මගේ_අපවත්_වීමෙන්_පසු_බොරු_ශෝභන_උත්සව_කිසි&#352

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
මගේ_අපවත්_වීමෙන්_පසු_බොරු_ශෝභන_උත්සව_කිසිŠ

ha22.png

අති පූජණීය හාරිස්පත්තුවේ අරියවංශාලංකාර නාහිමියන් හට නිර්වාණ සම්පත්තිය ලැබේවා...!!!
මුළු මහත් ශ්‍රී ලංකාවේ පමණක් නොව බෞද්ධ ලෝකය පුරාවට අතිශය සිල්වත් වියපත් හිමිනමක් හැටියට නමක් දිනාගත්, කොළඹ 07 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ අධිපති, හාරිස්පත්තුවේ අරියවංශාලංකාර නාහිමිපාණෝ පසුගිය මාර්තු 24 වැනිදා භාවනා මධ්‍යස්ථානයේ අධිපති භාවයෙන්ද සමාජ මෙහෙවරෙන්ද මිදී හුදෙකලා නිදහස් භාවනාමය දිවියකට ඇතුළු වූහ.
”මේ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ අධිපතිධුරය ලබාගෙන දැන් වසර 13ක්. දැන් මේ ස්ථානයට පෙහෙවස් සමාදන් වෙන්න වෙසක් පෝදාට එන පිිරිස තුන්දහසකට වැඩියි. සාමාන්‍ය පෝයකට වුණත් දාහක් විතර සිල් සමාදන් වෙන්න එනවා. අපි කළ යුත්තේ පන්සල්වල ගොඩනැගිලි වගාව නෙමෙයි. මිනිසුන් අතර ගුණ වගාවයි. අද අපේ රටට මෙය ඉතාමත් අවශ්‍යයි. මම දැන් මේ ආයතනයේ අධිපතිකම කළා ඇති. තවත් කෙනකුගේ ආගමික සංකල්පනාවන් බෞද්ධ ජනතාවට ලබා දීම සඳහා කඳුබොඩ භාවනා මධ්‍යස්ථානයේ භාවනානුයෝගී වූ මගේ පැවිදි සහෝදරයකු වන ගම්පහ පේමසිරි හාමුදුරුවන්ට ආයතනය බාර දෙනවා.
දානමාන වලින් ලැබුණු ලක්ෂ ගණන් මුදල් දුප්පත් අයට ගෙවල් දොරවල් හදාගන්න දන් දුන්නා. පන්සල් මකර තොරණ ආදිය නෙමෙයි හදන්න ඕනෑ. අපි මිනිසුන් හදන්නයි ඕනෑ. ගිය අවුරුද්දේ දුප්පතුන්ට ගෙවල් දෙකක් හදලා දුන්නා. පිළිකා රෝහලකට ලක්ෂ තිහක වියදමින් ශල්‍යාගාරයක් හදලා දුන්නා. මූදුකරයට සුනාමිය කඩා වැදුණු වෙලාවේ ගෙයක් ගානේ ගිහිං පිණ්ඩපාත කරලා පාරිභෝගික උපභෝගික ආහාර පාන බඩු බාහිරාදිය ලබාදුන්නා.”
”මම තවමත් ගමන් බිමන් යන්නේ කාගේ හෝ වාහනයක් ඉල්ලගෙන. මට පස් දෙනෙක් වාහන පූජා කරන්න ආවා. කුරුණෑගල පැත්තේ එක් ව්‍යාපාරිකයෙක් රුපියල් හැට ලක්ෂයක අලූත්ම වාහනයක් ගෙනැවිත් මට පූජා කළා. ඒත් මම ඒ වාහනය ආපහු ඒ අයටම දුන්නා. පණ ඇති දෙපයක් තියෙන තුරු මිනිසුන් අතරට යන්න. බොහෝ අයට යන්න නොලැබෙන සැප පහසු වාහනවල මම යන්නේ ඇයි? මමත් මිනිසුන්ගේම කෙනෙක්. මිනිසුන් නොවිඳින සැපපහසුකම් මට වුවමනා නෑ”
”මම දැන් ජන මාධ්‍යයට යන්න කැමති නෑ. දැන් සඟ පරපුර තුළ වූවත් කැපී පෙනෙන්න ජන මාධ්‍යයට එන්නේ බුදු බණ විකෘති කරන අය. මම ඒ අය අතරට, ඒ ගණයට වැටෙන්න කැමති නෑ. ”බුදු දහම” සංගීතයක් කරගත් අයත් අලූත් පරපුර තුළ ඉන්නවා.” ”අපේ සිිරිත පරම්පරානුගතව පන්සල් බාර දීම නෙමෙයි. වැඩට දක්ෂ දැන උගත් නිර්මාණශීලී ආගමට දහමට කැප වූ අයට පන්සල් බාර දීමයි අපේ සිරිත. ඒ කාර්යය ඉෂ්ඨ සිද්ධ කරන්නේ දැන උගත් දායක සභාවෙන්.”
”මම දැන් මුදල් පරිහරණය නවත්වනවා. දුර බැහැර ගමන් බිමන් සහ සමාජ සේවා කටයුතු නවත්වනවා. මගේ කුටියට වෙලා බණ දහම් තවදුරටත් භාවනා කරගෙන හුදකලාවේ සිටීමයි මගේ අධිෂ්ඨානය.
මගේ අපවත් වීමෙන් පසු බොරු ශෝභන උත්සව කිසිවක් එපා. ගුණකථන කිසිවක් එපා. සැදැහැවතුන්ට දඬුවම් දෙන පිංකම් එපා. ලී වලින් හදපු බොහෝම සරල පෙට්ටියක මගේ මළකඳ තැන්පත් කරලා අපවත් වී පැය 24ක් ගතවන්නට පෙර යක්කල ආයුර්වේද විද්‍යාලයට භාර දෙන්න. මා වෙනුවෙන් වෙනත් උපහාර පුද පූජා නොකරන හැටියට දායක සභාවෙන් ඉල්ලා සිටිනවා. යළිත් වරක් මේ ශ්‍රී ලංකාවට පැමිණ බෞද්ධ ජනතාවට බුදු දහමේ ගුණ මහිමය පෙන්වා දීමට මට පුනරුත්පත්තියක් ලැබේවි. මම ඒ තරමටම පින් කරලා තියෙනවා. බෞද්ධ ජනතාව තුළ බොරු ශෝබන නැතිව ගුණ දහම් වගා කිරීමයි මගේ එකම ප‍්‍රාර්ථනය.
ඔබ හැම දෙනාමට තුනුරුවන් සරණයි”
උන්වන්සේ අවසාන වශයෙන් ප‍්‍රාර්ථනා කළහ.
( සටහන උපුටා ගැනීමකි )

