මචන්ලා මට එපාවෙලා බං HELP ME

7204

Active member
  • Sep 18, 2015
    465
    187
    43
    Colombo 15
    ඒ කියන්නේ උබ කම්මැලියෙක්...

    උබට HTML PHP පුළුවන් නිසා office නොයා සල්ලි හොයන්න වැඩක් හොයල දෙන්නං.

    PM කරපං

    උබට එකත් බැරිනං ඉතිං sorryම තමයි..

    Rep+++
    මචන් මට WordPress දන්නවා වැඩක් තියනවා නම් දියන්කෝ
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    උඹේ කතාවත් මගේ කතාවම වගේ. වෙනසකට තියෙන්නෙ මට හොඳ ඩිග්‍රී එකකුයි, හොඳ ජොබ් එකකුයි, හොඳ ගෑනියෙකුයි ඉන්නවා.

    මේක කියවලා මට හිතුනා අනිත් එවුන් ඉස්සරහට යද්දි මමත් එකතැන පල් වෙනවා කියලා.

    මම ආයෙ එළකිරි එනවා තව අවුරුද්දකින්. ඇවිත් මෙතන දාන්නම් මම මොනාද කරගත්තේ කියලා. උඹලාගේ උපදෙස් වලට බොහෝම පිං.
     

    MAHAWELI

    Member
    Mar 3, 2015
    300
    20
    0
    ගෙදර
    ඔයා මානසික ව්‍යකෘල වෙලා ඉන්නෙ, මානසික වෛද්‍ය උපදෙස් ලබා ගන්න , ඔින hospital එකක තියෙනවා ,
     

    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    උඹේ කතාවත් මගේ කතාවම වගේ. වෙනසකට තියෙන්නෙ මට හොඳ ඩිග්‍රී එකකුයි, හොඳ ජොබ් එකකුයි, හොඳ ගෑනියෙකුයි ඉන්නවා.

    මේක කියවලා මට හිතුනා අනිත් එවුන් ඉස්සරහට යද්දි මමත් එකතැන පල් වෙනවා කියලා.

    මම ආයෙ එළකිරි එනවා තව අවුරුද්දකින්. ඇවිත් මෙතන දාන්නම් මම මොනාද කරගත්තේ කියලා. උඹලාගේ උපදෙස් වලට බොහෝම පිං.

    මේගැන උබට sure ද?:nerd:
     

    tharindu455

    Well-known member
  • Feb 9, 2016
    4,608
    878
    113
    ගෙදර
    මචෝ මගෙ වයස 24ක්. සමාන්‍ය රස්සාවක් කරපු දුප්පත් කොල්ලෙක්.
    ඒ ජොබ් එක එපාමවෙලා මම ගිය අවුරුද්දෙ මැද නැවතුනා. තමන්ගේම දෙයක් කරන්න හිතාගෙන. internet marketing
    මට PHP, HTML, Photoshop එහෙමත් තරමක් දුරට පුළුවන්.
    HTML website, Blogger Template එකක් හදලා Sell කරන්න තරමටම දන්නවා.
    Marketing පැත්තේ දැනුම ගොඩක් තියෙනවා. :yes:
    CPA, traffic generating හැමදේම දන්නවා බන්. එත් කරන්න හිතෙන්නේ නෑ :(
    දැනට Domain 10කටත් වඩා අරන් තියෙනවා. ඒත් එක website එකක්වත් දැනට run වෙන්නේ නෑ .
    දැන් මාස 6කටත් කිට්ටුයි මම කිසිම දෙයක් කරලා නෑ . සතයක්වත් හොයලා නෑ. වැඩකට යන්න හිතෙන්නෙත් නෑ. :no:

    මට තියෙන අවුල තමයි කිසිම දෙයක් කරන්න හිතෙන්නේ නෑ. මොකක්හරි පටන් ගත්තම ඒක එක දිගට කරගෙන යන්නම බෑ මට.
    එපාවෙනවා. website එකක් උනත් එහෙමයි බන්.
    computer එක on කලාම මාර කම්මැලියි. facebook යනවා ඉවරයක් නෑ. වැඩක් කරන්න ගත්තම ඔලුව බරයි වගේ. කරන්න හිතෙන්නෙ නෑ. :confused:
    කම්මැලියි. නිදිමතයි. අනේ මං දන්නෙ නෑ මචන්ලා මොකද්ද මේ අවුල කියලා. දන්න කාලේ ඉදන් මෙහෙමයි.
    වැඩ දන්නවා. ඒත් කිසිම දෙයක් කරන්න හිතෙන්නේ නෑ. මට ලොකු හීන ගොඩක් තියෙනවා.
    හැබෑ කරගන්න ඕනෙ කියල හිතෙනවා. ඒත් කොච්චර try කලත් කිසිම දෙයක් කරන්න හිත දෙන්නේ නෑ . :oo:
    මේක මානසික ලෙඩක්ද? මම buddhist. මට හිතෙනවා මට කිසිම දෙයක් කරගන්න බැරිවෙන්න කවුරුහරි මොනවහරි කරලාවත්ද කියලා මචන්ලා.
    මගේ ජීවිතේම හෙන boring බන්. යාලුවොත් නෑ. මම කිසිම interesting කෙනෙක් නෙමෙයි කාටවත්.
    boring personality එකක් තියෙන්නේ :dull:
    මේ මානසිකත්වයෙන් ගැලවෙන්න ක්‍රමයක් තියෙනවද? ආර්ථික ප්‍රශ්න තියෙනවා. නින්ද යනවා හොදට මට. ඕනෙවටත් වැඩියෙන්.
    ඉන්න හරියට ගෙයක් නෑ. තාම හදනවා. පොඩි කාමර කෑල්ලක ඉන්නේ. අනිත් කොල්ලන්ට වගේ බයික්, කෙල්ලෝ, ලොකු ලොකු phone නෑ බන්. :no:
    මේක මාර කරුමයක්. එපාමවෙලා තියෙන්නේ දැන් නම් හැම දේම.
    මම එළකිරි එකේ රත්තරන් අයියා වගේ ය දාපු thread ඔක්කොම වගේ කියවලා තියෙනවා. මම දන්නවා කරන්න ඕනේ කියලා. එත් කිසිම දෙකට හිත දෙන්නේ නැති ලොකු අවුලක් මට තියෙනවා.
    පුලුවන්නම් මේකට කරන්න පුළුවන් දෙයක් කියපල්ලකෝ :baffled:

