මගේ_කෙල්ලගේ...

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ඔන්න මචන්ලා අද මගේ කෙල්ලගේ දිනය. බොසාටත් බොරුවක් ඇරලා එහෙම සෙට් උනා කෙල්ල බලන්න යන්න. ඒ උනාට පොකට් එකේ නො මනි. ඒ වෙලාවේ තමා ටිකිරි මොලේට අයිඩියා එක ආවේ. යාලුවගෙන් 1000 කුත් නයට ඉල්ලගෙන ගත්ත ප්‍රසන්ට් එකක්. අරගෙන පැන්නා කෙල්ලගේ ගෙදරට. (පැනපු විදිය පස්සේ කියන්නම්) ඔන්න කෙල්ල ගෙදර ඉන්නවා.. දැක්කම නිකන් ලෝකෙම අමතක වෙනවා. ඔන්න අම්මට හොරෙන් ප්‍රසන්ට් එකත් දීල. තව ඒවා දුන්න ඒවා (වැඩිහිටියන්ට පමණි) කෙල්ල මට ලියුමකුත් දුන්න එකත් සාක්කුවේ ඔබාගෙන මම ගෙදර ආව. මෙන්න ඒ ලියුමේ තිබ්බ ටික මම දැනුයි කියෙව්වේ පස්සේ මටම ලජ්ජා හිතුන මම ගැන. :rofl: :rofl: :rofl:



    ඔයා දන්නවද සුදු...
    ඔයා මගෙන් ඇහුව නේද කොච්චරක් ආදරේද මට කියල.
    මම එක කොහොම කියන්නද.
    පපුව පළල පෙන්නන්නද ඒ මහාමෙරක් තරම් ආදරය.
    අහසේ තරු අරගෙන බැලුවත් මදි.
    පොළොවේ වැලි අරගෙන බැලුවත් එත් මදි.
    ඉතින් ඔයාට මගේ ආදරේ තරම් කොහොමද කියන්නේ.
    ඔයයි මගේ ජීවිතය හුස්ම පොද ඔයා නැතිව ජීවිතයක් ගැන හිතන්නෙවත් කොහොමද
    ඔයා එන්න... කවදා හරි... මම ඉන්නවා මග බලාන....
    ඔයාගේ පපුවට තුරුළු වෙලා මේ අනු අවසන් හුස්ම හෙලන්නම්.
    ඔයාගෙම අනු..


    මේක මම දුන්නේ කෙල්ල තරහ වෙච්ච වෙලාවක. එදා හවසම කෙල්ල යාලු උනා. උබලගේත් කෙල්ලෝ අප් සෙට් නම් ට්‍රය් කරලා බලපල්ලා.
    වැඩේ සෙට් උනොත් කමෙන්ට් එකක් දාල රෙප් එකක් දීලම යන්න...:P :P