අරියවංශාලංකාර නායක හිමියන්ගේ ශ්‍රී‍්‍ර දේහය විපස්සනා භාවනා මධ්‍යස්ථානය වෙත
අපවත්වී වදාළ හාරිස්පත්තුවේ අරියවංශාලංකාර නායක ස්වාමින් වහන්සේගේ ශ්‍රී‍්‍ර දේහය ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ තැන්පත් කෙරෙති. බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කරතිබු ශ්‍රී‍්‍ර දේහය දැන් විජෙරාම මාවතේ පිහිටි ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය වෙත වැඩම කරවිමට පියවර ගෙන තිබේ. ඒ අනුව භෙට (23) දහවල් 12.00 දක්වා මහජන ගෞරවය සදහා දේහය එහි තැන්පත් කර තැබෙන බව විපස්සනා භාවනා මධ්‍යස්ථානය සදහන් කරයි. භෙට (23) දහවල් 12.00ට පැවැත්වෙන ආගමික වතාවත් වලින් පසු උන් වහන්සේගේ ශ්‍රී‍්‍ර දේහය කැළණිය විශ්වවිද්‍යාලයේ යක්කල ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයට භාර කිරීමට නියමිතයි. අරියවංශාලංකාර නායක හිමියන්ගේ අපවත්වීම සසුනට මෙන්ම රටටද දැරිය නොහැකි පාඩුවකි.
(fb)

