මගේ_ජීවිතේ..

adahasa

Active member
  • Apr 14, 2017
    269
    71
    28
    Colombo
    සමාජයේ කතාබහට නොගන්නා ප්‍රශ්නයක් ගැන කතා කරන්න හිතුන.

    මම ගොඩක් වෙලාවට තනියම ඉන්න කෙනෙක්.. වයස 32. Jobs කීපයක්ම කරලා අන්තිමේ ගෙදරට වෙලා Affiliate programs promote කරලා සහ Adsense මගින් ලැබෙන සාමාන්‍ය මුදලකින් ජීවත් වෙනවා. මම වැඩ කලේ web developer කෙනෙක් විදියට.

    මට O/L කරන කාලෙම Depression හැදුන (මීට අවුරුදු 17කට කලින්), මම තවමත් බෙහෙත් ගන්නවා. Control කරගෙන ජීවත් වෙනවා. මට යාළුවො නැහැ.. ඇත්තටම ආදරය කරපු කෙල්ලෙක් හිටියේ නැහැ.. නමුත් මට ගැලපෙන හෝ නොගැලපෙන කෙනෙක්ව මම බැන්ද.. ඒ මට තනිවෙන්න වෙයි කියන බයට.. මම දැන් එයාට ආදරේ කරනවා..

    මම Adsense සහ අනික් දේවල් වලින් හොයාගන්න සල්ලි ගැන මට ලොකු ආසාවක් නැහැ, නමුත් මට ඒවා කරන්න වෙලා තියෙනවා.. නැත්නම් ජීවත් වෙන්න මාර්ගයක් නැහැ..

    මේ ලෙඩේ සතෙකුටවත් හැදෙන්න එපා කියල මම ප්‍රාර්ථනා කරන්නේ..

    මම දන්නා අයගේ ලස්සන ජීවිත මම දකිනවා Facebook එකේ.. එත් ඒවා ඇත්තටම ලස්සනයිද කියන්න මම දන්නෙ නැහැ..

    මට දැනෙන විදියට Wife මට ආදරෙයි.. එයා මට අවංකයි කියල මම හිතනවා.. එහෙම නොවුනත් මට කරන්න දෙයක් නැහැ..

    ජීවිතයේ අනිත්‍යබව මට නිතර සිහිවෙනවා.. තව ටික කාලෙකින් මම දිරාපත් වෙයි නේද කියල හිතෙනවා.. මහලු මඩමක දානයක් දෙන වෙලාවක මට යන්න අවස්ථාවක් ලැබුන.. ඒ තැනට කවදාහරි මටත් එන්න වෙනවා..

    අපි මොකටද බන් තවත් PHP ඉගෙනගන්නෙ.. මේවා අලුත් වෙනකොට.. අලුත් version වල වෙනස් උන තැන් ගිරවු වගේ ඉගෙනගන්න දගලනවා..මේකේ ඉවරයක් නැහැ.. හිත නිදහස් කරගෙන මැරෙන්න ඕන කියල හිතෙනවා..

    ජීවිතේ තනිකරම බොරුවක්.. මේක රැවටීමක්.. උඹලගේ අදහස මොකද්ද..
     
    Last edited:
    • Like
    Reactions: meedeniyats

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,058
    1
    11,093
    113
    ජීවිතයේ අනිත්‍යබව මට නිතර සිහිවෙනවා.. තව ටික කාලෙකින් මම දිරාපත් වෙයි නේද කියල හිතෙනවා.
    ජීවිතේ තනිකරම බොරුවක්.. මේක රැවටීමක්.. උඹලගේ අදහස මොකද්ද.
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,552
    1
    3,572
    113
    Earth
    මචං. උබට සතුටු වෙන්න බැරි කිසිදේකින් උබට කිසිම ඵලයක් නෑ. හොදමදේ කාගෙන් හරි හරියට උපදෙස් ගන්න එක. Doctor කෙනෙක් හම්බෙයන්.
     

