මෙහෙම කරන්න මොකක් හරි අතීතේ තමන් කරලා තිබෙන වැඩකට ඇති දෙයක් මතක් කරන ගන්න
ඊට පස්සේ හිතන්න දැන් කොපමණ කාලයක් ගිහිල්ලද කියලා එම කාලේ ඉදලා.
තමන් මෙච්චර කාලයක් කරපු ප්‍රයෝජන වත් දේවල් හිතන්න.
හිතන්න අනාගතේ ගැන. අවදානම් සහගත තැන්. හරියටම මෙහෙම. ඔයා ඉගෙන ගත්තේ නැත්නම් රැකියාවක් කරන්න බෑ. ඊට පස්සේ මුදල් සොයන්න බෑ. එහෙම බැරි වුනාම තමන්ට අවශ්‍යය දේවල් ගන්න බෑ. එතකොට වැරදි පාරවල් වලට යන්න පුරුදු වෙනවා ඉබේම. මොකද මුදල් ඕන නිසා. නැත්නම් සිගමනේ යනවා.
තමන්ගේ දෙමාපියන් හැම තිස්සේම නෑනේ තමන් ළග. ඒක නිසා යැපෙන්නෙක් වෙන්න එපා. උපයන්නෙක් වෙන්න බලන්න.
දැන් ලෝකය කියන්නේ ධනවාදය පවතින තැනක් ඒ කියන්නේ මුදල් තිබෙනවා නම් ඔයාට ඕනම දෙයක් ගන්න පුලුවන්. ඕනම දෙයක් කරන්න පුලුවන් යම් රාමුවකට යටත්ව. නමුත් යහපත් කර්මාන්ත මගින් ඒක උපයන්න ඕනා. නැත්නම් හැම කෙනාට ඒකෙන් කරදර වෙන්න පුලුවන්. නිකම් ඉන්න එපා. යම් කිසි දෙයක් කරන්න බලන්න. ඔයාට දැන් වයස 19 වගේ කියලා හිතන්න. එතකොට තව ජීවත් වෙන්න තියෙන්නේ අවුරුදු 61 වගේ නේ. මොකද ලාංකිකයන්ගේ මධ්‍යක ආයුෂ ප්‍රමාණය අවුරුදු 80 වගේ තියෙන්නේ. කාලය නාස්ති කරන්න එපා.
යම් කිසි දෙයක් කරලා උපයන්නෙක් වෙන්න බලන්න. වයසට ගියාම උපයා ගනු ලැබු ධනය තම ප්‍රයෝජනයට යොදාගන්න. කම්මැලිකම කියන්නේ තම සතුරෙක්. ඒක මැඩගනු ලැබු පුද්ගලයා ශ්‍රේෂ්ඨයෙක් වෙනවා.
ඒ වගේම බාධක කියන්නේ ආශිර්වාදයක්. මොකද අභියෝග නැති ජීවිතය වැඩකට නැති එකක්.
අභියෝග මිනිසාව ශක්තිමත් කරනවා ,අත්දැකීම ලබා දෙනවා. අතීතයේ අන් මිනිසුන් ලැබු අත්දැකීම තමන්ගේ වාසියට යොදා ගන්න ඒක නිසා තමයි ඉතිහාසය හරි වැදගත් වන්නේ.