ලංකාදීප ලිපිය...
විසිහත්වරක් පැවිදිවී තුන්වරක් උපසම්පදාවූ හාරිස්පත්තුවේ හාමුදුරුවෝ
මුළු මහත් ශ්‍රී ලංකාවේ පමණක් නොව බෞද්ධ ලෝකය පුරාවට අතිශය සිල්වත් වියපත් හිමිනමක් හැටියට නමක් දිනාගත්, කොළඹ 07 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ අධිපති, හාරිස්පත්තුවේ අරියවංශාලංකාර නාහිමිපාණෝ පසුගිය මාර්තු 24 වැනිදා භාවනා මධ්‍යස්ථානයේ අධිපති භාවයෙන්ද සමාජ මෙහෙවරෙන්ද මිදී හුදෙකලා නිදහස් භාවනාමය දිවියකට ඇතුළු වූහ. 1939 ඔක්තෝම්බර් 18 වැනිදා මෙලොව එළිය දුටු ”ධර්මසේන ආරියතිලක නම් වූ දරුවාට උපන් දිනවලම වේලාපත්කඩය හදා ජ්‍යෝතිෂ විද්‍යාඥයකු විසින් පරීක්ෂා කර බලද්දී දරුවාගේ හතර කේන්දරයම පාළු වී ඇතැයි දැනගන්නට ලැබිණි. දරුවාට ඉගැන්වීමෙන් ඵලක් නෑ. ඒ මුදලට ඉඩමක් අරං දාන්න. මෙයා මහ මොට්ටයෙක්. ජ්‍යෝතිර්විද්‍යාඥයාගේ අනාවැකිය විය.
20-page25-1.jpg
කේන්දරය කියන්නේ ජීවිතයක් හා බැඳුණු සෞරග‍්‍රහ මණ්ඩලයේ පිහිටීම. එහි සඳහන් වන්නේ කළ කම් ඵලදෙන ආකාරය. කේන්දරයේ ශුභ ඵල කියන්නේ පෙර ආත්මේ කරපු පින්වැඩ, අපල කියන්නේ පෙර ආත්මේ කරපු පව් වැඩ. ඒරාෂ්ටකය කියන්නේ ජීවිතය කෙළවර වීමට විවර වන දොරටු. නමුත් කේන්දරයේ සඳහන් වන මෙවැනි ඵල විපාක උත්සාහයෙන් හා දැහැමිව ජීවත් වීමෙන් වෙනස් කරන්න පුළුවන්. හතර කේන්දරයම පාළු වී උපන් මගේ ජීවිතයෙන් ඒ බව සනාථ වෙනවා.” හාරිස්පත්තුවේ අරියවංශාලංකාර මාහිමියෝ විස්තර කළහ.”මම වයස 18 දී බ‍්‍රහ්මචාරී වුණා. මා ඉපදී සිටින්නේ පැවිදි ජීවිතයට බව නැකත් කරුවන් කියා තිබූ නිසා දහම හා බැඳුණු දිවිපෙවෙතක් දහ අටවැනි නව යොවුන් වියේ සිටම මම පටන් ගත්තා. හතර කේන්දරය පාළු වුණත්, 19 වැනි වියේදීම මම ගුරුවරයෙක් වුණා. ඊළඟට කථිකාචාර්ය වරයෙක් වුණා. ඊළඟට අධාපන දෙපාර්තමේන්තුවේ ආගමික උපදේශක පදවිය ලැබුණා. බෞද්ධ අධ්‍යාපනය ගැන සිසුන් දැනුම්වත් කරන්න කොළඹ හැම පාසලකමට ගියා. දින 110ක් නොකඩවා ආගමික මෙහෙවරට රට වටේ පාසල් වල ඇවිද්දා. මේ අතර මීරිගම බෞද්ධ ගුරු අභ්‍යාස විද්‍යාලය පටන් ගත්තා. එහි වසර හතක් කථිකාචාර්ය ලෙස කටයුතු කළා. ඊළඟට නිට්ටඹුවේ සාරිපුත්ත ගුරු විද්‍යාලයේ වසර හතරක් සේවය කළා. ඒ වන විට මගේ නම බ‍්‍රහ්මචාරී ධර්මසේන ආරියතිලක.
”ලොකු ලොක්කන්ගේ ඉඳලා අපේ රටේ බහුතරය පන්සිල් කියෝනවා මිස පන්සිල් රකින්නේ නෑ. පිටට පෙනෙන බෞද්ධ ජීවිතය ඇතුළත නෑ. මේ රට දියුණු කරන්න වෙන මන්තර යන්තර ඕනෑ නෑ. ලොකු ලොක්කන්ගේ ඉඳලා පන්සිල් රකින සමාජයක් ඇති කළ විට, බුදු දහමේ පිහිටෙන් මේ රට ඉබේම දියුණු වෙනවා. මත්පැන් පෙරණ, මීතයිල් මෙට්රික් ටොන් දහස් ගණනින් රට ඇතුළට ගනිද්දි රට පුරා හැම නගරයකම දිනපතා ගවයන් සිය ගණන් මරාගෙන මස් කද්දි. කුකුළන් දහස් ගණනින් මරා කද්දි කටුගේ තිබූ ජාතියේ සම්පත් ටිකත් හොරා ගනිද්දි, ස්ත‍්‍රී දුෂණ, මිනී මැරුම් රට පුරා වැපිරෙද්දි, මොන නම් පන්සිල්ද? මේවා දෙවියන්ට පෙනෙනවා. මුළු රටම අගාධයට යන්නේ ඒකයි. වසර සිය ගණනක් පැවති කටුගේ තරප්පු පෙළ ඊයේ පෙරේදා කඩා වැටුණා. මේවා ගැන සීරුවෙන් හිතලා මුළු මහත් සමාජයම පන්සිල් රකින රටක් බවට පරිවර්තනය කරන්න ඕන.” උන්වහන්සේ මහත් වේදනාවෙන් කියන්නට වූහ.
