මගේ දුක් බර ආදර කතාව

sudeshamal

Active member
  • Sep 28, 2010
    759
    171
    43
    මගේ දුක් බර ආදර කතාව

    මම මේ ත්‍රෙඩ් එක දාන්නෙ මගේ දුක කියන්න කවුරුත් නෑති නිසයි.

    (පුලුවන්නම් මේක බලලා පොස්ට් එකක් නොදා යන්න.ඒක මගේ ඉල්ලීමක් !)

    මගේ ජීවිතේටම කරපු එකම අදරේ .........

    මම මේ කියන්න හදන්නෙ මෙතෙක් කල් කාටවත් කියාගන්න බෑරිව මගෙ හිතේ හිරවෙලා තියෙන මගේ ආදර කතාවයි.

    මම ජීවිතේට මටත් වෑඩිය ආදරේ කරපු දෙන්නයි මේ ලෝකෙ ඉන්නේ.

    මගේ තාත්තා මම පොඩිකලෙදිම මාව දාල ගියා.මගේ අම්මත් මමත් හිටියේ කුලී ගේක.මාව කාලකන්නියෙක් , රස්තියාදුකාරයෙක් නොකර හොද මිනිහෙක් කරන්න මගේ අම්මා ගොඩක් දුක් වින්දා.අත්දෙකේ කරගෑට එනකම් වෑඩ කලා.මට හොදට ඉගෑන්නුවා.මම O/L , A/L හොදට පාස් වුනා.මට විශ්වවිද්යාලේ යන්න ලකුනු ඈති වුනත් මම යන්න අකමෑතිවුනා.මොකද කියනවනම් මම වෙනුවෙන් අවුරුදු ගානක් දුක් විදපු මගේ අම්ම තවත් දුක් විදිනව මට බලන් ඉන්න බෑරි නිසා.

    ඒ තමයි මම මේලෝකේ මටත් වඩා ආදරේ කරන පලවෙනි කෙනා.

    අනික් කෙනා තමයි මගේ රත්තරං .
    ...........!!!!

    එයාව මට ලබුනෙ මම ඉස්කෝලෙ යන කාලෙදී.මම එතකොට 10 වසරේ.එයා 9 ය වසරේ.
    දවසක් මමයි මගේ හොදම යාලුවෙකුයි ඉස්කෝලෙ දවල් ඉන්ටර්වල් එක වෙලාවෙ එයා ඉන්න පන්තිකාමරය ලග කතාකරකර හිටියා.එතකොට මගේ යාලුවා ගල්කෑටයක් අරන් එයාට ගෑහුවා.ඒක එයාට වදිනකොටම මගෙ යාලුවා අහක බලාගත්තා.අනේ අහුවුනේ මාව.එයා මට බෑනගෙන බෑනගෙන ගියා.
    දෙයියනේ ජීවිතේට ගෑනුලමයෙක් දෑක්කහම අමුතු හගීමක් ඈතිවුනු පලවෙනි වතාව.
    මට එයා බනිනකොට මම ඈස් ලොකු කරන් එයා දිහා බලන් හිටියා.මගෙ පපුව මටත් හොරා හයියෙන් ගහෙන්න පටන් ගත්තා.
    සත්තයි එදා තමයි මට ගෑනු ලමයෙක් කෙරේ හිත ගිය පලවෙනි වතාව.එයා බෑන්න කිසිදෙයක් මට මතකනෑ.එත් එයගේ මුනෙ තිබුන ඒ ලස්සන කේන්තිය මට දෑනුත් මෑවිල පේනව.
    එදා මම අහින්සක සතුටක් වින්දා.

    අදටත් මට ඒ දවස මතක්වෙනකොට ඈස් දෙකට කදුලු උනනවා.
    ඔය ඈස් අමතක වෙන්නනම් මගේ ඈස් පියවෙන්න වෙයි.......

