මගේ පිස්සු හැදෙන ආදර කතාව

DJLaksh

Junior member
  • Jan 20, 2009
    59
    7
    8
    ශ්‍රී ලංකාව
    මගේ පිස්සු හැදෙන ආදර කතාව

    ඇත්තම කිව්වොත් මම මෙහෙම හිටියට ඉස්සර එච්චර පිස්සු නටන එකෙක් නෙවෙයි.මම උසස් පෙල කරේ 2010.උසස්පෙලට ආපු දවස් වල මට ටිකක් ලොකු ලෙඩක් හැදිල සැත්කමක් කරන්න සිද්ද උනා.ඉතින් කරේ නවලෝක රෝහලේ.සතියක් විතර නැවතිලත් හිටිය.

    ඔහොම ඉන්නකොට අන්තිම දවසෙ මම ගෙදර යන්න කලින් කැන්ට්ම පැත්තට ගියා බීම 1ක් බොන්න.නවලෝක 1ට බෙහෙත් ගන්න එන්නෙ ඉතින් ගොඩක් කොළඹ පැත්තෙ පට්ට කෑ* තමයි.මම ගිහින් බීම බෝතලයක් අරන් බොන්න ගත්ත.මෙන්න මගේ ඉස්සරහට ආව පට්ටම 1ක්.දැක්කයින් දැකල නෑ වගේ එහෙම 1ක්.මට නිකන් පිස්සු හැදිල ආපහු හැදුන වගේ.ඒත් එදා මම හිටියෙත් අමාරුවෙනනිතින් පාඩුවෙ හිටිය.ඒක එදා එහෙම ඉවර උනා.

    ඊට මාස 7කට පස්සෙ මම පුරුදු විදිහටම මාසෙකට පාරක් චෙක් කරගන්න යන නිසා.දොස්තර අන්කල්ව හම්බ වෙන්න ගියා.එදා මට දොස්තර අන්කල් කිව්ව පුතාට ආපහු එන්න ඕනි වෙන 1ක් නෑ පුතාට දැන් හොඳටම හොඳයි කියල.මට ඉතින් බුදු ෆිටටම්මටත් එහෙමයි.ඔන්න එදා අපි කඩුවෙල නැන්දලගෙ ගෙදර නවතින්න ගියා.එදා එහේ උපන්දින සාදයක්.කට්ටිය ගොඩක් ආව.පිස්සු හැදෙන කෑ* එහෙමත් ඇව්ත් හිටිය.නැන්දටත් ගොඩක් සතුටුයි මට හොඳ වෙච්ච 1 ගැන.ඔහොම පාටිය යන අතරෙ මට ආපු අය අතර කවදාවත් හිතුවෙ නැති විදිහට එදා අර කැන්ටිමේදි දැකපු කෙල්ල දකින්න ලැබුණ.හැබැයි ඒ වෙනකොට නම් එයා ටිකක් විතර වැඩිපුරත් එක්කම මහත් වෙලා.ලස්සන ඇඳුමක් ඇඳල හිටියෙ එයා.හැබැයි එච්චර සතුටින් ඉන්න බවක් දකින්න ලැබුණෙ නෑ.