මගේ උපන්ගම හාරිස්පත්තුවේ මාරුද්දන. අප්පච්චි ලමනිගේ ජේමිස් සිංඤෝ මුදලාලි. අම්මා පතිරාජගේ ගුණවතී. මම පවුලේ වැඩිමලා. මට බාල වයස 3-2-1 වයසේ සහෝදරයන් තුන්දෙනෙක් මුලදී හිටියා. ඒ තුන්දෙනාම වසංගතයක් හැදිලා දවස් දෙකට නැතිවෙලා ගියා. ඒත් කේන්දරේ හතර පාලූවා බේරුණා. ඊට පස්සේ තව මල්ලිලා හතරක් සහ නංගී කෙනෙක් පවුලට එකතු වුණා. මියගිය තිදෙනත් එක්ක අපේ පවුලේ නවයක්. මමයි වැඩිමලා.
අපේ පවුල ගමේ ගරු ගාම්භීර වත්පෝසත්කමින් පිරුණ පවුලක්. හතර ඈංගලේට මැද මිදුල හදලා. සිංහල උළු වහල. ලොකුවටම හදපු ගෙයක්. අප්පච්චිට කඩයක් තිබුණා. ලී වෙළෙඳාමත් කළා. පාර අයිනේ කඬේ හදලා ඉඩම මුදුනේ වලව්ව වගේ ගේ හදලා තිබුණා. මේ අතර තුර අප්පච්චි ඉඩම් නඩු හතරකටම පැටලූණා. නඩුවලට මුළු සේසතම ලූණුකැටයක් වතුරට දිය වෙනවා වගේ ටිකෙන් ටිකම දිය වෙන්න පටන් ගත්තා. බැරි ගැහෙන කොට කවුරු කවුරුත් කීවේ පදිංචි ගෙදර අපලයක්ය කියලයි. ඒ කතා බහ අහල සැනසුමක් ලබන්න. මහගේ පාළුවට ඇරලා කඩ කාමරේට පදිංචියට ආවා. අප්පච්චි නඩු වලින් නම් දිනුවා. ඒත් ඒ වන විට මුළු සේසතම දියවෙලා. පස්සේ අප්පච්චි සමාජ සේවයට බැස්සා. ඒ අතරේ අප්පච්චි ලෙඩ වුණා. පවුලේ වැඩිමලා හැටියට පවුලේ මුළු බර මගේ කරපිටට වැටුණා.”
”මම මුලින්ම පාසල් ගියේ මොලගොඩ පියදස්සි පරම විඥානාර්ථ බෞද්ධ පාසලට. ගමේ සිට සැතපුම් තුනක් විතර තිබුණා. හැමදාමත් ගමේ දෙවැට දිගේ වෙල්යාය දිගේ පයින් තමයි පාසලට ගියේ ආවේ. පාසලේ පස්වෙනි පන්තිය සමත් වුණායින් පස්සේ නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයට ගියා. ඒ පාසලේ භාෂා මාධ්‍යය ඉංග‍්‍රීසි. හයවෙනි පන්තියේ සිට ඉංගී‍්‍රසියෙන් අධ්‍යාපනය ලබලා ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතික පත‍්‍ර විභාගය සමත් වුණා. ඊළඟට උසස් පෙළ අධ්‍යාපනය ලබමින් සිටියදී තමයි අප්පච්චි ලෙඩ වුණේ.”
”මේ අතර ගමේ අය එකතු වෙලා ගමේ පන්සලේ බණමඩුවේ පාසලක් පටන් ගත්තා. මුලදි ළමුන් 18යි හිටියේ. මම මේ වැඬේට මූලික වුණා. ඉතාම ඉක්මනින් පාසලේ ළමුන් 80ක් විතර වුණා. මමත් එහි ස්වේච්ඡුා ගුරුවරයකු ලෙස සේවය කරමින් හිටියා. පන්සලේ බණ මඩුවෙන් නිදහස් වෙලා පිටත පාසල් ගොඩනැගිල්ලක් හදන්න උනන්දුවුණා. මට ගෙයක් හදාගන්න කපල තිබුණ ගඩොල් ටික ඔක්කොම පාසල් ගොඩනැගිල්ල හදන්න දුන්නා. මේ අතරතුර පාසල රජයට ගත්තා. ඒ සමග ගුරුවරුන් තිදෙනෙක් රජයට බඳවාගත්තා. මටත් ගුරු පත්වීමක් ලැබුණා. මාසික පඩිය වශයෙන් ලැබුණෙ රුපියල් 150යි. හතර ඈඳුතු