මගේ සිංගල් කැබ් එක .. Tata 207 RX

senewimala1988

Well-known member
  • Dec 5, 2007
    7,834
    2,672
    113
    Kadawatha, Sri Lanka
    👆මේක හොදයි, 207 එකත් බලන්න


    View attachment 263511

    යට දුනු එන්නේ ඇක්සල් එකට යටින් u බෝල්ට් වලින් හයි කරලා. මේකේ බර එන්නේ u bolt වලට නිසා ලොකු ලෝඩ් එකක් දාන්න බෑ.
    උඩ දුනු එන්නේ ඇක්සල් එකට උඩින්. මේකේ බර එන්නේ දුනුවලට නිසා ලොකු ලෝඩ් එකක් ගහන්න පුළුවන.
    යට දුනු වාහන වල සැප පහසුව වැඩියි. නමුත් දුනු තියෙන්නේ යට නිසා වැඩි බරක් දාන්න බැ. නමුත් උස අඩු නිසා වේගෙන් යන්න පුළුවන්.
    උඩ දුනු වාහන වල සැප පහසුව අඩුයි. නමුත් දුනු තියෙන්නේ උඩ නිසා වැඩි බරක් දාන්න පුළුවන්. නමුත් උස වැඩි නිසා වේගෙන් යන්න බෑ.
    යට දුනු ගැස්සෙන ප්‍රමාණය අඩුයි.
    උඩ දුනු ගැස්සෙන ප්‍රමාණය වැඩියි.
    යට දුනු වල එක දුන්නක් කැඩුනොත් යන්න බෑ.
    උඩ දුනු වල එක දුන්නක් කැඩුනත් යන්න පුළුවන්.
    පැසෙන්ජර් වාහන ගොඩක් එන්නේ යට දුනු.
    බර වාහන එන්නේ ගොඩක් එන්නේ උඩ දුනු.

    සමහර 4WD පිකප් වල පස්ස යට දුනු එන්නේ.
    නමුත් Hilux 4WD වල පස්ස උඩ දුනු. ජපන හොදට හිතල බලල හදපු වාහනයක්.
    Hilux 2WD වල විතරයි යට දුනු.

    Hilux 106 ඉස්සරහ පස්ස ඔක්කොම උඩ දුනු. මේක ඔෆ් රෝඩ් වලට හොදයි. ඕන තැනක දාන්න පුළුවන්. 107 එකට සාපේක්ෂව ගැස්සෙන ප්‍රමාණය වැඩියි.
    107 ඉස්සරහ සස්පෙන්ෂන් පස්ස උඩ දුනු. මේක පාරට හොදයි. පරිස්සමින් එලවන්න ඕනේ. 106 එකට සාපේක්ෂව ගැස්සෙන ප්‍රමාණය අඩුයි.

    මේ ගැස්සෙන ප්‍රමාණය සාපේක්ෂයි. Tata කැබ් එකට සාපේක්ෂව Hilux කැබ් එක ගැස්සෙන ප්‍රමානය ගොඩක් අඩුයි. නමුත් Rolls Royce කාර් වලට වඩා වැඩියි.
    ------ Post added on Mar 9, 2026 at 10:31 PM


    හොදට පාවිච්චි කරන ඒවගේ එහෙමට කියල ලෙඩ නෑ. 10-12 අතර තෙල් කරයි. චැසි ක්‍රැක්, දිරුම්, හා එන්ජින් තමයි බලන්න ඕනේ.
    ------ Post added on Mar 9, 2026 at 10:40 PM
    Ado. Nice explanation. Thanx 😍