ව්‍යායාමවලින් උස යැමට නොහැක මිතුර. අස්ථි වර්ධනය සම්පුර්ණ විමෙන් පසු අන්‍යාකාර ක්‍රියා නිෂ්පලයි. නමුත් අස්ථි හා පේශි ඇතුලු අවයව වල මනා පැවැත්මට ඛනිජ ලවන හා පෝෂක අතපසු කරන්න එපා.
ඔබට ව්‍යායාම මගින් උස යා නොහැකි වුනත්, අංග වින්‍යාසය හා ඉරියව් නිසිපරිදි සකසා ගන්නට හැකියි. එය යම් සහනයක් ගෙනදේවි.
මෙතන කතා කරන්නේ පිරිමි අය ගැන. කාන්තාවන් විශේසයෙන්ම අස්ථි සැකිල්ල ගැන අවධානය දිය යුතුමයි. කිරියේ කාන්තා කාන්තා නියෝජනය අඩු වුනත් ඔයාලාගේ අම්මා අක්කලා නංගිලා බිරිදට මේ ටික වැදගත් නිසා කියන්නම්.
සංධාරණය හා චලනය ප්‍රධාන වශයෙන් දායක වන අස්ථි පද්ධතිය මගින් ඛනිජ අයන ලවණ වර්ග (කැල්සියම් හා පොස්පේට අයන වැනි) සංචිත කිරිමද සිදුකරයි.
එමගින් සිරුරේ ඛනිජ තුලිතතාව පාලනයට දායක වේ.
මෙම ක්‍රියාව සිරුරේ විවිධ හෝමෝන මගින් පාලනය වේ.
අස්ථි පූරකය තනන ඔස්ටියෝබ්ලාස්ට හා පූරකය නසන ඔස්ටියෝ ක්ලාස්ට, හෝමෝන වලට සංවේදි ය.
වයස අවුරුදු 30 දි පමණ උපරිම අස්ථි ඝනත්වයට ලගා වේ.
වයසත් සමග කාන්තාව ආර්තවාභවයට (Menopause) පත්වේ. ආර්තවාභාවය සමග සිරුරේ හෝමෝන මට්ටම් කැපිපෙනෙන ලෙස වෙනස් වේ.
ඊස්ට්‍රජන් හා ප්රොජසේටරෝන් හෝමෝන සාන්ද්‍රණය සැලකිය යුතු ලෙස අඩුවේ.
ඊස්ට්‍රජන් හෝමෝනය, ස්ත්‍රින්ගේ ප්‍රජනන හා ලිංගික ලක්ෂණ පාලනයට අමතරව අස්ථි පරිනතිය හා අස්ථි ඛනිජ ඝනත්වය පවත්වාගනිමින් අස්ථි ආරක්ෂා කිරිමද දායක වේ.
ඊස්ට්‍රජන් හෝමෝනය මට්ටම පහල යත්ම අස්ථි වලින් කැල්සියම් අයන, පොස්පේට නිදහස් වීම වැඩිවේ.
අස්ථි ඛනිජ ඝනත්වය(BMD) අඩුවේ.
අස්ථි හායනයට ලක්වේ. කාලයත් සමග අස්ථි හායනයෙන් දුර්වල වන අස්ථි බිදියෑමට වැඩි ඉඩකඩක් ඇත.
මීට අමතරව කාන්තාවන් සතුව සාපේක්ෂව තුනි බරින් අඩු අස්ථි පැවතිම, දරු උපත් නිසා සිරුරෙන් ඛනිජ හානිය වැනි හේතුන්ද අමතර කරුණු ලෙස දැක්විය හැක.
මේ නිසා වයස්ගත කාන්තාවන්ගේ ඔස්ටියෝපොරෝසිස් ඇතිවිමේ අවස්ථාව ඉහලය.
ඒ නිසා පෝශනය හා අස්ථි සැකිල්ලේ යහපැවැත්ම කාන්තා පිරිමි දෙපාර්ශවයටම වැදගත්