ගෙයක් මැද මිදුලක් ගල්කණු හතරක් මැද පිහිට වූ විශාල වී අටුවක් ලොකු කඩයක් සෑහෙන ඉඩම් ප‍්‍රමාණයක් පැවති ධනේශ්වර පවුලක් නඩුහබ නිසා කඩා වැටිලා අන්තිමට මගේ රුපියල් 150 පඩියෙන් පවුල ජීවත් කරවන තත්ත්වයට ඇද වැටුණා. මගේ වැටුප මගේ වැඩ වලට ශතයක් වත් වියදම් කළේ නෑ. සියල්ලම ගෙදර වියදමට සහ මල්ලිලාට සහ නංගීට ඉගැන්වීමට. මල්ලිලා හරියටම මගේ දරුවො වගේ. මාව අනුකරණය කරමින් කවරදාක වත් මත්පැන්, දුම්වැටි පාවිච්චි කළේ නෑ. බොරු කීවේ නෑ. වංචා වැඩ කළේ නෑ. නැති බැරි කමට වත් හොරකම් කළේ නෑ. ඒ අය අපූරුවට ජීවිත ජය ගත්තා. දෙවෙනි මල්ලි ජල සම්පාදන මණ්ඩලයේ ඉංජිනේරු. තුන්වෙනි මල්ලී නාවික ඉංජිනේරු. හතරවෙනි මල්ලී විද්‍යාපීඨ විදුහල්පතිවරයෙක්. මේ අයගේ උදව්වෙන් පවුල නැවත ගොඩ ගියා. දැන් මේ හැම දෙනාම විශ‍්‍රාම”
”මම උසස් පෙළ සමත් වුණායින් පස්සේ දුම්බර මහා විද්‍යාලයට මාරුවීමක් ලැබුණා. එහිදී මට උගන්වන්න ලැබුණේ උසස් පෙළ පන්තියට සිංහල පාලි සහ බෞද්ධ සංස්කෘතිය යන විෂයයන් තුන. මම පොත්පත් බලමින් පාඩම් වලට සූදානම් වී ගොස් උසස් පෙළ පන්තියේ හොඳින් වැඩ කළා. මම බාහිර උපාධියට සූදානම් වුණේ ඒ වකවානුවේදී. ගෙදර දොරේ ප‍්‍රශ්න නිසා මගේ වැටුප අර පරිස්සමින් ඉතිරි කරගත්තා. මගේ නවාතැනට පිදුරු සෙවිලි කළ කටුමැටි ගැසූ පුංචි කාමරයක් සොයාගත්තා. මට බූරු ඇඳක් සහ භූමිතෙල් උදුනක් ලැබුණා. ගෙට කුලියට දුන්නේ මාසෙට රුපියල් පහයි. මගේ භාවනා වැඩ නිසා පන්සලේ සලාක හාල්ටික මට ලැබුණා. ඒ හාල් ටික අරගෙන පාන්දරින් නැගිටලා කිරිබතක් උයාගන්නවා. උදේට කිරි බත් ටිකක් කාලා පාසලට යනවා. පාසල ඇරිලා ඇවිදින් දවල්ට ආහාරයට ගන්නෙත් උදේ උයපු කිරිබත්. ඊට පස්සේ වතුර ටිකක් නාගෙන පන්සලට ගිහින් භාවනා කරලා ආපහු නවාතැනට ඇවිදින් රැ වේලට ගන්නෙත් හීලට උයපු කිරිබත්. මේ දුක් කරදර විඳගෙන වුණත් පාසලේ දරුවන්ට ඉගැන්වීම එක දවසකින්වත් අඩු කළේ නෑ. නිවාඩුවක් ගත්තෙම නෑ. පාසලට අඳින්න තිබුනේ එක සුදු සරමයි. සුදු අත්දිග බැනියමයි. දවස් දෙකක් ඇඳල පාසල ඇරිලා ඇවිදින් සුදු ඇඳුම් සෝදලා වේලාගෙන පහුවදාට ඇඳගෙන පාසලට යනවා. ගෙදරට අඳින්න තිබුණේ පාසලට ඇඳල පරණ වෙච්ච සුදු සරමක්. බූරු ඇඳට ඇඳ රෙද්දක් නෑ. කොට්ටයක් නෑ. කොට්ටයට පරණ පත්තර ටිකක්, පොරවා ගන්න ඇඳ සිටි සරම. බඩගින්නේ හිටපුවාර අනන්තයි. රැට පිදුරු වහලට වැටෙන අඹ ගෙඩි දෙක තුන උදේට අහුලගෙන හීල් වේල දවල් වේල ගත කළ වාර සීමාවක් නෑ. මගේ රුපියල් එකසිය පනහේ පඩියම ඉතුරු කරගන්න උත්සාහ කළේ මල්ලිලා සහ ගෙදර දොර ගැන හිතලා.
උපාධි විභාගෙ ළංවෙන කොට පොතපත පාඩම් කරගන්න දවස් විස්සක් විතර එක දිගට නිවාඩු අරගෙන පාසලට යද්දි විදුහල්පති තුමා කීවේ වෛද්‍ය සහතිකයක් ගෙනැවිත් දුන්නොත් පඩිය බේරාගන්න පුළුවන් වේවි කියලා. එහෙම නැත්තං නිවාඩුවට පඩියෙන් රුපියල් 75ක් කැපිල යනවා.”