    ඒ දවස් වල මට කෙල්ලෙක් හිටියෙ නෑ.මොකද ඒ දවස් වල මට කෙල්ලෙක්ගෙන් අහන්න තරම් පණක් තිබ්බෙ නෑ.ලව් කරානම් හිතින් විතරයි.මම ඉතින් අර කෙල්ලට ඇන්ටනාව දාගෙනම හිටිය.පාටි එකේ කට්ටිය ඔක්කොම වගේ නැටුවට එයා නැටුවෙ නෑ.මාත් නැටුවෙ නෑ.ඇත්තම කිව්වොත් මට නටන්න බෑ හරියට.මම දැක්ක කෙල්ල ගාව ෆෝන් කෑල්ලකුත් තියනව.මාත් ෆෝන් 1ක් අරන් වැඩි කලක් නෑ.මගෙ ගාව එතකොට තිබ්බෙ k 850ක් ෆොටෝ ගින්දර වගේ වදිනව.කෙල්ල ගාව තිබ්බෙ k800ක්.මට මේක දැකල මරු idea 1ක් ආව.මම ෆෝන් ගැන ටෝක් 1ක් දාගෙන කෙල්ල කතාවට සෙට් කරගත්ත.ඒකිත් ගනන් ගත්තෙ නැතුව කතා කර.මම නම් වෙව්ලන ගමන් කතා කරේ.නැන්ද හරි අම්ම හරි දැක්කොත් බඩුම තමා නිසා.කොහොමෙන් කොහොම හරි පාටිය ඉවර වෙනකොට රෑ 12 විතර උනා.මුලු රෑම මම කෙල්ල පස්සෙන්ම තමයි.එය කතා කරේ හරිම හිමින්.මාර ලස්සනයි.කියන්න වචන නෑ.මට කෙල්ලෙක්ගෙ experience නැති නිසා ඒකිව බොක්කටම වැදුන.අන්තිමට ෆුල් ගේමක් දීල නම්බරෙත් ඉල්ලගත්ත.මටම පුදුමයි මමද එහෙම කරේ කියල.

    ගෙදර ඇව්ත් මුල්ම දවසෙම මම කෙල්ලට කොහොමද කියල මැසේජ් 1ක් කෙටුව.ඒකිත් reply කරා.මම ෆුල්ම මනෝ කාරයෙක් වෙන්න පටන් ගත්ත.මට හිතුන ටිකෙන් ටික වැඩේ හරියාගෙන එනව කියල.කෙල්ලගෙ නම B* මම ඉතින් B ගැන ටිකෙන් ටික පිස්සු වෙන්න පටන් ගත්ත.කෙල්ල මගෙ වයසෙමයි.මට වඩා මාස 3ක් විතර වැඩිමල්. ඕව නම් මොනවද කියල හිතුණණා. අපේ ඉස්කෝලෙ නම් එහෙම හොද කෙල්ලෙක් මම දෙකල නෑ. මුලින් හිතුවට ආඩම්බර කෙල්ලෙක් කියල ඒකි එහෙම නෑ. ටික දවසක් යනකොට එය කිව්ව අපි හොඳම යාලුවො කියල.මම ගැන එයා අම්මටත් කිව්වලු.පවුලෙ ඉන්නෙ අම්මයි,තාත්තයි,අක්කයි,එයයි.මම දවසක් call කරාම ෆෝන් 1 ඉස්සුවෙ එයාගෙ අම්ම. ඇන්ටිත් හා මේ හිරා පුතා නේද කියල ඇහුව.මට ඉතින් තවත් ෆිට්.
     

    DJLaksh

    Junior member
  • Jan 20, 2009
    59
    7
    8
    ශ්‍රී ලංකාව
    මම මාසයක් විතර ඔහොම වැඩේ කරගෙන ගියා.මට දැන් මේක පරක්කු නොවී අහන්න ඕනි කියල හිතුන.ඒකිට නම් කලින් කොල්ලෙක් හිටිය කියල මට කියල තියනව.හැබැයි දැන් නම් නෑ කියල දන්න නිසා මට ෆිට.හැබැයි වැඩේ දෙල් වෙලා යයිද කියල පණ බයයි.ඒ අහන්නෙ නැතුවත් බෑ.දවසක් විතර කෙල්ලට මැසේජ් කොටල නිදාගන්න හදනකොට වෙලාව පාන්දර 2යි.කෙල්ල අන්තිමට මට කිව්ව හිරා ඔයාව ලැබෙන කෙනා නම් හරිම වාසනාවන්තයි කියල.ඔන්න නියම time 1 කියල මට හිතුණ.මම ඇහුව ඒ කෙනා ඔයා වෙන්න කැමතිද කියල ගැම්මටම.මම හිතුවෙ කෙල්ලට මළ පනියි කියල.ඒ උනාට කෙල්ල කිව්ව් මට ඒ වාසනාව දෙවියන්වහන්සේ දීල නෑ.GN TC God bless....!.ඊට පස්සෙ ෆෝන් 1 ඕෆ් කරා.