    එදා ඉස්කෝලෙ ඈරිල මමයි මගේ යාලුවයි යනකොට යාලුවා අහනවා....මොකද බන් හෙන හෑපි එකේ කියල.(යාලුවගෙ නම රොමේශ්). මම කිව්වා උඹ් අර ඉන්ටවල් එක වෙලාවෙදි ගෑහුව ගල මටයි වෑදුනෙ බන් කියලා.එතකොට යාලුවා ඈහුවා මොකද බන් ඒ කියලා.
    මම කිව්වා උඹ් අර ගලක් ගහපු කෙල්ල.......ඒ කෙල්ල මාර ලස්සනයි බන් කියලා මම කිව්වා.
    ඊට පස්සෙ යාලුවා ඈහුවා _ඉතින්........
    මම කිව්වා මම ඒ කෙල්ලට කෑමතියි මචන් කියලා.
    එතකොට යාලුව ඈහුව ...උඹ් එයාට ඈත්තටම කෑමතිද කියල.මම කිව්වා ...ඔව් මචන් ,උඹ් දන්නවනෙ ජීවිතේටම මම කෙල්ලෙක්ට ආදරේ කලේනෑ කියලා.
    එතකොට යාලුවා කිව්වා ..මචන් මමත් ඒ කෙල්ලට ලාවට වගේ ට්‍රයි කර කර හිටියෙ කියල.කමක්නෑ උඹ වෙනුවෙන් මම ඒක අතාරින්නම් ,මම උඹ්ට උදව් කරන්නම් කියල මගේ යලුවා මට කිව්වා.
    ආර්ත්මාර්ථකාමිකමට නෙමේ ..ඒක තමයි යාලුකම.
    එදා තමයි මගෙ ජීවිතේට ආදරේ කියන ලස්සන හීනය දකින්න ගත්ත පලවෙනි දවස....

    ඉතින් ඔහොම යනකොට දවසින් දවස එයාව දකින්න තියන ආසාව වෑඩි වුනා.හෑමදාම පාන්දරින්ම ඉස්කොලෙට ගිහින් එයා එනකම් බස් ගෑන ගෑන ඉන්නව.එයා එනකොට මම හෑන්ගිලා බලන් ඉන්නවා.එයා එන්න පරක්කුවුනොත් මට එදාට ගොඩක් අප්සෙට් යනවා.
    ඈස අද්දර හමුනොවුනොත් ඔබ එක දවසක් - හිතට ඔබව දකිනා තුරු නෑ ඉවසිල්ලක්...........!
    මම ඉන්න පන්තියෙ ඉ
    න් බෑලුවම එයලගෙ පන්තිය හොදට පේනව.
    කොච්චර ඈත ඉදන් බෑලුවත් හෑමෝම අතරින් මගෙ රත්තරන්ගෙ මුන මට හඳක් දිලිසෙනව වගෙ පේනව.දෙයියනෙ මම ඔයාට කොච්චර
    දරේ කලාද රත්තරන්.
    මම එයා දිහා ඈහිපිය නොගහ බලන් ඉන්නවා.සමහරක් දවස් වලට උගන්නන වෙලාවට මම එයා දිහා බලන් ඉන්නකොට ටිචර්ට මාව මාට්ටු වෙනව.ටිකෙන් ටික එයා කෙරේ තියෙන ආදරෙ මගේ හිතේ ගෑඹුරටම ගියා..
    එයාටත් ඒක හොදටම තේරුම් ගියා.ටිකෙන් ටික අපි දෙන්න අපි දෙන්නටත් හොරෙන්ම ලන්වුනා.එයත් මන් දිහා ගොඩක් ආදරෙන් බලන් ඉන්නව මන් දකිනව.ඒ බෑල්ම , ඒ අස්දෙක මගෙ හිත ආදරෙන් මත්කරනව.
    කවුරුහරි කොල්ලෙක් එයා දිහා බෑලුවොත් මට උගෙ අස්දෙක ගලවන්න හිතෙනව.කවුරු මොනව කිව්වත් අර්ත්
    මාර්ථකාමි නෑති ආදරයක් ලස්සනනෑ.ඒ මගේ විශ්වාසය.