20-page25-2%281%29.jpg
රුපියල් තුන් ලක්ෂයක් වියදම් කොට පසුබිමේ පෙනෙන නිවාසය, වැලිකන්දේ ඉගෙන ගැනිීමට දක්ෂ මව නැති දුවරුන් දෙදෙනාට නාහිමියන් විසින් පසුගියදා සාදවා බාර දෙන ලදී. මෛත‍්‍රීපාල සිරිසේන අමාත්‍ය තුමාද මෙහි සිටී.

”කමක් නෑ විදුහල්පති තුමා මම නිවාඩු ගත්තේ ලෙඩකට නෙමෙයිනෙ. පාඩම් කරන්න. ඒ හින්දා වෛද්‍ය සහතික ඕනෑ නෑ. පඩිය කපන්න. ඒ මාසයේදී මට පඩිය හැටියට ලැබුණේ රුපියල් 75ක් විතරයි. ඊළඟ මාසේ උපාධි ප‍්‍රතිඵල ලැබුණා. මම උපාධිය සමත් වී තිබුණා. සිංහල බුද්ධධර්මය සහ බෞද්ධ සංස්කෘතිය යන විෂය තුන තමයි සමත්වෙලා තිබුණේ. උපාධිය ලැබීමෙන් පසු නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයට ගුරුපත්වීමක් ලැබුණා. 1970 සිට 1975 දක්වා කාලය තුළ එහි වැඩ කළා. ඒ කාලේ උපාධි ගුරුවරයකුගේ වැටුප රුපියල් 350යි. වයස අවුරුදු හැටේදී පාසල් ගුරු සේවයෙන් විශ‍්‍රාම ගත්තා.”
”මගේ උපතේ තියෙන්නේ පැවිදි යෝගයක්ය කියලා. දිගටම ඉන්න බැරිනං ටික කාලෙකට හරි පැවිදිවෙලා ඉන්න කියලා මුල් කාලෙදි අම්මා මට කියා තිබුණා. මම මුල සිටම බ‍්‍රහ්මචාරී අනගාරික ජීවිතයට වැටුණෙත් ඒ නිසයි. විශ‍්‍රාම ගත්තායින් පස්සේ 1962 සිට සෑම වසරකම කඳුබොඩ භාවනා මධ්‍යස්ථානයට ගොස් භාවනාව පුරුදු වුණා. එයින් මට ලොකු චිත්ත ශක්තියක් ලැබුණා. මා ලැබූ අපරිමිත මානසික සුවය නිසාම පවුලේ සෙසු අයත් භාවනාවට හුරු පුරුදු කළා. ඒ අතර දිස්ත‍්‍රික්කය පුරාම සංචාරය කරමින් භාවනා මධ්‍යස්ථාන ආරම්භ කරමින් බෞද්ධ ජනතාව අතර භාවනාව හුරු පුරුදු කරන්න කැප වුණා.
මේ අතරතුර කාලයේදී මම 27 වරක් පැවිදි ජීවිතයට ඇතුළත් වී ටික කාලයක් පැවිදි ජීවිතයේ ගතකොට 26 වරක් පැවිදි ජීවිතයෙන් මිදුණා. 1970 සිට සෑම වසරකම දෙසැම්බර් මාසයට කඳුබොඩ දී පැවිදි ජීවිතයට ඇතුළත් වෙනවා. නැවත එයින් මිදීල පාසල් සේවයට යනවා. මේ කාලය තුළ අමරපුර ස්වේදගං නිකායේද සියම් නිකායේද රාමඤ්ඤ නිකායේද, තුන් වරක් උපසම්පදාව ලබාගෙන තිබෙනවා. මහානායක හිමිවරුන්ගෙන් තුන්වරක් උපසම්පදාව ලබාගෙන විසිහත්වරක් පැවිදිබිමට ඇතුළත් වූ එකම තැනැත්තා මාවිය හැකි යැයි මට හිතෙනවා.”
”මේ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ අධිපතිධුරය ලබාගෙන දැන් වසර 13ක්. දැන් මේ ස්ථානයට පෙහෙවස් සමාදන් වෙන්න වෙසක් පෝදාට එන පිිරිස තුන්දහසකට වැඩියි. සාමාන්‍ය පෝයකට වුණත් දාහක් විතර සිල් සමාදන් වෙන්න එනවා. අපි කළ යුත්තේ පන්සල්වල ගොඩනැගිලි වගාව නෙමෙයි. මිනිසුන් අතර ගුණ වගාවයි. අද අපේ රටට මෙය ඉතාමත් අවශ්‍යයි. මම දැන් මේ ආයතනයේ අධිපතිකම කළා ඇති. තවත් කෙනකුගේ ආගමික සංකල්පනාවන් බෞද්ධ ජනතාවට ලබා දීම සඳහා කඳුබොඩ භාවනා මධ්‍යස්ථානයේ භාවනානුයෝගී වූ මගේ පැවිදි සහෝදරයකු වන ගම්පහ පේමසිරි හාමුදුරුවන්ට ආයතනය බාර දෙනවා.
