එහෙම අයියලා... මෙහෙම මල්ලිලා වෙසෙන ලෝකය කොයි තරම් සොඳුරුද.... මිනිසත් බවට තවත් උපමා කුමට....? හදවතට ඉතා තදින් දැනුනු නිර්මාණයක්... අර රොන් අයියගේ "තාත්තා" කවි පෙල වගේ... සත්තකින් මෙය මගේ හද සසල කළා... දෑස තෙත් කළා.... අති විශිෂ්ඨයි රොන් අයියා....
EΜΙFΞXΛ;7399631 said:පැය ගානක්, වචන දහස් ගනණකින් වුව කියා නිමකල නොහැකි දිග කතාවක් කිසිම අඩු පාඩුවක් නොතියා මේ විදියට කෙටි නිර්මාණයකින් ඉදිරිපත් කරල තියෙනව.
ඇත්තටම කියවගෙන යද්දි රූප පෙලක් වගේ හැම අවස්තාවක්ම මැවිල පේනවා..හරිම සංවේදී කතාවක්..
කොළඹ කන්තෝරුවක වැඩ කරන ඉහල තානාන්තරයක් දරණ ඔහුට අයියගේ ඇඟේ හයිය දැනුන කියන තැනට මම ගොඩක් ආසයි...ඒ ඇත්තටම අතේ පයේ සවි ශක්තිය නෙමෙයි මං හිතන්නෙ..ඒ හයිය නැති වෙච්ච අඩු පාඩුව අවසානයේදි ලස්සනට ප්‍රකාෂ කරල තියෙනව.
තවත් මේ වගේ නිර්මාණ කිරීමට සුභ පතනවා..![]()
duka hithena nirmaanayak ayye....
![]()
මෙම නිර්මානය හරිම සංෙව්දී. අපෙ රටෙ කොපමන සහොදරයින් ඉන්නවද තම බාල මල්ලිල නංගිලගෙ ජීවිත සැපවත් කරන්න අපමන කැප කිරීම් කරල නිහඩවම ඒ සතුට විදින. හුග දෙනෙකුට ඉහලට යත්දි ෙම්ව අමතකයි. ඒ තියා දරුවන්ටත් දෙමාපිය කැපකිරීම අමතකයි. ඒ වගෙ කාලයක බොහොම අපූරුවට කියවපු සුන්දර නිර්මානයක්. ඉස්සර ගම්බද කවුරුහරි කොළඹ අාවම ඒඅය තමයි ගමෙම ඉන්න අයට උදව් කරන්නෙ ඉගෙන ගන්න. මට මතකයි අපෙ තාත්තල ඒව කියනව. ඒ වගෙ උදව් කරපු අය තාමත් ඒ අයට සලකනව. කොච්චර අහිංසක ගැමි සමාජයක්ද අපට තිබිල තියෙන්නෙ. ඒ බව දැන් ඉන්න පරපුරටත් මතක්කරල දෙන ඉතාම වටිනා නිර්මානයක් විදිහටයි මම මෙය දකින්නෙ. ඒවන් සොයුරන් සදා වැජඹෙවා! ඔබට ජය!
එහෙම අයියලා... මෙහෙම මල්ලිලා වෙසෙන ලෝකය කොයි තරම් සොඳුරුද.... මිනිසත් බවට තවත් උපමා කුමට....? හදවතට ඉතා තදින් දැනුනු නිර්මාණයක්... අර රොන් අයියගේ "තාත්තා" කවි පෙල වගේ... සත්තකින් මෙය මගේ හද සසල කළා... දෑස තෙත් කළා.... අති විශිෂ්ඨයි රොන් අයියා....
මට නං කියන්න වචන නෑ. ශ්‍රේෂ්ඨයි. අනේ මටත් මෙහෙම හදවතේ ගැඹුරුම තැන සංස්පර්ෂ කරන්න වචනයක් දෙකක් අමුණගන්නට පුලුවන් නම් කියල හිතුන.
මගේම කියන්න සහෝදරයෙක් නැති කම හුගක් හිතට දැනුන. මේක මේ රටේ 70, 80 දශකයෙන් පස්සෙ ගමෙන් කොළඹට ආව මල්ලිලාගෙත් අයියලාගෙත් ජීවන අන්දරය වගේ. අදටත් මෙහෙම නෑ කියනව නෙමෙයි මේ.
විවෘත ආර්ථිකයත් එක්ක ගම්බදව හිටපු ගොඩක් පවුල් වල (සාමාජිකයන් ගොඩක් හිටපු නිසා) පවුලෙ එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි තමයි හොදට ඉගෙන ගන්නෙ. එහෙම ඉගෙන ගෙන කොළඹ රටේ වැඩිදුර ඉගෙන ගන්න හරි මොකක් හරි තානාන්තරයකට හරි එන්නෙ ගමේ ඉන්න වැඩිමහල් සහෝදරයො ටික මොකක් හරි දහ දුකක් විදල කාසි කොළ ටිකක් කොළඹ එනකොට බාල සහෝදරයගෙ අත මිට මොළවන හින්ද.
ගම්පෙරළිය වගේ කෘති වලින් එළිදැක්කෙ ඒ කාලෙ සිදුවෙච්ච මේ සමාජ පෙරළිය වෙන්න ඕන.
ඒක අදටත් ඒ වගේම සංවේදී විදියට හිතට දැනෙන්න මේ කරපු නිර්මාණය නම් රටක් වටිනව අයියෙ.
it's just brilliant i would say
හරිම සංවේදී පද වැලක් සහෝ
මොන ප්‍රශ්න තිබුණත් සහෝදරයො ඔහොම තමයි
ඒක නැවත අපට මතක් කරල දුන්නට ස්තුතියි