    බම්ප් එකක් වත් දාගෙන පලයල්ලා. සිංහල කොල්ලෙක් වෙනුවෙන්. :yes:
    mcn hodama de uba job ekak hoyaganin. Job eka karana gaman freelance karanna balapn
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Counseling palayan
    Poddak ungen ahaganin methanin goda yana widihak gana
    Meke un nam naw talks dei ,ita passe eka eka kiyana dewal kaganna gihin inna thananuth loka amaruwaka watei
     

    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    දැන් නම් මූ ගොඩ ගිහිල්ලා ඇතිනේ. අවුරුදු 3කටත් වැඩියිනේ. :P



    ඒත් මාත් උපදෙසක් දෙන්නම්. :P
    ජොබක් හොයාගනින්. උදෙන්ම නැගිටිනවනේ එතකොට. ගෙදර කලින් එන්න පුළුවන් විදිහේ ජොබක් හොයාගනින්. අඩුම හවස 6-7 වෙද්දීවත්. ඇවිල්ල තමන්ගේ වැඩ ටික පාට් ටයිම් විදිහට කරහන්. මොකද රෑ 9-10 වෙද්දී ගෙදර එන ජොබ් කරලා පාට් ටයිම් තමන්ගේ වැඩ කරන්න වෙලාවක් නෑ ඇඳ බදාගන්න බලාගෙන ගෙදර එන්න වෙන්නේ එතකොට. ගෙදර ඇවිල්ල පාට් ටයිම් තමන්ගේ වැඩ කරද්දී ටීවී බලන්න ඇබ්බැහි වෙලා හිටිය නම් ඒකත් මගෑරෙනවා. 10-11 වෙනකන් වැඩ ටික කරලා බුදියගනින්. ආයේ උදේට ඇහැරලා වැඩට යන්න තියෙන්නේ. සෙනසුරාද ඉරිදා නිවාඩුවෙදිත් තමන්ගේ වැඩ වලට මුල් තැන දෙන්න තියෙන්නේ. මාස 6ක් වගේ ඕක කරලා තමන්ගේ කම්මැලිකම ගිහින් ගටක් එයි ඇඟට. තමන්ගේ පාට් ටයිම් කරපු වැඩ ෆුල් ටයිම් බැහැලා කලොත් මීට වඩා ඉන්කම් එකක් එයි කියල විශ්වාසයක් ඇති වුනාම පටස් ගාල ජොබෙන් අයින් වෙයන්. ජොබෙන් අයින් වුනාම ආයේ පහුවෙනිදා ඉඳන් දවල් වෙනකන් බුදියන්නේ නැතුව ජොබ් එකට යනවා කියල හිතාගෙන උදෙන් ඇහැරලා තමන්ගේ වැඩ වලට මුල් තැන දෙන්න. ජොබෙන් අයින් වුන ගමන් ජොබ් එකට ගිය ගට තමාගේ වැඩ වලට යොදාගන්න.



    මාත් දැන් ජොබකට යන්නේ ඒකයි. පස්සේ කාලෙකදී මේ කම්මැලිකම නැති වෙලා මගේ වැඩ වලට ගට් එක ගන්න. :P
     
    • Love
    Reactions: I_Simon

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,195
    1
    101,007
    113
    34
    Kalutara
    උඹේ කතාවත් මගේ කතාවම වගේ. වෙනසකට තියෙන්නෙ මට හොඳ ඩිග්‍රී එකකුයි, හොඳ ජොබ් එකකුයි, හොඳ ගෑනියෙකුයි ඉන්නවා.

    මේක කියවලා මට හිතුනා අනිත් එවුන් ඉස්සරහට යද්දි මමත් එකතැන පල් වෙනවා කියලා.

    මම ආයෙ එළකිරි එනවා තව අවුරුද්දකින්. ඇවිත් මෙතන දාන්නම් මම මොනාද කරගත්තේ කියලා. උඹලාගේ උපදෙස් වලට බොහෝම පිං.




    දැන් අවුරුද්දකට වැඩියි උඹ මොනාද කරගත්තේ? :P