මගේ නංගිට මොකද වුනේ..? දේශපාලන හෙංචෙක් පැහැ&#3

chamara_p

Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    මගේ නංගිට මොකද වුනේ..? දේශපාලන හෙංචෙක් පැහැ&#3

    396412_3092033582728_1320679829_33268308_1209447940_n.jpg


    ‘දවසක් අපිට ආරංචි වුණා නංගි පනාවල කියන ප‍්‍රදේශයේ ගෙදරක ඉන්නවා කියලා. අපි ඊට පස්සේ පොලිසිය එක්ක එතනට ගියා. පස්සේ පොලිසිය අපිට ඉන්න කියලා ගෙදරකට බලන්න ගියා. ඇවිත් කිව්වා එතන කවුරුත් නෑ කියලා. මගේ නංගි ඉපදුනේ 1997 ජුලි 5 වැනිදා එයාට තවම වයස අවුරුදු 14 යි. මගේ නංගිට මොනවද වුණේ කියලා අපි කවුරුත් දන්නේ නෑ.’

    මේ කෙටි කතාවක් වත් තවත් එක් සුන්දර අත්දැකීමක්වත් නොවේ. මේ රටේ අවනීතිය රජ කරන බවට හොඳම උදාහරණයක්. අවනීතිය රජ වූ රටක පොලීසිය බලූ වෙනවා විනා වෙන කුමක් සිදුවේද?

    නිරෝෂා මධුමාලි ඇය මට හමු වුනේ සිය නැගණිය සොයා දෙන ලෙස තැන තැන ඇවිදිමින් පිහිට පතන සිය මව සම`ග පැමිණ සිට අවස්ථාවකය. නිරෝෂාගේ නංගි ඒ කියන්නේ දෙහි ඕවිට ජාතික පාසලේ 9 වසර ඉගෙනුම ලබන නදීශානී මධුෂාණි ගේ අක්කා. නදීශානී පසුගිය 2011 වසරේ නොවැම්බර් 5 වන දින අතිරේක පන්තියකට සහභාගී වීම සඳහා යමින් සිටියදී ප‍්‍රදේශයේ ප‍්‍රාදෙශිය දේශපාලඥයෙකුගේ හයිය ගත් කෙනෙකු ඇය පැහැරගෙන ගියා.

    ‘අපි අවස්ථා ගණනාවක් පොලීසියට ගියා. ගිහින් කිව්වා මගේ දරුවාව හොයලා දෙන්න කියලා. ඒත් වැඩක් වුණේ නෑ. පොලිසිය අපිට උදව් කළේ නෑ.’ නදීශානිගේ මව කියා සිටියාය

    මේ පිළිබදව අවිස්සාවේල්ල පොලිසියට සීඅයිබී 125/95 යටතේ පැමිණිල්ලක් කර ඇති නමුදු ඒ පිළිබඳව පොලිසිය කටයුතු කිරීමට මැලිකමක් දක්වන බව අතුරුදහන්ව ඇති දියණියගේ පියා වන එච්. රූපසිංහ මහතා සඳහන් කළා.

    නදීශානී පැහැරගෙන ගියේ කවුරුන්ද? ‘ජනක’ ඔහු දෙහි ඕවිට ප‍්‍රාදේශීය සභාවේ පසුගියදා පැවති මැතිවරණයට තර`ග කළ සභාපතිවරයාට උදව් කළ, කාලයක් සිට ගංජා වෙළඳාමේ යෙදුණු කෙනෙකු බව වාර්තා වේ.

    ‘මම දවසක් හොඳට ජනක එක්ක කතා කලා. මම කිව්වා මට නංගි බලන්න ඕන කියලා. පස්සේ එයා අසවල් තැනට එන්න කියලා කිව්වා. අපි පොලිසිය එක්ක ගියා. ඒත් ආවේ නෑ. ෆෝන් එක වැඩ කළෙත් නෑ. ඒ කියන්නේ අපි පොලිසියට කියන දේවල් මේ මිනිහා දැන ගන්නවා කියන එකද?’ ඇය මගෙන් අසා සිටියා.