    TNTRoCkZ

    Active member
  • Apr 20, 2008
    559
    32
    28
    Colombo
    ඔහොම හිතන්න එපා බන් ඔය හැම දෙයක්ම එන්නේ අපේ හිතෙන්නේ…

    උබ කියන කතාව ඇත්ත මම IT කරන්න පටන් අරන් අවුරුදු ඇත හමාරක් වනවා මේ වෙනකොට මම නම් netwoking වලින් පටන් අරන් Info sec වෙනකන්ම ඉගෙන ගත්තා කොච්චර කලත් update උනේ නැත්නම් නිකන්ම eliminate වෙනවා… එක මම දන්නා තරමින් හැම ක්ෂේත්‍රයකටම අදාලයි.

    පොඩ්ඩක් සාමාන්‍ය හැමකෙනාම ජීවත්වෙන්න හදන විදිහට නැතුව පොඩ්ඩක් හිතල බලපන්.

    රත්තරං දාලතියන පොස්ට් ටික පොඩ්ඩක් කියවල බලපන්… ඒවගේම ඔයාට හොඳයි කියල හිතෙන ලංකාවේ මුල ඉඳන්ම ජීවිතේ ගොඩනගපු අය ගැන පොඩ්ඩක් හොයල බලපන්..

    තමන් තාත්වික දෙයක් හිතුවොත් එක වෙනුවෙන්ම විතරක් එක දිගටම වැඩකලොත් එක අනිවාර්යෙන්ම කරන්න පුලුවන්. (Eg : තව අවුරුද්දකින් උබ ඔය කරගෙන යන ජොබ් එක හතර පස්දෙනෙක් දාල පොඩි ෆිර්ම් එකක් පටන් ගන්නවා)

    පොඩ්ඩක් වත් සැලෙන්න එපා උබට හිතන්න පුළුවන් කියන්නේ උබට අවශ්‍ය හොඳම ටූල් එක තියනවා…

    උඹට ජය වේවා…


    55e32b7fa540e846b1bc3207df4d74ec.jpg
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    :(:(
    ඩිප්‍රෙශන්ව්ලට ඩොකෙක් ගාවා ගිහින් නෙද බෙහෙහ් ගන්නේ ?
    කොග්නීටිව් බිහෙවියරල් තෙරපි කරන්නේ නැද්ද?
    ඩිප්‍රෙශන් හරියට කන්ට්‍රොල් වෙලානෑ වගෙ.මචන් ඩොක්ටර්ව හම්බවෙලා ඔයාට හිතෙන දේ කියන්න
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,950
    2,996
    113
    owa ohoma hithanna epa bn. uba hithana eka nawaththala wada karahan.target hadaganin.
    loke lassana dewal poddak use karala balapan.
    ubata lambogini ekaka yanna chance ekak awoth noya inne nahane bn. aniwa ynwane. a wage thamai anith dewaluth. marunata passe okkoma nathi wenwa. ethakan jeewithe widawanne nathuwa jeewithe widapan. trip ekak palayan wife ekka. sports monwahari karapan jooliyata. 32 ne thama. adu gane swim karanna bari kamakuth nahane. karala nathi dewal karala balapan. ubata asa hithei.
     
    Last edited:

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,052
    4,832
    113
    Uba anith eun wage wenna hadanna epa. Anith eunge life eka balala eken ubata one hama dema aran wenas weyan. Life eka hadaganin.
    Oka ube life eka. Uba yana path eka ubata unique.
    Manasa hadaganin. Bhawana karapan.
    Ubata hoda wife kenek innawa. Ubema job ekak karanawa. Katawath namenne one na job waladi wage.
    Asaneepe gana poddak salakilimath weyan.
    Tawa monawada ban????
    Anith eunge life eka diha balala uba duk wenna epa. Oka photos witharai. Photos wala nathi prushna hamogema life wala thiyenawa.
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    වරක් නෙතග කදුලැලි පිරුනාදෝ
    සිතට දරාගනු බැරි දුක් වීදෝ
    දිවිය මොනතරම් සුන්දරදෝ
    දුකම කොයිතරම් සතුටක්දෝ
     