දානමාන වලින් ලැබුණු ලක්ෂ ගණන් මුදල් දුප්පත් අයට ගෙවල් දොරවල් හදාගන්න දන් දුන්නා. පන්සල් මකර තොරණ ආදිය නෙමෙයි හදන්න ඕනෑ. අපි මිනිසුන් හදන්නයි ඕනෑ. ගිය අවුරුද්දේ දුප්පතුන්ට ගෙවල් දෙකක් හදලා දුන්නා. පිළිකා රෝහලකට ලක්ෂ තිහක වියදමින් ශල්‍යාගාරයක් හදලා දුන්නා. මූදුකරයට සුනාමිය කඩා වැදුණු වෙලාවේ ගෙයක් ගානේ ගිහිං පිණ්ඩපාත කරලා පාරිභෝගික උපභෝගික ආහාර පාන බඩු බාහිරාදිය ලබාදුන්නා.”
”මම තවමත් ගමන් බිමන් යන්නේ කාගේ හෝ වාහනයක් ඉල්ලගෙන. මට පස් දෙනෙක් වාහන පූජා කරන්න ආවා. කුරුණෑගල පැත්තේ එක් ව්‍යාපාරිකයෙක් රුපියල් හැට ලක්ෂයක අලූත්ම වාහනයක් ගෙනැවිත් මට පූජා කළා. ඒත් මම ඒ වාහනය ආපහු ඒ අයටම දුන්නා. පණ ඇති දෙපයක් තියෙන තුරු මිනිසුන් අතරට යන්න. බොහෝ අයට යන්න නොලැබෙන සැප පහසු වාහනවල මම යන්නේ ඇයි? මමත් මිනිසුන්ගේම කෙනෙක්. මිනිසුන් නොවිඳින සැපපහසුකම් මට වුවමනා නෑ”
”මම දැන් ජන මාධ්‍යයට යන්න කැමති නෑ. දැන් සඟ පරපුර තුළ වූවත් කැපී පෙනෙන්න ජන මාධ්‍යයට එන්නේ බුදු බණ විකෘති කරන අය. මම ඒ අය අතරට, ඒ ගණයට වැටෙන්න කැමති නෑ. ”බුදු දහම” සංගීතයක් කරගත් අයත් අලූත් පරපුර තුළ ඉන්නවා.” ”අපේ සිිරිත පරම්පරානුගතව පන්සල් බාර දීම නෙමෙයි. වැඩට දක්ෂ දැන උගත් නිර්මාණශීලී ආගමට දහමට කැප වූ අයට පන්සල් බාර දීමයි අපේ සිරිත. ඒ කාර්යය ඉෂ්ඨ සිද්ධ කරන්නේ දැන උගත් දායක සභාවෙන්.”
”මම දැන් මුදල් පරිහරණය නවත්වනවා. දුර බැහැර ගමන් බිමන් සහ සමාජ සේවා කටයුතු නවත්වනවා. මගේ කුටියට වෙලා බණ දහම් තවදුරටත් භාවනා කරගෙන හුදකලාවේ සිටීමයි මගේ අධිෂ්ඨානය.
මගේ අපවත් වීමෙන් පසු බොරු ශෝභන උත්සව කිසිවක් එපා. ගුණකථන කිසිවක් එපා. සැදැහැවතුන්ට දඬුවම් දෙන පිංකම් එපා. ලී වලින් හදපු බොහෝම සරල පෙට්ටියක මගේ මළකඳ තැන්පත් කරලා අපවත් වී පැය 24ක් ගතවන්නට පෙර යක්කල ආයුර්වේද විද්‍යාලයට භාර දෙන්න. මා වෙනුවෙන් වෙනත් උපහාර පුද පූජා නොකරන හැටියට දායක සභාවෙන් ඉල්ලා සිටිනවා. යළිත් වරක් මේ ශ්‍රී ලංකාවට පැමිණ බෞද්ධ ජනතාවට බුදු දහමේ ගුණ මහිමය පෙන්වා දීමට මට පුනරුත්පත්තියක් ලැබේවි. මම ඒ තරමටම පින් කරලා තියෙනවා. බෞද්ධ ජනතාව තුළ බොරු ශෝබන නැතිව ගුණ දහම් වගා කිරීමයි මගේ එකම ප‍්‍රාර්ථනය.
ඔබ හැම දෙනාමට තුනුරුවන් සරණයි”
උන්වන්සේ අවසාන වශයෙන් ප‍්‍රාර්ථනා කළහ.