    මට ඒ මොහොතේ මතක් වුණේ පසුගියදා තංගල්ලේ සිදු වූ සිදු වීමයි. එදාත් බි‍්‍රතාන්‍ය ජාතිකයා මරලා රුසියානු පෙම්වතියට හදි කළෙත් ප‍්‍රාදේශීය සභාවක සභාපතිව සිටින කෙනෙකු සහ ඔහුගේ ස`ගයන් පිරිස විසින්.

    ‘දැන් මගේ මහත්තයාගේ දුරකථනයට තර්ජනය කරනවා. ඒ ගැනත් අපි පොලිසියට කිව්වා. අනේ මගේ දරුවාව. මට කවදා දකින්න වෙයිද?’

    මේ සිදුවීම් සිද්ධ වෙන්නේ භීෂණ සමයක නම් හිත හදාගන්න තිබුනා. නමුත් මේ සියල්ල සිදු වන්නේ දරුවන්ගේ හෙට දවස සුරක්ෂිත කරන බව දිනපතා දිවුරන ආශ්චර්යමත් ආසියාවේ රටේය. ඒ කෙල්ල ඉන්නවා ඇත්තේ කැමැත්තෙන් වෙන්න ඇති මා කල විමසීමකදී පොලිස් නිලධාරියෙකු දුන් පිළිතුරකි. ඒ ඔහු නීතිය ඉගෙනගෙන තිබෙන ආකාරයට වෙන්නට ඇති. වයස අවුරුදු 18 ට අඩු බාලවයස් කාරියන් ලෙස හඳුනා ගන්නා අතර එවැනි කෙනෙකු කැමැත්තෙන් හෝ රඳවා තබා ගැනීම බරපතල වරදකි.

    මේ අම්මා සහ අක්කා තමන්ගේ දුක කියන්නට කොළඹ ආවා. පොලිස්පතිටද වරක් දුක කියා තිබේ. පරීක්ෂණ කරනවානේ පොඞ්ඩක් ඉන්න. පොලිස්පතිගේ පිළිතුර එයයි. ඉන්පසු ඇය එක්සත් ලක්වනිතා පෙරමුණේ සභාපතිනි පළාත් සභා මන්ත‍්‍රීනී ශාන්තිනී කෝන්ගහගේ හමු වී තමන්ගේ දුක කියා තිබේ. පසුව ඇය පොලිස්පති හමු වීමට 2012 01 05 දින ලිපියක් යවමින් ඉල්ලීමක් කළේය. අදටත් එයට පිළිතුරු නැත . පසුව පසුගිය 18 වැනිදා කාන්තා දුෂණ පිටුදැකීම වෙනුවෙන් පැවැත්වූ උද්ඝෝෂනයට මේ අම්මා සහ අක්කා පැමිණි අතර ඒ අවස්ථාවේදී ළමා හා කාන්තා අභිවෘද්ධි අමාත්‍ය තිස්ස කරලියද්ද හමු වීමට අවස්ථාව හිමි වුණා. එහි තමන්ට සිදු වී ඇති අසාධාරණය පිළිබඳව අමාත්‍යවරයා දැනුවත් කල අතර සති දෙකක් ඇතුලත විසඳුමක් ලබා දීමට අමාත්‍යවරයා පොරොන්දු වුණා. එම පොරොන්දුව සති දෙකක සැනසුම් සුසුමක් පමණක් වේද?

    සටහන සහ සේයාරූ

    චතුරංග ද අල්විස්

    source : LankaEnews.com
    :baffled::baffled::oo::oo::no::no::confused::confused::dull::dull::frown::frown::rolleyes::rolleyes:
     
    • Like
    Reactions: maxxaa