හිගන එක ජොබ් එකක් බන්. ඔකුන්ට දෙන්න එපා.ඕකුන්ව උදේ පාන්දර වාහනවලින් ගෙනත් බස්සවලා රෑ වෙද්දි එක්කරගෙන යනවා. දවසේ එකතු කර ගත්ත ආදයම උගේ මුදලාලිට ලැබෙන්නෙ. ඒ කෙනා බොහෝවිට මැරයෙක් හෝ පාතලකාරයෙක්. පොඩී උන් අරගෙන හිගා කන්නෙත් ඒවගේම අය තමයි. රැවටෙන්න එපා. කැළණිය පන්න්සල වගේ තැන් අවට හිගන්නන්නට කෑම ලැබෙනවා. මුන් ඒවා රු 100-150ට වගේ විකුණනවා. කඩේ කෑම එක 300 පැනලා නිසා මෙයාලගෙන් ඒවා අරගන්න එක ලාබයි. අනික මිනිස්සු දානයක් දුන්නත් දෙන්නෙ සුපිරියට, ඒනිසා කෑම එක රසට , පිරිසිදුව තියනවා. මේවා උබලා දැකලා නැ. ලංකාවේ හැම තැනම එහෙම තමයි . රැවටෙන්න එපා. උබලට ඇත්තටම උදව්වක් කරන්න ඕනි නම් sos ළමා ගම්මනය, ආලෝකා වැඩිහිටි නිවාසය වගේ ළමා නිවාස , වැඩිහිටි නිවාසවලට උදව් කරන්න. අඩුම තරමේ උපන් දිනේ දවසට රු 1000ක්වත් එයාලගේ ගිණුමකට දාන්න. හැබැයි මේ කියපු තැන් ඇර වෙනත් තැනුත් තියනවා. ඒවගේ ක්‍රියාකලාපය බලලා සල්ලි හෝ ආදාර කරන්න. සමහර තැන්වල සල්ලි අරගත්තට ඒ මිනිස්සුන්ට කන්නවත් නැහැ.