Last edited:
  • Like
Reactions: Iron Monger

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,571
    22,269
    113
    Gotland
    මම දැන් ජන මාධ්‍යයට යන්න කැමති නෑ. දැන් සඟ පරපුර තුළ වූවත් කැපී පෙනෙන්න ජන මාධ්‍යයට එන්නේ බුදු බණ විකෘති කරන අය. මම ඒ අය අතරට, ඒ ගණයට වැටෙන්න කැමති නෑ. ”බුදු දහම” සංගීතයක් කරගත් අයත් අලූත් පරපුර තුළ ඉන්නවා.”

    සමන්ටබද්‍ර (former පිටිදුවේ සිරිදම්ම), කිරිබත්ගොඩ ලොක්ක ඇතුළු සෙට් එකට මේකට නම් හොඳටම රිදෙයි
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අති පූජණීය හාරිස්පත්තුවේ අරියවංශාලංකාර නාහිමියන් හට නිර්වාණ සම්පත්තිය ලැබේවා !
     
    • Like
    Reactions: BlueBat

    lamithr

    Active member
  • Nov 9, 2012
    348
    193
    43
    අති පූජණීය හාරිස්පත්තුවේ අරියවංශාලංකාර නාහිමියන් හට නිර්වාණ සම්පත්තිය ලැබේවා !
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    අති පූජණීය හාරිස්පත්තුවේ අරියවංශාලංකාර නාහිමියන් හට නිර්වාණ සම්පත්තිය ලැබේවා !
     
    SonyXperia

    Member
    Oct 29, 2013
    79
    5
    0
    අති පූජණීය හාරිස්පත්තුවේ අරියවංශාලංකාර නාහිමියන් හට නිර්වාණ සම්පත්තිය ලැබේවා !
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මම දැන් ජන මාධ්‍යයට යන්න කැමති නෑ. දැන් සඟ පරපුර තුළ වූවත් කැපී පෙනෙන්න ජන මාධ්‍යයට එන්නේ බුදු බණ විකෘති කරන අය. මම ඒ අය අතරට, ඒ ගණයට වැටෙන්න කැමති නෑ. ”බුදු දහම” සංගීතයක් කරගත් අයත් අලූත් පරපුර තුළ ඉන්නවා.”

    සමන්ටබද්‍ර (former පිටිදුවේ සිරිදම්ම), කිරිබත්ගොඩ ලොක්ක ඇතුළු සෙට් එකට මේකට නම් හොඳටම රිදෙයි

    සිරාවටම... උන් ඔක්කොම බිස්නස් කාරයෝ :angry::angry:
     
    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    අති පූජණීය හාරිස්පත්තුවේ අරියවංශාලංකාර නාහිමියන් හට නිර්වාණ සම්පත්තිය ලැබේවා !!!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    හොදම ධර්ම කතිකයෙක්...... කියන්න තියෙන දේ රිදෙන්නම කිව්වා..... නිවන් සුව..... :(
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    අති පූජණීය හාරිස්පත්තුවේ අරියවංශාලංකාර නාහිමියන් හට නිර්වාණ සම්පත්තිය ලැබේවා !!!
     
    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    අති පූජණීය හාරිස්පත්තුවේ අරියවංශාලංකාර නාහිමියන් හට නිර්වාණ සම්පත්තිය ලැබේවා !
     
    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    අති පූජණීය හාරිස්පත්තුවේ අරියවංශාලංකාර නාහිමියන් හට නිර්වාණ සම්පත්තිය ලැබේවා !
     
    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    අති පූජණීය හාරිස්පත්තුවේ අරියවංශාලංකාර නාහිමියන් හට නිර්වාණ සම්පත්තිය ලැබේවා !