    මට රෑ එලිවෙනකන් නින්ද ගියේ නෑ.මම හිතුවෙ කෙල්ල බොරුව දාල පස්සෙ කැමැත්ත දෙයි කියල.පහු වෙනිද මම කෙල්ලට ඇත්ත සිද්දිය කිව්ව.කියල I love u කියලත් කිව්ව.මාර සීන් 1 තමා උනේ.කෙල්ල කිව්ව.I'm sorry Hiraa.... ඔයාට මම ඇත්ත කියන්න තමයි හිටියෙ. ඒත් ඔයටත් මම කැමති නිසා කිව්වෙ නෑ කිව්ව.මට තරු පෙනුන.මම ඇහුව මොකක්ද ඔය ඇත්ත කියල.කෙල්ල කිව්ව එයා එක්ක තරහ වෙන්නෙ නෑ කියල promise වෙන්න කියල.මම ඉතින් හා කිව්ව.මෙන්න ඉතින් කෙල්ල ඊට පස්සෙ සීන් 1 කිව්ව.එයාට මොකක්ද පිළිකාවක් තියනවලු.ඒකලු එයා නවලෝක එකේ හිටියයෛක්මනට මහත් උනෙත් ඒ නිසාමලු.සීන් 1 දැනගත්තට පස්සෙ කොල්ල cut උනාලු.මට මතක් උනේ A walk to remember film 1.මම ඒකෙ කොල්ල වගේ ගැම්මටම කිව්ව මම ඔයාට ඒත් කැමතියි කියල.ඒ උනාට මම කිව්වෙ හිතට එකඟවමද කියල මම දන්නෙ නෑ.හැබැයි කෙල්ල කැමති උනේ නෑ.මටත් ඇඬුන අම්බානෙකටම.කෙල්ල කැමති උනේ නැති 1 හොදයි කියල මටත් හිතුන.මොකද film වල නවකතා වල කරන ඒව සැබෑ ජීවිතේ කරන්න අමාරු නිසා.

    මට එදා තරම් දුකක් කවුරුවත් නිසා ඇති වෙලා නෑ.මම ගෙදර ඉන්න බැරි නිසා වැව් බන්ට් 1ට ගිහින් කවුරුවත් නැති නිසා පොඩි එකෙක් වගේ ඇඬුව ඇති වෙන්න.කෙල්ලට එදායින් පස්සෙ මම කිසිම ලව් ටෝකක් දෙන්න ගියේ නෑ.එයත් හැම වෙලාවෙම හිටියෙ පල්ලියෙ.එයා කතෝලික.මම බෞද්ධ. එයාට 2010 ඔක්තෝබර් මාසෙ වගේ වෙනකොට ගොඩක් අමාරු උනා.මම එයාව බලන්න මහරගම පිළිකා රෝහලටත් ගියා.එයා ගොඩක් වෙනස් වෙලා එතකොට. පරණ ලස්සන අඩු වෙලා. හැබැයි ඒත් එයා එයාමයි. මට එයාව දැක්කම කතා කරගන්න බැරි උනා.එයා ඇඬුවෙ නෑ.සතුටින් ඉන්නව කියල පෙන්නන්න හැදුව මට.මට B කිව්ව ඔයා ගොඩක් හොඳ යාලුවෙක් කියල.ඒ වාට්ටුවෙ හිටියෙ එයා වගේම ජීවත් කරවන්න අමාරු ලෙඩ්ඩු.මම එයාව බලන්න දවස් 3ක්ම ගියා.3 වෙනි දවස වෙනකොට එයාට ගොඩක්ම අමාරුයි.දවස් 2ක් ඊට පස්සෙ යන්න බැරි උනා බලන්න.ඊලඟ දවසෙ යන්න හිතන් හිටියෙ.ඒ යන්න උනෙත් නෑ.ඊට පහු වෙනිද ආදරය කරන කෙනෙක්ට එන්න තියන නරකම ආරංචිය මට ආව.මට එයාගෙ මළ ගෙදර යන්න බැරි උනා.මම එයාගෙ ගෙදර තියෙන්නෙ කොහෙද දන්නෙ නෑ.අපේ නැන්දල ගියා කියල අපේ අම්මට කෝල් කරනව මට ඇහුන.මට ඉතින් කරන්න දෙයක් තිබ්බෙ නෑ.හොයන් ගියොත් නැන්දට මාට්ටු.

