~මගේ රජ්ජුරුවෝ~

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
එහෙම අයියලා... මෙහෙම මල්ලිලා වෙසෙන ලෝකය කොයි තරම් සොඳුරුද.... මිනිසත් බවට තවත් උපමා කුමට....? හදවතට ඉතා තදින් දැනුනු නිර්මාණයක්... අර රොන් අයියගේ "තාත්තා" කවි පෙල වගේ... සත්තකින් මෙය මගේ හද සසල කළා... දෑස තෙත් කළා.... අති විශිෂ්ඨයි රොන් අයියා....
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
EΜΙFΞXΛ;7399631 said:
පැය ගානක්, වචන දහස් ගනණකින් වුව කියා නිමකල නොහැකි දිග කතාවක් කිසිම අඩු පාඩුවක් නොතියා මේ විදියට කෙටි නිර්මාණයකින් ඉදිරිපත් කරල තියෙනව.:D

ඇත්තටම කියවගෙන යද්දි රූප පෙලක් වගේ හැම අවස්තාවක්ම මැවිල පේනවා..හරිම සංවේදී කතාවක්..:)

කොළඹ කන්තෝරුවක වැඩ කරන ඉහල තානාන්තරයක් දරණ ඔහුට අයියගේ ඇඟේ හයිය දැනුන කියන තැනට මම ගොඩක් ආසයි...ඒ ඇත්තටම අතේ පයේ සවි ශක්තිය නෙමෙයි මං හිතන්නෙ..ඒ හයිය නැති වෙච්ච අඩු පාඩුව අවසානයේදි ලස්සනට ප්‍රකාෂ කරල තියෙනව. :cool:

තවත් මේ වගේ නිර්මාණ කිරීමට සුභ පතනවා.. :)

බොහොමත්ම ස්තුතියි ඔබට දිගු විස්තරයක් සහිතව නිර්මානය අගය කලාට...
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
මෙම නිර්මානය හරිම සංෙව්දී. අපෙ රටෙ කොපමන සහොදරයින් ඉන්නවද තම බාල මල්ලිල නංගිලගෙ ජීවිත සැපවත් කරන්න අපමන කැප කිරීම් කරල නිහඩවම ඒ සතුට විදින. හුග දෙනෙකුට ඉහලට යත්දි ෙම්ව අමතකයි. ඒ තියා දරුවන්ටත් දෙමාපිය කැපකිරීම අමතකයි. ඒ වගෙ කාලයක බොහොම අපූරුවට කියවපු සුන්දර නිර්මානයක්. ඉස්සර ගම්බද කවුරුහරි කොළඹ අාවම ඒඅය තමයි ගමෙම ඉන්න අයට උදව් කරන්නෙ ඉගෙන ගන්න. මට මතකයි අපෙ තාත්තල ඒව කියනව. ඒ වගෙ උදව් කරපු අය තාමත් ඒ අයට සලකනව. කොච්චර අහිංසක ගැමි සමාජයක්ද අපට තිබිල තියෙන්නෙ. ඒ බව දැන් ඉන්න පරපුරටත් මතක්කරල දෙන ඉතාම වටිනා නිර්මානයක් විදිහටයි මම මෙය දකින්නෙ. ඒවන් සොයුරන් සදා වැජඹෙවා! ඔබට ජය!

කවදත් වගේ එකතුකරනා පැහැදිලි දිගු විස්තරයට හා නිර්මානය අගය කලාට බොහොම ස්තුතියි සොයුරිය ඔබට...
 
