මටත් ඔහොමයි මචන්...එත් මම නම් ජොබ් කරනවා...උබ පුලුවන්නම් ජෝබකට පලයන්...ගිහින් part time ඔය දන්නා දේවලින් වැඩක් කරන්න බලන්න...උබ නිකන්ම ඉදල හොර වෙලා බන් ඉන්නේ...
දැන් මොනවා කරත් එන්ජිම පන ගන්න බැහැ...හිර වෙලා...මලකඩ කාල...කොච්චර ත්‍රෙඩ් කියෙව්වත් වැඩක් නැහැ...උබ වැඩට බහින්නම ඕනේ...මටත් ඔය එක දෙයක් එක දිගට කරන්න බැරි ලෙඩේ තියෙනවා...මටත් එක හොද කරගන්න අමාරුයි...එත් වැඩ හදිස්සි වෙලාවට හෝ, කරන්නම ඕනේ නම් මම රෑ 2,3 වෙනකන් හරි ඉදල ඒ දේ ඉවර කරනවා...ඒ වෙලාවට හිත එක තැන තියාගන්න පුළුවන්..
උබට තියෙන්නේ මචන් මට පෙන විදිහට pressure එකක් නැති එක...උබ කරන්න ඕනේ කියල හිතුවට උබට එකට බලකිරීමක් නැහැ...ඉතින් උබට ඕනේ කමකුත් නැහැ...ඉස්සෙල්ල ඕනේ කමක් ඇති වෙන විදිහේ දෙයක් කරපන්...
උදා: උබ දන්නා දෙයින් වැඩක් ගන්න ඕනේ නම් ඉස්සෙල්ල උබට නෙමෙයි, සල්ලි වලට වෙන කාට හරි වෙබ් එකක් හදල දියන්...සීරියස් එකෙක් ට...ඌ වැඩේ ඉල්ලලා කරදර කරද්දී උබ බැන බැන හරි වැඩේ කරයි...එක ඉවර වුනාම කම්මැලි නොවී තව එකක් ගනින්..
ඔහොම ඔහොම එන්ජිම ස්ටාර්ට් කරන් track එකට බැහැපන්...
සුබ පතනවා...