මගේ පුනරුප්පත්තිය

intox1234

Member
Apr 26, 2009
342
43
0
මගේ පුනරුප්පත්තිය

මචං මට මේක පුන්චිකලේ ඉදන් තිබ්බ ගැටළුවක්. මම පොඩි කලේ ඉදන් කොච්චි වල යන්න බයය් . රතු කාර් වලට ආස්ය්. මම ඉස්සර කෝච්චියකට නැග්ගොත් බහිනකන් අඩන එක තමය් කරන්නෙ. තව පොඩි කලේ මම නංගිලට තේ හදනවා.

මෙන්න මෙකය් මේ phsyco සීන් එකට හේතුව. මම පුනුරුප්ප්තිය කියල තියනවා පොඩි කාලේ ඉදන්. දවසක් අවුරුදු 3ක් විතර වයසෙදී මම බිම වැටිලා ඔහේ ඉද්දි මගේ අප්පච්චි මගෙන් ඇහුව ඇය් පුතේ ඔහොම ඉන්නේ කියල මම එකපාරට දීල තියන උත්තරේ "මානසික අසහනය නිසා" කියලලු. එටන ඉදන් මම ටික ටික කිව්වා ඔක්කොම විස්තරේ.

1. මම ගිය භවයක හිටියේ අංගොඩ.
2. මට රතු කාර් එකක් තිබ්බා. B211 datsun එක වගේ ආසන්න හැඩයක් තියන කර එකක්
3. මට ලොකු රෙදි කඩයක් තිබ්බා, පරණ ලොකු රෙදි කඩ මතක් කරගනිං කෝ, අර පොප්ලීන් රෝල් ඔතල දාල තියන්නේ රාක්ක වල. (නිමි ඇදුන් නෙවේ)
4. මට නංගිලා තුන් දෙනෙක් හිටියා.
5. මම සහ නංගිලා තුන්දෙනා කාර් එකේ යද්දී කෝච්චියක හැප්පිලා මැරුණා.
6. මරුනේ කොලබට ආසන්න හෝ එවැනි තදාසන්න ප්‍රදේශයක.

මේවා මට අද වගේ මතකය්. ගිය මාසේ ඉදන් මේ කෝච්චිය එනවා හීනෙන් පෙනිලා මම ගැස්සිලා ඇහැරෙනව. මට මතක නෑ මගේ නමක් වත් මුකුත් හිටියේ අංගොඩ කියනවා ඇරෙන්න. හැබය් මට කර එකේ පාට එකේ හැඩය , අනතුර සිද්ද උන ස්ථානය ( ඒක පාර අයිනක තිබ්බ station එකක් , ම්දුම්රිය මග මහපාර පහුවෙනවත් එක්කම දුම්රියපොළ තියන ස්ථානයක්. හරියට නුගේගොඩ වගේ. ෂුවර් නෑ. වටේම කලබලකාරිය්.) මට නංගිලා 3 දෙනෙක් හිටිය බව මතකය්. හොදම හරිය කියන්නේ. අනතුරට පස්සේ තලුන පොඩි උන වහනය දිහා මම station එකේ වහලේ උඩ ඉදන් බලන් ඉන්නවත් මතකය්.

මට දැනගන්න ආසය් මචං ල , මේවගේ අනතුරක් (1987 ට පෙර වකවානුවක) සිද්ද උනාම ඒක ගැන විස්ටර කොහෙන්ද හොයා ගන්නේ කියල. මට ඕන මේක හරව්ස්සල බලන්න. මුකුත් වෙනවදකා නෙවේ. කුතුහලයට.

කාට හරි පුළුවන් නම් මේ ගැන මට උපදෙසක් දෙන්න. බුම්ප් එකක් උනත් අගයකොට සලකමි...
 
Last edited:

rudayas

Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    distress.jpg
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    හදිසි අනතුරු ගැන වාර්තා තියෙන්නේ උසාවි , p0licy වල
     

    praneeth.pj

    Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    bmp machan අපේ අයියත් ඔහොම සීන් එකක් පොඩි කාලේ කියලා තියෙනවා.එත් දැන් මතක නෑලු.කතා කරන්න පටන් ගත් දවස්වල.බෝම්බයක් පිපිරිලා මැරිච්ච කතාවක්.හොදම සීන් එක කියන්නේ, ඒ වෙන්වකොට බෝම්බ කියන වච්නවත් ගෙදර කතා කරලා තිබ්බේ නෑලු
     

    1000dpi

    Member
    Sep 27, 2013
    46
    5
    0
    Kola Amba
    මචන් අපේ අක්කා කෙනෙකුට ඔහොම ලෙඩක් තිබ්බා,එයා මෙඩිකල් කලේ එත් ලේ බලන්න බැ කලන්තේ දානවා,පස්සෙ මොහණ ප්‍රතිකාරයක් කරලා හොඳ කලා,1987 ගැන හොයන්න නම් රාජ්‍ය ලෙඛනාගාරයට යන්න වෙනවා,ඔය ප්‍රවෘත්තිය ඔයාට එකෙන් දැන ගන්න පුළුවන් වෙයි,හැබයි පත්තර ටිකක් පෙරලන්න වෙයි.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Machan uba angoda nam hitiye samaharawita Baseline road station hari, kotta road station eka wennath puluwan happune.. nugegoda kiyana ekath wenna puluwan godak wita..oka dana ganna ithin policiye warthawa balanna wenawa.. nathnam machan ubata me station walata gihin ahannama wenawa.. parana aya innawanam oka dannawa..