YasasSudaraka

Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ
    මට නං කියන්න වචන නෑ. ශ්‍රේෂ්ඨයි. අනේ මටත් මෙහෙම හදවතේ ගැඹුරුම තැන සංස්පර්ෂ කරන්න වචනයක් දෙකක් අමුණගන්නට පුලුවන් නම් කියල හිතුන.
    මගේම කියන්න සහෝදරයෙක් නැති කම හුගක් හිතට දැනුන. මේක මේ රටේ 70, 80 දශකයෙන් පස්සෙ ගමෙන් කොළඹට ආව මල්ලිලාගෙත් අයියලාගෙත් ජීවන අන්දරය වගේ. අදටත් මෙහෙම නෑ කියනව නෙමෙයි මේ.
    විවෘත ආර්ථිකයත් එක්ක ගම්බදව හිටපු ගොඩක් පවුල් වල (සාමාජිකයන් ගොඩක් හිටපු නිසා) පවුලෙ එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි තමයි හොදට ඉගෙන ගන්නෙ. එහෙම ඉගෙන ගෙන කොළඹ රටේ වැඩිදුර ඉගෙන ගන්න හරි මොකක් හරි තානාන්තරයකට හරි එන්නෙ ගමේ ඉන්න වැඩිමහල් සහෝදරයො ටික මොකක් හරි දහ දුකක් විදල කාසි කොළ ටිකක් කොළඹ එනකොට බාල සහෝදරයගෙ අත මිට මොළවන හින්ද.
    ගම්පෙරළිය වගේ කෘති ව‍ලින් එළිදැක්කෙ ඒ කාලෙ සිදුවෙච්ච මේ සමාජ පෙරළිය වෙන්න ඕන.
    ඒක අදටත් ඒ වගේම සංවේදී විදියට හිතට දැනෙන්න මේ කරපු නිර්මාණය නම් රටක් වටිනව අයියෙ.
    it's just brilliant i would say
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    හරිම සංවේදී පද වැලක් සහෝ
    මොන ප්‍රශ්න තිබුණත් සහෝදරයො ඔහොම තමයි
    ඒක නැවත අපට මතක් කරල දුන්නට ස්තුතියි
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    එහෙම අයියලා... මෙහෙම මල්ලිලා වෙසෙන ලෝකය කොයි තරම් සොඳුරුද.... මිනිසත් බවට තවත් උපමා කුමට....? හදවතට ඉතා තදින් දැනුනු නිර්මාණයක්... අර රොන් අයියගේ "තාත්තා" කවි පෙල වගේ... සත්තකින් මෙය මගේ හද සසල කළා... දෑස තෙත් කළා.... අති විශිෂ්ඨයි රොන් අයියා....

    ගොඩාරියක් සතුටුයි මල්ලියගේ විචාරය දැක්කම.

    අපේ හදවත්වලට බෙහෙවින් සමීප නිමිත්තක් සාර්ථකව මට මගේ නිර්මානයෙන් හසුරුවාගන්න පුලුවන් වෙලා තියෙනවා කියල හිතුනා මේ අදහස් දැක්කම...
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මට නං කියන්න වචන නෑ. ශ්‍රේෂ්ඨයි. අනේ මටත් මෙහෙම හදවතේ ගැඹුරුම තැන සංස්පර්ෂ කරන්න වචනයක් දෙකක් අමුණගන්නට පුලුවන් නම් කියල හිතුන.
    මගේම කියන්න සහෝදරයෙක් නැති කම හුගක් හිතට දැනුන. මේක මේ රටේ 70, 80 දශකයෙන් පස්සෙ ගමෙන් කොළඹට ආව මල්ලිලාගෙත් අයියලාගෙත් ජීවන අන්දරය වගේ. අදටත් මෙහෙම නෑ කියනව නෙමෙයි මේ.
    විවෘත ආර්ථිකයත් එක්ක ගම්බදව හිටපු ගොඩක් පවුල් වල (සාමාජිකයන් ගොඩක් හිටපු නිසා) පවුලෙ එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි තමයි හොදට ඉගෙන ගන්නෙ. එහෙම ඉගෙන ගෙන කොළඹ රටේ වැඩිදුර ඉගෙන ගන්න හරි මොකක් හරි තානාන්තරයකට හරි එන්නෙ ගමේ ඉන්න වැඩිමහල් සහෝදරයො ටික මොකක් හරි දහ දුකක් විදල කාසි කොළ ටිකක් කොළඹ එනකොට බාල සහෝදරයගෙ අත මිට මොළවන හින්ද.
    ගම්පෙරළිය වගේ කෘති ව‍ලින් එළිදැක්කෙ ඒ කාලෙ සිදුවෙච්ච මේ සමාජ පෙරළිය වෙන්න ඕන.
    ඒක අදටත් ඒ වගේම සංවේදී විදියට හිතට දැනෙන්න මේ කරපු නිර්මාණය නම් රටක් වටිනව අයියෙ.
    it's just brilliant i would say

    නිර්මානයට දී ඇති අගය හා තක්සේරුව ගැන නිර්මානය ගැන වඩා හොඳින් දන්නා නිර්මානයේ අයිතිකරුවා වන මම පලමුව බෙහෙවින් ඔබට ස්තූතිවන්ත වෙමි..

    ඔබ මගේ හිතේ ඇතිවූ වස්තු බීජය එඅයුරින්ම ග්‍රහණය කොට ගෙන තිබීම හා එය තුල මොහොතකට ජීවත්වීම තමයි මෙතරම් අගයක් ඔබ මෙයට දෙන්නට හේතු පාදක වී ඇත්තේ..

    මල්ලියා ඔබගේ පැහැදිලි අදහස් දැක්වීම ගැන මගේ ප්‍රණාමය...

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    හරිම සංවේදී පද වැලක් සහෝ
    මොන ප්‍රශ්න තිබුණත් සහෝදරයො ඔහොම තමයි
    ඒක නැවත අපට මතක් කරල දුන්නට ස්තුතියි

    ගොඩාරියක් ස්තුතියි නංගියට නිර්මානය ගැන අදහස් දැක්වීමට හා එය අගය කලාට..