    මම එයාලගෙ ගෙවල් ගාව ඉන්න පොඩි මල්ලි කෙනෙකුයි , මගෙ යාලුවෙකුගෙ නංගි කෙනෙක් මාර්ගෙනුයි එය ගෑන විස්තර දෑනගන්නෙ...ඒ ලමයි දෙන්නා මට හරි ආදරෙයි.
    රත්තරං ඔයාට වෑඩියෙන් ඒ ලමයි දෙන්න දන්නව මම ඔයාට කොච්චර ආදරේ කලාද කියලා.මම දන්නව ඔයාට ඒ කාලෙ ගොඩක් කොල්ලො කෑමෑත්තෙන් හිටියා කියල.ඒත් ඔයා කාඑක්කකවත් සම්බන්දයක් ඈතිකරගත්තෙ නෑතිබවත් මම දන්නව.ඔයගේ ඒ ආඩම්බරකම මට ඔයා ගෑන තියන ආදරෙ වෑඩිකරන්න හයියක් වුනා.
    ඒ කාලෙ ආදරයක් වෙනුවෙන් කොල්ලෙක් මොනවද කරන්න ඕනෙ කියලවත් මම දෑනන් උන්නෑ.ඒත් අවන්කවම මට ඔයා ඉස්සරහ කෑපී පෙන්නනම් ඕනවුනා.හෑබෑයි ඒ වීරයෙක් විදිහටනම් නෙමේ.....අහින්සක අවන්ක කොල්ලෙක් විදිහට.මම හිතන විදිහට වීරයෙක් වෙලා කෙල්ලෙක් දිනා ගන්නවට වෑඩිය , අවන්කයෙක් වෙලා එයාට කරන ආදරය ජීවිතය පුරාවටම එයාට දෙන්න පුලුවන් සතුටක්.......
    එක දවසක් (ඒ කාලේ ඉස්කෝලේ ස්පෝට්මීට් තිබුන කාලයක්)මම අර මල්ලිගේ මාර්ගයෙන් එයාට මේන්හෝල් එකට එන්න කියල පනිවිඩයක් යෑව්ව.මම හිතුවෙනෑ එයා එයි කියලා.
    දෙයියනේ එයා ආවා ...දෑන් මාව ගෑහෙනවා...මට එයාගෙ ඈස් දෙක දිහ කෙලින්බලන්නත් බෑ...... ඒත් මම හිත හයිය කරගෙන , උන දෙයක් උනාවෙ කියලා එයාගෙන් ඈහුවා................ඔයාට මම කෑමතියි ...ඔයා මොකද කියන්නෙ කියල.....!
     
    Last edited:
    Jan 23, 2011
    16
    0
    0
    gampaha
    meke ithuru tika ko plz taip
    මම මේ ත්‍රෙඩ් එක දාන්නෙ මගේ දුක කියන්න කවුරුත් නෑති නිසයි.

    (පුලුවන්නම් මේක බලලා පොස්ට් එකක් නොදා යන්න.ඒක මගේ ඉල්ලීමක් !)

    මගේ ජීවිතේටම කරපු එකම අදරේ .........

    මම මේ කියන්න හදන්නෙ මෙතෙක් කල් කාටවත් කියාගන්න බෑරිව මගෙ හිතේ හිරවෙලා තියෙන මගේ ආදර කතාවයි.

    මම ජීවිතේට මටත් වෑඩිය ආදරේ කරපු දෙන්නයි මේ ලෝකෙ ඉන්නේ.

    මගේ තාත්තා මම පොඩිකලෙදිම මාව දාල ගියා.මගේ අම්මත් මමත් හිටියේ කුලී ගේක.මාව කාලකන්නියෙක් , රස්තියාදුකාරයෙක් නොකර හොද මිනිහෙක් කරන්න මගේ අම්මා ගොඩක් දුක් වින්දා.අත්දෙකේ කරගෑට එනකම් වෑඩ කලා.මට හොදට ඉගෑන්නුවා.මම O/L , A/L
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    mama baluwa machan... ne ban man kiwwe uba ahala thiyana ekata dena uththare anuwa me "eshani" kella gana hithaganna puluwan kiyala kiwwe...
    :shocked: :shocked: :shocked:
    ඒක තමයි මං කිව්වේ මේක කාගෙහරි ජෝගියක් කියලා...කෙල්ලෙක් මෙහෙම එක පාර කියන්නේ නෑනේ බං..:)