    මේ වගේ චාටර් සීන් 1ක් නම් මම වෙයි කියල කීයටවත් හිතුවෙ නෑ.මට තියන ලොකුම දුක තමයි මගේ ගාව Bගෙ ෆොටෝ 1ක් වත් නැති 1.එදා පාටියෙදි පැත්තෙන් වැදිච්ච 1ක් විතරයි තියෙන්නෙ.ඊට පස්සෙ කෙල්ලො එක්ක කතා කරන්න තිබිච්ච බය නම් නැති උනා.මට කවදාවත් එයාව අමතක වෙන්නෙ නෑ.මේ වගේ සීන් 1ක් හතුරෙකුටවත් වෙන්න එපා.
     

    Madhur1202

    Active member
  • Apr 27, 2009
    659
    78
    28
    Colombo
    උඹ නම් මාර කොල්ලෙක් බං...,බොරු නැතුව ඔක්කොම කියල තියනවා.උඹ හොඳ හිතක් තියන කොල්ලෙක්.....එක නිසා හොඳ කෙල්ලෙක් ඉක්මනට සෙට් වෙයි....

    උඹ ආදරේ කරපු Girlට වෙච්චදේ ගැන නම් දුකයි.....
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    මචා ඔය වගේ සීන් අහද්දි සිරාවටම ඇඬෙනවා බන්z....:sorry::sorry:
    මොනවා උනත් උඹ හොඳ කොල්ලෙක් කියලනම් හිතෙනවා...නමුත් උඹ ලොකු යුතුකමක් පැහැර හැරල තියෙනවා බන්z.....:(:(උඹට කොහොමහරි ජිල්මාට් එකක් දාල කෙල්ලගේ Funeral එකට යන්න තිබ්බා මචා.....:growl::growl:උඹට එකෙන්වත් අන්තිමට තෘප්තිමත් වෙන්න තිබ්බ බන්z...........:yes::yes::yes:
     

    kasuncj

    Member
    Sep 10, 2008
    4,420
    230
    0
    matara
    bokkatama waduna machan
    mata dukai uba gana
    ubata godak duka athi mata kiyanna ba ubata duk nowi idapan kiyala
    kaalaya hamadema wisadanawa machan
    parissamin hitahan ubata jaya
     
    Apr 8, 2011
    569
    117
    0
    හෙළදිව
    දුක්බර කතාවක්:(

    ජීවිතේ අපි වැඩියෙන්ම ආස කරන දේවල් හින්ද තමයි වැඩියෙන්ම දුක්වෙන්නේ.
    අපි කෙනෙකුට බැදිල තියෙන තරමට ඒ කෙනාට දුකක්, කරදරයක් වෙනකොට, අපෙන් ඈත්වෙනකොට අපිට දරාගන්න අමාරුයි.


     

    DJLaksh

    Junior member
  • Jan 20, 2009
    59
    7
    8
    ශ්‍රී ලංකාව
    මොනව උනත් ආයෙ එයා එන්නෙ නෑනෙ මචන්ස්ල........ මට එයව අන්තිම වතාවට බලන්න යන්න බැරි වෙච්ච 1ට අදටත් දුක් වෙනව
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ජීවිතේ හැටි ඔහොම තමයි යාළුව... දුක සතුට දෙකම ජීවිතයෙ අපිට විදින්න වෙනව...

    :(:(:(
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    උඹ නම් මාර කොල්ලෙක් බං...,බොරු නැතුව ඔක්කොම කියල තියනවා.උඹ හොඳ හිතක් තියන කොල්ලෙක්.....එක නිසා හොඳ කෙල්ලෙක් ඉක්මනට සෙට් වෙයි....

    උඹ ආදරේ කරපු Girlට වෙච්චදේ ගැන නම් දුකයි.....

    :yes:
    wechcha de gana nam dukai bro :(
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    මට නම් හිත ගන්නවත් බෑ මචන්......තනිකර A Walk To Remember කතාව වගේමය්....උබට ගොඩක් හොද කෙල්ලෙක් හම්බවෙය් මචන්........අපිත් එක්ක මේ කතාව බෙදාගත්තට ස්තුති :(:(:(:(