩ් මියුසික් වල ගැලපීම ගැන තව පොඩ්ඩක් හිතමු
    3.සවුන්ඩ් /වෝකල්ස් කොලිටි එක මදි බවක් දැනුන
    4.කතාව ශාප් මදි වගේ දැනුන
    5.ඉතා වටින අදහසක් , දත්ත සමූහයක් අවසානයේ ලැබෙනවා ! සුපිරි !!
    6.ලකුණු දුන්නොත් 7/10 දෙනවා මන් !!

    ජයවේවා මචන් !!

    මුලින්ම ඒ අදහස් ටිකයි ලකුණු තැබීමයි මාර වටිනවා..ගොඩක් ස්තූතියි ඒකට.
    අදහස් අනුව අඩුපාඩු සේරම පුළුවන් උපරිමයෙන් නිවැරදි කරගන්නම් ඉදිරි නිර්මාණ වලදි.. :love::love:
     
    kingdewi

    Well-known member
  • මුලින්ම ඒ අදහස් ටිකයි ලකුණු තැබීමයි මාර වටිනවා..ගොඩක් ස්තූතියි ඒකට.
    අදහස් අනුව අඩුපාඩු සේරම පුළුවන් උපරිමයෙන් නිවැරදි කරගන්නම් ඉදිරි නිර්මාණ වලදි.. :love::love:

    නෑ මචන් ඔය අඩුපාඩු නෙවේ ! මට දැනුන විධිය . උඹ හැමෝගෙම අදහස් බලල තීරණය කරපන් ඉදිරිය ගැන .
     
    kingdewi

    Well-known member
  • මේ LEAVING ෆිල්ම් එක ගැන ,

    1.සුපිරි කැමරා කෝණ ටිකක් ! මරු :)
    2.Background Music ගැලපෙනවා ! මරු :)
    3.කතාවේ හරය බෝරිං ගතිය පෙන්නන්න උත්සාහ කරපු එක සුපිරියට දැනෙනවා !

    4.අවසානය මීට වඩා Energetic උනානම් කියල හිතුන බං
    5.පණිවිඩය සුපිරියට වදිනවා !!
    6.මේකට නම් ලෝබ නැතුව 9/10 ක් දෙන්න පුළුවන් !!
     
    wijaindu

    Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    මේ LEAVING ෆිල්ම් එක ගැන ,

    1.සුපිරි කැමරා කෝණ ටිකක් ! මරු :)
    2.Background Music ගැලපෙනවා ! මරු :)
    3.කතාවේ හරය බෝරිං ගතිය පෙන්නන්න උත්සාහ කරපු එක සුපිරියට දැනෙනවා !

    4.අවසානය මීට වඩා Energetic උනානම් කියල හිතුන බං
    5.පණිවිඩය සුපිරියට වදිනවා !!
    6.මේකට නම් ලෝබ නැතුව 9/10 ක් දෙන්න පුළුවන් !!

    ස්තූතියි මචං ඒ රේටිං එකට..ඇත්තටම ඒක මම ඒ වගේ දෙයක් කරන්න පුළුවන්ද කියලා බලන්න මමම රඟපාලා කරපු පුංචි ටෙස්ටින් එකක්..ඒ නිසා මම නිදහසේ වැඩේ කලා.. No Signal එකට එද්දි මම තව කෙනෙක්ගේ රංඟනය අධ්‍යක්ෂනය කරන්න වෙන තැනට එද්දි ටිකක් වැඩේ කලින් එකට වඩා සංකීර්ණවීමත් එක්ක සහ කතාවේ තේමාව කලින් එකට වඩා ටිකක් ගැඹුරු නිසා යම් යම් වෙනස්වීම් වුණා..ඒත් මේ නිර්මාණ දෙක ඇතුලෙම මට ඉගනගන්න දේවල් ගොඩයි..ඒක ඊළඟ නිර්මාණයට සෑහෙන්න වැදගත්..ආයෙත් කියනවනම් බොහොම පිං අදහස් ටිකට :love:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    කෙටි චිත්‍රපට සම්බන්ධයෙන් සෑහෙන්න ආසාවෙන් කාලයක් තිස්සේ ඒ විදිහේ නිර්මාණයක් කිරීමේ වුවමනාවෙන් හිටපු මම මීට මාස තුනකට කලින් Leaving නමින් නිර්මාණය කරපු මගේ දෙවනි කෙටි චිත්‍රපටය එළකිරි එකේ බෙදාගත්තා. ඒකට පුදුමාකාර අදහස් ලැබුණා, ඒ අදහස් වලින් තව නිර්මාණයක් කරගන්න අවශ්‍ය ශක්තිය මට ලැබුණා.

    ඒ නිසා මගේ තුන්වැනි කෙටි චිත්‍රපටය No Signal ඔබට ඉදිරිපත් කරන්න කැමතියි. කලින් අවස්ථාවේ වගේම මේ පුංචි නිර්මාණය රසවිඳලා ඒ සම්බන්ධයෙන් අදහස් උදහස් ඉදිරිපත් කරලා මට ශක්තියක් වෙන්න කියලා නිහතමානී ඉල්ලීමක් කරනවා.

    මේ චිත්‍රපටය වෙනුවෙන් භාවිතා කලේ Canon 1200 කැමරාවක්. ඒ හැරුණුවිට බොයෝ කැමරා මයික් එකක් සහ ට්‍රයිපොඩ් එකක් භාවිතා කලා. සංස්කරණය කලේ filmora 9 භාවිතයෙන්.

    Good one! All the best!:love::love::love::love:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    වෙන නමක් දාන්න තිබුණා මචං එන්ඩ් එකත් එක්ක සෙට් වෙන්න
    ටයිටල් එහෙම දාද්දී තව ටිකක් ලස්සන වෙන්න තිබ්බා මාරු වෙන ට්‍රයිම් එක තව වැඩි කරන්න තිබ්බා
    එක කලර් ප්‍රීසෙට් එකක ඉදලා තව එකකට මාරු වෙද්දි ලස්සනට ෆේඩ් කරන්න තිබ්බා
    වොයිස් කොලිටි එක තව ටිකක් හදාගන්න මචං
    ප්‍රිමියර් වගේ ෆ්ලැට්ෆෝම් එකකට මාරු උනා නම් මේ ටිකෙන් තව ගේමක් ගහගන්න පුළුවන් කියල හිතෙනවා.
    උඹ දෙයක් කරන්න උත්සහ කරල තියෙනවා කියල පේනවා හොද ප්‍රේක්ශකයෙක් වීම තුළින් පුළුවන් මචං හොද ක්‍රියේටර් කෙනෙක් බිහි කරන්න