මගේ මතක මැරුනාදෙන්

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,427
    4,150
    113
    කඩවත
    මගේ මතක මැරුනාදෙන්

    නෙලාගන්න බැරි තරමට..
    ගහක උඩින් මල් පිපෙන්න...
    හිතේ තිබුනමුත් අදහස...
    මටත් එහෙම මලක් වෙන්න...
    පියාඹලා ඇවිදින් නුඹ...
    මගේ සුවද ලබා ගන්න....
    අනේ ඉතින් මට හිතුනා...
    වරක් ආදරේ කරන්න....

    හිතේ පැතුම් පොදි රදවා...
    අනාගතේ හැඩ කරන්න...
    මගේ හීන වල සගවා...
    ආශා දහසක් දකින්න....
    නෙතින් නෙතට එබී බලා...
    සුසුම් පොදක ලැගුම් ගන්න...
    ඉතිං කාලයක් තිබුනා.....
    ජීවිතේම ඔබේ වෙන්න....

    දිනෙන් දිනට ගතවෙන සද...
    වැඩ දහසක් නිම කරන්න....
    හැමදාමත් සිහින ලොවේ...
    බෑ කාටත් රැදී ඉන්න....
    එහෙත් ආදරේ නාමෙන්...
    වරක් දෙකක් ඉගි කරන්න...
    පමා වෙලා ඔබ ඇවිදින්...
    කදුලේ මා ගිලී යන්න.....

    මිටි ගැහෙනා මොනරු සමග..
    වසර පුරා ගෙවී යන්න....
    ආදරයේ පුංචි කතා...
    පෑල දොරෙන් පියාඹන්න....
    දිනෙන් දිනම ඔබ මාගෙන්...
    දුර ඈතට ඇවිද යන්න...
    අසරණ මට මා පමණයි...
    කිසිවෙකු නෑ දුක කියන්න....

    හිනා වෙන්න බැරි උනදෙන්...
    හැකිය කදුළ දරාගන්න.....
    ලොවේ කථා ඇසුනාදෙන්...
    කිසිවෙකු නැත රවට්ටන්න....
    ලයේ ගින්න ඇවිලීයන්...
    කිසිවෙකු නෑ නවත්තන්න....
    මගේ මතක මැරුණාදෙන්
    යලිත් එපා ඔයා එන්න.....

    අහිමි පෙමකින් තැවෙන මිතුරියක් වෙනුවෙනි

    195_alone_prince-vij3.jpg


     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    හිනා වෙන්න බැරි උනදෙන්...
    හැකිය කදුළ දරාගන්න.....
    ලොවේ කථා ඇසුනාදෙන්...
    කිසිවෙකු නැත රවට්ටන්න....
    ලයේ ගින්න ඇවිලීයන්...
    කිසිවෙකු නෑ නවත්තන්න....
    මගේ මතක මැරුණාදෙන්
    යලිත් එපා ඔයා එන්න.....

    ........................ :(
    lassanaiy
     
    • Like
    Reactions: Dinushasankalpa

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,427
    4,150
    113
    කඩවත
    හිනා වෙන්න බැරි උනදෙන්...
    හැකිය කදුළ දරාගන්න.....
    ලොවේ කථා ඇසුනාදෙන්...
    කිසිවෙකු නැත රවට්ටන්න....
    ලයේ ගින්න ඇවිලීයන්...
    කිසිවෙකු නෑ නවත්තන්න....
    මගේ මතක මැරුණාදෙන්
    යලිත් එපා ඔයා එන්න.....

    ........................ :(
    lassanaiy
    :dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,427
    4,150
    113
    කඩවත
    a unata oyage hangeemne neda?
    wena kenekta liuwwata eyage hangeem oyata enne nahane neda?
    මං ලියපු පරණ ඒවා කියෙව්වොත් දැනෙයි.. මං ඒ අවස්ථාවේ... ඒ චරිතයට ගිහිල්ලා ලියන්නේ... ඒ කෙනාට මෙහෙම උනාම කොහොම හිතෙන්න ඇත්ද කියන එක + එයා මට කියපු දේවල් අරං...
    ඔයා කියන එකෙත් පොඩි ඇත්තක් තියෙනවා.. කොච්චර උනත් ටිකක් හෝ මගේ හිතේ තියෙන දේත් ලියවෙනවා ඇති.. හැබැයි මූලිකත්වය ලැබෙන්නේ කතාව ගන්න කෙනාගේ හිතට :yes::D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,427
    4,150
    113
    කඩවත
    අර කලු පාටින් දාපු එකද? නෑ උඹ මේ සති දෙකකින් විතර අඬන එව්වමයි දාන්නේ. මිතුරියක් පිටින් යැව්වා නේද??
    :rofl: මං එළකිරියෙන් වටහා ගත් දෙය. රිදිලා හා වාද කිරීමෙන් හිමිවන්නේ පරාජය පමණි..
    සෝ.. ඔව් බං.. මට හිතුන ඒවා තමා මේ සති දෙකේම. මං හෙන අවුලෙං බං ඉන්නේ. උඹ කොහොමද දැනගත්තේ :dull:
    2.gif