    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    dont give up machn wife ekka kata karapan karala eyagen udaw gann
    oya wade karna gamn tawa igena ganna kohoma hari igena gena tamnge jeewith goda dagnna mahansi weyan machn
    kawadawtah mama kathai kiyala hitanna epa
    jeewithte targets tikk hadagnn mama me wayase weddi metaa inwa kiya

    ewa full fil karna plan hadegen e ewnuwen marrelgn wada karanna
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    :yes:බුදු හාමුදුරුවොත් දේශනා කලේ සියලු දේ අනිත්‍යයි කියල අපේ මුළු ජීවිතේම කලකිරීමෙන් හැමදෙයක්ම අතහැරලා ජිවත් වෙන්න කියල නෙමිනේ බන් :yes: සියලු දේ අනිත්‍ය බව දැනගෙන සතුටින් ජිවත් වෙන්න කියලයි, ඉතින් හැමදෙයකටම මුල් වෙන්නේ තමන්ගේ හිත තමා මචෝ,
    තමන්ට තමන්ගේ හිත පාලනය කරගන්න පුලුවනින්ම් ජිවිතේ සතුටින් ගතකරන්නත් පුළුවන් ජිවිතේ අපායක් කරගන්නත් පුළුවන් :yes::yes::yes:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    ඔය ලෙඩෙ හැමොන්ටම තියෙනවා බන් අඩු වැඩි වශයෙන්. දැන් කාලෙ ඉන්ටර්නෙට් එක නිසා ඔය තත්වෙ වැඩී. ගණන් ගන්න එපා.
    ජීවිතෙ කොහොම හරි ගොඩ දාගනින් මචං
     
    Apr 15, 2017
    1
    0
    0
    උබ ඔය කියන ලෙඩේ මටත් තියනවා සහ තිබුනා.. ඒක මට හැදුනම නම් මැරෙන්න මයි හිතෙන්නෙ. කන බොන හැමදේව වමනෙට යනව.. ඒ වෙලාවට තමයි හිතෙන්නෙ එක පාරම මැරුන නම් කොච්ච්ර සනීපද කියල.. මගේ ප්ප්‍රාර්තනයත් සතෙක්ටවත් මෙහෙම ලෙඩක් උත්සන්න වෙන්න එපා කියලා.

    මමත් යාලුවො ආශ්‍රය කරන කෙනෙක් නෙමෙයි. ගෙදරට වෙලාම තමයි ඉන්නෙ. මට වයස 23 යි. මට මේක හැදුනෙ ඉස්කොලෙ o/l කාලෙදි පටන් ගත්ත ලව් එකක් නැති වුන නිසා. ඒත් ලෙඩේ අදුරගෙන දැනට අවුරුදු 3ක් විතර වෙන්නෙ. කලින් නම් බෙහෙත් ගොඩක් බිව්ව. දැන් venlafaxine එකෙන් බැලන්ස් කරං යනව. මට දැනට කෙල්ලෙක් නැහැ. ආදරේ කරපු දෙන්නම යන්න ගියා. අම්ම බයේ ඉන්නෙ කවදහරි එයා නැති කාලෙක මම තනිවෙයි කියල. දැනට මම ලංකාවෙ පිලිගත් ආයතනයක මුරුදුකාග ඉංජිනේරුවෙක් විදිහට වැඩ කරන්නෙ.. මටත් හිතෙනව බං කොහෙහරි ඈත පලාතකට ගිහින් වනගත වෙලා ජීවත් වෙන්න. උබ ඔහොම කියද්දි මට තව බයයි ජීවිතේ ඉස්සරහට මට මොනා වෙයිද කියලත්.
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,114
    967
    113
    V
    take it easy bro
    you have an income and a loving wife
    some of us have neither
    and yet we are happy